නුඹට බැඳි ආදරය සිතුවමක් විය ..

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඔයාගෙ උරහිසේ ටිකක් ඔළුව තියා ගත්තට කමක් නැහැ නේද මම.

    කමක් නැහැ කෙල්ලෙ.. ඕක අහන්නත් දෙයක්ද..

    ඒක මම දන්නවා මගෙ මෝඩ කොල්ලො.. මේක බස් එකක් හින්ද ඇහුවෙ..


    ----
    Meka kiyewwama issara kale mathak wenawa ban...
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    ඔයාගෙ උරහිසේ ටිකක් ඔළුව තියා ගත්තට කමක් නැහැ නේද මම.

    කමක් නැහැ කෙල්ලෙ.. ඕක අහන්නත් දෙයක්ද..

    ඒක මම දන්නවා මගෙ මෝඩ කොල්ලො.. මේක බස් එකක් හින්ද ඇහුවෙ..


    ----
    Meka kiyewwama issara kale mathak wenawa ban...

    :yes::yes::yes::yes:
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    ..... ඊළඟ කොටස (17)....

    ... 17 ..

    ගුඩි මොර්නින් අයන්ත..
    මෝර්නින් තමා..

    කොහොමද රිසල්ට්..
    මම ෆේල්..

    අහ්.. කියපු ලස්සන ඒක.. මෝඩය වගේ.. හරි හරි ඕකට ඉතින් මූණ නරක් කරගන්න ඔනි නැහැ. මම මුකුත් කිව්වෙ නැහැනෙ.

    ඔයාගෙ රිසල්ට් කොහොමද?

    අපෝ වැඩක් නැහැ අනේ.. කැම්පස් යන්න මදි. මම ආයෙත් කරනවා ආර්ට් වලින්. මට කොහොම හරි ඒ තුනක් අරන් කැම්පස් ගිහින් ඩිග්රීය ගන්න ඕන.කමක් නැහැනෙ මම ආර්ට් කලාට..

    ම්ම්ම්.. ඒකට කමක් නැහැ. ඒත් මේ එකපාර ආව ඒ තුනේ පිස්සුව ම්කද්ද..

    මම කෙල්ලෙක්නෙ අයන්ත.අන්ක මට ඩිග්රිය නැති උනොත් ඔයාලගෙ අම්ම මට ඔයාව දෙන්නෙ නැති වෙයි මම මහ මොඩ කෙල්ලෙක් කියල හිතලා.

    ඒක ඉතින් හිතන්න දෙයක් නැහැනෙ බබා..
    එකත් ඇත්ත තමා ඉතින්. නැතිනම් ඔයා එක්ක ඉඳිවියැ මොලේ තියන කෙල්ලෙක්..
    ම්ම්ම්ම්ම්...

    හරි හරි අද ඉදන් ඔයා පාඩම් කරන්න ඔනි හරි. මම කරවන්නම්කො. මගෙ කෙමෙස්ට්රි පොත් ටික ගෙනල්ල දෙන්නම්. ඊළඟ පාර විභාගෙ කරල හොඳ රිසල්ට් එකක් දැම්මෙ නැතිනම් මමත් නැහැ ඔයාට හරි.

    ඔකේ ඩීල් ..
    ගුඩ් බෝයි..

    තමාලිගෙ ඔවදන් අසමින් දෙදෙනාම පන්තිය දෙසට ඇවිදගෙන ගියෙමු.රිසල්ට් ආවනිසාදෝ පන්තියෙන් බාගයක් පමන අඩුවී තිබුනි. පන්තියට ඇතුලුවෙනවාත් සමගම ඩිලාගේ සුභ ආරන්චිය අසන්නට ලැබුනි. එනම් ඩිලා කොමස්වලින් මාතර දිස්ත්රික්කයෙන් පස්වන තැනට පත්වී තිබුනි.මම මගේ අවන්ක සුභ පැතුම් ඩිලාට පිරිනැමුවෙමි.

    රිසල්ට් ආව නිසාදෝ මේ දවස් දෙක තුනේම සමහරුන්ගේ මුහුණ බෙරි වී තුබුනි. මටද හැඟුනේ මල ගෙදරක දවස් ගාතකරන්නාක් මෙනි.රිසල්ටි බීතිය නැතිවෙන්නත් එක්ක අපි පොඩි විවේකයක් ගනිමු යැයි රාදිකයා යෝජනා කලේය.රාදිකයාගේ අදහස උනේ සත්තුවත්ත බැලීමට යාමටය. මක්නිසාද යත් අපිට නිදහසේ සතුටින් කාලය ගතකිරීමට හා ඉතා පහසුවෙන් යා හැකි එකම තැන එය වූ නිසාය.රාදිකයා යෝජනාව ඉදිරිපත් කල සැනින්ම පන්තියෙන් සීයට අනූපහක්ම කැමැත්ත පළකලෝය.තමාලි සමග නිදහසේ මුළුදවසකම ගත කිරීමට හැකිවන නිසා මමද එක හෙලාම යෝජනාව අනුමත කලෙමි. ලබන සෙනසුරාදා දිනය අපගේ රිලැක්ස් ටුවර් එක සඳහා යෝජනා විය.

    ලබන සෙනසුරාද වෙනකම් මට ඉවසිල්ලක් නැහැ අයන්ත..
    ඒ ඇයි..

    මට මුළු දවසකම ඔයා ගාවට වෙලා නිදහසේ ඉන්න පුළුවන්නෙ.

    මම හැමදාම ඔයාගෙන තමා කෙල්ලෙ. මැරෙනකම්ම ඔයා ගාව ඉන්නවා.

    අනේ මැරෙන කතා කියන එපා. මැරෙනවනම් මාත් එක්කම. මොකද ඔයා නැතිව ඉන්න බැහැනෙ මට. ඒම නේමේ අයන්ත අද මම කොටුවට යන්න එන්නෙ නැහැ.අපේ නැන්දා එනව කිව්වා ටවුන් හොල් එක ගාවට. ඉතින් මම අද සල්මලුයනක යනවා හරි. ඔයා තරහ නැහැනෙ මම එක්ක..

    අයියෝ මම තරහ නැහැ.. යමු මමත් එන්නම් ඔයාව ඇරලවන්න.
    පිස්සුද ඔයාට.. නැන්ද බලයි මේ කව්ද කියලා.

    ඉතින් අපි නැන්දට කියමු.

    හොඳට තියෙයි.. ඔයා හිතුවද අනේ මගෙ රත්තරන් කොල්ල කියල ඔලුව අත ගාල ඔයාව පිලිගනියි කියල අපේ නැන්දා.. ඔයා දන්නෑ එයාගෙ හැටි.

    හරි හරි ළමයො .. හැන්ගි හැන්ගි පපඩම් බැද්දට කන්න වෙන්නෙ චරස් බරස් ගාලනෙ .. මගෙ කෙල්ලේ..

    හරි හරි ඒක පපඩම් කනදාට බලමුකො.. මම යන්නම් දැන් එහෙනම්. ඔයා අර මනමාලියො දෙන්න එක්ක රස්තියාදු ගහන් නැතිව ඉක්මනට ගෙදර යන්න ඕන හරි.පරිස්සමට.

    ඕකේ .. ඔයත් පරිස්සමට යන්න. බුදුසරණයි..

    ඇය යනවාත් සමගම පාලුවක් දැනුනි.වෙනදාට කොටුවට වෙනකම් මා සමග සිටිනා සුරතල් කෙල්ල අද නැතැයි සිතෙනාවිට මගේ සිතට සාන්කාවක් ඇතිවිය. ඇය කොතරන්නම් අපූරුද.. කොතරන්නම් සුන්දරද ... ඇය නොපෙනී යනකම්ම බලා සිටි මම සිතුවෙමි.

    හලෝ මයි ඩාර්ලින්.. කොහොමද... කෝ තමාලි..

    එයා අද කලියෙන් ගියා ජෑන්ස්.. නැන්ද එනව කියල එයාලගෙ ටවුන් හෝල් එක ගාවට..

    අද එහෙනම් පාළු ඇති ළමයට.. යමු අද මන් එක්ක ට්රේන් එකේ.. දෙන්න එක්ක කතාවක් දාගෙන යන්න පුළුවන්නෙ. මමත් තනියමනෙ යන්නෙ.
    ආ... මරු අයිඩියා එක...

    කුමාරයාට හා ඉෂාරයාට සමුදී මම ජෑන්ස් සමග මරඳානට පැමිනියෙමි. හවස් වරුවේ පිරිස වැඩි හෙයින් ඉඳගෙන යාම සඳහා ආසනයක් සොයාගැනීමට අපි දෙදෙනාටම අපහසුවිය. දොර අසල හිටගෙන යාමට ජෑන්ස් දැඩි කැමැත්තක් දැක්කුව නිසා අපි දෙදෙනාම දොර අසල සිටගෙන සිටියෙමු..

    මේ අයන්ත.. මාව වැටුනොත් අල්ල ගන්න හරි.

    වැටුනට පස්සෙ මොනව අල්ලන්නද ජෑන්ස්.. කෝ එන්න මෙන්න මෙහෙට.. කෝකටත් අල්ලගෙනම ඉන්න එක ඇඟට ගුනයි වගේ..

    මන් අදනෙ තේරෙන්නෙ කොල්ලො ඇයි හැම වෙලේම බස් එකේයි කොච්චියෙයි ෆුට්බොර්ඩ් යනෙනෙ ඇයි කියලා.. මේකෙත් අමුතුම ෆන් එකක් තියනවා නේද අයන්ත..

    ෆන් ඩබල් වෙයි වැටුනොත් එහෙම.. මෙනෙන මෙහෙ එනවා.. ඇවිලා මෙතනින් ඉන්න්න මාව අල්ලන්.
    හම්ම්ම්..

    ගුඩ් ගර්ල්.. ඒක නෙමේ ජෑන්ස් ඇයි ඔයා එන්නෙ නැත්තෙ අපි එක්ක සූ එකට යන්න..

    ඇයි ඔයාට පාළුයිද මම නැතිව.. තමාලි ඉන්නෙ ඔයාට..

    ඉතින් ඕකනෙ.. ඔයාට විහිළු.. මම සිරා ඇහුවෙ..

    මටත් ආසයි අයන්ත ඔයාල එක්ක එන්න.. ඒත් මට තාත්ත අවසර දෙන්නෙ නැහැ. ඔයාට මම කියල තියනවනෙ එයාගෙ හැටි. ඔයාලට එන්නම් කියල ගිහින් ආයෙ නෑවිදින් ඉන්න එක හරි නැහැනෙ. ඒකයි මම කෙලින්ම කිව්වෙ මම එන්නෙ නැහැ කියලා.

    ඉතින් ජෑන්ස් තාත්තට කියල පොඩි ෂේප් එකක් දාගන්න බැරි වෙයිද..

    අම්මෝ ෂේප් තියා මම මේ ගැන කියන්නෙවත් නැහැ. අනික එයාට ආරන්චි උනොත් අද මම කොල්ලෙක් එක්ක කොච්චියේ දොරේ ආව කියල කොල්ලන්ට ආයෙ කොච්චිවල යන්න බැරිවේවි.. කොච්චිවල දොරවලුත් නැතිවේවි අද ඉඳන්.. අන්න ඒ වගේ චරිතයක් එයා...

    හම්ම්ම්ම්.. ඒකත් එහෙමද..

    අයිම් සොරි අයන්ත.. අයි මිස් යූ ඕල්.. ස්පෙෂලි අයි මිස් යූ..
    හම්ම්ම්.. ඉට්ස් ඕකේ ජෑන්ස් .. බී කූල් ..


    :love::love::love::love:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,177
    1
    6,239
    113
    Sri Lanka
    එලකිරි මචන්. වෙනදා වගේම නියමෙටම තියෙනවා. අලුත් කොටසක් එනකන් ඉන්නෙ.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එල එල නි‍යම‍යි මචන්......

    ආ‍යෙත් ඉස්සර වගේ දවසකට කොටස ගානේ දාපන්......
    :cool::cool::cool:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    එල එල නි‍යම‍යි මචන්......

    ආ‍යෙත් ඉස්සර වගේ දවසකට කොටස ගානේ දාපන්......
    :cool::cool::cool:
    අනේ ඔව් .... ගොඩක් ආසාවෙන් කියවන්නේ
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    thnx yaluwane comments walata.. heta hawasata dhannam ituru kotasa. hadisiyema heta udde shift eka karanna wela..
    :D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    thnx yaluwane comments walata.. heta hawasata dhannam ituru kotasa. hadisiyema heta udde shift eka karanna wela..
    :D
    11.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    thnx yaluwane comments walata.. heta hawasata dhannam ituru kotasa. hadisiyema heta udde shift eka karanna wela..
    :D
    උදේ shift එක කරන්න ගි‍යපු එකා ගි‍යාම තම‍යි හො‍යාගන්නවත් නෑ........:oo::oo::oo: