එයාර් ඇරබියා මත්තල හැරයයි -Maththala Airport Flights Cancel

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    එයාර් ඇරබියා මත්තල හැරයයි -Maththala Airport Flights Cancel


    එයාර් ඇරබියා මත්තල එන්න බෑ කියයි...

    එළකිරි Kukku Babage ත්‍රෙඩ් එකේ අනාවැකි සපල වේ


    මැදපෙරදිග කළාපයේ හා උතුරු අප්‍රිකාවේ පළමු හා විශාලතම අඩුවැය ගුවන් සේවය වන “එයාර් ඇරබියා“ ගුවන් සේවය සාජා හා මත්තල අතර ගුවන් ගමන් මැයි මාසයේ සිට නතර කර ඇති බව වාර්තා වේ.

    මේ බව, “එයාර්ලයින් රූට්“ (Airline Route) වෙබ් අඩවිය විසින් අනාවරණය කරන අතර “එයාර් ඇරබියා“ ගුවන් සේවයේ වෙබ් අඩවියේද මෙම ගමනාන්තය සඳහා මගීන් ලියාපදිංචි කිරීම නතර කර දමා තිබෙන බව එම වාර්තා වේ සඳහන්ය.
    මෙම ගුවන් සේවය ශ්‍රී ලංකාවට පියාසර කිරීමේ දෙවන ගමන්නාතය ලෙසින් පසුගියදා මත්තල තෝරාගත් අතර මත්තල, “එයාර් ඇරබියා“ ගුවන් සේවයේ 84 වන ගමනාන්තය විය.

    ගුවන් සේවය විසින් 2013 මාර්තු 18 වනදා, මත්තලට සමාරම්භක ගුවන් ගමන සිදුකළ අතර සාජා හා මත්තල අතර සතියකට සිදුකළ ගුවන් ගමන් වාර දෙක ගුවන් ගමන් වාර හතරක් දක්වා වැඩිකිරීමේ බලාපොරොත්තුවක් තිබෙන බවද මුලදී සඳහන් කර තිබුණි.

    “එයාර් ඇරබියා“ ගුවන් සේවය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට සාජා සිට සතියකට ගුවන් ගමන් වාර 09 ක් ක්‍රියාත්මක කරයි.

    කෙසේ වෙතත් එයාර් ඇරබියා මත්තල එන්න බෑ කියදදී මත්තල ගුවන් තොටුපලට එන යන ගුවන් යානා සඳහා බාධා වන කුරුල්ලන් පලවා හැරීම සඳහා වෙඩි තැබීමට ගුවන් හමුදාව යොදවා ඇතැයි වාර්තා වේ.

    මෙම පියවර ගෙන ඇත්තේ පසුගිය අවස්ථාවන් කිහිපයකදී ගුවන් ගමන් සඳහා කුරුල්ලන් බාධා වූ නිසාවෙනි..විවිධ ශබ්ද ඇතිකිරීම, ප‍්‍රහාරක ගුවන් යානා යෙදවීම වැනි ක‍්‍රමද මේ සඳහා මීට පෙර යොදා තිබිනි.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදී පරිසර සංරක්‍ෂණ භාරයේ සජීව චිමිකර මහතා පැවසුවේ ගුවන් තොටක් ගුවන් ගමන් සඳහා බාධාකාරී වන කුරුල්ලන් පලවා හරීම සඳහා වෙඩි තැබීම ලොව බොහෝ රටවල සුලභව භාවිතා කරන ක‍්‍රමවේදයක් බවයි.

    එහෙත් මත්තල කුරුළු පාරාදීසයක් වන නිසා තත්වය කුරුළු සංහාරයක් දක්වා වර්ධනය වුවහොත් එය ඉමහත් කණගාටුවට කරුණක් බවද ඔහු කීවේය.

    මෙම ගුවන් සේවය සාජා-මත්තල අතර පියාසර කිරීම නතර කර ඇතැයි දැක්වෙන “එයාර්ලයින් රූට්“ (Airline Route) වෙබ් අඩවියේ වාර්තාව මෙන්න.

    Air Arabia Cancels Mattala/Hambantota Service from May 2013
    by JL
    Update at 0600GMT 08MAY13
    Air Arabia has cancelled Sharjah – Mattala/Hambantota route, just 6 weeks after it became the first foreign carrier to operate the newest International airport in Sri Lanka. The airline previously operated twice weekly service.

    G9508 SHJ2130 – 0350+1HRI 320 47
    G9509 HRI0430 – 0740SHJ 320 15

    Reservations on the airline’s website is no longer available.



    http://www.elakiri.com/forum/showthread.php?t=1540351
     
    Last edited:
    • Like
    Reactions: RuZZa
    ඕකට ආණ්ඩුවට බැනල වැඩක් නැහැ , මොකෝ ආණ්ඩුවට බැන්න කියල ඕකට ප්ලේන් එන නැහැනේ අපි ඔකේ සෝලාර් පැනල් ගහල 12V LED බල්බ් පත්තු කරමු :rolleyes:;)
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    පිස්සු පුසා;14952326 said:
    ඕකට ආණ්ඩුවට බැනල වැඩක් නැහැ , මොකෝ ආණ්ඩුවට බැන්න කියල ඕකට ප්ලේන් එන නැහැනේ අපි ඔකේ සෝලාර් පැනල් ගහල 12V LED බල්බ් පත්තු කරමු :rolleyes:;)
    අහිංසක මිනිසුන්ගේ ලේ දාඩිය වලින් ගෙවන්න නය අරගෙන කරන නාස්තිකාර නිස්ප්‍රයෝජනවත් වැඩ වලට මුන්ට හෙනම ගහන්න ඕනා
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    me ban ape mallith ahanawa maththala hara wena thanak thibunema nadda kiyala oya Airport eka hadanna, man kiyanne meka eyatath therenawa nam mona wasiyakata othanama oya airport eka haduwada kiyala danna kenek innawa nam apitath dana ganna dannako.. mokada oka hadanna feasibility study eka kale primary claz wala lamai wenna bahane
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඕක තව ලොකු කරත් ඔච්චර තමයි. දැන් ඉතිං ඕක වැහෙන්න දවස් ගාන ගණන් කරලා දැන්වීම් ටිකක් දැම්මනම් හරි.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,635
    113
    Auckland
    මහින්ද මාකොස්ගෙ අය්ය. ඒ ගොබ්බයත් 1960 ගනන් වල රටට ඔනෙ නැති ගොන් පාට් සන්වර්දනයක් කරා. උගෙ ගෑනි ලොවෙත් නැති පිස්සු කෙලිය රටේ සල්ලි වලින්. සන්වර්ධනය නෙවෙ මුන් කරන්නෙ සන්ධර්ශනය. අහින්සක මිනිස්සු ලොවෙත් නැතුව කෙල වෙලා රට ණය වෙලා. මුන් රජ වෙලා මොන හු***ක්ද මේ රටට වෙන්නෙ. :angry:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    කුරුල්ලො වැඩිපුරම ඉන්න තැනකින් එයාපෝර්ට් එකක් හදල, දැන් පු* උඩ දාගෙන මැරෙන්න හදනව කුරුල්ලොත් එක්ක බෑ කරදරේ කියල. :angry: උන් හිටපු තැනින් වෙන කොහෙ යන්නද.. මුන් මෙච්චර ගොන් ඇයි බන්.. :no:
     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    කුරුල්ලො වැඩිපුරම ඉන්න තැනකින් එයාපෝර්ට් එකක් හදල, දැන් පු* උඩ දාගෙන මැරෙන්න හදනව කුරුල්ලොත් එක්ක බෑ කරදරේ කියල. :angry: උන් හිටපු තැනින් වෙන කොහෙ යන්නද.. මුන් මෙච්චර ගොන් ඇයි බන්.. :no:

    :yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes:
    :yes::yes::yes:
    :yes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පිස්සු පුසා;14952326 said:
    ඕකට ආණ්ඩුවට බැනල වැඩක් නැහැ , මොකෝ ආණ්ඩුවට බැන්න කියල ඕකට ප්ලේන් එන නැහැනේ අපි ඔකේ සෝලාර් පැනල් ගහල 12V LED බල්බ් පත්තු කරමු :rolleyes:;)

    :D :D
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    රටට වැඩකුත් නෑ ..... හිටපු අහින්සක සත්තුන්ට ඉන්නත් නෑ ...
    ආශ්චර්යයක්ම තමයි ...
    :P.:frown:...
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔන්න මම නම් කලින්ම කිව්වා කුක්කු බබෝ ඔය එයාර් පොර්ට් එක වැඩි කල් යන්ද කලින් අනාථ නාථ වෙලා යනවා කියලා. දැන් බලමුකෝ ෆ්ලයි ඩුබායි මොකද කරන්නේ කියලා? අපේ මහා උන්ගේ අහවල් එකේ අමාරුවට උන් එහෙ ඉඳන් නිකන් තෙල් ගහගෙන මත්තලට හිස් ප්ලේන් එවන්ඩ උන්ට මොලේ අමාරුවක් නං නැහැ. අපරාදේ රටේ මිනිස්සුන්ගේ සල්ලි. ඔක්කොටම කලින් මේ මහින්ද වටේ ඉන්න හොර ඇඩ්වයිසර්ලා ගහලා එළවලා දාන්ඩ ඕනේ මේ රටෙන්. :angry::angry::angry: