කල්පයක් දුර ඈත භවයක....

dreamzd

Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    කල්පයක් දුර ඈත භවයක....

    කල්පයක් දුර ඈත භවයක
    හමුවෙන්න ඇති මේ ලෙසින්...
    එකම වදනක් මුවින් නොකියා
    රැඳෙන්නට ඇති නෙතු අගින්...

    සවන ලංකර නොකීවත් මම
    කියන්නට ඇත හදවතින්...
    නුඹට දැනුනිද කියන් ඒ හඬ
    හිතට ලංවී මට කියන් ...

    සොඳුරු පැතුමක් හදේ රැඳුනේ
    නුඹේ එක නෙතු බැල්මකින්...
    පුරුදු බවකුයි දැනුනේ මහිතට
    හිනා වෙනකොට ඇස් දෙකින්...

    කල්ප ගණනක් පෙරුම් පුරලා
    හිඳින්නට ඔය හිත ලඟින්...
    පින් කළා මම මදිද මෙතරම්
    කියන් ලංවී මට සෙමින් ...

    මගේ මේ හිත රිදේ සිතුනත්
    දුරක ගියොතින් නුඹ මගෙන්...
    තවත් නුඹගේ ලඟින්මයි සිත
    රැඳෙන්නේ ඇයි මට කියන්...

    මලට සුවඳම වෙලා ඉන්නද
    හැමදාම මගේ හදවතින්...
    නදිය වී ඔබ සිසිල දෙනවද
    හැමදාම ඉඳ සිත ලඟින්...

    ~dreamzd~
     

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    Ammmoooooooo kavi / nisades walata nam bayayi.... :eek:

    :D:rofl: මේ කවි වලට නම් බය වෙන්න දෙයක් නෑ... මේවා අද ඊයේ ලියපු ඒවා නෙවේ දැනට අවුරුදු 10 කට කලින් ලියවුනු ඒවා... නිකන්ම පැත්තකට දාන්න තිබුන ලෝබ කමටයි කට්ටියත් එක්ක බෙදා ගන්න හිතුවේ...