40th anniversary of first ever call from a cell phone...

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle

    ඔහුගේ නිපැයුම දැන් අතේ තියාගෙන ඉන්න සංඛ්‍යාව ලොව ජනග්‍රහනයෙන් අඩකටත් වැඩි.. ඒ වුනාට ඒක හැදුවෙ කවුද කියලා ඒ අයගෙන් දන්න ගාන බොහෝම අඩුයි.. ඒකයි ඇත්ත තත්වේ..

    මේ කියවන ඔයාගේ අතෙත් ඒ ජාතිය තියෙනවා.. නැද්ද?

    article-2303459-01404935000004B0-550_634x431_zps92f939a6.jpg


    දන්නවද ජංගම දුරකතනය නැත්නම් අපි දන්න Hand Phone එක? ඒකත් වයසට ගිහිල්ලා.. දැන් අවුරුදු 40 වෙනවා... වයසට යන්න යන්න තරුණ වෙන Hand Phone එකේ උපන්දවසයි.. Hand Phone එකේ තාත්තා ගැනයි ‍තමා මේ කියන්න යන්නේ...

    වැදගත් කියලා හිතෙනවා... කියවන්න බලලා අදහසක් දාලා යන්නත් අමතක කරන්න එපා.. තොරතුරු ජයාරූප වෙනදා වගේම අන්තර්ජාලයෙන්...

    මීට අවුරුදු ගණනාවකට පෙර මෝ‍ටරෝලා සමාගමේ සේවය කල මාර්ටින් කූපර් මහත්තයාට ඒ සමාගම ඩොලර් මිලයනයක් ‍ආයෝජනය කරමින් අලුත් විදියේ දුරකතනයක් නිපදවීමට අභියෝගයක් ලබා දුන්නා..


    වියදම් කල මුදලට හරියන්න නිර්මාණය සාර්ථක කර ගත්ත මාර්ටින් කූපර් මහත්තයා අන්න ඒ දුරකතනය පාවිච්චි කරලා නිව්යෝර්ක් නුවර Lexington Avenue හි 56 වැනි වීදියේ ඇවිද යමින් මුල්ම ජංගම දුරකතන ඇමතුම ගන්නා ලද්දේ 1973 අප්‍රේල් මස 03 වැනිදායි. ඒ ඔහුගේ ‍නිපැයුමට සහය දුන් Bell විද්‍යාගාරයේ නවනිපැයුම් පිළිබඳ කටයුතු කල Joel Engel ටයි.
    ඒ මුල්ම ඇමතුම අරගෙන දැනට වසර 40 ක්...
    Chamikawpblogspotcom2-66_zpsf06c2f6a.jpg

    එය ලොව එක් සන්ධිස්ථානයක් මොකද වර්තමානය වන විට පැමිණි ජංගම දුරකතනය ‍කොච්චර දුරක් ඇවිල්ලද නේද?

    ඔබාමා අතින් නිතර බෙරිවන බ්ලැක්බෙරියේ අලුත්ම (නො)දන්න කතාවමෙතනින් බලන්න -



    ඒ කාලේ ආපු මේ පළවෙනි Mortorola Dyna Tac ජංගම දුරකතනය සපත්තු පෙට්ටියක් විතර වු වගේම රාත්තල් ‍2 2/1 බරවුනා.. අගල් 10 ක දිගින් යුතුවු අතර පැය 10ක් චාර්ජ් කල පසුව විනාඩි 20 ක කාලයක කතා කිරීමේ හැකියාවක් තිබුනි. බටන් 20 ක් ඇතුලත් වු එහි හැකියාව තිබුනේ අංක ඇතුලත් කිරීම කතා කිරීම හා අසා සිටීම පමණකි.. අද කාලේ දුරකතනයක බර වගේ 4-5 ගුණයක් බැටරිය විතරක් බරයිලු...


    Chamikawpblogspotcom4-60_zps9dd42af8.jpg



    එවකට අවුරුදු 44 ක් වු ඔහුගේ වර්තමාන වයස අවුරුදු 85කි.

    ඔහු ඇමරිකාවේ චිකාගෝ හි උපත ලද අතර වසර 4 ක කාලයක් ඇමරිකානු නාවික හමුදාවට තම සේවය ලබාදුන් අතරම, ඉලිනොයිස් හි තාක්ෂණ විද්‍යාලයෙන් විදුලි ඉංජිනේරුවකු ලෙස තම උපාධීය ලබා ගත් අතර එම කාලයේ මෝටර්‍‍ රෝලා සමාගමේ සන්‍නිවේදන අංශයේ සාමාන්‍ය කලමණාකරු ලෙස කටයුතු කරන ලදි.

    1983 දී එනම් ඊට අවුරුදු 10 ට පසුව Dyna Tac 80000 දුරකතනය ලෙස ඇ.ඩො.4000 කට මිල නියම කොට වෙළදපොලට ඉදිරිපත් කෙරිනි. බොහෝ දෙනා එය හදුන්වන්නට පුරුදුන සිටියේ “ගඩොල” නැතිනම් The Brick යන සුරතල් නමිනි.


    1992 Array Comm ලෙස තමාගේම සමාගමක් ඇරඹු මාර්ටින් කූපර් එහි කටයුතු කරයි.


    1991 දී පින්ලන්තයේ සමාගමක් වු Radiolinja සමාගම ප්‍රථම වරට 2G දුරකතන වෙලඳ පොලට හදුන්වා දුන් අතර එම සමා‍ගමේ ‍නිල පාඨය වු “So that Finns can talk more” යන්න ඉතා ජනප්‍රිය විය.



    ඉන් අවුරුදු 10 ගත වෙද්දී වෙලඳපොලට 3G දුරකතන පැමිනි අතර වර්තමානය වෙද්දී එය 4G තත්වයට පත්වෙමින් ඇත.
    Chamikawpblogspotcom7-46_zpse2eed2f0.jpg




    “NOKIA “කියන නොකියාදුරකතනයේ අතීතයේ විත්තිය දැනගනිමුද?



    දුරකතන වෙළදපොළ වර්තමානය වෙද්දී වර්ෂයකට ඩො.බි.1300 ආදායමක් ලබන බව පැවසෙන අතර 2012 අන්තර්ජාතික දුරකථන සංගමය ලිපි ලේඛණ අනුව බිලියන 7 වන ලොව ජනයාගෙන් බිලියන 5 කට වැඩි පිරිසක් ලොව වටා ජංගම දුරකතන භාවිතා කරනු ලබයි.


    බලන්න ේ තියෙන ෝන් වලින් කීයක් මතකද කියලා...
    Chamikawpblogspotcom6-49_zps7880c1a1.jpg




    මේ අවුරුදු 40 ට අපි කොච්චර දුර ගිහිල්ලද නේද?

    අපි වයසට ගියාට හැබැයි ජංගම දුරකතනය හැමදාම තරුණ වෙනවා...

    [FONT=&quot]උපුටා ගත්තේ මෙතනින්! [/FONT]
    11.gif

    [FONT=&quot] චාමිකයගේ බ්ලොග් ඉසව්ව
    [/FONT]

     
    Last edited: