අසම්මත ප්‍රේමය....
රන් හුයකින් බැඳුණේ ඇය අත ගාව
කිරි සුවඳින් බැඳුණේ පුතු ලෙය ගාව
සිත බැඳුනේ මගෙ මැණිකේ නුඹ ගාව
කියු මතකය අද වැළපේ මං ගාව .......
අත් වැල බිඳී මඟ වැරදී යනු දුටිමී
අත් පටලැවී උර තලයේ ඉඩ දුනිමී
දැන ලං වෙවී නොවනා වග මටම හිමී
ඇස කකියනා කඳුළැල්ලද සැගෙව්වෙමී....
පසු පස්සේ එන මල් බඹරුන් බෝම
ඇස මත්තේ ගැටුනේ දූවිලි සේම
මහ වැස්සේ පින්නක්වත් නොවැදීම
හිත අස්සේ රැක ගත්තේ පණ සේම....
සිල් බිඳදා නුඹ ඇහැරුණු දා හීනේ
අතුල් සැරට රිදුනේ හිත රත්තරනේ
සත් කඩකට පැලී විසිරුනු හිත් මානේ
නුඹටද මටද මග වැරදුනේ සංසාරේ....


රන් හුයකින් බැඳුණේ ඇය අත ගාව
කිරි සුවඳින් බැඳුණේ පුතු ලෙය ගාව
සිත බැඳුනේ මගෙ මැණිකේ නුඹ ගාව
කියු මතකය අද වැළපේ මං ගාව .......
අත් වැල බිඳී මඟ වැරදී යනු දුටිමී
අත් පටලැවී උර තලයේ ඉඩ දුනිමී
දැන ලං වෙවී නොවනා වග මටම හිමී
ඇස කකියනා කඳුළැල්ලද සැගෙව්වෙමී....
පසු පස්සේ එන මල් බඹරුන් බෝම
ඇස මත්තේ ගැටුනේ දූවිලි සේම
මහ වැස්සේ පින්නක්වත් නොවැදීම
හිත අස්සේ රැක ගත්තේ පණ සේම....
සිල් බිඳදා නුඹ ඇහැරුණු දා හීනේ
අතුල් සැරට රිදුනේ හිත රත්තරනේ
සත් කඩකට පැලී විසිරුනු හිත් මානේ
නුඹටද මටද මග වැරදුනේ සංසාරේ....



i think she has done a great job 




