රට වනසන උද්ගෝෂණ

දැන් දේශෙද්‍රහින් අලුත්ම ව්‍යාපාතිය රට පුරා උද්ගොෂණ ඇති කර රට අස්ථාවර කිරිමයි .දිනු රට නැවතත් බේද බින්න කිරිමට මේ අදමයින්ට ඉඩ නොතබා අතිගරැ මහින්ද රාඡපක්ෂ ඡනාදිපති තුමන්ට පුර්ණ සහය ලබාදෙමින් රටරැකගමු රටවසන උද්ගොෂණ වලට කුමන ආකාරයිකින් හො සහය දිමෙන් වලකින්න .අපෙ රට ආසියාවේ ආස්චර්ය බවට පත්කරමු
විශේෂ ප්රවෘත්ති නිවේදනය
රජය විසින් විදුලි ගාස්තු ඉහළ නැංවීම අසාධාරණ බව පෙන්වාදෙමින් ජනතාව නොමඟ යවා තම දේශපාලනික පටු පරමාර්ථ ඉටු කර ගැනීමට බොරදියේ මාළු බෑමේ වැඩපිළිවෙළක ඇතැම් දේශපාලන පක්ෂ නිරතවන බව පෙනේ. රජය විසින් විදුලි ගාස්තු ඉහළ නැංවීම සිදු කරන ලද්දේ මහජනතාව පීඩාවට පත් කිරීමේ අරමුණින් නොවේ. වත්මන් රජය ජනතාවගේ රජයක් වශයෙන් ජනතාවට අත්‍යවශ්‍යම සේවාවක් ඉටු කරමින් තිබෙන ශ්‍රී ලංකාවේ ප්රමුඛ මහජන දේපොළක් වන විදුලිබල සේවාව රැකගැනීමේ වැඩපිළිවෙළක් වශයෙන් මෙම විදුලි ගාස්තු ඉහළ නැංවීම සිදු කරන ලදී.
විදුලිබල සේවාව මඟින් ලබාදෙන විදුලිය ඉතාමත් සහනදායි අයුරින් ලබාදීමට රජය සැමවිටම කටයුතු කර ඇත. නමුත් මෑත කාලය තුළ රටේ අස්සක් මුල්ලක් නෑර සිදු වූ මාර්ග සංවර්ධනය ඇතුළු සෙසු සංවර්ධන වැඩපිළිවෙළත් සමඟ සියලුම ග්‍රාමීය පෙදෙස් සංවර්ධනය වීම සිදුවුණි. ඒ සමඟම විදුලිබලය සඳහා වන ඉල්ලුම ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. එම ඉල්ලුමට සරිලන පරිදි සැපයුම් කිරීමට තරම් ප්‍රමාණවත් ජල විදුලි බලයක් උත්පාදනය කිරීමේ හැකියාවක් අප රටට නැත. මේ නිසාම ආසන්න වශයෙන් විකල්පමය ක්‍රියාවලිය වන ඩීසල් බලාගාර මඟින් විදුලිය උත්පාදනය කිරීමට විදුලිබල සේවාවට සිදුවිය.
නමුත් ඩීසල් ඇතුළු ඛණිජ තෙල් අපේ දේශීය සම්පතක් නොවන අතර ඒවා විදේශ රටවලින් ආනයනය කෙරේ. එහි මිල ඉහළ මට්ටමක තිබෙන බැවින් ඒ සඳහා වැයවන මුදල සුබසාධන සේවාවන් යටතේ තවදුරටත් ලබාදීමට රජයට හැකියාවක් නැත. අකමැත්තෙන් වුවද රජයට විදුලි ගාස්තු වැඩි කිරීමට සිදු වූයේ එවැනි වාතාවරණයක් පැවැති නිසාය. එබැවින් මෙම අසීරු සහගත තත්ත්වය අපේ රටේ බොහෝ බුද්ධිමත් ජනතාව අවබෝධ කර ගෙන සිටිති. නමුත් විපක්ෂය හා ඇතැම් වෘත්තීය සමිති කිහිපයක් එක්ව මේ මස 21 වන දින පැවැත්වීමට යෝජිත වැඩවර්ජනය විදුලි ගාස්තු ඉහළ නැංවීම දඩමීමා කර ගනිමින් මේ පිළිබඳ අසත්‍ය තොරතුරු පවසමින් මහජනතාව නොමඟ යැවීමේ කුමන්ත්රණයකි.
එය හුදෙක් දේශපාලන වාසි ලැබීමේ යටිකූට්ටු අරමුණකින් ක්‍රියාත්මක කරන වැඩපිලිවෙළක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කර සිටී. මෙවැනි අසාර්ථක දේශපාලන ව්‍යාපෘති, කුමන්ත්‍රණ මගින් සිදුවන්නේ දැනට රට තුළ සිදු කෙරෙමින් පවතින දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළ අඩාලවීම පමණි. එමෙන්ම රටේ සාමාන්‍ය ජනජීවිතය අඩාල කර රට ජාතික වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන් අපකීර්තියට ලක් කිරීමටත් ඒ මගින් තමන්ගේ දේශපාලන බංකොළොත්භාවය වසාගැනීමටත් ක්‍රියාත්මක කරන දේශපාලන න්‍යාය පත්‍රයේ කොටසක් ලෙස මෙම වැඩ වර්ජනය අපි දකිමු.
එබැවින් මෙවැනි දේශපාලන යටි උගුල්වලට හසු නොවී රජය විසින් රටේ සංවර්ධනය සඳහා ක්‍රියාත්මක කර තිබෙන දැවැන්ත ජාතික සංවර්ධන වැඩපිළිවෙළ තුළින් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීම මගින් හෙට දිනයේ සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට රජය ගෙනයන වැඩපිළිවෙළට සහාය දක්වන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටී. මෙම කුමන්ත්‍රණය එක්සත්ව පරාජය කිරීම මඟින් එම වැඩවර්ජනය සංවිධානය කරන අවස්ථාවලදී දේශපාලනඥයන් අපේක්ෂාභංගත්වයට පත්වනු ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුව කවදත් වැඩකරන පන්තියේ ජනතාවගේ රජයකි.
විදුලි ගාස්තු වැඩිකිරීම මඟින් කිසියම් අසහනකාරී තත්ත්වයක් ඇතිවන්නේ නම් එය කිසිසේත්ම සදාකාලික තත්ත්වයක් නොවේ. රජය කටයුතු කරනුයේ සැලසුම්ගත ඉලක්ක රසැක් මතය. ඉදිරි වසර කිහිපය තුළ ඉදිවන නව විදුලි බලාගාර සමග මෙම විදුලි ගාස්තු තවදුරටත් අඩුවනු ඇත. මෙම විදුලි ගාස්තු වැඩි කිරීම තාවකාලික පියවරක් පමණි. නමුත් හෙට දවස වඩාත් යහපත් සමාජයක් උදෙසා රජය විසින් ඉතාමත්ම විශිෂ්ට පියවර රැසක් ක්‍රියාත්මක කර ඇත. මෙවැනි වැඩ වර්ජන වලින් සිදු වන්නේ එම දිගුකාලීන වැඩපිළිවෙළ අවුලෙන් අවුලට පත් කිරීමකි. එබැවින් මෙම කුමන්ත්රණකාරී වැඩපිළිවෙළ පරාජය කිරීමට එක්වී කටයුතු කරමු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රාජ්‍ය සේවකයින් ඇතුළු ජනතාවගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටී.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යුත් පොදුජන රජය දුර්වල කිරීම කිසිසේත් සුදුසු නොවන බව වැඩකරන ජනතාව ප්රමුඛ පොදු මහජනතාව අවබෝධ කරගෙන ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කර සිටී.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
මෛත්‍රීපාල සිරිසේන

Last edited:
ඈස් පෑදෙන්න...... 

BRAIN WASHED

වර්ඡනය අසාර්තකයි