ජීවිතය කියන්නෙ ගේම් එකක් නෙමෙයි.. | Table No. 21
කතාව පොඩ්ඩක් කියන්නම් මේ විදියට.. විවාන් සහ සීයා කියලා යුවලක් ඉන්නවා.. එයාලගෙ පස්වෙනි විවාහ සංවත්සරය වෙනුවෙන් ලොතරැයි දිනුමක් හිමිවෙනවා.. ඒකෙන් එයාලට ෆීජි දුපත් වල සවාරියක් වගේම ඉඳුම් හිටුම්, කෑම බීම හැම මගුලක්ම නොමිලයේ ලැබෙනවා.. සැප කනේ තියාගෙන කන සාක්කුවෙ දාගෙන ඉන්න සයිස් එකේ තමා කපල් එක ඉන්නෙ.. ඇත්තටම විවාන්, සීයා කියන්නෙ ඒ තරම් ධනවත් යුවලක් නෙමෙයි.. මං කලිනුත් කිව්වෙ ලොතරැයි දිනුමක් හිමිවෙච්චි නිසා තමයි එයාලට මේ දූපතේ සවාරියත් ලැබුණෙ... ඔහොම ෆුල් ෆන් එකේ දවස් ටික ගෙවිලා යද්දි මොවුන්ගෙ පස්වැනි විවාහ සංවත්සරය දවසෙ ඔහුන්ට ආරාදනාවක් ලැබෙනවා හෝටලයකින්.. කවුද ප්රතික්ෂේප කරන්නෙ.. එකෙන්ම ආරාධනාව පිළිගන්නවා.. ඔතනදි තමයි මේ දෙන්නට ඒ හෝටලයෙ අයිතිකාරයා වෙන ඛාන්ව මුණගැහෙන්නෙ.. ඛාන් මේ දෙන්නට යෝජනාවක් ගේනවා.. ඔවුන් තරඟයක් තියනවා.. ඒ තරඟයෙන් දිනුවොත් එයාලට කෝටි විසි එකක් දිනාගන්න පුළුවන්. ඒ තරඟයේ උත්තර 8ක්, ප්රශ්න 8ක්.. ඒ වගේම ඒ අසන සෑම ප්රශ්නයකටම මේ දෙන්නට මොකක් හෝ වැඩකුත් කරන්න වෙනවා ඒ ප්රශ්නයට අදාලව.. ඒ වගේම මේ ප්රශ්න සියල්ලටම දෙන්න පුළුවන් නිවැරදි උත්තරය පමණයි.. වැරැදි උත්තරයක් දුන්ණොත් දෙන්නටම මැරෙන්න වෙනවා.. එයාලට බොරු කියන්න බෑ.. අතේ ගැජට් එකක් හයි කරලා තියෙන්නෙ බොරු කියනවද ඇත්ත කියනවද කියලා අල්ලගන්න.. බොරු කිව්වොත් රතු පාට ලයිට් එක පත්තු වෙනවා.. ඒ වගේම පැණලා යන්න බෑ.. කිලෝ මීටර් 10 වඩා දුර ගියපු ගමන් ඒ ගැජට් එක පුපුරනවා.. කෝටි විසි එකට ලෝබකමේ මේ දෙන්නා යෝජනාවට කැමති වෙනවා.. හැබැයි වැඩේ හිතන තරම් ලේසි නෑ.. එන්න එන්න තරඟය අමාරු වෙනවා.. කෙල්ලයි කොල්ලයි ගොඩ යයිද..? හැබැයි මේක ගේම් එකකට එයා ගියපු දෙයක්.. මං ඒ ටික කියන්නෑ.. චිත්රපටය එපාවෙන නිසා..
අපි තවත් කෙනෙක්ට විහිලුවක් කරන්න කලින් වුණත් දෙපාරක් හිතන්න ඕනි.. සමහර විට ඒ විහිලුව නිසා ජීවිතයක් නැති වෙන්න පුළුවන්.. සමහර විට ජීවිතයක් සදාකාලිකව විඳවන්න පුළුවන්.. තවත් කෙනෙක් අඬවලා, උපහාසයට ලක් කරලා, අමානුෂික ලෙස වඳ හිංසා දීලා, මානසිකව වට්ටලා සතුටු වෙන එක අන්තිම පහත් ක්රියාවක්.. අපි කරන වැරැදි වලට මේ ආත්මෙදිම විඳවන්න වෙනවා කියන එකත් මතක තියාගන්න ඕනි..
කාලෙකින් චිත්රපටයක් බැලුවෙ.. කතාව හොඳ නිසා අරගෙන ආවා.. අනිත් හිංදි චිත්රපට වගේ පැය දෙකකට වඩා දිග නැහැ.. පැය දෙකකට වඩා අඩු කාලයක් තියෙන්නෙ..
ඔය කතාවෙ අවසානයට මෙන්න මෙහෙම දේකුත් කියනවා..
Ragging is not a Joke it is a Crime
ජය වේවා!

මේ ආයෙම බලන්න හදන්නෙ..