මචං මම දන්න විදිහට නම් සීන් එක මෙහෙමයි....
Project Management කියන එක ගොඩක් තැන් වල භාවිතා වෙනවා...
eg- IT, Construction
IT field එකේ ඉන්න කෙනෙක් Project manager කෙනෙක් වෙන්න හිතනවා නම් එයාගේ තියන IT qualifications වලට අමතරව PM certification එකක් (PMP වගේ) ගන්න වෙනවා. ඊට අමතරව ගොඩක් වෙලාවට Project manager කෙනෙක් විදිහට company එකකින් ගන්නේ 5+ years experience එකක් තියන අය. Company එක හැටියට සුදුසුකම් ටිකක් වෙනස් වෙන්න පුළුවන්. ඒත් ගොඩක් වෙලාවට වෙනස් වෙන්නේ ඉල්ලන Academic Qualifications සහ Experience එක. PM certification විධිහට ගොඩක් වෙලාවට ඉල්ලන්නේ PMP.
Academic Qualifications + PM certifications + Experience තමා ගොඩක් වෙලාවට Project manager කෙනෙක්ගේ මූලික සුදුසුකම් වෙන්නේ.
මම හිතන්නේ Construction Project manager කෙනෙක්ටත් මෙහෙමම වෙන්න ඕනේ.
අනිත් එක තමා මොන field එකට වුනත් එකම PM certification එකක් තමා තියන්නේ. එකම PMP certification එක තමා හැමෝටම තියන්නේ. එයගේ තියන අනිත් Qualifications අනුව තමයි මොන field එකේ Project manager කෙනෙක්ද කියලා තීරණය වෙන්නේ.
මචං topjobs එකේ Project managers ලා ඉල්ලන advertisements ටිකක් බලපන්. එතකොට අදහසක් ගන්න පුළුවන් වෙයි.