Thawamath Nomarunu ජනපති_ප්‍රේමදාස

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Thawamath Nomarunu ජනපති_ප්‍රේමදාස

    ශ්‍රී ලාංකීය ජනතා හදවත් තුළ
    තවමත් ජීවත්වන හිටපු ජනපති ප්‍රේමදාස


    හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස
    විසිවන ගුණ සමරුව නිමිත්තෙනි




    Ranasinghe_Premadasa.jpg



    අප්‍රියෙල් 20 වන දින සවස්‌ යාමයේ දී බේරුවල රොක්‌ලන්ඩ් හන්දියේ මාගල්කන්ද අනාරක්‌ෂිත දුම්රිය හරස්‌ මාර්ගයක දී සිදුවූ දුම්රිය බස්‌රථ අනතුරින් පසුව එම සිද්ධිය වාර්තා කර තිබූ අන්තර්ජාල පුවතට පාඨකයන් තිදෙනෙකු විසින් දක්‌වා තිබූ ප්‍රතිචාර උපුටා දක්‌වමින් මෙම ලිපිය ආරම්භ කිරීමට සිතුවෙමි. "ජනාධිපතිතුමෝ දැන්වත් උණබම්බු ගේට්‌ටු දාලා හරි මේක නවත්වන්න", "දැන්වත් ඔතනට උණබම්බු ගේට්‌ටුවක්‌ දාලා අනතුරු වළක්‌වන්න කටයුතු කරන්න. ප්‍රේමදාස මැතිතුමාගේ චින්තනයක්‌ වුණාට ලැඡ්ජා වෙන්න එපා", "ප්‍රේමදාස මහත්තයා එක දවසෙන් මේ ප්‍රශ්නෙට උත්තර දුන්නා. උණබම්බු ගේට්‌ටු. කොහෙද මේ ගොල්ලෝ ඒවා නවත්තල දැම්මා. දැන් පෙනෙනවානේ, කී දෙනෙක්‌ මැරුණද පසුගිය කාලේ. දැන්වත් ඔය උණබම්බු ටිකක්‌ හොයලා සමෘද්ධි කාරයෝ කීප දෙනක්‌ පත් කරන්න මේ ගේට්‌ටු බලාගන්න" යනාදී ලෙස එම පුවතට පාඨකයන් අදහස්‌ දක්‌වා තිබිණි.

    ඉහත ප්‍රතිචාර සහ අදහස්‌ දකින විට අපට හැඟී යනුයේ දිවංගත වී වසර විස්‌සක්‌ ගත වුවද රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ශ්‍රී ලාංකීය පොදු ජනතාවගේ හදවත් තුළ තවමත් ජීවත්වන බවය. එදා එතුමා විවිධාකාර ගැටලුවලට ක්‌ෂණිකවම විසඳුම් ලබා දුන් අයුරු සහ ප්‍රශ්න ඉදිරියේදී නොබියව හා නොසැලී සාර්ථකව කටයුතු කළ ආකාරය මහජනතාවගේ මතකයේ තවමත් රැඳී ඇති බව මින් මොනවට පැහැදිලි වේද.

    දේශීය සම්පත් භාවිත කරමින් අපේ ගැටලුවලට විසඳුම් සෙවිය යුතු බව ප්‍රේමදාස මැතිතුමා තරයේම විශ්වාස කළේය. එදා බලපිටිය දුම්රිය හරස්‌ මගේදී දුම්රිය බස්‌ රථ ගැටුමෙන් වූ අති විශාල ජීවිත හානියෙන් දැඩි ලෙස කම්පනයට සහ ශෝකයට පත් වූ එතුමා වහාම උණ බම්බු යොදා ගනිමින් අනාරක්‌ෂිත දුම්රිය හරස්‌ මාර්ග සියල්ල ආරක්‌ෂිත කිරීමට කටයුතු කරන ලදී. එසේ උණ බම්බු ගේට්‌ටු සවිකර එම ගැටලුවට ක්‌ෂණිකවම විසඳුම් ලබා දුන්නා පමණක්‌ නොව ඒවා ක්‍රියා කරවීම සඳහා ගේට්‌ටු ක්‍රියාකරුවන් පත් කර රැකියා විරහිත ව සිටි ගමේ තරුණයන්ට රැකියාවක්‌ ලබා දීමට ක්‍රියා කළේය.

    ශ්‍රී ලාංකීය ජන සමාජයේ හෘද ස්‌පන්දනය හොඳින් හඳුනාගත් එතුමා ලාංකීය ජනතාවට වඩාත් සමීප වූ ජන නායකයෙකි. අපේ රටට වඩාත් උචිත වැඩ පිළිවෙළවල් හඳුන්වා දීමට එතුමා සැමවිටම කටයුතු කරන ලදී. යන්ත්‍ර සූත්‍ර වලට වඩා මිනිසුන් තුළ ඇති ශක්‌තිය කෙරෙහි වැඩි විශ්වාසයක්‌ එතුමා තුළ විය.

    ශ්‍රී ලංකාවේ සංවර්ධන ගමන් මග සැලසුම් කළ යුත්තේ රටේ ජනතාවගේ ශ්‍රම ශක්‌තියට වැඩි වටිනාකමක්‌ දෙන වැඩ පිළිවෙළක්‌ තුළින් බව එතුමා නිරතුරුවම කල්පනා කළේය. ශ්‍රමය බහුල සහ ලාභදායි අප රටට වැඩි වාසියක්‌ අත්වනුයේ ශ්‍රම සම්පත වැඩියෙන් යොදා ගන්නා ශ්‍රම සූක්‌ෂම කර්මාන්ත ඇති කිරීමෙන් බව තේරුම් ගැනීමට තරම් බුද්ධියක්‌ එතුමාට තිබිණි. ඒ අනුව රටේ ජනතාවගෙන් වැඩි පිරිසකට රැකියා අවස්‌ථාවන් උදා වන ව්‍යාපෘති ඇරැඹීමට එතුමා නිරතුරුවම උත්සුක වූහ.

    පසුගිය වසරේ දී (2012) ශ්‍රී ලංකාවේ අපනයනවලින් වැඩිම ආදායමක්‌ එනම් ඇමරිකානු ඩොලර් මිලියන 3991.1 ක්‌ නැතහොත් මුළු අපනයන ආදායමින් 40.8 ප්‍රතිශතයක්‌ උපයා දෙන ලද රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තය සංවර්ධනය සහ ප්‍රවර්ධන කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළේද රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාය. දිවයින පුරා ඇඟලුම් කර්මාන්ත ශාලා පිහිටුවීමට රාජ්‍ය අනුග්‍රහය උපරිමයෙන් ලබා දී ගම්බද තරුණ තරුණියන්ගේ විරැකියාව අඩු කිරීමට සහ එමගින් රටේ ආර්ථීකය නංවාලීමට එතුමා එදා කටයුතු කළේය. දේශපාලන විරුද්ධවාදීන් එතුමාගේ මෙම වැඩ පිළිවෙළ එදා නිර්දය ලෙස අපහාසයට සහ උපහාසයට ලක්‌ කළද, අප රටට ඇති සාපේක්‌ෂ වාසිය පදනම් කරගෙන ඊට උචිත පරිදි විදේශ වෙළඳපළට අවතීර්ණ වීමේ වැදගත්කම අවබෝධ කරගෙන සිටි එතුමා එය අඛණ්‌ඩව ඉදිරියටම ගෙන ගියේය. එහි ප්‍රතිඵල අප අද අත් විඳින අතර, ඊට උසුළු විසුළු කරන ලද්දන් හට රටට විදේශ විනිමය ගෙන එන ප්‍රධාන මාර්ගයක්‌ ලෙස ඒ මත ර¹ පැවතීමට සිදුවීම දෛවයේ සරදමක්‌ සේ සැලකිය හැකිය.

    රටේ ජනතාවගේ අතට මුදල් හදල් ගලා යන සංවර්ධන ක්‍රියාදාමයකින් තොරව ජන ජීවිතය සු�ත මුදිත කිරීමට හෝ නංවාලීමට නොහැකි බව එතුමා හොඳින් අවබෝධ කරගෙන සිටියේය. තම රටේ ජනතාවට එතරම් වාසි නොලැබෙන එහෙත් විදේශිකයන්ට සහ ජාවාරම්කරුවනට වාසි අත්වන සහ කොමිස්‌ කුට්‌ටි ලැබෙන, මහා පරිමාණ ව්‍යාපෘති ගැන එතුමා එතරම් අවධානය යොමු නොකළේය. තමන්ට අත්වන පෞද්ගලික වාසි සහ ප්‍රතිලාභවලට වඩා, රටට සහ රටේ ජනතාවට සැලසෙන සෙත ගැන එතුමා නිරතුරුවම සැලකිලිමත් විය.

    නිලධාරීන් සපයන තොරතුරු මත පදනම්ව අගනුවර ශීත කාමරවල සිට තීන්දු තීරණ ගන්නා යුගයට සමාප්තිය තැබූ එතුමා රාජ්‍ය සේවය ගමට රැගෙන ගොස්‌ ගමේ ගැටලුවලට ගම තුළදීම ක්‌ෂණික විසඳුම් ලබා දීමට කටයුතු කළේය. ගම් උදාව වැඩපිළිවෙළ තුළින් රට තුළ තිබූ දුෂ්කර ගම්මාන සංවර්ධනය කොට ගැමි ජන ජීවිතය නගාසිටුවීමට එතුමා දැඩි වෙහෙස මහන්සියක්‌ දරන ලදී.

    ප්‍රාදේශීය සභා ක්‍රමය ආරම්භ කර ඒ තුළින් ප්‍රාදේශීය සංවර්ධන ක්‍රියාවලිය කඩිනම් කිරීමටත්, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය වැනි ආයතන පිහිටුවා එමගින් නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළ ශක්‌තිමත් කිරීමට ද, විධිමත් නගර සැලසුම් සහ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද එතුමා පුරෝගාමී විය. එතුමා විසින් අරඹන ලද "2001 දී සැමට සෙවණ වැඩසටහන" සහ "නිවාස දශ ලක්‌ෂයක්‌ ඉදි කිරීමේ වැඩසටහන" යන වැඩසටහන් ජාත්‍යන්තර ජනාවාස වැඩසටහනේ සහ එක්‌සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පවා විශේෂ ඇගයීමට පාත්‍ර විය.

    සැමදා හිමිදිරියේදීම අවදි වන එතුමා මැදියම් රැය පසුවන තුරුම තම කාලය සහ ජීවිතය කැප කළේ පොදු ජනතාවගේ සැපත උදෙසා මය. වැඩ කිරීමට අලස නොවූ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ චරිතය වර්තමානයේ අපේ නායකයන්ට පරමාදර්ශයක්‌ ලෙස ගත හැකි චරිතයකි.

    යම් දෙයක්‌ ඉටු කිරීමට ඇති බාධා පෙන්වාදෙමින් එය අතපසු කිරීමට වඩා එය කෙසේ හෝ ඉටු කිරීමට කටයුතු කිරීම එතුමා තුළ තිබූ සුවිශේෂී ලක්‌ෂණයක්‌ විය. "නැහැ, බැහැ" යන වචන එතුමා නොරිස්‌සුවේය. එවන් වදන් එතුමාගේ ශබ්ද කෝෂයේ නොතිබිණි. එතුමා යටතේ තිබූ ආයතනවල ශ්‍රීමත් නේරුතුමාගේ වදනක්‌ වූ "නිමා කරනු මිස වැඩ ඇති තමා අත, පමාවට කරුණු මට වුවමනා නැත" යන වැකිය ප්‍රදර්ශනය කර තිබුණේ එම ආයතනවල සේවකයන් හට නොපමාව නොපිරිහෙලා තම රාජකාරිය ඉටු කිරීමේ ඇති වටිනාකම අවබෝධ කරදී ඒ සඳහා උනන්දු කරලීම උදෙසාය.

    මහජන සේවය තරම් තවත් වටිනා සේවයක්‌ මිහිපිට නොමැති බව එතුමා නිරතුරුවම කල්පනා කළේය. රාජකාරිය දේවකාරියක්‌ ලෙස සලකා කටයුතු කළ යුතු බවත්, රාජ්‍ය සේවකයන් ගේ යුතුකම හා වගකීම වනුයේ තමා වෙතට එන මහජනතාවගේ වුවමනාවන් නොපිරිහෙලා ඉටු කර දීම බවත් එතුමා සැමවිටම සිහිපත් කළේය.

    චතුර කථීකයෙක්‌ වූ ප්‍රේමදාස මැතිතුමා බොහෝ විෂයයන් පිළිබදව පුළුල් සහ හසල දැනුමකින් යුතු අයෙකු විය. සාම්ප්‍රදායික විශ්වවිද්‍යාලයකින් ලබාගත් උපාධියකට උරුමකම් නොකීවද සමාජය නමැති විශ්වවිද්‍යාලයෙන් ලබා ගත් අත්දැකීම් නමැති දැනුම පදනම් කරගෙන ඕනෑම මාතෘකාවක්‌ අළලා දීර්ඝ ලෙස අසා සිටිනවුන් හට ආකර්ෂණය වන අයුරින් කතා කිරීමට තරම් වූ සහජ හැකියාවක්‌ එතුමා සතුවිය. පොතේ දැනුමට වඩා ප්‍රායෝගික දැනුමෙන් එතුමා පරිපූර්ණ විය. රටේ සාමාන්‍ය පවුලක ජන්ම ලාභය ලැබූ එතුමාට දේශපාලන ක්‌ෂේත්‍රයේ හිනිපෙත්ත දක්‌වා ගමන් කිරීමට එය ඉවහල් වුණු බව නිසැකය.

    සුරා සුදුවෙන් තොර ජීවිතයක්‌ ගත කළ ප්‍රේමදාස ජනාධිපති තුමා බුදු දහමට දැක්‌වූයේ අප්‍රමාණ ආදරයක්‌ සහ ඇල්මකි. බම්බලපිටිය වජිරාරාම දම් පියසේ දී සහ හේවාවිතාරණ දහම් පාසලේ බුදු දහම ප්‍රගුණ කළ එතුමා අති පූජ්‍ය පැලෑණේ වජිරඥාණ මහා නායක ස්‌වාමීන්ද්‍රයන්, නාරද මා හිමිපාණන්, මඩිහේ පඤ්ඤාසීහ මහා නායක හිමිපාණන් වහන්සේලා වැනි සුපේශල ශික්‌ෂාකාමී සංඝ පීතෘන්වහන්සේගේ ඇසුරේ අවවාද අනුශාසනා ලබමින් සිය ජීවිතය හැඩ ගස්‌වා ගත්තේය. ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මැතිතුමා වැනි බුද්ධිමතුන්ගේ ඇසුර තාරුණ්‍යයේ පසුවූ ප්‍රේaමදාසයන් ගේ ජීවිතයේ එක්‌තරා සන්ධිස්‌ථානයක්‌ විය. තමා ජීවත් වූ සාන්ත බස්‌තියම ප්‍රදේශයේ වසංගතයක්‌ ව පැවති සුරා සල් සහ සුරාව මුලිනුපුටා දැමීමට මූලිකව කටයුතු කිරීමේ දී අදිකාරම් මැතිතුමාගේ අවවාද සහ උපදෙස්‌ තරුණ ප්‍රේමදාසයන් හට ඉතා අගේනා විය.

    බෞද්ධ ආගමික සිද්ධස්‌ථාන මෙන්ම අන්‍යාගමික පූජනීය ස්‌ථාන සංවර්ධනයට සහ නගා සිටුවීමට ප්‍රේමදාස මැතිතුමා තරම් කටයුතු කළ තව කෙනෙකු මෑත ඉතිහාසය තුළ නොමැති තරම් ය. අනුරාධපුර පූජා නගර සංවර්ධනය, මිරිසවැටිය දාගැබ ප්‍රතිසංස්‌කරණය, මාලිගාවිල බුදු පිළිමය ප්‍රතිස්‌ථාපනය, කතරගම පූජා නගර සංවර්ධනය සහ ශ්‍රී දළදා මාලිගයේ රන් වියන යනාදිය එතුමා විසින් කරන මෙහෙවරින් අතළොස්‌සකි.

    සර්ව ආගමික කටයුතු වලට මුල් තැන දෙමින් තම ව්‍යාපෘති සහ වැඩසටහන් ආරම්භ කිරීම එතුමාගේ පුරුද්දක්‌ විය. ආගමික සහයෝජනයට සහ ජාතීන් අතර සමගියට එතුමා කළ සේවය අනගිභවනීයය. චතුර ලෙස දමිළ භාෂාව හැසිරවීමේ හැකියාවක්‌ තිබූ එතුමා ජාති ආගම් කුල මල භේදයකින් තොරව සැමදෙනාටම සමානව සැලකූ ශේ්‍රෂ්ඨ ජන නායකයෙකි.

    මීට වසර විස්‌සකට පෙර අද වන් දිනයකදී ලෝක කම්කරු දිනය සැමරීම සඳහා වැඩකරන ජනතාව සමග එකට ගමන් කරමින් සිටි එතුමා රුදුරු ත්‍රස්‌තවාදීන්ගේ කුරිරු මිනිස්‌ බෝම්බයකට හසුවී අවාසනාවන්ත ලෙස අපගෙන් සදහටම සමුගත්තේය. එතුමාට අජරාමර නිවන් සුව පතමු.

    ආචාර්ය එස්‌. ඩබ්ලිව්. හිරන්ත
    සරේ විශ්වවිද්‍යාලය, මහා බ්‍රිතාන්‍යය,
    හිටපු ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය, වාණිජ විද්‍යා අධ්‍යයන අංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය





    Divaina




    PremadasaMay11993.JPG


    phpbggvlvam.jpg
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015



    රටේ ජනතාවගේ අතට මුදල් හදල් ගලා යන සංවර්ධන ක්‍රියාදාමයකින් තොරව ජන ජීවිතය සු�ත මුදිත කිරීමට හෝ නංවාලීමට නොහැකි බව එතුමා හොඳින් අවබෝධ කරගෙන සිටියේය. තම රටේ ජනතාවට එතරම් වාසි නොලැබෙන එහෙත් විදේශිකයන්ට සහ ජාවාරම්කරුවනට වාසි අත්වන සහ කොමිස්‌ කුට්‌ටි ලැබෙන, මහා පරිමාණ ව්‍යාපෘති ගැන එතුමා එතරම් අවධානය යොමු නොකළේය. තමන්ට අත්වන පෞද්ගලික වාසි සහ ප්‍රතිලාභවලට වඩා, රටට සහ රටේ ජනතාවට සැලසෙන සෙත ගැන එතුමා නිරතුරුවම සැලකිලිමත් විය.
     
    • Like
    Reactions: gayanmax00

    nmps

    Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    Ape ratata ahimi unu niyama rajek. Ape karume mcn me wage wadak karapu janatawat ekkama hitiya apema raja kenek apahata ahimi weema. Ape Premadasa Janadhipatidunee oba sada amaraneeyai. Oba nati aduwa kawadakawat kisi kenekuta sapuraliya NOHAKA. Oba kohe sitiyath samada oba ape hadawate radi sitee.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Ape ratata ahimi unu niyama rajek. Ape karume mcn me wage wadak karapu janatawat ekkama hitiya apema raja kenek apahata ahimi weema. Ape Premadasa Janadhipatidunee oba sada amaraneeyai. Oba nati aduwa kawadakawat kisi kenekuta sapuraliya NOHAKA. Oba kohe sitiyath samada oba ape hadawate radi sitee.

    ඒක ඇත්ත මචෝ.මෙතුමගේ වැරදි තියෙන්න ඇති.වැරදි නැති මිනිස්සු ලෝකේ නැහැනේ.ඒත් රටට රටේ මිනිස්සුන්ට ගොඩක් ආදරය කරපු නායකයෙක් තමා ප්‍රේමදාස කියන්නේ.අදටත් මිනිස්සු කියන්නේ අනේ ප්‍රේමදාස මහත්තයා හිටියනම් කියල...
     

    nmps

    Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    ඒක ඇත්ත මචෝ.මෙතුමගේ වැරදි තියෙන්න ඇති.වැරදි නැති මිනිස්සු ලෝකේ නැහැනේ.ඒත් රටට රටේ මිනිස්සුන්ට ගොඩක් ආදරය කරපු නායකයෙක් තමා ප්‍රේමදාස කියන්නේ.අදටත් මිනිස්සු කියන්නේ අනේ ප්‍රේමදාස මහත්තයා හිටියනම් කියල...
    Sirawata mcn me rajathuma hitiyanam ada ape rata tiyena tana mulu loketama hita ganna be. Ape premadasa janadhipatituma kiyanne janatawat samaga wisheshayen podi minisun samaga jeewat wunu rajek.
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,943
    2,109
    113
    Sirawata mcn me rajathuma hitiyanam ada ape rata tiyena tana mulu loketama hita ganna be. Ape premadasa janadhipatituma kiyanne janatawat samaga wisheshayen podi minisun samaga jeewat wunu rajek.

    විහින් තමන්ටම බෝම්බ ගහගත්තට අපි මොනව කරන්නද බන්.....:dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සම්පූර්ණ සුද්දවන්තයෙක් නොවුනත් ඩී.එස්. සේනානායක මහත්තයගෙන් පස්සේ ලංකාවේ බිහිවුන ජනතාවට හිතැති එකම නායකයා මෙතුමා තමයි... :yes:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    විහින් තමන්ටම බෝම්බ ගහගත්තට අපි මොනව කරන්නද බන්.....:dull:

    උබ කොහොමද එහෙම කියන්නේ?එතකොට චන්ද්‍රිකාට ගහපු බොම්බේ ගහගත්තෙත් එයාමද?:rolleyes:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සම්පූර්ණ සුද්දවන්තයෙක් නොවුනත් ඩී.එස්. සේනානායක මහත්තයගෙන් පස්සේ ලංකාවේ බිහිවුන ජනතාවට හිතැති එකම නායකයා මෙතුමා තමයි... :yes:

    :yes:සුද්දවන්තයෝ ලංකාවේ නැහැනේ කවුරුත්.දැන් පෙන්නේ නැද්ද මරා.:D
     

    nmps

    Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    විහින් තමන්ටම බෝම්බ ගහගත්තට අපි මොනව කරන්නද බන්.....:dull:
    Etakota Gotabhayata gauwet gottama wena ati. Mahinda Wijesekara ada adata wela inne oouma gaha gatta bombayakata wenna ati.:frown::frown::frown::frown: Minissunta agaurawa karanna epa ban
     
    • Like
    Reactions: Sadun Buwa

    kodimusic

    Active member
  • Sep 24, 2009
    397
    70
    28
    එතකොට ප්‍රේමදාසගේ කාළේ ඝාතනය කරපු ,ප්‍රේමකීර්ති , විජය කුමාරතුංග, රිචඩ් ද සොයිසා කියන්නේ ත්‍රස්තවාදීන්ද ?
    එතකොට ඒ කාළේ නන්දා මාලනීගේ , ගුණදාස කපුගේගේ , සුනිල් ආරියරත්නගේ ගීත තහනම් කලේ එයාලා ත්‍රස්තවාදීන් නිසාද ?
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එතකොට ප්‍රේමදාසගේ කාළේ ඝාතනය කරපු ,ප්‍රේමකීර්ති , විජය කුමාරතුංග, රිචඩ් ද සොයිසා කියන්නේ ත්‍රස්තවාදීන්ද ?
    එතකොට ඒ කාළේ නන්දා මාලනීගේ , ගුණදාස කපුගේගේ , සුනිල් ආරියරත්නගේ ගීත තහනම් කලේ එයාලා ත්‍රස්තවාදීන් නිසාද ?

    එතකොට ඔයාගේ මරා කාවවත් අතුරුදහන් කලේ මැරුවේ නැද්ද සහෝ?