නුඹට...නුඹගේ ආදරයට..ආදරයෙන්...
සැර වැදී මින්දද හැර දමා තුසිතය
අත නොහැර ආ සකි පතා ආ ප්‍රේමය
නුඹ ගෙත්තම් වැඩූ පාන්දර හීනයට
සායම් තැවරුවෙමි නෙතු පියන් නෑරම....
කැකුළු පුබුදුවාගෙන ඉඟි මැරූ වසන්තය
අද අදම එයි කියා මල් බරට දරාගෙන
ප්‍රේමයෙන් දැල්වුනු නුඹේ නෙත් එළි දිගේ
ඇවිද්දෙමි වසන්තය පමා බව දැන දැනම...
ප්‍රේමයේ හැඩ බැලූ නුඹේ සියුමැළි දෝත
රළු කළේ දුක නොවේ ආදරේ ගෙනා බර
හැර නොයා උන්නාට සංසාර පුරුද්දට
සමාවෙන්නට කියන් වෙහෙසකර නර කෙසට...
නුඹේ නෙත් පියන් යට සීරුවට පෙරසේම
හිඳින්නෙමි පන පොවා නුඹේ සුබ හීනයට
එදා වගෙමය අදත් තව හෙටක් ඉතිරිය
කිසිදාක නොමියෙනා සඳ තවම තරුණය...
දෙව්රංගා
මාර්තු 30, 2013
සැර වැදී මින්දද හැර දමා තුසිතය
අත නොහැර ආ සකි පතා ආ ප්‍රේමය
නුඹ ගෙත්තම් වැඩූ පාන්දර හීනයට
සායම් තැවරුවෙමි නෙතු පියන් නෑරම....
කැකුළු පුබුදුවාගෙන ඉඟි මැරූ වසන්තය
අද අදම එයි කියා මල් බරට දරාගෙන
ප්‍රේමයෙන් දැල්වුනු නුඹේ නෙත් එළි දිගේ
ඇවිද්දෙමි වසන්තය පමා බව දැන දැනම...
ප්‍රේමයේ හැඩ බැලූ නුඹේ සියුමැළි දෝත
රළු කළේ දුක නොවේ ආදරේ ගෙනා බර
හැර නොයා උන්නාට සංසාර පුරුද්දට
සමාවෙන්නට කියන් වෙහෙසකර නර කෙසට...
නුඹේ නෙත් පියන් යට සීරුවට පෙරසේම
හිඳින්නෙමි පන පොවා නුඹේ සුබ හීනයට
එදා වගෙමය අදත් තව හෙටක් ඉතිරිය
කිසිදාක නොමියෙනා සඳ තවම තරුණය...
දෙව්රංගා
මාර්තු 30, 2013


This is what is means, no matter what you'll face in your life, 
