ඇස් දෙකත් රිදෙනව

psyco saw

Member
Apr 23, 2012
91
6
0
ඇස් දෙකත් රිදෙනව


අද 2013 -4- 5 වෙනිද මගේ ජවිතේ සතුට කියන එක බින්දුවටම හිදිල ගියපු දවසක් මට අවරැදු දෙකකට විතර කලින් එ කියන්නෙ 2011 අවුරැද්දෙ සැප්තැමබිර් වලදි වගේ මම අහමිබෙව් වගේ ලස්සන පුංචි කෙල්ලෙක් දැක්ක බස් එකෙන් එයා හරම ලස්සනයි මලක් එක පාරම මම එයා දිහා බලන කොටම එයත් මං දිහා බැලුව ඒ දැක්ක දවස් වලම මට හිතුන එය මට හරියටම ගැලපෙනව කියල එ හින්ද ගැන එයා ගැන ගොඩක් දෙව්ල ම හිකේ හදාගත්ත එක වැරදියි කියල දැන් තේරේනව 2011 කියන්න‍නේ එයා හිටියේ පංතියේ 10 වසරේ එ කියන්නෙ වයස අවුරැදු 15 යි එ වෙනකොට මගේ වසය අවුරැදු 21 එයා ගැන කොඩිඩරි හිතේ තිබිබත් එයා තාම පුංචි කෙල්ලෙක් කියල මට හිතුන මේවගේ දෙයක් ඔලුවට දාන්න හොද නැ කියල මට හිතුනු නිසා තව ටිකක් කල් ඉන්න ඔනේ කියල හිතුව එයා ගැන මම ගොඩක් හීන හැදුව ඔහොම ඉන්නකොට 2012 අවුරැද්දෙ මාර්තු වලදි වගේ ඒ කියන්නෙ එයා 11 වසරේ වගේ ඉන්නකොට දවසක් පංති ඇරිල එනව මම යාලුවෙක් එක්ක ඉන්න කොට දැක්ක මම එයා දිහා බලා ගොන ඉන්නකොට එයාත් මං දිහා බලාගේන ගියා වෙනස්කවිදිහකට එදා මම හිතාගත්ත මෙ ගැනුලමය මගේ වෙන්න ඔනේ කියල එයාලගේ පිටිපස්සෙන් පංති ඇරිල ආපු මල්ලි කෙනේකුට කතා කරල මම ඇහුව අරය දන්නවද කියල එයා කිවුව එයා ඉන්නෙ අපේ පංතියට එහා පංතියේ එයාගේ නම xxxx කියල එදා තමයි මම නම දැනගත්තෙ එ පංතිය ඇරිල ආපු එ දවසේ ඒ වෙලාවටම මම දවස් කිපයක් එතන හිටිය මොන වැඩේ තිබුනත් එ හැමදෙයක්ම දාල එතනට ආව එයාල එනවද බලන්න එත් කවුරැවත්ම හමිබවුනේ නැ එදා ඉදල එයා ගැන විස්තර හොයගන්න මම ගොඩක් මහන්සි උනා දන්න හැම දෙනාගෙන්ම ඇහුවඑක දවක් අහමිබෙන් වගේ මම මගේ යාලුවෙක් එක්ක ඉන්නකොට එයා තාත්තත් එක්ක බයික් එක්කින් යනව දැකල මම පෙන්නුව බලනකොට එයත් මගේ යුලුවගේ ගමේ එක්කෙනෙක් උ කිවුව මචං එයාගේ නම xxxx ඉන්න‍නේ අහවල් තැනයි කියල එදා ඉන්න තැන දැනගන්න ලැබුණ එක මට ගොඩක් සතුටක් උනා එදා ඉදන් පුලවන් හැම දවසකම මම එයාගේ ගේ ලගින් ගියා එයා ඉන්නවද බලන්න අඩුම තරමේ මූණවත් බලල යන්න කියල එ දැනගත්ත දවසේ ඉදල මම සිය වතාවකටත් වැඩිය එහෙම ගියා එත් මට එයාව තුන් හතර පාරකට වඩා දකින්න ලැබුනේ නැ එ වෙනකොටත් මම එයා ගැන විශේශ සැලකිල්ලකින් ඉන්නව කියල එයා දැනගෙන තිබුන එයා මට හමිබවුනු වුන හැම වෙලාවකම වල එයාගේ මුනේ තිබනු තිබුණු හැගිමි වලින් ඉරියවු වලින් මට තේරැනා එයත් මට කැමතියි කියල ඒක නිසා මෙයා තමයි කවද හරි මගේ ආදරිය ඉටත් පස්සෙ මගේ බිරිද කියල මගේ හිතේ පැලවුනු අදහස මම ගහක් වගේ හදාගත්ත
මම හිතාගත්ත එයා ඔලෙවල් කරපු ගමන් මගේ හිතේ තියන දේ කියන්න ඔය අත‍‍රේ එයාගේ පංති‍‍ේය ඉන්න තව මල්ලිකෙනෙක් හමබවුනා එයා කිවුව මට උදවුකරන්නමි කියල එයාගේ උදවුවෙන් මම එයා ක්ලාස් එන්න ගෙරින් පිටත් වෙන වෙලාව දැනගත්ත මම එවාලේවට එයාලගේ ගෙදර ගාවට ගියා දවස් 10 කට වැඩිය ඔලෙවල් පටනගන්න හරියටම සති 4 තිබිබ ඉරිද දවසක මම එයාව හමබවුනා හිතේ තියන දේ කියාගන්න එයා O/L කරාට පස්සෙ මට අය හමිබවෙන්නේ නැතිවෙයි කියල හිතේ තිබුනු බයට එ ගැන කියනන මම හිතුව බස් එකේ හිටියේ කිහිප දෙනයි එයා යාලුවෙත් එක්ක බස් එකට නැග්ගට පස්සෙ එයාගේ යුලවෝ ඔක්කොම බස් එකේ ඉදගත්ත එයා විතරක් එක පාරක් මම දිහා බලල හිටගේන හිටිය මට තේරැනා එාය නොකියා කියපු - මම මගේ තියෙන දේ කිවුව එයා මොකුත්ම කියන්‍ේන නැතිව හිටියා ඉස් එකෙන් බහින්න යන වෙලාවේ මම කිවුව ඔයාට දැමිම මෙහේම දේකට බල නමි මම ඔයා‍ගේ එග්සැමි ඉවරවෙකමි ඉන්නම කියල එයා මොකුත් නොකිය එහෙම හොදයි කියල කැමතියි වගේ කියල හිනා වෙලා ගියා එත් මට එහෙම අහපු වෙලාවේ ඉදල මට එයාගේ එග්සැමි ඉවරවෙනකමි ඉවසන්න බැරිවුනා මම ඊටපස්සෙ සතියේ අයෙත් අරවෙලාවටම මම ගිහින් එයාගේ ඇහුව මොකද්ද උත්ත‍රේ කියල එය එක පාරටම එයා බැ අයිය කියල බස් එකේන බැහැල ගිය ඒ වෙලාවේ මට ලොකු දුකක් දුනුන එදා මගේ යාලුවෙක්ගේ මළ ගෙදරක් වෙලා තිබනු නිසා ගොදර ඉන්න හිතක් තිබුනේ තැති නිසාත් මම කිලෝ මිටර් 20 විතර දුරින් තිබුනු මල ගෙදර ගියා එ වොලවෙත් මගේ හිතේ එයා දිපු උත්තරේ ගැන ලොකු දුකක් තිබුනා මටවත් දැනුනේ නැ මම එදා 85 වට විතර වේගයෙන් ගිහින් තිබුන මම කවදාවත් ඒ තරමි වෙගයෙන් බයික් එකේ ගිහින් තිබුනේ නැ එයා ගොඩක් දක්ශ ලමයෙක් එ වගේම දෙමාපි‍යෝ එයා ගැන අවධානයෙන් ඉන්න හින්දත් එග්සැමි ලගහින්දත් බයට එයා එහෙම කියන්න ඇති කියල කියන එක මගේ යටි හිතේ තිබුන නිසාත් එයා මට කැමැත්තෙන් හිටපු බව මට තේරැණ නිසත් දවස දෙක තුනක් යනකොට මට ඒ හිතේ අමාරැව නැතිකර ගත්ත එග්සැමි එකේන පස්සෙ එාය මට කැමති වෙයි කියල මේ වෙනකොට එයා ගැන මම හදාගත්ත හීන ලෝකේ අවුරැදු එක හමාරක් ගෙවිල ඉවරයි මට එ වෙනකෝට ඔනේ නමි නමි වෙන කෙල්ලෝ දෙතුන්දෙනක් අල්ලගේන ඉන්න තිබුනා එත් මම එයාගැන හිත වෙනස් කරගන්නෙ නැතුව ගොඩක් අවස්තා අත ඇරල දාල ඒ අවරැදු එක හමාරැම තිනිකඩව එයා ගැනම හිතේ තියාගේන හිටිය ටවුන් යනකොට අනිත් කපල් දැකිනකොට මටත් එවගේ ඉන්න තියෙනවනමි කියල හිතුනු අවස්ථා අනන්තයි එත් මම මගේ හිත වෙනස්කරගත්තේ නැ අනිත් කොල්ලෝ තමන්ගේ ෆොන්වලින් තමන්ගේ කෙල්ලොන්ට කතාකරනකොට කෙල්ලො කොල්ලොන්ට කතාකරනකොට මම තවම තනියෙන් නේද කියන දුක මටත් දැනුන එක මට ලොකු අඩුවක් වගේ දැනුන එත් එයා මට ඉක්මනටම ලැබෙයිනෙ කියන විශ්වාසයෙන් මම ඉවසගේන හිටියා හීන හදන එකනැමි නැවැතුතවේ නැ ඔය අත‍රේ එයාගේ විභාගෙත් ඉවර උනා 2013 අලුත් අවුරැද්දත් පටන්ගත්ත එග්සැමි එකේන් පස්සේ එයාව අයෙත් හමිබවෙන්නෙ කොහොමදි කියල දසඅතේ කල්පනා කලා වෙනදවගේ බයික් එකේ නැගල ගේ වටේ ගියා එග්සැමි එකේන් පස්සේ ඉංග්‍රසි ක්ලාස් එකකට යයිද එහෙම වත් හමිබවෙන්න පුලුවන් වෙයිද කියල බැලුව එත් බැරිවුනා ඔය අතරතුර මට ටවුන් එකේ රජ‍යේ ආයතනයක ජොබි ට්‍රෙනින් එක්කට යන්න පුලුවන් උනා සතියේ දවස් 5 ම වටුමට යන්න ඔනේ එයාලගේ ගම හරහා තියෙන පාරෙන් එයාලගේ වෙල් තිබුනේ එ පාර අයිනෙමයි මාස 3ක් මම ඒ ට්‍රෙනින් එකට ගියා එ ගිය හැම දවසකම යනකොටයි එනකොටයි එයා ඉන්නවද කියල මම බැලුව එකම එක දවසක් එයා පුංදි බ‍බෙබක් හුරතල් කරකර ඉන්නව මම දැක්ක එයා එ බබාගේ අතින් අල්ලගේන බබත් එක්ක හිනාවෙනව එදා මට හිතුන මගේ පුංචි කෙල්ල තමයි මේ ලෝකේ ඉන්නලස්සනම කෙල්ල කියල එදා රැ මම හිනයක් දැක්ක මගේ පුංචි කෙල්ල වගේම පුංචි බබෙක් අපේ ගෙදර ඉන්නව එදා මට ගොඩක් සතුටු හිතුනේ හිනෙකට වඩා වැඩි දෙයක් ඒ හිනෙ තුබුන කියල මට හිතුනු නිසා අවුරැදු දෙකක් ගෙවිලත් අවස්තා ගනනාවක් අතඇරල අවුරැදු දෙකක් තිස්සේ මම එකම කෙල්ල ගැන හිතෙ තියාගේන ඉන්නව එයා ගැන වෙන කෙනෙක් අවදානයෙන් ඉදියි කියල තිබුනු බයට මම එයා ගැන හෙවුව එත් ආරංචිවල හැටියට එයාත තවමත් නවුරැවත් නැ එය විදිහට අද වෙනකමි දවස් ගෙවුන යාලුවෙකුගේන දැනගත්ත එයා එලෙවල්වලට අද ක්ලාස් යනව කියල වෙලාව හරියට දැනන් හිටියෙ නැති නිසාමම තිරණය කරා අද කොහොමහරි එයාව හමිබවෙන්න ඔනේ කියල එහෙ හිතල මම උදේ 630 ට පිටත් වෙන බස් එකේ නැග්ග එාය එකට ගොඩ වෙයිද බලන්න එයා හිටයෙ නැ එයාලගේ වෙල් ලගින් බැහැල 7 වෙනකමි ඉදල එබස් එකේ ගියා එයා එකේත් හිටියෙ නැ 830 ට විතර යාලුවෙක් කොල් කරල කිවුව එයා 830 බස් එකේ නැග්ග 10 වෙනකොට ටවුන් එකට එයි කියල මම පැය 2 ක් විතර බස් එක මිස්වෙයි කියන බයෙන් අවුවට වෙලා බලන් හිටය වෙලාවට බස් එක ආව මම බස් එකට නැගින කොට එයා පිටිපස්සෙ සිටි එකේ එයාගේ යාලුවත් එක්ක ඉදගෙල හිටිය එයාට එහා පැත්තෙන් සාමන්‍ය පෙනුමක් තියෙන පිරිමි ලමයෙකුත් හිටියා දැක්ක ගමන් එයයි එයාගේ යාලුවයි පුදුමයෙන් වගේ මං දිහා බැලුව අර පිරිමි ලමයට එහා පැත්තෙන් සිටි එකේ ඉඩ තිබිබ නිසා මම එතැන ඉදගත්ත මට එයාට කතා කරන්න ඔනේම වෙලා තිබුන නිසා එය ලිගින් හිටිය අර පිරිමි ලමයට කිවුව පොඩිඩක් නැගිටල ඉඩ දෙන්න කියල එයා නැගිටිටට පස්සෙ මම ටිකක් අරයට කිටිටු වුනා එයා ඉස්සරහ ක්ලාස් එක් ලගින් බහින බව දන්න හින්ද සමිපුර්න කතාව කියන්න වෙලාවක් නැති නිසාත් මම ඇහුව ක්ලාස්ද කියල එයා කිවුව ඔවුකියල මම හැහුව කොහේද කියල එයා කිවුව සිප්වින් එකේ කියල එතකොට ක්ලස් එක් ගාවට බස් එක ඇවිත් නැවත්තුවා එයා නැගිටල බැස්ස යාලුවත් එක්ක මාත් ක්ලාස් එකට යන ටිකට එයත් එක්ක කතා කරන්නමි කියල එයාගේ පස්සෙන්ම යන‍කොට අර බස් එකේ එයා ලගින් ඉදගේන හිටපු පිරිමි ලමයා එයා ලගට දුවගේන ඇවිත් එයත් එක්ක කතා කර කරම ගියා ටික ටික ඇත්ත තේරෙනකොට මගේ කකුල් දේක පන නැ වගේ දැනෙන්න පටන් ගත්ත එත් හිතට හයිය අරන් මම ඇත්තම දැනගන්න ඔනේ නිසා එයාලගේ පස්නේම ගියා එ වෙනමි මගේ හිත කිවුවේ පිරිමි ලමය අනිත් ගැනුලමයගේ වෙන්න ඇති එයාගේ වෙන්න බැ ඒයාගේ වේන බැ කියල එකතැනකදි පිරිමි ලමයා නැවතුනා ඒ වෙනකොටත් මට කතාකරගන්නවත් හයියක් තිබුනේ නැ මම ඒ පිරිමි ලමයට කතා කරා එයාට මම කියපු දෙවල් එකක් වත් තේරැනේ නැ එයාට පලවෙනි වතාවට එයා කිවුව මම කියපු දේ තේරැනේ නැ කියල මම ඇහුවා ඔයයි අර ගැනු ලමයි අතර මොකක් හරි තියෙනවද කියල එ පිරිමි ලමයටත් මම ආපු කාරණෘව තේරැනු නිසා එයා පැහැදිලිවම කිවුව ඔවු කියල අවුරැදු දෙකක් තිස්සේ අනන්ත අත් හැරිමි කරල මම හදාගත්ත ලෝකේ එක තප්පරේන් කුඩුවෙලා වැටෙනව වගේ මට දැනුන මට කෙලින් හිටන් ඉන්නවත් හියියක් එ වොලවේ තිබු‍නේ නැ මම " සොරි මචං මම දැනං හිටියේ නැ දැනන් හිටිය නං මෙ‍හෙම එන්නෙත් නැ මොකුත් හිතන්න එපා සොරි " කියල මම අනිත් පැත්ත හැරුනා ගිනි අවුවේ කොචිචර දුර මම පයින් ඇවිදගෙන ආවද කොහේම කියන්නවත් මට මතක තිබුනේ නැ හිට ගෙන ඉන්න බැරි කමට පාරේ අයිනේ ගහක් යට තිබුනු කොන්ක්‍රිටි කැලි දෙකක් උඩ මම අනිත් පැත්ත හැරිල ඉදගත්ත මම තුන් හතරපාරක් ඇස් පිහල බැලුව මේක හිනයක් වෙන්න අති කියල හිතුන මම පැය 3ක් විතර එතැන ඉදගෙන ඉන්න ඇති මට එයාව ඉස්සරෝම දැක්ක හැටි එයාගේ ලස්සන එ ගැන හින දැකපු හැටි මතක් වෙන්න ගත්තම ඔලුව පැලෙන්න වගේ ආව මම එතැනින් නැගිටල පාර දිගේ ගියා කිලෝ මිටර් තැනක් විතර ගිනි අවුවේ අවිදගෙන ගියා මට හැමතිස්සේම හිතෙන්නෙ එක හිනයක් කියල අවුරැදු දෙකක් තිස්සෙ ඉවසපු තරමි අත්හැරපු අවස්තා හැමදෙයක්ම අතඇරැනා වගේ දැනේනවා මට කවුරැහරි කියපං මං පිස්සෙක්ද මෝඩයෙක්ද අවුරැදු දෙකක් තිස්සේ එකම එක කෙල්ලේක ගැන විතරක් හිතේ තියාගේන දහසක් දේවල් අත ඇරපු මම තවම තනියෙන් එයා අර පිරිමි ලමයත් එක්ක එකට යද්දි අවුරැද් දෙක්ක තිස්සෙ එයා ගැන හින හද හද හිටපු මම බල්ලෙක් වගේ එයාලගේ පස්සෙන් ගියා අර පිරිමි ලමයටමට කරමි පෙනුමක් නැතත් එයා එයාට කැමති වුනේ මම මෝඩයෙක් වගේ හින්දද කවුරැ හරි කියපං බං මට ඉවසන්නම බැරි හින්දයි මේක ටයිප් කරේ මට කියන්න කෙනේක නැ එයා ගැන ලොකුවට වර්ණනා කරපු මම මේක යලුවොන්ට කියන්නේනැ කියල හිතා ගත්ත
:sorry::sorry: ඇගිලිත් රිදෙනව ඔක්මෙට වඩා හිත රිදෙනව
 
  • Like
Reactions: sanjaya22

Koalabanti

Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    ගනන් ගන්න එපා මචන් ගොඩක් කෙල්ලෝ ඔහොම තමයි.. උඹ උඹෙ අනාගතේ ගැන හිතපං.. සල්ලියි හොඳ ජොබ් එකකුයි තියෙනවනම් කෙල්ලෝ ඕනතරම් පස්සෙන් එයි.. බොක්කෙන් ලව් කරපු එකක් නැති වෙනකොට දුකයි තමයි.. ඒත් හිත හදා ගනින්..ආයි ලව් කරනවනම් බොක්කෙන්ම කරන්න එපා. නැති උනොත් දුක වැඩියි.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-
    කතාව ඇත්ත එකක් වෙන්න ඇති කියලා හිතලා රිප්ලයි එකක් දාන්නම්. කාට හරි ආදරේ කරලා ඒ කෙනා වෙන කෙනෙක්ට ආදරේ කරනවා බලන් ඉන්න එක තරම් දුකක් මේ ලෝකේ හොයන්න අමාරුයි. මොකද තප්පරෙන් තප්පරේ විඳවනවා ඒ කෙනා. නමුත් මම කියන්නේ නම් මචං කාලයත් එක්ක ඔය තියන අවුල ලෙහිලා යනවා. දැන් උඹට හිතෙයි ඒ කෙල්ලව මට ලේසියෙන් අමතක කරන්න බෑ කියලා. නමුත් කාලයත් එක්ක ඒක එහෙම වෙනවා. දැන් ඒකි වෙන එකෙක්ගේ. ඒ මඟුල කඩා කප්පල් කරලා පිස්සු කෙලින්න එපා. ඒක ඒකිගේ කැමත්ත. කැමති කොල්ලෙක්ට ලව් කරන්න ඒකිට අයිතියක් තියෙනවා. බලෙන් ආදරේ කියන එක ලබා ගන්න බෑ. අනික ඔක්කොම වෙන්නේ හොඳටනේ බං. ටිකක් හිතපන්. බැන්ඳට පස්සේ ඔය වැඩේ වුනොත් මොකකින් මොකක් වෙයිද?? ඊට කලින්ම ඒ කෙල්ල ජීවිතෙන් අයින් වෙච්ච එක ගැන සතුටු වෙන්න. මට කියන්න ලේසියි. උඹට කරන්න අමාරුයි, නමුත් එහෙමයි කියලා ඕක මත්තේ නැහිලා නැති නාස්ති වෙන්න එහෙම නම් එපා( බෙබා පාට් එහෙම) අම්මලා තාත්තලා අමාරුවෙන් උඹව උස් මහත් කරේ නැති නාස්ති වෙනවා දකින්න නෙමෙයි. ඒ නිසා සිද්ධ වුන දේවල් අමාරුවෙන් හරි කාලයත් එක්ක අමතක වෙලා යන්න දීපන්. අමාරුවෙන් හරි වෙන කෙල්ලෙක් සෙට් කර ගනින්( අමාරුවෙන් කිව්වේ මේ පළවෙන් එක අමතක කරන එක අමාරු නිසා) වෙන කෙල්ලෙක් සෙට් වුන ගමන් ඔය ගතිය ඇරිලා යනවා ශුවර් :yes::yes:
     
    Last edited:

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    mehemai machan aettama kiwoth ube waradhak na.minissu hithana widhiha wenas eka eka ekknata wenas. matath oya wageeema experience thiyenawa ban ubanam adu tharame e kellata kiwa .man eka kellekta pissuwen wage love kara ban eeth man e kellata kiwe na.api manasin kochchara eyalawa ape karagaththath wedak na ban.api real life eke kella ape karaganda try kale naththan.methana kellata banindath be coz kella ubata hopes deelana.ubata 2 years ma thibila uba a kellath ekka katha karala thiyene dheparak thunparak wagene.awlak ganda epa ban uba karapu love eka ube hithema thiyagen a lassana mathakayan mathak kara kara idhapan.. wena lassana kellek ta try karapan ethakota nikanma ekiwa amathaka wela yanawaaa ..... :)
     

    anjula_snnyk

    Active member
  • Dec 7, 2008
    863
    33
    28
    Colombo
    ආයි ලව් කරනවනම් බොක්කෙන්ම කරන්න එපා. නැති උනොත් දුක වැඩියි. :) umba hith ganna balapan macha..owa ohoma tahama oita wada manussayatnta wenne bung awurudu 10 n 15 balagena idala kadi bididila yanne... owath prashnada malli?/
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    machan sirawatama kiyanne cheda wen karala nathi nisa kiyawanna hena kattak kawa.. eth machan kollekge dukak kiyana bawa theruna nisa amaruwen hari kiyewwa..
    machan atthatama ban muhude inne eka maluwek neme kiyana kathawa uba ahala athine..
    eth eka maluwekuta uba hugak adare karpu kathawa attha.. eth machan.. uba thawath eya gana hitha hitha inna eke kisima therumak ne a nisa..
    Uba eetath wada lassana ubata galapena kellek hoyaganin machan..
    nattham gedarin karala denakal iwasapan.. ubata machan hoda ganu lamek labenawa machan eka aniwa..
     

    Super_Mario

    Active member
  • Apr 8, 2013
    154
    30
    28
    Castle Calamity
    macho ubata dawasaka hoda kenek hambei, edatawath parakkuwennepa bn! parissamin wadakarapan, ubawage adare adunana un watinawa, enisa modawada karanna yannepa!
    Good Luck machan..
     
    Nov 23, 2012
    1
    0
    0
    මමත් කියන්නේ අයියා හිත හදාගන්න... දැන් වෙන මුකුත් කරන්න දෙයක් නෑ නේ... හිත හදාගෙන අනාගතයට මුහුණ දෙන්න... කාලයත් එක්කම හිතේ දුක අඩුවෙලායයි..
    සතුටින් ඉන්න උත්සාහ කරන්න...
    :nerd:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    තමන්ට අහිමි දේවල් ගැන දුක් වෙන්ඩ එපා යාළුවා. අපි ඉපදෙද්දිම අපිට උරුම දේවල් සහ අහිමි දේවල් තියෙනවා. තමුන්ගේ අනාගතය සාර්ථක විදියට හදාගත්තාම නොදැනීම අපිට උරුම දේවල් අපි ළගට එනවා. හිතට දුක තමය් නමුත් ඔව්ව ඔහොම තමය් කියල හිත හදාගන්ඩ.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    අඩෝ ඔක අමතක කරපන්. ගෑනු ඔහොම තමා. උන්ට මහ අමුතු මානසික ලෙවල් එකක් තියෙන්නෙ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :(:(:(:(
    උඹ පරක්කුයි කියලා මට හිතෙන්නෙ.. ඒත් උඹ ඒ කරපු වැඩේ ගොඩක් වටිනවා බං.. ඒ කාලෙදි උඹ ඒ කෙල්ලගෙන් කැමැත්ත ඇහුවා නම් කැමති වෙන්න තිබුණා ගොඩක් දුරට.. ඒත් එයාගෙ ඉගෙනීම සම්පූර්ණයෙන්ම නැතිවෙනවා..

    සැලෙන්න එපා බං.. ආදරේ කියන්නෙ කෙනෙකුට සතුටක් වගේම තවත් කෙනෙකුට වේදනාවක්.. උඹට හැමදාම අඬන්න වෙන එකක් නෑ.. උඹගෙ හිමිකාරිය ලැබුණ දවසට උඹත් හිනාවෙලා බොහොම සංතෝසෙන් ඉඳියි..:love:
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    ඔහොම තම බන්..ගණන් ගන්න එපා.උබ වෙන එකකට බෙහෙපන්...හිතන හෙමදේම ලේබෙන්නේ නැ බන්...
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    oya eyagen mulinma ehuwa nathi nisa thama mehema une...ehema ehuwanam me katawa wenas wenna tibuna...e girl danne kohomada oya eyata kamathi kiyala..:baffled:
     

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28

    සමිපුර්න කතාව කියන්න වෙලාවක් නැති නිසාත් මම ඇහුව ක්ලාස්ද කියල එයා කිවුව ඔවුකියල මම හැහුව කොහේද කියල එයා කිවුව සිප්වින් එකේ කියල

    කුරුණෑගල කොල්ලෙක් නේද :yes::yes::yes:..තව කෙල්ලො නැද්ද බන් ලංකාවෙ :angry::angry:..වෙන එකක් අල්ලපන්..:P:Pකොහෙද ඉස්කෝලෙ.:P.
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    කතාව ඇත්ත එකක් වෙන්න ඇති කියලා හිතලා රිප්ලයි එකක් දාන්නම්. කාට හරි ආදරේ කරලා ඒ කෙනා වෙන කෙනෙක්ට ආදරේ කරනවා බලන් ඉන්න එක තරම් දුකක් මේ ලෝකේ හොයන්න අමාරුයි. මොකද තප්පරෙන් තප්පරේ විඳවනවා ඒ කෙනා. නමුත් මම කියන්නේ නම් මචං කාලයත් එක්ක ඔය තියන අවුල ලෙහිලා යනවා. දැන් උඹට හිතෙයි ඒ කෙල්ලව මට ලේසියෙන් අමතක කරන්න බෑ කියලා. නමුත් කාලයත් එක්ක ඒක එහෙම වෙනවා. දැන් ඒකි වෙන එකෙක්ගේ. ඒ මඟුල කඩා කප්පල් කරලා පිස්සු කෙලින්න එපා. ඒක ඒකිගේ කැමත්ත. කැමති කොල්ලෙක්ට ලව් කරන්න ඒකිට අයිතියක් තියෙනවා. බලෙන් ආදරේ කියන එක ලබා ගන්න බෑ. අනික ඔක්කොම වෙන්නේ හොඳටනේ බං. ටිකක් හිතපන්. බැන්ඳට පස්සේ ඔය වැඩේ වුනොත් මොකකින් මොකක් වෙයිද?? ඊට කලින්ම ඒ කෙල්ල ජීවිතෙන් අයින් වෙච්ච එක ගැන සතුටු වෙන්න. මට කියන්න ලේසියි. උඹට කරන්න අමාරුයි, නමුත් එහෙමයි කියලා ඕක මත්තේ නැහිලා නැති නාස්ති වෙන්න එහෙම නම් එපා( බෙබා පාට් එහෙම) අම්මලා තාත්තලා අමාරුවෙන් උඹව උස් මහත් කරේ නැති නාස්ති වෙනවා දකින්න නෙමෙයි. ඒ නිසා සිද්ධ වුන දේවල් අමාරුවෙන් හරි කාලයත් එක්ක අමතක වෙලා යන්න දීපන්. අමාරුවෙන් හරි වෙන කෙල්ලෙක් සෙට් කර ගනින්( අමාරුවෙන් කිව්වේ මේ පළවෙන් එක අමතක කරන එක අමාරු නිසා) වෙන කෙල්ලෙක් සෙට් වුන ගමන් ඔය ගතිය ඇරිලා යනවා ශුවර් :yes::yes:

    මමත් මේ අදහසට එකඟයි ...මනුස්සයෙක් වෙලා ඉන්න ටික කාලේ අපේ අරමුණ තේරුම් අරගෙන වැඩ කරන්න ඕනේ මචං.කාලය බොහෝ ප්‍රශ්ණ විසඳනවා අපි එතකල් අවබෝධයෙන් ජීවත් වෙන එක තමා කරන්න ඕනේ.

    ඔය හා සමානම අත්දැකීමක් මටත් තියෙනවා .ඒ නිසා ඔය උඹට එන හැගීම් එකක් නෑර මම අත්දැකලා තියෙනවා.මම love කලේ මගේම නෑනට .:love:
    මට වඩා අවුරුදු 3ක් වැඩිමල්.මම ඕක පොඩි කාලේ (අවු 14දී ) විතර අපේ අම්මටත් කිව්වා හිතේ ඉවසගන්න බැරි හින්දා.අම්මා බැන්නා පළු යන්න.:angry::angry:
    කොච්චර බැන්නද කිව්වොත් මට අවුරුදු 18-19දී වත් මාමව මුනට හම්බවෙලා කතාකරන්න බය උනා.
    මට අවුරුදු 24 වෙද්දී මාම අක්කව බැන්දුවා.බඳිනවා කිව්වට පස්සේ අක්කා මාත් එක්ක කථා බහ අඩුකරන එකත් අඩු කළා.ඒත් එක්කම මට ඉගෙනගන්න රට යන්න ඒත් එක්කම හම්බුනා.මට wedding එකට යන්න ශක්තියක් තිබුනෙම නෑ.හිතන් හිටියේ බොරු ලෙඩක් දාල ගෙදර ඉන්නවා කියලයි .:sorry:

    දැන් ඔය සිද්දිය වෙලා අවුරුදු 8ක් විතර වෙනවා.අක්කටයි ,මටයි දෙන්නටම ළමයි ඉන්නවා .අපි දැන් දෙමව්පියෝ.එහෙම උනත් තාමත් මාමලාගේ ගෙදර යද්දී හිතට ටිකක් අවුල්.ඒ වෙලාවට මගේ wife මට ඉන්නවනේ කියල හිත හදා ගන්නවා.wife ට මම ඔය කතාව කියල නෑ.කියන්නෙත් නෑ.මගේ හොඳම යාළුවො ටික දන්නවා.

    මම හදවතින් නැතුව බුද්ධියෙන් හිතලා බැලුවොත් මට දැන් හිතෙනවා මට හරියටම ගැලපෙන්නේ මගේ wife මිසක් අර අක්ක නෙමේ කියලා.නමුත් හිත ඇදිල තියෙන්නේ හැමතිස්සෙම එයාට.
    ආදරය බොළඳයි මචං .නමුත් අපි ආදරය කරන කෙනා අපිට ආදරය නොකරනවා නම් අපි මොනවා කරන්නද ?

    අමතක කරන්න උඹට බෑ.මොකද මටත් තාම බෑ..:( ඒත් උඹට හිත හදා ගන්න පුළුවන් ෂුවර් එකටම.;)

     
    Last edited: