British Airways in Colombo Airport today

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    බි‍්‍රතාන්‍ය සහ ශී‍්‍ර ලංකාව අතර වසර 15කට පසු යළි සෘජු ගුවන් සේවා අරඹමින් බි‍්‍රතාන්‍ය ගුවන් සේවයේ බී.ඒ 2043 ගුවන් යානය බි‍්‍රතාන්‍යයේ ගැට්වික් ගුවන්තොටුපොළේ සිට මාලේ ඔස්සේ අද (15) කටුනායකට පැමිණියේය.
    ගුවන් යානා කාර්ය මණ්ඩලය ඇතුළු මගීන් 77 දෙනෙක් එහි වූහ. බි‍්‍රතාන්‍ය ගුවන්සේවයේ එකම ශ‍්‍රී ලාංකික ගුවන් නියමුවා වන කපිතාන් කිරන් මැදිවක මහතා යානය පැදැවීය.
    ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද අමුත්තන් පිළිගැනීමට පැමිණ සිටියේය.
    ගුවන් නියමු කිරන් මැදිවක මහතා දින කිහිපයක් මෙරට සිටීමට බලාපොරොත්තුව පැමින සිටි බැවින් ආගමන විගමන නිලධරයන් ඔහුට ශ‍්‍රී ලංකාවේ රැදී සිටීමට හැකිවන පරිදි වීසා බලපත‍්‍ර දුන්හ.
    බි‍්‍රතාන්‍ය ගුවන්සේවය ඉරිදා, බදාදා සහ සිකුරාදා වශයෙන් සතියකට ගමන්වාර 03ක් මාල දිවයින හරහා ශ‍්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වෙයි.

    ශී‍්‍ර ලංකාව සහ බි‍්‍රතාන්‍ය අතර මිත‍්‍රශී‍්‍රලිත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ආර්ථික සබදතා වැඩිදියුණු කර ගැනීමට මෙම බි‍්‍රතාන්‍ය ගුවන් ගමන් ඉවහල්වනු ඇතැයි එම අවස්ථාවට ප‍්‍රධාන අමුත්තා වශයෙන් සහභාගිවූ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. ඉකුත් වසර තුළ ශී‍්‍ර ලංකාවට බි‍්‍රතාන්‍ය සංචාරකයින් 114,214ක් පැමිණි ඇති බවත් එය දෙවනු වනු ලැබුවේ ඉන්දිය සංචාරකයින්ට පමණක් බවද කීය.

    ප‍්‍රධාන ගුවන් නියමු කිරන් මැදිවක මහතා පැවසූවේ ලෝකයේ බොහෝ රටවලට ගුවන් යානා පදවා ඇතත් ශ‍්‍රී ලංකාවට පැමිණීමට හැකිවීම පිළිබඳව ශ‍්‍රී ලාංකිකයෙකු වශයෙන් තමන් ආඩම්බර වන බවයි. එමෙන්ම තමන් ශ‍්‍රී ලංකාවටත් ශ‍්‍රී ලාංකීය ජනතාවටත් බෙහෙවින් ආදරය කරන බවද හේ කීය.


    DSCF6817.jpg


    DSCF6860.jpg


    DSCF6922.jpg


    DSCF6938.jpg


    DSCF6942.jpg
     
    • Like
    Reactions: Screw SL

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එල මචන්.. මමත් අහන්න හිටියෙ උබෙන්.. ෆොටො ගැන..

    මේ වගේ රටවල් එක්ක තමා බන් ඉන්න ඔනා.. දෙමල ත්‍රස්තවාදි මිනිස්සු සින්හල මිනිස්සු ගැන බ්‍රිතාන්යන්ගෙ හිත් වලට ඇතුලු කරපු දෙවල් නිසා මිසක් නැත්තම් මේ රටවල් කවදාවත් ලන්කාවට විරුද්ද වෙන රටවල් නෙමෙයි. අද අපි කරන්න ඔනා යුරොපෙට බනින එක නෙමෙයි. ඒ ත්‍රස්තවාදි මත්වාදය එහෙම නෙමෙයි කියලා මේ මිනිස්සුන්ට කියන්න.. එදා තානාපති නිලදාරීන් මේක කලා නම්, මේ රටවල් අර යොජනා මේ යොජනා ගේන්නෙ නැ.. වෙන මොන ප්‍රශ්න තිබුනත් බැසිල් උන්නැහේ මේ දරන ප්‍රයත්නය අගය කරන්න ඔනා..
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මාල දිවයින හරහා ශ‍්‍රී ලංකාවට.:dull:එක ගලින් කුරුල්ලෝ දෙන්නයි.:D
    මාලේ ඉස්සර ඉදන්ම ආවා මචන්.. එක extend කරපු එකයි කලෙ.. මම හිතන්නෙ BA2043,BA2042 කියන fleet දෙක තමා සතියට තුන් පාරක් යන්නෙ එන්නෙ..
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මුන් මේකත් අනිවාර්යෙන් මත්තලට යන්න ඕනා කියල කිව්වොත් බඩු බනිස් වෙනවා
     

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    එල මචන්.. මමත් අහන්න හිටියෙ උබෙන්.. ෆොටො ගැන..

    මේ වගේ රටවල් එක්ක තමා බන් ඉන්න ඔනා.. දෙමල ත්‍රස්තවාදි මිනිස්සු සින්හල මිනිස්සු ගැන බ්‍රිතාන්යන්ගෙ හිත් වලට ඇතුලු කරපු දෙවල් නිසා මිසක් නැත්තම් මේ රටවල් කවදාවත් ලන්කාවට විරුද්ද වෙන රටවල් නෙමෙයි. අද අපි කරන්න ඔනා යුරොපෙට බනින එක නෙමෙයි. ඒ ත්‍රස්තවාදි මත්වාදය එහෙම නෙමෙයි කියලා මේ මිනිස්සුන්ට කියන්න.. එදා තානාපති නිලදාරීන් මේක කලා නම්, මේ රටවල් අර යොජනා මේ යොජනා ගේන්නෙ නැ.. වෙන මොන ප්‍රශ්න තිබුනත් බැසිල් උන්නැහේ මේ දරන ප්‍රයත්නය අගය කරන්න ඔනා..
    atta machan
    :yes::yes::yes::yes::yes: