ඉහළ කොත්මලේ ජලයෙන් පුරවයි!

Skyline GTR

Active member
  • Apr 18, 2013
    294
    74
    28
    ගෙදර
    ඉහළ කොත්මලේ ජලයෙන් පුරවයි!

    ඉහළ කොත්මලේ ජලයෙන් පුරවයි!


    koth.jpg

    පරීක්‍ෂණ කටයුත්තක්‌ සඳහා පසුගියදා ඉහළ කොත්මලේ ජලාශයේ ජලය සම්පූර්ණයෙන් මුදා හැරීමෙන් අනතුරුව ඉකුත් 04 දා සිට නැවත ජලාශයේ ජලය පිරවීම අරඹා ඇත. ඒ සමඟ ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට්‌ 150 ක විදුලි ධාරිතාවක්‌ එක්‌කර ඇති බව ඉහළ කොත්මලේ ජලාශය භාර ඉංජිනේරුවෝ පවසති.

    ජලාශ වේල්ලේ, උමං මාර්ගයේ හා සමස්‌ත ජලාශයේ පරීක්‍ෂණ කටයුත්තක්‌ සඳහා පසුගියදා එහි ජලය හිස්‌කර විදුලි උත්පාදන කටයුතු නවතා දැමිණි. මේ වනවිට එහි ජලය සම්පූර්ණයෙන් පිරීගොස්‌ ඇත.

    ඉහළ කොත්මලේ ජලය පිරවීමෙන් අනතුරුව ජල පෝෂක ප්‍රදේශවලට දිනපතා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ජලාශයේ වාන් දොරටු වරින් වර විවෘත කිරීමට සිදුවන බැවින් ජලාශ වේල්ලට පහළින් කොත්මලා ඔයේ ජලය පරිහරණය කරන ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙස නුවරඑළිය දිසා ලේකම් ඩී. පී. ජී. කුමාරසිරි මහතා දැනුම් දෙයි.

    කොත්මලේ ජලාශයේ ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇතත්, එහිදී අවතැන් වූවන් වෙනුවෙන් කළ යුතු සංවර්ධන කටයුතු රැසක්‌ මේ දිනවල සිදුකරමින් පවතින බව ජලාශය භාර ඉංජිනේරුවරු වැඩිදුරටත් පවසති.


    මේක මගේ මුල්ම ත්රෙඅඩ් එක ! හොදයි නම් සලකල යන්න හොදේ !

    source -දිවයින
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Sinharaja and Kannaliya

    Control ekak sahithawa, ------Sinharaja jungle eke thiyena ------- Duwili alla------- Dulli alla. Kannaliya jungle eke thiyena ----Anagimala alla--------Mevain visala electricity production ekak kala haka. Sama mohothakama athi visala water quantity ekak pahalata galagena awith avasana yedi muhudata [sea] ekathu wenawa atha.