අසම්මත ප්‍රේමය....

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    අසම්මත ප්‍රේමය....

    රන් හුයකින් බැඳුණේ ඇය අත ගාව
    කිරි සුවඳින් බැඳුණේ පුතු ලෙය ගාව
    සිත බැඳුනේ මගෙ මැණිකේ නුඹ ගාව
    කියු මතකය අද වැළපේ මං ගාව .......

    අත් වැල බිඳී මඟ වැරදී යනු දුටිමී
    අත් පටලැවී උර තලයේ ඉඩ දුනිමී
    දැන ලං වෙවී නොවනා වග මටම හිමී
    ඇස කකියනා කඳුළැල්ලද සැගෙව්වෙමී....

    පසු පස්සේ එන මල් බඹරුන් බෝම
    ඇස මත්තේ ගැටුනේ දූවිලි සේම
    මහ වැස්සේ පින්නක්වත් නොවැදීම
    හිත අස්සේ රැක ගත්තේ පණ සේම....

    සිල් බිඳදා නුඹ ඇහැරුණු දා හීනේ
    අතුල් සැරට රිදුනේ හිත රත්තරනේ
    සත් කඩකට පැලී විසිරුනු හිත් මානේ
    නුඹටද මටද මග වැරදුනේ සංසාරේ....
    :(:(:(
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    images
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    අත් වැල බිඳී මඟ වැරදී යනු දුටිමී
    නුඹටද මටද මග වැරදුනේ සංසාරේ....

    mehema nam matat hodai :P

    අදහස පැහැදිලි නැත. අපහාසයක්ද? විවේචනයක්ද?:confused:
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    aiyo ehema deyk newei kiuwe

    "අත් වැල බිඳී මඟ වැරදී යනු දුටිමී
    නුඹටද මටද මග වැරදුනේ සංසාරේ....
    "
    :love::love:

    Me wage siddiyak matat una akai qwe :P

    පැහැදිලියි. පැහැදිලියි. සමාවෙන්න ඕනේ ඉතින්. නොතේරුන හන්දයි ඇහුවේ. :cool::cool::cool::cool::D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සත් කඩකට පැලී විසිරුනු හිත් මානේ
    නුඹටද මටද මග වැරදුනේ සංසාරේ...


    අසම්මත ප්‍රේම‍ය කි‍යන්නේ වැරදීමක් තම‍යි......කොහොම වුනත් ලස්සන නිර්මාණ‍යක්.....:yes::yes::yes:

    Rep+