photography with amilaboy

kuvindupahan

Member
Feb 21, 2013
269
19
0
එලකිරි වැඩක් මචං
11.gif
 
kuvindupahan

Member
Feb 21, 2013
269
19
0
Basic Camera Modes

කැමරාවේ ඇති විවිධ modes

ඡායාරූප ගැනීමේදී කැමරාව, ඡායාරූපයට ගන්නා දෙයට ගැළපෙන ආකාරයට සකසා ගත යුතුයි. නැත්නම් හොඳ ඡායාරූපයක් ලැබෙන්නේ

මේ ටික ප්‍රධාන කොටස් දෙකකට බෙදනු ලබනව.

  • Basic Zone
  • Creative Zone

මුලින් බලමු Basic Zone එක ගැන.
මෙහි කරන්නේකැමරාව තුළ මුලින් සකසා ඇති විධාන (Pre-defined settings) වලට අනුව ඡායාරූපය ලබා ගැනීම. අපි ඒ අදාල mode එකක් තෝරාගෙන ඡායාරූපයක් ගත්තොත්, ඒ තෝරාගත් mode එකට අදාළ settings වලට අනුව ඡායාරූපය ලබා දෙනව.
මේ සියල්ල හැඳින්වෙන්නේ automatic modes විදිහට.

Fully Automatic

පළමු එක තමයි සම්පූර්ණයෙන්ම ස්වංක්‍රීය ආකාරය. මේක තමයි පහසුම mode එක, ඔබට කිසිම දෙයක් හොයන්න කරන්නනෑ, ගැනීමට අවශ්‍ය දෙයට නාභිගත කරල ඡායාරූපය ගැනීම විතරයි කරන්න තියෙන්නෙ. අවශ්‍ය සියලුම settings කැමරාව මගින්ම තීරණය කරල ඡායාරූපය ගන්නව.
සාමාන්‍ය ඡායාරූපයක් ගැනීමේදී මේක තමයි පහසුම. නමුත් මේක නිර්මාණාත්මක ඡායාරූපයක් ගැනීමට කොහෙත්ම සුදුසු නෑ.
සැ. යු. : කැමරාව, පරිසරයේ තියෙන තත්ව බලල උපකල්පනය කරනව මේ දැන් ගන්න යන්නේ මෙන්න මේ ආකාරයේ ඡායාරූපයක් කියල, හැබැයි කැමරාව වැරදි වෙන්න පුළුවන්.

Portrait mode
පුද්ගලයෙකුගේ සමීප ඡායාරූපයක් ගැනීමේදී තමයි මෙම mode එක භාවිතා කරන්නෙ. සම්පූර්ණ පසුබිමම බොඳ කරල දාල, පුද්ගලයාගේ රූපය විතරක් නාභිගත වෙන විදිහට තමයි මෙහිදී ඡායාරූපය ගැනෙන්නෙ.
පුද්ගලයාගෙන් ඡායාරූපය පිරෙන ආකාරයට ඡායාරූපය ගත යුතුයි, එය, කැමරාව පුද්ගලයා දෙසට ලන් කිරීම හෝ විශාලනය (zooming) කිරීම මගින් කළ හැකියි.
බොහෝ විට මෙහිදී ගැනෙන්නේ පුද්ගලයාගේ මුහුණ පමණක් හෝ මුහුණ හා උරහිස් ප්‍රදේශය පමණයි.
ආලෝක තත්ව මදි නම් සැණෙලිය භාවිතා කරන්න පුළුවන්.
මේක හඳුන්වල දෙන්න පුළුවන් macro mode එකේ විරුද්ධ එක කියල. ඡායාරූපයේ ගැඹුර හුඟක් වැඩි කරල, ඉතා ඈත තිබෙන දේවලුත් නාභිගත වෙන විදිහට ලොකු ප්‍රදේශයක ඡායාරූපයක් ගැනීම තමයි මෙහිදී සිදු කරන්නේ. පරිසරයේ ලස්සන ඡායාරූප ගතකරනවනම් මේක තමයි ඔබ භාවිතයට ගත යුතු Landscape mode එක.

සැ. යු. : තිබෙන ආලෝක තත්වය අනුව කැමරාව, අඩු shutter speed එකකට යන්න ඉඩ තියෙනව, එම නිසා කැමරාව නොසෙල්වී තබා ගැනීම සඳහා tripod එකක් භාවිත කරන්න පුළුවන්නම් හොඳයි.

Sports mode (Action mode)

චලනය වෙන වස්තුවක් ඡායාරූපගත කරනකොට තමයි මෙම mode එක භාවිතා කරන්නෙ. ක්‍රීඩකයෙක්, ගමන් කරන වාහනයක්, දුවන සතෙක් වගේ ඡායාරූපයක් ගැනීමේදී මෙම mode එක හුඟක් ප්‍රයෝජනවත්. මෙහිදී කරන්නෙ, චලනය වන වස්තුව නිශ්චල කර (freeze) ඡායාරූපය ලබා ගැනීම.මේකට ටිකක් හැකියාව ඕනෙ, මොකද චලනය වන වස්තුවකට නාභිගත කර ගැනීම ටිකක් අපහසු කාර්යයක් නිසා.
නමුත් සමහර කැමරා වල මීට විසඳුමක් තිබෙනව, AI SERVO. ඒකෙන් කරන්නෙ, චලනය වන වස්තුවට එක්වරක් නාභිගත කරගත් වහාම එම ස්ථානයට නාභිය සිරකර ගැනීම (Focus Lock). එවිට වස්තුව කොහේ ගියත් හැම වෙලේම කැමරාව වස්තුවට නාභිගත වෙලා තමයි තියෙන්නෙ.එක දිගට ඡායාරූපාවලියක් (continuous shooting) ගැනීමේදි මේක ඉතාම ප්‍රයෝජනවත්.

Night mode

නමෙන්ම තේරෙනවනෙ මොකද්ද කියල? අඳුරු අවස්ථා වලදී (අඩු ආලෝක තත්ව යටතේ) ඡායාරූප ගැනීමට තමයි මෙම mode එක භාවිතා කරන්නෙ.පෙරබිම (foreground) ආලෝකමත්කිරීමට සැණෙලිය (shutter) ක්‍රියාත්මක වන අතරම, පසුබිමෙන් (background) වැඩි ආලෝක ප්‍රමාණයක් ලබාගැනීම සඳහා ඉතා අඩු shutter speed එකක් භාවිත වෙනව.දිගු වේලාවක් ශටරය විවෘත වෙලා තියෙන නිසා, tripod භාවිතය අත්‍යවශ්‍යයි.
නමුත් ඔබට ඕනෙ නම් නිර්මාණාත්මක, විනෝදාත්මක ඡායාරූපයක් ගන්න, පසුබිම බොඳ කරල එහෙම, අතේ තියාගෙන ඡායාරූපය ගත්තට කිසිම වැරැද්දක් නෑ.
ආලෝකයෙන් පිරි, රාත්‍රී සාදයක්ට නම් කියාපු mode එක. ලස්සන ඡායාරූප ටිකක් ගන්න පුළුවන්.

Video mode
සමහර කැමරා වලින් පුළුවන් ඡායාරූප ගැනීමට අමතරව, විඩියෝ දර්ශනත් සටහන් කරගන්න, මෙම mode එක තෝරාගත්තම ඔබට video recording කරන්න පුළුවන්.

Photographylk
alluth saaruth maru.A+++ work
thanks :):love:
 
amilaboy

Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    Flash Photography

    30921007.jpg

    මගෙන් යාලුවෝ ගොඩ දෙනෙක් Pm කරල අහපු දෙයක් තමයි මේ flasher එක හරියට පාවිච්චි කරන්නේ කොහොමද කියන අද මං කියා දෙන්නම් පොඩි compact කැමරාවේ ඉදන් DSLR එකක් වෙනකන් එවායේ flasher එක හරියට ක්‍රියාත්මක කරන විදිය ගැන.

    හරි මුලින්ම පොඩියට පටන් ගමු.

    Fill Flash

    Fill Flash කියන්නෙ දවල් කාලෙටත් flasher එක පත්තු කරනන්න කියලා කැමරාවට කරන බලකිරීමක්.කෙනෙක්ට හිතෙන්න පුලුවන් මහ දවල් මොන මගුලටද flasher කියලා.
    ගොඩක් වෙලාවට තද අව්වක පින්තූර ගන්නකොට අපි ඉරට පිටුපාලා තමයි පින්තූරේ ගන්නේ. නැත්නම් තද අව්ව මුනට වදිනකොට ලස්සනට pose කරන්න අමාරුයි. නිකන් මේ වගෙ.
    img3495o.jpg

    ඕක වලක්වා ගන්න තමයි ඉරට පිටුපාල පින්තූරේ ගන්නේ. එහෙම ගනිද්දි ලස්සනට pose කරන්න පුලුවන් උනත් මෙන්න මෙහෙම වැඩක් වෙනවා. බලන්නකෝ මේ පින්තූර දෙක දිහා
    withandwithoutfillflash.jpg

    මේකේ පලවනි පින්තූරේ ඔයාලට පේනවා ඇති ඉරට පිටුපාල ඉන්න නිසා පුද්ගලයාගේ මුහුන ප්‍රදේශය අදුරුයි මොකද හෙවනැල්ල වැටෙන්නෙ ඉස්සරහට. මෙන්න මේ හේතුව නිසා අපි කැමරාවට කියනවා දවල් උනාට කමක් නෑ උබ flasher එක ගහපන් කියලා එතකොට දෙවෙනි පින්තූරෙ වගේ අපිට ඔනා විදියට ලස්සනට පින්තූරෙ ගන්න පුලුවන් .කතාව ටිකක් තේරුම් ගන්න මෙ පින්තූර ටිකත් බලන්නකෝ.
    timconnor.jpg

    portraitwithfillflash.jpg

    fill2.jpg

    fillflash.jpg

    fillflash.jpg

    සමහර කැමරාවල මේ තත්වය automatic හදුනා ගත්තත් සමහර කැමරා වල අපිට manual දෙන්න වෙනවා. automatic හදුනා ගත්තත් සමහර විට 100% ක් සාර්ථක ප්‍රතිපලයක් නොලැබෙන්න හොදම වැඩේ තමයි manualy settings හදන එක.
    ඒක කරන්නෙ මෙහෙමයි . මුලින්ම compact කැමරාවක් අරන් (කැමරාවේ ස්වරූපය වෙනස් උනත් මේ settings අනිවා ඔයලගේ කැම් එකේ ඇති. )
    capturebpl.jpg

    මේ අකුනත් එක්ක A ලකුණ තියෙන්නේ කැමරාව flasher එක අවශ්‍යද නැද්ද කියන එක auto තීරණය රාත්‍රියේදී මේක ක්‍රියාත්මක උනාට කලින් කියපු සිද්දියේදී හරිම කලාතුරකින් තමයි කැමරාව මුහුනට වැටෙන හෙවනැලි හදුනා ගන්නේ .

    25879463.jpg

    මේකෙන් කියන්නේ ආලෝක තත්වය මොකක් උනත් flasher එක පත්තු කරන්න කියන එක .(සමහර compact කැම් වල flasher එකේ එලියෙ ප්‍රමානය තීරනය කරන්න පුලුවන් උනත් ගොඩාක් එවායේනම් බැහැ) flasher එක සැර වැඩිනම් කරන්න තියෙන්නේ පොඩ්ඩක් පස්සට ගිහින් කලින් තිබ්බ ගානට zoom කරන එක. flasher එක සැර අඩුනම් ඒකෙම අනිත් පැත්ත කරන්න.

    offdj.jpg

    මේකෙන් කියන්නේ ආලෝක තත්වය මොකක් උනත් flasher එක පත්තු කරන්න එපා කියලා .(මේකේ වටිනාකමනම් හොර ජිල්මාට් වැඩ කරන අපේ අයියලා නම් හොදට දන්නවා ඇති )

    DSLR එකකට යද්දී ඔයිට වඩා ටිකක් advance වෙනවා .flasher වල settings වලට කියන්නේ DSLR ලෝකෙදී කියන්නේ flash exposure compansation කියලයි
    මේකෙදී කලින් වගේ ඉස්සරහට පස්සට යන්න ඕනා නෑ. flsher එක පාලනය කිරීමේ බලතල සම්පූර්නයෙන්ම අපිට තියෙනවා. flash exposure මීටරය හරහා අපිට ඕනා එලිය අඩු වැඩි කරන්න පුලුවන්
    jjjjw.jpg

    fillflash2.jpg

    ඊට අමතරව flash difusers වගේ අමතර උපාංග පාවිච්චි කරලා ආලෝකයේ වෙනස් කම් කරගන්න පුලුවන්
    75408915.jpg

    Slow sync flash

    slow sync කියන්නේ flasher එක slow shutter speed එකක් යටතේ පාවිච්චි කිරීමට ඉඩකඩ සලසා දීමයි. මේක වැදගත් වන්නේ රාත්‍රී කාලයෙදී කරන රූපගත්කිරීම් වලට. සිද්දිය තාම මොකද්ද කියලා මීටර් උනේ නැත්නම් මේ පින්තූරේ බලන්න . මේ normal flasher එක අපි බහුතරයක් යොදාගන්න විදිය.
    slowy.jpg

    අපේ ගොඩක් කට්ටිය රෑට පින්තූරයක් ගන්න කිව්වම ගන්නේ ඕක තමයි. ගන්න ඔන පුද්ගලයව පේනවා, ගත්තේ රෑ කියලත් පේනවා, flasher එකත් වැදිලා තියෙනවා ඉති තව වෙන මොනවද නේද ?

    එතකොට මේ පින්තූරෙ දිහා බලන්න.
    sloe.jpg

    ගන්න ඔන පුද්ගලයව පේනවා, ගත්තේ රෑ කියලත් පේනවා, flasher එකත් වැදිලා තියෙනවා. හැබැයි කලින් එකට වඩා ගොඩාක් ලස්සනයි. හේතුව background එකත් forground එකත් දෙකම ගානට එලිය වැටිලා නිසා.
    ගොඩක් compact කැමරාවල මේ option යම්තාක් දුරකට තියෙන්වා party mode හරි night portrait හරි කියලා .
    88409203.jpg

    මේකෙදී සරලව වෙන්නේ flasher එක පත්තු වෙනවා. පුද්ගලයාට ආලෝකය වදිනවා, එතනින් නොනැවතී background එකටත් ආලෝකය ගිහින් නැවත පරාවර්තනය වෙනකන් shutter එක් open වෙලා තියෙනවා.
    slowsyncflash1.jpg

    katie011.jpg

    මේකෙදී ඉතා වැදගත් දෙයක් තමයි. slow shutter speed එකක් පාවිච්චි කරන නිසා පින්තූරය blur වීමේ හැකියාව ගොඩක් වැඩියි. එක්ක නිසා කැමරාව හෙලවෙන්නේ නැතුවෙන්න අල්ල ගන්න හරි tripod එකක් හරි පාවිච්චි කරන්න මතක තියාගන්න. නැත්නම් පින්තූරෙට වෙන්නෙත් මේන්න මේකයි
    74319881.jpg

    sfvh.jpg

    Bouns flsh

    මේ ක්‍රමය පාවිච්චි වෙන්නේ DSLR වල . මේකෙන් කියන්නේ DSLR වල external flash guns (speed light) පාවිච්චි කරනකොට කෙලින්ම අලෝකය පුද්ගලයාට එල්ල කරන්නේ නැතුව අලෝකය Bouns කරලා පුද්ගලයාට යවන එකයි. විශේෂයෙන් indoor වලදී අපිට සිවිලිමක් හෝ
    බිත්තියකට flasher එකේ අලෝකය යොමුකරලා ඒකෙන් පරාවර්තනය වන එලිය අදාල පුද්ගලයාට යොමුකරනවා.
    ln6341775293.jpg

    16499564.jpg

    direct flash සහ Bouns flash අතර වෙනස පහල රූප දෙකන් බලන්න
    82858709.jpg

    direct flash
    sssssbz.jpg

    Bouns flash

    මීට අමතරව තියෙන studio lighting system එක ගැන මං වෙනම දවසක කියලා දෙන්නම්. මොකද ඒකේ ගොඩක් දේවල් තියෙනවා කතාකරන්න

    වැදගත් උනා කියලා හිතෙනවානම් rep එකක් bump එකක් දීලා සහයක් දෙන්න.
    ආයිත් පාඩමකින් හම්බුවෙමු
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    Patta machn kalekin Lesson ekak dala thiyenne..:D
    fees denna barilu bn aniwa passe dawasaka dennan:baffled:
    machan Movie mode eka ganath poddak dapanko DSLR walata :yes::yes:

    ඇත්තටම මචන් මං videography ගැන විශාරදයෙක් නෙමෙයි.මහා ලොකූ දේවල් දන්නේ උනාට basic ටික කියා දෙන්න බැරි කමක් නෑ.මේක photography lesson එකක් නිසා එක්ක ගැන එච්චර උනන්දු උනේ නෑ. මන් අනිවා මං දන්න ටික කියා දෙන්නං. මේ මං කරපු sample video එකක්. යාලුවෙක්ගේ වෙඩිමකට ගියා photo ගහන්න. අතේ DSLR එක තිබ්බ් නිසා පොඩි වීඩියෝ පාරකුත් දැම්මා. බලන්න හොදද කියලා.

    PLZ Watch in 720p settings
     
    Last edited:

    Lacky Shan

    Member
    Sep 15, 2012
    1,607
    169
    0
    Negombo
    උබනම් මචන් දෙය්යෙක්.. තැන්ක්ස් යලු..
    video karanakot dslr walin auto mode walata wada manual mode eka neda lesi.
    anika auto focus walin podi sound ekak video ekata add wenawa ne..
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    30921007.jpg

    මගෙන් යාලුවෝ ගොඩ දෙනෙක් Pm කරල අහපු දෙයක් තමයි මේ flasher එක හරියට පාවිච්චි කරන්නේ කොහොමද කියන අද මං කියා දෙන්නම් පොඩි compact කැමරාවේ ඉදන් DSLR එකක් වෙනකන් එවායේ flasher එක හරියට ක්‍රියාත්මක කරන විදිය ගැන.

    හරි මුලින්ම පොඩියට පටන් ගමු.

    Fill Flash

    ln6341775293.jpg

    16499564.jpg

    direct flash සහ Bouns flash අතර වෙනස පහල රූප දෙකන් බලන්න
    82858709.jpg

    direct flash
    sssssbz.jpg

    Bouns flash

    මීට අමතරව තියෙන studio lighting system එක ගැන මං වෙනම දවසක කියලා දෙන්නම්. මොකද ඒකේ ගොඩක් දේවල් තියෙනවා කතාකරන්න

    Thama Rep Denna nam balu ....
    btw way perfect Lesson ! ! !

    Portrait , Landscape Photos waladi Speed Light eka use karanna Vidiya ganath danna ...

    Cheerzz !
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    Raw vs Jpeg

    firstb.jpg

    photography පන්තිය පටන් අරන් දැන් post 800 ටත් ලගයි . සෑහෙන ලොකු සතුටක් තියෙනවා මුලු thread එකම කියවාගෙන යද්දි . දාපු comments , යෝජනා චෝදනා මේ හැම දෙයක් දිහා බලද්දි.

    අද මම මොකද්ද කියා දෙන්නේ කියලා කල්පනා කොරනකොට මං දැක්කා මගේ මුල්ම පාඩම් වල මං වගේම අනිත් යාලුවොත් කියලා තිබ්බා මේ DSLR එකක් වේවා Compact කැමරාවක් වේවා ගන්නවානං RAW වලින් Shoot කරන්න පුලුවන් කැම් එකක් ගන්න කියලා .ඒක නිසා හිතුනා RAW format එක ගැනයි අපි කවුරුත් දන්න JPEG format එක ගැනයි මේ දෙකේ සමානකම් සහ වෙනස්කම් පිලිබදව කතාබහ කරන්න .

    මුලින් මේ දෙකේ ගති ලක්ශණ ටික කියාගෙන යන්නම්. මුලදි නිකං ග්‍රීක් වගේ උනාට පස්සේ ගානට තිතට තේරෙයි වැඩේ .

    Raw

    ♦පින්තූර නරබන්න වගේම edit කරන්නත් විශේශ software අවශ්‍ය වෙනවා

    ♦raw file එකේ extension එක විවිදාකරයි . උදාහරනයක් විදියට amila.jpeg කියන පින්තූරය raw වලට යද්දී amila.NEF එහෙමත් නැත්නම් amila.DNG විදියට එන්න පුලුවන් .

    මේ තියෙන්නේ දැනට තියෙන extension ටික ( 3fr,ari, .arw,.bay,.crw, .cr2, .cap,.dcs, .dcr, .dng,.drf,.eip,.erf,.fff,.iiq,.k25, .kdc,.mdc, .mef, .mos, .mrw,.nef, .nrw,.obm, .orf,.pef, .ptx, .pxn,.r3d, .raf, .raw, .rwl, .rw2, .rwz,.sr2, .srf, .srw,.x3f)
    ♦uncompressed පින්තූරයක් තමයි එලියට එන්නේ . සාමාන්යන් 24mp කැමරාවක raw image එකක් අඩුම 24MB වත් වෙනවා

    ♦කිසිම විදියක data අපතේ යෑමක් වෙන්නේ නෑ.

    ♦විශාල dynamic range එකක් තියෙනවා . ඒකියනේ highlights සහ shadows වඩා හොදින් පේනවා

    ♦edit කිරීමකින් තොරව භාවිතා කිරීම නොසුදුසුයි

    ♦සිදුකරන සෑම edit කිරීමක් ම සිදුවන්නේ original පින්තූරයට නෙමෙයි ඒත් සමග ඇති XMP “sidecar” එකටයි . photoshop වල .Psd එකට ටිකක් සමානයි

    JPEG

    ♦amila.jpeg නම් amila.jpeg ම තමයි .

    ♦compressed කරලා තියෙන්නේ .

    ♦විශාල වශයෙන් data අපතේ යනවා

    ♦file size එක ගොඩක් පොඩියි . සාමාන්යන් සාමාන්යන් 24mp කැමරාවක jpeg එකක් 4,5 mp වෙනවා

    ♦dynamic range එක ගොඩක් අඩුයි

    ♦edit කිරීමකින් තොරව භාවිතා කිරීම සුදුසුයි

    මෙන්න මේ වෙනස්කම් ටික හොදට බැලුවොත් ඔයාට raw තෝරගන්නවද jpeg තෝරගන්නවද තීරනය කරන්න පුලුවන් . උදාහරණයක් විදියට ඔයාලගේ කැමරාවේ capacity එක අඩුයි නම් අපිට අකමැත්තෙන් උනත් jpeg තෝරගන්න වෙනවා මොකද එක raw පින්තූරයකට යන ඉඩ ප්රමානයෙන් අපිට jpeg පින්තූර 5,6 හරි සමහර විට ඊටත් වඩා වැඩියෙන් තියාගන්න පුලුවන්.සමහර අවස්තාවල විශේශයෙන් party වල හරි කට්ටිය සෙට් වෙන වෙලවකදි හරි ගන්න පින්තූර raw වෙනුවට jpeg ගන්න එක ගොඩාක් ලෙසියි මොකද වැඩි වැඩ දාන්න ඕනා නෑ පින්තූරටික එලියට ගත්තා share කරන්න ඔනා අයට share කරා .

    ඔයාලට capacity එකේ ගැටලුවක් නැත්නම් කරන්න හොදම වැඩේ තමයි Raw + jpeg කියන මේ දෙකෙන්ම shoot කරන එක.
    49160378.jpg

    මේකෙන් වෙන්නෙ ගන්න එක පින්තූරය Raw සහ jpeg කියන මේ format දෙකෙන්ම save වෙනවා.හැබැයි ඔයා professional photographer කෙනෙක් නම් හරි එහෙම වෙන්න හිතන් ඉන්නවනම් හරි අනිවාර්යෙන්ම raw තෝරගන්න ( ඇත්තම කිව්වොත් තෝරගන්න වෙනවා ) professional photographer කෙනෙක් තාමත් jpeg විතරක් පාවිච්චි කරනවනම් ඒ කියන්නේ එයා Raw වල තියෙන වැදකත්කම දන්නේ නෑ . එහෙමත් නැත්නම් post production එක සදහා දැනුමක් නෑ නැත්නම් ඒකට වෙලාවක් නැ කියන එකයි .

    ඔයා JPEG වලින් පින්තූරයක් ගන්නකොට කැමරාවේ තියෙන software එකෙන් ( මේකට අපි photography ලෝකයේදී කියන්නේ firmware කියලා ) පින්තූරේ වැදගත් කියලා හිතෙන data ටික විතරක් අරගෙන compress කරලා memory card එකට දානවා .බොහෝවිට අර නොවැදගත් කියලා අයින් කරන data වල වටිනාකම සම්පූර්න පින්තූරේ data වල ප්රතිශතයක් විදියට ගත්තොත් ඒක 50% තරම් අගයක් ගන්නවා . හිතන්නත් අමාරුයි නේද .ඒවා අතර සමහර වර්ණ මෙන්ම resolutions ද තියෙනවා .

    මේකට කියන්නේ Discrete Cosine Transforamtion (DCT) කියලයි . මේකෙදී වෙන්නේ ඔයා ගන්න කඩලා 8×8 pixels කොටස් වලට කඩලා පින්තූරේ ඕනම කොටස් තියාගෙන අනිත් ඒවා අයින් කරලා දාන එකයි . කැමරා නිශ්පාදකයින් කියන විදියට ගොඩාක් වෙලාවට ගන්නකොට තිබ්බ පින්තූරේ colour tone 24 ක් තිබුනනම් jpeg විදියට save උන පින්තූරේ තියෙන්නේ colour tone 6 ක් හෝ 7 ක් පමනයි .

    කැමරාවේ settings හදලා තියෙන්නේ වැඩි compression rate එකකටනම් මේ තත්වය තවත් බරපතලයි . මොකද ඒකෙදී file size එක අඩු කරන්න ඉවත් කරන 8×8 pixels ගාන වැඩි නිසා .

    98199555.png

    වැඩි compression rate එකක් සහ අඩු compression rate අතර වෙනස

    JPEG ගැන කතා කරනකොට file size එකට අමතරව තියෙන තව වාසියක් තමයි memory card එකට save වෙන්න යන කාලය ගොඩක් අඩු වීම , ඉක්මනින් පින්තූර ගැනිමටත් .(Continuous Shooting)සහ ප්‍රාතමික මට්ටමේ memory card එකක් භාවිතා කරන්න පුලුවන් .
    32420802.jpg

    නමුත් raw වලදී ඔය වැඩේ කරන්න HDHC class 10 වගේ ඉහල වේගයක් සහිත memory card ඕනා වෙනවා
    27387940.jpg

    class 10 වර්ගයේ memory card එකක්

    Shooting in Raw
    jpeg වලදී කපලා කොටලා කරන්න තියෙන ඔක්කොම කරලානේ පින්තූරෙ අපිට දෙන්නේ . හැබැයි Raw වලදී කරන්නේ පින්තූරය අරගෙන ගෙඩිය පිටින් අපිට දෙනවා උබ මේකෙන් ඕන මගුලක් කරගනින් කියලා . 25% කැමරාව කරනවා ඉතුරු 75% කරන්නේ අපිට ඕනා විදියට අපේ පරිඝනකයෙනුයි.ඒක නිසා අපේ පින්තූරේ qulity එකට කිසිම හානියක් වෙන්නේ නෑ (අපි හිතාමතා කරොත් ඇරෙන්න )මේක නිකන් හරියට film රොලක negative එකට සමාන කරන්න පුලුවන්
    67655641.jpg

    raw එක PC එකට දාගත්තට එක බලන්න නං සාමාන්ය image viewer එකට බැරි වෙයි .කොටින්ම කිව්වොත් මුලින්ම photoshop එකෙනුත් බැරිවෙයි .Raw එක්ක වැඩ කරන්නනම් අනිවාර්යෙන් ඔයාලට Raw support කරන software එකක් දාගන්න වෙනවාමයි .Photography සදහාම ලෝකයේ 90% දෙනා භාවිතා කරන Adobe Lightroom හරි ලෝකයේ බොහෝදෙනා photo editing වලට බාවිතාකරන Adobe Photoshop තුලින් දාවනය වෙන Adobe Camera raw කියන software දෙක මේ සදහා ගොඩක් ප්‍රසිද්දයි .

    77559608.jpg

    37822570.jpg

    මේකෙදී white balance, exposure, contrast, saturation, calibration of the red, green, blue guns ,lens abberation සකස් කිරීම් වැනි එකී මෙකී නොකී ගොඩක් දේවල් jpeg වලට වඩා ඉතා පහසුවෙන් කරන්න පුලුවන් ..විශේශයෙන්ම මේ white balance කියන කාරනයේදී 100% white balance වෙනස් කිරීමේ අපිට තියෙනවා . වෙනදා වගේ සැරින් සැරේ gray card උස්සන් දගලන්න උවමනාවක් නෑ. අවසානයේදී එලියට එන පින්තූරය quality එක අතින් ඉතාම පොහොසත් ගොඩක් detail (sharpness) තියෙන color range එක වැඩි එකක් වෙනවා

    මේ ටිකත් වැදගත් වෙයි කියලා හිතනවා. raw image එකක් එඩිට් කරන්න කලින් තියෙන විදිය ටිකක් අමුතු වෙන්න පුලුවන් ..මං කිව්වනෙ මේක නිකන් negative එකක් වගෙ කියලා .එහෙම වෙන්න කැමරාවේ වර්ගය බලපානවා ( සාමාන්යන් Nikon වල sharpness එක canon වලට වඩා වැඩියි කියලා මතයක් තියෙනවා . හැබැයි හැම nikon කැමරාවක් ගැනම නෙමයි මේ කියන්නේ )
    76276973.jpg

    අද ඉදන් RAW+jpeg වලින් විවිද light condition වල පින්තූර අරං දෙකේ වෙනස සසදලා බලන්න. ඔයාලටම වෙනස තේරෙයි .

    අනිත් පාඩම් වලට යන්න ඕනා නම් මෙන්න

    Lesson no.1 Viewfinder ක්‍රියාවලිය අනුව
    Lesson no.2 How to hold your camera correctly
    Lesson no.3 UNDERSTANDING EXPOSURE
    Lesson no.4 Auto Focus
    Lesson no.5 metering modes
    20GB Free Storage for nikon users
    Lesson no.6 Rule Of Third
    lens hood සහ UV filter
    Mode dial
    DSLR Image Sensor එකට දූවිල්ල යන එක වලක්වා ගමු
    DSLR මිලට ගැනීම සඳහා මාර්ගෝපදේශනයක් – මූලික දේ
    Basic Camera Modes
    Flasher එක ගැන දැනගමු

    ආයිත් ඉක්මනටම පාඩමකින් හමුවෙමු .හැම පාඩමකම වගේ මේකත් කාලය වැය කරලා ගොඩක් මහන්සි වෙලා මේක ටයිප් කරේ ..වැදගත් උනා කියලා හිතනවානම් Rep එකක් Bump එකක් දීලා යන්න .
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    firstb.jpg

    photography පන්තිය පටන් අරන් දැන් post 800 ටත් ලගයි . සෑහෙන ලොකු සතුටක් තියෙනවා මුලු thread එකම කියවාගෙන යද්දි . දාපු comments , යෝජනා චෝදනා මේ හැම දෙයක් දිහා බලද්දි.

    අද මම මොකද්ද කියා දෙන්නේ කියලා කල්පනා කොරනකොට මං දැක්කා මගේ මුල්ම පාඩම් වල මං වගේම අනිත් යාලුවොත් කියලා තිබ්බා මේ DSLR එකක් වේවා Compact කැමරාවක් වේවා ගන්නවානං RAW වලින් Shoot කරන්න පුලුවන් කැම් එකක් ගන්න කියලා .ඒක නිසා හිතුනා RAW format එක ගැනයි අපි කවුරුත් දන්න JPEG format එක ගැනයි මේ දෙකේ සමානකම් සහ වෙනස්කම් පිලිබදව කතාබහ කරන්න .

    මුලින් මේ දෙකේ ගති ලක්ශණ ටික කියාගෙන යන්නම්. මුලදි නිකං ග්‍රීක් වගේ උනාට පස්සේ ගානට තිතට තේරෙයි වැඩේ .

    Raw

    ♦පින්තූර නරබන්න වගේම edit කරන්නත් විශේශ software අවශ්‍ය වෙනවා

    ♦raw file එකේ extension එක විවිදාකරයි . උදාහරනයක් විදියට amila.jpeg කියන පින්තූරය raw වලට යද්දී amila.NEF එහෙමත් නැත්නම් amila.DNG විදියට එන්න පුලුවන් .

    මේ තියෙන්නේ දැනට තියෙන extension ටික ( 3fr,ari, .arw,.bay,.crw, .cr2, .cap,.dcs, .dcr, .dng,.drf,.eip,.erf,.fff,.iiq,.k25, .kdc,.mdc, .mef, .mos, .mrw,.nef, .nrw,.obm, .orf,.pef, .ptx, .pxn,.r3d, .raf, .raw, .rwl, .rw2, .rwz,.sr2, .srf, .srw,.x3f)
    ♦uncompressed පින්තූරයක් තමයි එලියට එන්නේ . සාමාන්යන් 24mp කැමරාවක raw image එකක් අඩුම 24MB වත් වෙනවා

    ♦කිසිම විදියක data අපතේ යෑමක් වෙන්නේ නෑ.

    ♦විශාල dynamic range එකක් තියෙනවා . ඒකියනේ highlights සහ shadows වඩා හොදින් පේනවා

    ♦edit කිරීමකින් තොරව භාවිතා කිරීම නොසුදුසුයි

    ♦සිදුකරන සෑම edit කිරීමක් ම සිදුවන්නේ original පින්තූරයට නෙමෙයි ඒත් සමග ඇති XMP “sidecar” එකටයි . photoshop වල .Psd එකට ටිකක් සමානයි

    JPEG

    ♦amila.jpeg නම් amila.jpeg ම තමයි .

    ♦compressed කරලා තියෙන්නේ .

    ♦විශාල වශයෙන් data අපතේ යනවා

    ♦file size එක ගොඩක් පොඩියි . සාමාන්යන් සාමාන්යන් 24mp කැමරාවක jpeg එකක් 4,5 mp වෙනවා

    ♦dynamic range එක ගොඩක් අඩුයි

    ♦edit කිරීමකින් තොරව භාවිතා කිරීම සුදුසුයි

    මෙන්න මේ වෙනස්කම් ටික හොදට බැලුවොත් ඔයාට raw තෝරගන්නවද jpeg තෝරගන්නවද තීරනය කරන්න පුලුවන් . උදාහරණයක් විදියට ඔයාලගේ කැමරාවේ capacity එක අඩුයි නම් අපිට අකමැත්තෙන් උනත් jpeg තෝරගන්න වෙනවා මොකද එක raw පින්තූරයකට යන ඉඩ ප්රමානයෙන් අපිට jpeg පින්තූර 5,6 හරි සමහර විට ඊටත් වඩා වැඩියෙන් තියාගන්න පුලුවන්.සමහර අවස්තාවල විශේශයෙන් party වල හරි කට්ටිය සෙට් වෙන වෙලවකදි හරි ගන්න පින්තූර raw වෙනුවට jpeg ගන්න එක ගොඩාක් ලෙසියි මොකද වැඩි වැඩ දාන්න ඕනා නෑ පින්තූරටික එලියට ගත්තා share කරන්න ඔනා අයට share කරා .

    ඔයාලට capacity එකේ ගැටලුවක් නැත්නම් කරන්න හොදම වැඩේ තමයි Raw + jpeg කියන මේ දෙකෙන්ම shoot කරන එක.
    49160378.jpg

    මේකෙන් වෙන්නෙ ගන්න එක පින්තූරය Raw සහ jpeg කියන මේ format දෙකෙන්ම save වෙනවා.හැබැයි ඔයා unprofessional photographer කෙනෙක් නම් හරි එහෙම වෙන්න හිතන් ඉන්නවනම් හරි අනිවාර්යෙන්ම raw තෝරගන්න ( ඇත්තම කිව්වොත් තෝරගන්න වෙනවා ) unprofessional photographer කෙනෙක් තාමත් jpeg විතරක් පාවිච්චි කරනවනම් ඒ කියන්නේ එයා Raw වල තියෙන වැදකත්කම දන්නේ නෑ . එහෙමත් නැත්නම් post production එක සදහා දැනුමක් නෑ නැත්නම් ඒකට වෙලාවක් නැ කියන එකයි .

    ඔයා JPEG වලින් පින්තූරයක් ගන්නකොට කැමරාවේ තියෙන software එකෙන් ( මේකට අපි photography ලෝකයේදී කියන්නේ firmware කියලා ) පින්තූරේ වැදගත් කියලා හිතෙන data ටික විතරක් අරගෙන compress කරලා memory card එකට දානවා .බොහෝවිට අර නොවැදගත් කියලා අයින් කරන data වල වටිනාකම සම්පූර්න පින්තූරේ data වල ප්රතිශතයක් විදියට ගත්තොත් ඒක 50% තරම් අගයක් ගන්නවා . හිතන්නත් අමාරුයි නේද .ඒවා අතර සමහර වර්ණ මෙන්ම resolutions ද තියෙනවා .

    මේකට කියන්නේ Discrete Cosine Transforamtion (DCT) කියලයි . මේකෙදී වෙන්නේ ඔයා ගන්න කඩලා 8×8 pixels කොටස් වලට කඩලා පින්තූරේ ඕනම කොටස් තියාගෙන අනිත් ඒවා අයින් කරලා දාන එකයි . කැමරා නිශ්පාදකයින් කියන විදියට ගොඩාක් වෙලාවට ගන්නකොට තිබ්බ පින්තූරේ colour tone 24 ක් තිබුනනම් jpeg විදියට save උන පින්තූරේ තියෙන්නේ colour tone 6 ක් හෝ 7 ක් පමනයි .

    කැමරාවේ settings හදලා තියෙන්නේ වැඩි compression rate එකකටනම් මේ තත්වය තවත් බරපතලයි . මොකද ඒකෙදී file size එක අඩු කරන්න ඉවත් කරන 8×8 pixels ගාන වැඩි නිසා .

    98199555.png

    වැඩි compression rate එකක් සහ අඩු compression rate අතර වෙනස

    JPEG ගැන කතා කරනකොට file size එකට අමතරව තියෙන තව වාසියක් තමයි memory card එකට save වෙන්න යන කාලය ගොඩක් අඩු වීම , ඉක්මනින් පින්තූර ගැනිමටත් .(Continuous Shooting)සහ ප්‍රාතමික මට්ටමේ memory card එකක් භාවිතා කරන්න පුලුවන් .

    නමුත් raw වලදී ඔය වැඩේ කරන්න HDHC class 10 වගේ ඉහල වේගයක් සහිත memory card ඕනා වෙනවා
    27387940.jpg

    class 10 වර්ගයේ memory card එකක්

    Shooting in Raw
    jpeg වලදී කපලා කොටලා කරන්න තියෙන ඔක්කොම කරලානේ පින්තූරෙ අපිට දෙන්නේ . හැබැයි Raw වලදී කරන්නේ පින්තූරය අරගෙන ගෙඩිය පිටින් අපිට දෙනවා උබ මේකෙන් ඕන මගුලක් කරගනින් කියලා . 25% කැමරාව කරනවා ඉතුරු 75% කරන්නේ අපිට ඕනා විදියට අපේ පරිඝනකයෙනුයි.ඒක නිසා අපේ පින්තූරේ qulity එකට කිසිම හානියක් වෙන්නේ නෑ (අපි හිතාමතා කරොත් ඇරෙන්න )මේක නිකන් හරියට film රොලක negative එකට සමාන කරන්න පුලුවන්
    67655641.jpg

    raw එක PC එකට දාගත්තට එක බලන්න නං සාමාන්ය image viewer එකට බැරි වෙයි .කොටින්ම කිව්වොත් මුලින්ම photoshop එකෙනුත් බැරිවෙයි .Raw එක්ක වැඩ කරන්නනම් අනිවාර්යෙන් ඔයාලට Raw support කරන software එකක් දාගන්න වෙනවාමයි .Photography සදහාම ලෝකයේ 90% දෙනා භාවිතා කරන Adobe Lightroom හරි ලෝකයේ බොහෝදෙනා photo editing වලට බාවිතාකරන Adobe Photoshop තුලින් දාවනය වෙන Adobe Camera raw කියන software දෙක මේ සදහා ගොඩක් ප්‍රසිද්දයි .

    77559608.jpg

    37822570.jpg

    මේකෙදී white balance, exposure, contrast, saturation, calibration of the red, green, blue guns ,lens abberation සකස් කිරීම් වැනි එකී මෙකී නොකී ගොඩක් දේවල් jpeg වලට වඩා ඉතා පහසුවෙන් කරන්න පුලුවන් ..විශේශයෙන්ම මේ white balance කියන කාරනයේදී 100% white balance වෙනස් කිරීමේ අපිට තියෙනවා . වෙනදා වගේ සැරින් සැරේ gray card උස්සන් දගලන්න උවමනාවක් නෑ. අවසානයේදී එලියට එන පින්තූරය quality එක අතින් ඉතාම පොහොසත් ගොඩක් detail (sharpness) තියෙන color range එක වැඩි එකක් වෙනවා

    මේ ටිකත් වැදගත් වෙයි කියලා හිතනවා. raw image එකක් එඩිට් කරන්න කලින් තියෙන විදිය ටිකක් අමුතු වෙන්න පුලුවන් ..මං කිව්වනෙ මේක නිකන් negative එකක් වගෙ කියලා .එහෙම වෙන්න කැමරාවේ වර්ගය බලපානවා ( සාමාන්යන් Nikon වල sharpness එක canon වලට වඩා වැඩියි කියලා මතයක් තියෙනවා . හැබැයි හැම nikon කැමරාවක් ගැනම නෙමයි මේ කියන්නේ )
    76276973.jpg

    අද ඉදන් RAW+jpeg වලින් විවිද light condition වල පින්තූර අරං දෙකේ වෙනස සසදලා බලන්න. ඔයාලටම වෙනස තේරෙයි .

    අනිත් පාඩම් වලට යන්න ඕනා නම් මෙන්න

    Lesson no.1 Viewfinder ක්‍රියාවලිය අනුව
    Lesson no.2 How to hold your camera correctly
    Lesson no.3 UNDERSTANDING EXPOSURE
    Lesson no.4 Auto Focus
    Lesson no.5 metering modes
    20GB Free Storage for nikon users
    Lesson no.6 Rule Of Third
    lens hood සහ UV filter
    Mode dial
    DSLR Image Sensor එකට දූවිල්ල යන එක වලක්වා ගමු
    DSLR මිලට ගැනීම සඳහා මාර්ගෝපදේශනයක් – මූලික දේ
    Basic Camera Modes
    Flasher එක ගැන දැනගමු

    ආයිත් ඉක්මනටම පාඩමකින් හමුවෙමු .හැම පාඩමකම වගේ මේකත් කාලය වැය කරලා ගොඩක් මහන්සි වෙලා මේක ටයිප් කරේ ..වැදගත් උනා කියලා හිතනවානම් Rep එකක් Bump එකක් දීලා යන්න .

    එළකිරි මචන් දිගටම පාඩම් දන්න. මම ගොඩක් දේවල් ඉගෙනගත්තා මේකෙන්. පස්සේ දවසක ආයේ rep දෙන්නම්. අද දෙන්න බැලු.