Sony Vegas - පාඩම් 01- Interface හදුනාගැනීම 
ඔය තියෙන්නෙ මචන්ල Sony Vegas වින්ඩෝ එක...
ටූල්ස් ගොඩක් වගේ පෙනුනට එකින් එක ඉගෙන ගත්තහම ගේමක් නෑ... අපි බලමු මචන්ල මුලින්ම මේ වින්ඩෝ ටික මොනව්ද කියල...
උඩින්ම තියෙනව Menu එක.. Menu එකෙන් තියෙන ගොඩක් දේවල් වින්ඩෝ වල තියෙන ටූල්ස් ව්ලඉනුත් කෙලින්ම කර ගන්න පුලුවන්..
මේකෙ තමයි මචන් Sony Vegas වල ගොඩක්ම දේවල් අන්තර්ගත වෙලා තියෙන්නෙ... ඒව මෙන්න මේ ටික...
Project Media :
Project Media : මෙන්න මේ වින්ඩෝ එකේ තමයි මචන් අපි එඩිට් නොකරපු හැම එකක්ම තියෙන්නේ.. ඒ කියන්නේ වීඩියොස් , ඕඩියෝ , ඉමේජස් අන්න ඒ වගේ ඒවා.. ඒව හැම එකකම තම්නේල් එක ප්රීවීවු එක බලා ගන්න පුලුවන්...
Explorer :
Explorer : මෙන්න මෙතනින් තමයි අපි අපේ වල ප්‍රජෙක්ට එකට අපිට එඩිට් කරන්න ඕනි හැම එකක්ම ඇඩ් කරගන්නේ...
Transitions :
Transitions : මෙන්න මේ වින්ඩෝ එක තියෙන ඒව තමයි අපි විඩියෝ හැටියය පාවිච්චි කරන්නේ.. ඒ කියන්නේ එක වීඩියෝ එකක් අවසානයේ හා තවත් වීඩියෝ එකක් පටන්ගැන්මේදී
Video FX :
Video FX : මෙන්න මේ වින්ඩෝ එක තියෙන ඒව තමයි අපි විඩියෝ විශේෂ ප්‍රයෝග විදිහට යොදා ගන්නේ.. මේ මේව ගැන මම පැහැදිලිව පසු විස්තරයක් කරන්නම්..
Media Generators :
Media Generators : මෙතන තියෙන්නේ අපිට වීඩියෝ එඩිටින් වලට ඕනැකරන Gradient , Titles and Text, වගේ ඒව.. ඒව අපිට ඕනැම වෙලාවක ගැලපෙන තැනකට යොදාගන්න පුලුවන්...
Time Display
Time Display : ඊලගට තියෙන එක තමයි එක.. එකෙන් අපිට අපේ විඩියෝ එකේ ටයිම් එක පෙන්වනව.. මුලින්ම පැය : විනාඩි : තත්පර : ප්රේම්ස්
Time Line :
Time Line : ඊලගට වැදගත්ම තමයි එක... මේ ප්‍රදේශයෙන් තමයි අපි එඩිට් කරන වීඩියෝ එක කාලයත් සමග ඉදිරියට ගලායෑම පෙන්වන්නේ..
Time Line Cursor
Time Line Cursor : මෙන්න මේක එහා මෙහා කිරීමෙන් තමයි අපි එක තුල වීඩියෝ එක හසුරවන්නේ.. වැඩි විස්තර ඕනැ කරන්නෙ නෑ.. මචන්ලම කරල බලන්න... එතකොට තේර්යි...
Transport Control
Transport Control : මේ ටූල්ස් වලින් තමයි අපි මුලුමනින්ම වගේ Timeline And Video එක කොන්ට්‍රොල් කරන්නෙ...
Loop Playback
Loop Playback : වීඩියෝව නියම කර ඇති ප්‍රමානයක් තුල නොකඩවා ප්ලේ කර හැක...
Play From Start : වීඩියෝය ආරම්භයේ සිටම ප්ලේ කර හැක...
Play : වීඩියෝය සාමාන්‍යය පරිදි ප්ලේ කර හැක...
Pause : ප්ලේ වන වීඩියෝව යම් නිච්චිත කාල පරසය්ක් තුල නැවැත්විය හැක..
Stop : ප්ලේ වන වීඩියෝව නැවැත්විය හැක..
Go to start : විඩියෝවේ ආරම්භය වෙත යොමු කල හැක...
Go to End : විඩියෝවේ අවසානය වෙත යොමු කල හැක...
Previous Frame : විඩියෝවේ ඊලග රාමුව වෙත යොමු කල හැක...
Next Frame : විඩියෝවේ පසුපස රාමුව වෙත යොමු කල හැක...
Video Preview window
Video Preview window : මෙන්න මේ වින්ඩෝ එකෙන් තමයි අපිට Timeline එකේ Time Line Cursor තියන තැන තියෙන දර්ශණය පෙන්වන්නේ.. මෙකේත් එකේ වගේම ටූල්ස් තියෙනව.. ඒත් එක්කම වම් පැත්තෙන් අලුතින් ටූල් එකක් එකතු වෙලා තියෙනවා.. ඒක පාවිච්චි වෙන්නේ කරන්න.. ඒක ගැන කොටසේදී කථා කරමු...
Master Bus Window
Master Bus Window : ඔය වින්ඩෝ එකෙන් තමයි අපේ වීඩියෝ එකේ තියෙන ඕඩියෝ එකේ ලෙවල් එක පෙන්නන්නේ...
ඔන්න ඔය ටික තමයි වල අපිට වැදගත්ම ටික... ආදට ඔච්චරයි.. අපි පසුව කථා කරමු කොහොමද මේවගෙන් වැඩ ගන්නේ කියල...
මචන්ලට මේ දේවල් සම්බන්දව මොනවහරි ගැටලුවක් තියෙනව නම් අනිවා අහන්න... 

