Why we say a "HELLO" on lifting a phone?

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    Hello honey buney ... Toko tokooooooooo

    මේ දවස්වල ජනප්‍රිය සිංදුවක්!!

    කියන්න යන්නේ නම් සිංදුව ගැන නෙවේ...හැබැයි Hello.... ගැන !

    බොහෝ වෙලාවටම ලෝකේ පුරා හරි ජනප්‍රිය වචනයක්... ඕන කෙනෙක් දන්නවා.. භාෂාව, ආගම,ජාතිය මොනා වුනත් Hello.... කිව්වනම් ආපහු Hello.... ම කියනවනේ..!

    Chamikawpblogspotcom-04_zpscc9146cd.jpg


    මේ දවස්වල Hello ඉතින් honey bunney සිංදුවට යොදා ගත්තට වඩාත්ම ජනප්‍රිය දුරකතනයට ආපු ඇමතුමට හරි ඇමතුමක් ගන්න කොට හරි කතාකරන පලවෙනිම වචනය විදිහට.. නේද??
    කවුද ඕක කියලා දුන්නේ??

    කටිටිය හැමෝම කියන හින්දා පොඩි කාලේ ඉඳලා ඇහුන හින්දා මාත් ඉතින් දුරකතනයට උත්තර දෙන්නෙත්, ඇමතුමක් ගන්නෙත් Hello.... කියලම තමයි.. මොකද එහේම කියන්නේ කවුද මේක මුලින්ම කිව්වෙ කවුද? ඇයි? මොකටද කියලනම් හෙව්වේ නෑ..


    ඒත් ගිය සතියේ අන්තර්ජාලයේ දැක්ක පොඩි විස්තරයක් හින්දා හිතුවා “චාමිකයත්“ Hello.... ගැන හොයන්න...

    1876 මාර්තු මාසේ ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් මහත්තයා දුරකතනය ලොවට හදුන්වා දෙනවා... දුරකතනයත් එක්ක එතුමා තමන්ගේ පෙම්වතිය වුන Margaret Hello ගේ නම මතක් වීම වෙනුවෙන් Hello....යන වචනය ලොවට හදුන්වා දුන් බව පසු ගිය දවස්වල අන්තර්ජාලයේ තැන් තැන්වල තිබුනා...
    Chamikawpblogspotcom-02_zpsac818ac3.jpg


    ඇත්තටම ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් මහත්තයාට Margaret Hello නමින් පෙම්වතියක් ඉදලා නෑලු. ඔහුගේ බිරිඳ Mable Hubbard Bell මහත්මිය ඔහුගේම ශිෂ්‍යාවක් වගේම බිහිරි කාන්තාවක් බවයි සඳහන් වෙන්නේ!

    Chamikawpblogspotcom7-46_zps62d6c071.jpg


    ගුගල් දෙවියන්ට පින්සිද්ධ වෙන්න මම ඒ ගැන හොයපු හින්දම එවැනි තොරතුරු ලැබුනත් ඇත්තටම සඳහන් වෙන විදිහට Hello.... ලෝකෙට හදුන්වා දීලා තියෙන්නේ ලොවට අලුත් දේ හදුන්වා දුන් නව නිපැයුම්කරුවකු වු Thomas Alva Edison (තෝමස් අල්වා එඩිසන්) විසින්..

    Chamikawpblogspotcom-01_zpse39193f4.jpg


    මේ තියෙන්නේ හොයාගත්ත කරුණු ටික, පින්තූර විස්තර අන්තර්ජාලයෙන්ම තමයි.

    ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝශයට පැරණි උසස් ජර්මන් භාෂාවේ “halâ, holâ මගින් hallo, hollo අනුව Hello.... වී ඇති බවත් එම වචනය මුලින්ම ප්‍රසිද්ධ වී තිබෙන්නේ 1827 සිට බවයි.එය එකල සුභ පැතුමක් ලෙස භාවිත නොකලත්, කෙනෙකුගේ අවධානය ලබා ගැනීම සඳහා භාවිත කර තිබුනු බවයි. එය පොදු භාවිතයට එක්කරන ලද්දේ Thomas Alva Edison (තෝමස් අල්වා එඩිසන්) විසිනි. පැවසෙන ආකාරයට ඔහුට ලැබුනු ඇමතුමකදී 'hullo' යන වචනය Hello.... ලෙස වැරදියට ඇසීමත් සමඟ ඔහුට එම වචනය දුරකතන සංවාදයට වඩාත් සුදුසු බව දැනීමත් සමඟයි.

    1877 අගෝස්තු 15 වැනිදා ඔහු ඒ පිළිබඳ ලිපියකින් Central District and Printing Telegraph සමාගමේ සභාපති වරයා T.B.A. David මහතා වෙත දැනුවත් කරන ලදි.


    Chamikawpblogspotcom11-19_zps4cecb8db.jpg


    Hullo යන්න දැනටත් Hello යන්නට සමානව භාවිතාවන අතර එය ප්‍රථම වරට ලිඛිතව දැක්වෙන්නේ 1803 දීයි.

    Hello.... යන්න ජනප්‍රිය වීමට පෙර එකල දුරකතන ක්‍රියාකරුවන් Are you there?යන්න භාවිත කර තිබුනා.

    වයස 40ක් වුනාට අලුත් මොස්තර එක්ක නිතර අලුත් වෙන
    ජංගම දුරකතනය

    තෝමස් අල්වා එඩිසන් එහේම යෝජනා කරලා “Hello “ ලොව පුරා ජනප්‍රිය කලාට ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් මහත්තයා දුරකතනයේ කතාව ඇරඹුමේ — “Mr. Watson, come here. I want to see you.” ලෙස කිසිදු සුභ පැතුමක් රහිතව ඇරඹුවත් පසුව ඔහු සෑම ඇමතුමකට සුභ පැතුමක් ලෙස භාවිතා කරන ලද්දේ නාවිකයන්ගේ ආචාර ක්‍රමයක් වන 'ahoy - hoy ' යන්නයි.

    Chamikawpblogspotcom6-49_zps0fd9e0fc.jpg


    1922 තම ජිවිතයේ අවසානය තෙක්ම Hello.... යන ලෙස ඇමතුමකට පිලිතුරු ලබා නොදුන් ඔහු ඒ වෙනුවට තමන් එතෙක් භාවිතා කල 'ahoy - hoy ' යන්නම යොදා ගෙන තිබුනා.
    ලොව ප්‍රසිද්ධ"Simpson's" රූපවාහිනි කතාමාලවේ Mr. Burns නම් චරිතයත් දුරකතනයට අමතන්නෙ "'ahoy - hoy “ කියලා... බලන්නකෝ...



    ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් ප්‍රථම දුරකතන හුවමාරු මධ්‍යස්ථානය New Haven හි රැහැන් 8 කින් හා දුරකතන 21 කින් යුතුව ආරම්භ කල අතර එදිනම එනම් 1878 පෙබරවාරි 21 දිනම ප්‍රථම දුරකතන නමාවලිය දුරකතන භාවිතාකරන්නන් 50 දෙනෙකුගේ නම් එකතු කරමින් හා දුරකතන භාවිතයට උපදෙස් සමඟ මුල්වරට හදුන්වා දුන්නේ ඇමරිකාවේ
    District Telephone Company of New Haven, Connecticut විසිනි.

    එහි දුරකතන ඇමතුමක් ආරම්භ කිරීමට හා ඇමතුමට පිලිතුරු දීමට 'hello.' යන වචනය හදුන්වා දුන් අතර ඇමතුම අවසාන කිරීමට "That is all." යන්න භාවිතා කරන ලෙසද දක්වා තිබුනි. නාමාවලිය ලෙස හැදින්වුවත් එය අඟල් 5.5 x 8 ප්‍රමාණයේ තනි පිටුවකි.


    Chamikawpblogspotcom8-33_zps81d2df38.jpg


    ඔබාමා අතින් නිතර බෙරිවන බ්ලැක්බෙරියේ අලුත්ම (නො)දන්න කතාවමෙතනින් බලන්න -

    මධ්‍යම දුරකතන හුවමාරුවේ සේවය කල කාන්තාවන් 1889 දී ‘hello-girls’ ලෙසත් හදුන්වන්නට වුනා.
    එම සමාගම 1878 නොවැම්බරයේ පිටු කිහිපයකින් හා දැන්වීම් සහිතව ඉදිරිපත් කරන ලද දුරකතන නාමාවලිය 2008 වෙන්දේසියකදී ඇ.ඩො. 170,500 අලෙවි වුනි.

    Chamikawpblogspotcom9-29_zps05c5cba8.jpg


    වර්තමානයේ බොහෝ විටම "good-bye." "Good-bye," "bye-bye," වචන ඒ සඳහා යොදා ගන්න අතර එම වචන භාවිතයට පැමිණ ඇත්තේ “දෙවියන් ඔබ සමඟයි“
    ("God Be with you" හෝ " God Be with ye‘)
    යන වචනය කාලයත් සමඟ වෙනස් වීමත් සමඟයි.


    Chamikawpblogspotcom6-49_zps0fd9e0fc.jpg



    වර්තමානයේ භාවිතා වන hi යන්නත් hello කෙටිවීමෙන් සෑදී ඇතැයි විශ්වාස කලත් එය පිළබඳ ප්‍රථම වරට සඳහන් වනුයේ 1862 දී දේශණයකදීයී.එය මධ්‍යම යුගයේ ඉංග්‍රීසියේ hy යන්නෙන් පැමිණ ඇති බවයි පැවසෙන්නේ!
    වර්තමානයේ "Hello“ සමඟ යන ජනප්‍රිය දේවල් ගොඩක්ම තියෙනවා...

    “NOKIA “කියන “නොකියා“ දුරකතනයේ අතීතයේ විත්තිය දැනගනිමුද?

    පාඩමේ සරල බව සඳහා යොදා ගෙන ඇත."Hello, World" අහලා දැකලා ඇති...
    Chamikawpblogspotcom10-20_zps50faf50f.jpg




    C නමින් හැදින්වෙන පරිගණක ක්‍රම භාෂාවට මේ වචනය මුලින්ම හදුන්වලා දෙන්නේ

    The C Programming Language නැමති පොතෙන්..

    ඒ C භාෂාවේ පියා ලෙස හදුන්වන Kernighan Thompson සහ Dennis Ritchie යන දෙපල විසින්..

    Chamikawpblogspotcom-03_zps9962aa3f.jpg



    මෙන්න මේ විඩියෝවේ තියෙනවා රටවල් ගාණක "Hello“ කියන හැටි... හදිස්සියකට වැදගත් වේවී.


    දැනගන්න මෙතනින් යන්න...

    ඊළග පාර ඇමතුමක් එනකොට බය නැතිව "Hello“ කියන්න පුළුවන්... දැන් ඉතින් සිද්ධිය දන්නවනේ...

    ඒ වුනත් නිකමට ජොලියට වගේ 'ahoy – hoy කියලා බලමුද?? අනිත් පැත්තෙන් මොකද කියන්නේ කියලා...


    [FONT=&quot]උපුටා ගත්තේ මෙතනින්! [/FONT]
    11.gif

    [FONT=&quot] චාමිකයගේ බ්ලොග් ඉසව්ව

    [/FONT]​
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔන්න ලොක්ක මේකත් අපේ ගාල්ල page එකේ දැම්මා ..
    ගාල්ලේ චාමික අයියට ජය
    11.gif


    http://www.facebook.com/ourgalle

    උඔ ඉතිං කොහොම හරි උඹේ පේජ් එක ප්‍රමෝට් කරගන්නනේ බලන්නේ...බල්ලෝ මරලා හරි :dull:
    ගණන් ගන්න එපා..පොඩි විහිලුවක්...ඒ කෙන්ම මේකත් බම්ප් කරමු :rofl:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    උඔ ඉතිං කොහොම හරි උඹේ පේජ් එක ප්‍රමෝට් කරගන්නනේ බලන්නේ...බල්ලෝ මරලා හරි :dull:
    ගණන් ගන්න එපා..පොඩි විහිලුවක්...ඒ කෙන්ම මේකත් බම්ප් කරමු :rofl:

    ඇඩ්මින් තරහයි ගාල්ලත් එක්ක .
    එක නිසා මගේ පෝස්ට් එක අයින් කරලා :lol: