වීදුරු_වෙරළ

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    වැලි වලින් හැදුන වෙරළවල් අපි ඔනි තරම් දැකලා තියනවා. ඒත් මේ කියන්න යන්නෙ වීදුරු වලින් හැදුන ලස්සන වෙරළක් ගැනයි.

    Sea+Glass+Beach.jpg

    මේ වෙරළ පිහිටලා තියෙන්නේ කැලිෆොනියා ප්‍රන්තයේ Fort Bragg කියන ප්‍රදේශයේ. මේක හැදුන හැටි නම් ලස්සන කතාවක්. ඒක 20 වෙනි සියවසේ මුල් භාගය තරම් ඈතට යනවා. ඈ කාලයේ මේ ප්‍රදේශයේ ජනතාව එයාලගේ කැළි කසල කදු මුදුනේ ඉදන් වෙරළට දාන්න පුරුදු වෙලා ඉදලා තියනවා.

    ඉවතලන වීදුරු, ඉවතලන ඉලෙක්ට්‍රොනික් විතරක් නෙමෙයි පාවිච්චි කරන්න බැරි උනාම වාහනත් මෙතෙන්ට තමයි දාලා තියෙන්නේ.

    කොහොමහරි 1967 දී California State Water Resources Control Board එක මේ ප්‍රදේශය වසා දමලා සෑහෙන ගෙමක් දීලා තියනවා මෙවා සුද්ද කරන්න. ඊට පස්සේ දශක ගනනාවක් තිස්සේ මේවා රළ පහරවල් වලට හෙදිලා වීදුරු පොඩි කෑලි වලට කැඩිලා ලස්සනට හැදිලා තියනවා.

    800px-Amant.JPG


    800px-Glass_Beach_Fort_Bragg_3.jpg

    1998 දී මෙම ප්‍රදේශයේ අයිතිය තිබුන කෙනා තීරණය කරලා තියනවා මෙක පොදු දෙපලක් කරන්න.එහෙම කිව්වට නිකම්ම නෙවෙයි California Department of Parks and Recreation එකට මෙක විකුනන්නයි තීරණය කරලා තියෙන්නේ. කොහොමහරි අවුරුදු 5 ක් California Coastal Conservancy සහ the California Integrated Waste Management Board එක්ක එකතුවෙලා මෙක තවත් හොදට සුද්ද කරලා. වැඩේ ඉවර උනාම අක්කර 38 ක මේ කියන ප්‍රදේශය California Department of Parks and Recreation එකට විකුනලා තියෙනවා. ඊට පස්සෙ 2002 දී MacKerricher State Park එකට මෙක අරන් තියනවා. එදා ඉදන් වීදුරු වෙරළේ පරිපාලනය ඒගොල්ලො තමයි කරලා තියෙන්නේ.


    Glass-Beach-Fort-Bragg_Tiny-stones_16210.jpg


    Good-dog-Cali-at-Glass-Beach.jpg


    Glass-Beach-Fort-Bragg_Translucent-stones_16205.jpg


    L-sea-glass-beach-mendecino-coast-20130111_0213.jpg


    SeaGlassBeach.jpg


    glass_beach_by_burning2sleep-d3fmc9z.jpg
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    adey fattaaaaaaaaaaaa

    පට්ට මචං! Thanks
    You must spread some Reputation around before giving it to prazadx again


    supiriiii

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    muhuda kathai neda habai :(


    VERY BEAUTIFUL BAN

    mekanam patta!!

    patta... rep+++



    siranee rep++


    fatta machan...
    Rep 6+

    pattaaa machn
    rep 4+

    wow marama lassanaii .. :D +4

    thanks guys.. rep දීගන එනකොට මගදී ඉවර උනා.. හම්බ උනේ නැති අයට පස්සේ දෙන්නම්.
     
    Last edited: