මේ දින වල බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙන්නේ IPL තරගාවලිය දෙසට වන අතර ඉන් පසුව අන්තර්ජාතික වශයෙන් රටවල් 8ක ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙන්නේ 2013 ICC ශුරනයන්ගේ කුසලාන තරගාවලිය වේ. මෙහි ආරම්භය සිදු කිරීමට දැනටමත් බොහෝ කටයුතු සුදානම් ව පවතී. 2013 ජුනි 6 වනදා ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර තරගයෙන් මෙම තරගාවලියේ ආරම්භය සිදු වේ. මෙවර මෙහි සත්කාරකත්වය හිමි වී තිබෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව උපන් එංගලන්තයට වේ. එහිදී එංගලන්තය,ශ්‍රී ලංකාව,ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය එක් කාණ්ඩයක් යටතේ ද ඉන්දියාව,දකුණු අප්‍රිකාව,පකිස්ථානය හා බටහිර ඉන්දීය කොදෙව් අනෙක් කාණ්ඩය යටතේද තරග කරනු ලබයි..
වසර 15ක අතීතයකට හිමිකම් කියන මෙම තරගාවලියේ ආරම්භය 1998 දී සිදු විය. මුල්ම සත්කාරකත්වය හිමිවුයේ ආසියාතික රටක් වන බංගලාදේශයට වේ.මෙහි අවසාන තරගයට සුදුසුකම් ලැබීමට සමත් වුයේ දකුණු අප්‍රිකාව හා බටහිර ඉන්දීය කොදෙව් දුපත් වන අතර කොදෙව්වන් පරදා දකුණු අප්‍රිකාව ජය ලැබිය. තරගාවලියේ වීරයා ලෙස නම් කෙරුනේ තුන් ඉරියව් දස්කම් පෑ ජැක් කාලිස් ය.
2වන වරට 2000 වසරේදී මෙම තරගාවලිය කෙන්යාවේදී පැවැත්වුණු අතර අවසාන මහා තරගය සදහා නවසීලන්තය හා ඉන්දියාව සුදුසුකම් ලැබූ අතර ඉතා තියුණු තරගයකින් පසු නවසීලන්තය ඉන්දියාව පරදා ජය ලැබිය. ඉතා විශිෂ්ට ශතකයක් රැස් කල ක්‍රිස් කෙයාර්න්ස් තරගයේ වීරයා සම්මානයට පාත්‍ර විය.
3වන වරට මෙහි සත්කාරකත්වය 2002 වසරේදී ශ්‍රී ලංකාවට හිමි වූ අතර ඉන් උපරිම ප්‍රයෝජන ලබා ගත ශ්‍රී ලංකාව අවසාන මහා තරගයට සුදුසුකම් ලැබුවේ ඉන්දියාවත් සමගය. ශ්‍රී ලංකාව සනත් ජයසුරිය ගේ නායකත්වය යටතේ ද ඉන්දියාව සව්රව් ගංගුලි ගේ නායකත්වය යටතේ ද තරග වැදුණු අතර වර්ෂාවෙන් බාධා වීම නිසා මෙහි සම ශුරයන් වීමට ශ්‍රී ලංකාව ට හා ඉන්දියාවට සිදු විය.
2004 වසරේ දී මෙහි සත්කාරකත්වය එංගලන්තයට හිමි වූ අතර තියුණු තරගාවලියකින් පසුව කොදෙව්වන් හා එංගලන්තය අවසාන මහා තරගය සදහා සුදුසුකම් ලැබූ අතර කඩුලු 2කින් එංගලන්තය පරදා ජයග්‍රහණය කිරීමට කොදෙව්වන් සමත් විය. මෙම තරගයේ ජය එංගලන්තය ට පෙනී පෙනී තිබියදී ක්‍රීඩා ලෝලීන් මවිත කරවමින් ඩ්වේන් බ්‍රාවෝ හා ඉයන් බ්‍රෙඩ්ශෝ සමත් විය.තරගාවලියේ වීරයා ලෙස කොදෙව් ක්‍රීඩක රම්නරේෂ් සර්වාන් සම්මාන ලැබිය.
5වන වරට 2006 වසරේදී ඉන්දියාවට මෙහි සත්කාරකත්වය හිමි වූ අතර එහිදී අවසන් තරගය සදහා නැවතත් කොදෙව්වන් හා ඕස්ට්‍රේලියාව සුදුසුකම් ලැබූ අතර කඩුලු 8කින් කොදෙව්වන් පරදා ජය ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් විය. එම තරගාවලියේ වීරයා ලෙස ක්‍රිස් ගේල් සම්මාන ලැබිය.
6 වෙනි වරට 2009 දී මෙම තරගාවලිය පැවැත්වීමට තීරණය කර තිබුනේ පකිස්ථානයේ වන අතර එවකට පැවති ආරක්ෂක හේතුන් මත මෙහි සත්කාරකත්වය දකුණු අප්‍රිකාවට ලැබිණි. කාණ්ඩ 2ක් යටතේ පවතී මෙම තරගාවලියේ අවසන් මහා තරගය සදහා ඔස්ට්‍රේලියව හා නවසීලන්තය සුදුසුකම් ලැබූ අතර එම තරගය කඩුලු 6කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියව සමත් විය. අවසන් තරගයේ ශතකයක් රැස් කල ෂේන් වොට්සන් තරගයේ වීරයා වූ අතර රිකි පොන්ටින් තරගාවලියේ වීරයා ලෙස සම්මාන ලැබිය.
ICC ශුරයන්ගේ තරගමාලාවේ වැඩිම ලකුණු රැස් කිරීමේ ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට සමත් මි ඇත්තේ කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් (695) වන අතර වැඩිම කඩුලු ලබා ගත පන්දු යවන්නන් අතර ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් (කඩුලු 24) ක් ලබා ගනිමින් පෙරමුණ ගෙන සිටියි. එසේම වැඩිම තරග ප්‍රමාණයක් ක්‍රීඩා කල ක්‍රීඩකයන් අතර සනත් ජයසුරිය (තරග 20) හා රාහුල් ඩ්‍රාවිඩ් (තරග 19) ප්‍රථම හා දෙවන ස්ථාන වල සිටියි.