කඳුලේ ග්ලැසියරය -දින 72 ක් මිනි මස් බුදිමින්
දිනය 1972 ඔක්තෝබර් 13 .Uruguayan Air Force Flight 571 ගුවන්යානය මගින් සහ කාර්යමණ්ඩලයද සමග 45 දෙනෙකුගෙන් යුතු පිරිසක් උර්ගුවේ Montevideo ගුවන්තොටුපලින් පිටත් වෙනවා.යානයේ නියමිත ගමනාන්තය චිලි හි සන්තියාගෝ ගුවන් තොටුපොලයි., මෙයට Old Christian Club රග්බි කණ්ඩායමද එහි ක්‍රීඩකයන්ගේ හිතමිතුරන් පිරිසක් ද වෛද්‍ය වරයෙක් වෛද්‍ය සිසුන් දෙදෙනෙක් සහ තවත් චිලි බලා යන මගින් පිරිසක්ද අයත් වෙනවා.නමුත් අයහපත් කාලගුණය නිසා නියමුවා එ දින රාත්‍රිය නිම වෙන තුරු ආර්ජන්ටිනාවේ Mendoz ගුවන් තොටුපොළේ ගොඩ බස්සවනවා
අවාසනාව ගෙනා යානය Uruguayan Air Force Flight 571
එදා රැය බොහෝදෙනෙකුගේ අවසන් රාත්‍රිය බව ඔවුන් දැන සිටියේ නැහැ.තවත් හිරු උදාවක් දක්නට වාසනාව තිබුන අයටත් ඉදිරියේ ඔවුන්ට අත්දකින්නට වෙන දුෂ්කරතා ගැන අවභෝදයක් තිබුනේ නැහැ.
පසුවදා චිලි දේශය බලා පියාසර කරන්නට පිටත්වූ මේ අවාසනාවන්ත Uruguayan Air Force Flight 571 යානයට හිමෙන් පිරි ගිය ඇන්ඩිස් කඳුකරය පසු කර යන්න ලැබෙන්නේ නැහැ. එවකට නමක් නොතිබූ කන්දක් මතට මෙම යානය කාර්මික දෝෂයක් හේතුවෙන් කඩා වැටෙනවා. පසුව මෙම කන්දට කඳුලේ ග්ලැසියරය හෙවත් Glacier of Tears යන නමක් වැටෙන්නේ මින් පසු සිදුවන අවාසනාවන්ත කතා පුවත නිසයි.
රග්බි කණ්ඩායම අනතුරට පෙර ගත චායා රුපයක්
අනතුරින් දොළොස් දෙනෙකු එතනම මරණයට පත් වෙනවා. යානයේ සිටි වෛද්‍ය වරයා වූ Dr. Francisco Nicola ද මරු වැළඳ ගත නිසා යානයේ සිටි වෛද්‍ය සිසිඋන් දෙදෙනා ඔවුන්ට හැකි පමණින් තුවාල ලැබූ මගීන්ට ප්‍රතිකාර කරන්නේ යානයේ තිබු සීමිත බෙහෙත් ද්‍රව්‍ය පාවිච්චි කරමින්.නමුත් පසුවදා පහන් වන විට තවත් 5 දෙනෙකු මිය යනවා. යානයේ සිටි Nando Parrado දිවි ගලවා ගත්තද ඔහු සිටි ඔහුගේ සහෝදරිය මිය ගියා. parrado ගේ මවද අනතුරින් දැඩි ලෙස තුවාල ලැබුවා
කඩා වැටුණු යානය
අසල්වැසි රාජ්‍යන් ගලවා ගැනීමේ මෙහෙයුම් දියත් කලත් හිමෙන් පිරුණු සුදු පැහැති පසුබිමක් සුදු පති යානය ඔවුන්ට සොයා ගත නොහැකි වෙනවා. යානයේ තිබු කාන්තා තොල් ආලේපන මගින් යානයේ බදේ ගලවා ගැනීමේ සංකේතයක් වන SOS සංකේතය යෙදුවත් කිසිදු කණ්ඩායමකට දින 8 ක් යන තෙක් ඔවුන්ව සොයා ගත නොහැකි වෙනවා.
අවසානයේ ගලවා ගැනීමේ මෙහෙයුම් 8 දවස කින් පසු අත් හැරදමන්නට වෙන්නේ ඔවුන් සියල්ල මිය යන්නට ඇතැයි සලකමින් .මේ අතර සිටි තුවාල සිටි Nando Parrado ගේ මවද මිය යනවා . යානයේ බඩු අතර තිබී සොයාගන්නා රේඩියෝවක් මගින් සොයාගැනීමේ මෙහෙයුම් අතහැර දැමු බව ප්‍රවුර්ති විකාශයක් මගින් අසන්නට ලැබීමෙන් ඔවුන් සියලු දෙනා හඩා වැලපෙනවා . ඇතැමුන් දෙවියන් යදිමින් අපව ගලවා ගන්නැයි යාඥා කළා.
කඩා වැටුණු යානය
මේ දින කිහිපය ඔවුන් ගත කරන්නේ යානයේ තිබු සුළු අහාර ද්‍රව්‍ය පාවිච්චි කරමින්. නමුත් අවසානයේ කන්නට කිසිවක් නොමැතිව කුසගින්නේ මියන්නට පෙර ඉතාම හද කම්පා කරවන තීරණයකට එලෙබෙන්නට ඔවුන්ට සිදු වෙනවා. එනම් සිය මිය ගිය සහෝදර මගීන්ගේ මළසිරුරු ආහාරයට ගැනීමයි.කිසිදු සතෙක් හෝ අඩුම ගන්නේ ගහක් වත් නොතිබූ හිමෙන් වටවූ ප්‍රදේශයක අකමැත්තෙන් හෝ එය කිරීම හැර වෙනත් විකල්පයක් ඉතිරිවී තිබුනේ නැහැ. අදික ශීත කාලගුණය නිසා මියගිය මගීන්ගේ සිරුරු හොඳින් ආරක්ෂා වී තිබුනා.
මෙසේ මිය ගිය සගයන්නේ සිරුරු ආහාරයට ගනිමින් කවුරුන් හෝ ගලවා ගන්නා තෙක් හිඳිම හැර වෙනත් කල හැකි දෙයක් ඔවුන් දැන් සිටියේ නැහැ. බැලු බැලු හැම අතම පෙනුනේ හිමෙන් වැසි ගිය ඇන්දිස් කදු වැටි පමණයි. මෙම දුෂ්කර කඳුවැටි තරණය කරමින් මිනිස් වාසයක් සොයා ගමන් කිරීමට තරම් ශක්තියක් අනතුරින් තුවාල වූ ඔවුන්ට තිබුනේ නැහැ.
ගලව ගැනීමේ බලාපොරොතු ඇත නොහැර බලා සිටි ඔවුන්ට දෙවැනි මාරකය ළගා වුනේ ඔක්තෝබර් 29 වෙනිදා ගුවන් අනතුරින් දින 16 කට පසුවයි .එක වරම සිදුවූ හිම කඳු කඩා වැටීමක්(Avalanche) නිසා තවත් අට දෙනෙකු මිය ගියා
යානය වැටුණු තැන අද මතක සටහන්
මෙම අනතුරින් එතෙක් ජෙවතුන් අතර සිටි අවසාන කාන්තාව වූ Liliana Methol ද මිය ගියා. නමුත් ඇගේ සැමියා වූ Javier Methol මෙම අනතුරින්ද බේරුනා. ඔහුට සිය ආදරණිය බිරිද බේරාගැනීමට කල හැකි යමක් තිබුනේ නැහැ. හිම අතරේ වලළුන ලිලියන් සහ අනෙක් සත් දෙනා සොයා ගත නොහැකි වුයෙන් හිම අතර සිරවීමෙන් වේදනාත්මක මරණයක් ඔවුන්ට ඇත වුනා
බලා තවත් ප්රෝයෝජනයක් බව වටහුනෙන් කිහිප දෙනෙක් යානයෙන් නැගෙන හිරට ගමන් කොට මිනිස් වාසස්ථානයක් සොයා යන්න තීරණය කළා. නමුත් දින කිහිපයක් ගමන් කර කිසිදු සලකුණක් නොදුටු ඔවුන් නැවතත් යානයට පැමිණියා. ඔවුන්ගේ ඉතිරිව තිබු එකම ගැලවීමේ මාර්ගය වුනේ බටහිරින් ඇති විශාල කන්ද තරණය කර ඉන් එපිටින් ඇති මිනිස් ජනාවසක් සොයාගැනීම පමණයි.
මේ අතර තුර තවත් මගියෙක් ඔහුට අනතුරින් සිදු වූ අබාධ නිසා මිය ගියා. කඳුකරයේ ගමනේදී රාත්‍රිය ගත කිරීමට අවශ්‍ය පොරෝනා අඩිය යානයේ කොටස් මගින් සදා ගැනීමෙන් අනතුරුව දෙසැම්බර් 12 වැනි දින තිදෙනෙක් බටහිරින් වූ කඳුවැටිය තරණය කර නිදහසේ ආලෝකය සොයා ගියා .
හිමෙන් පිරුණු ඇන්දිස් කඳු වැටිය
මේ අතර තුර තවත් මගියෙක් ඔහුට අනතුරින් සිදු වූ අබාධ නිසා මිය ගියා. කඳුකරයේ ගමනේදී රාත්‍රිය ගත කිරීමට අවශ්‍ය පොරෝනා අඩිය යානයේ කොටස් මගින් සදා ගැනීමෙන් අනතුරුව දෙසැම්බර් 12 වැනි දින Roberto Canessa ,Nando Parrado, සහ Vizintín යන තිදෙනා බටහිරින් වූ කඳුවැටිය තරණය කර නිදහසේ ආලෝකය සොයා ගියා .Nando Parrado ගේ මිය ගිය මව සහ සහෝදරියගේ සිරුරු මේ වනතෙක් ඔවුන් අහාරයට ගෙන නොතිබිණි . නමුත් මල සිරුරු අවසන් වෙමින් යන නිසා සිය සගයන්ගෙන් වෙන් වන මොහොතේ නැන්ඩො සිය මවගේත් සහෝදරියගේත් සිරුරු අනුභව කිරීමට අවසර ලබාදෙමින් පිටත් විය.දින 10ක දුෂ්කර ගමනකින් පසු ප්‍රදේශයේ සරි සැරූ අසරුවෙක් විසින් ඔවුන් තිදෙනා බෙරා ගැනුණා .
බේරා ගැනීමේ හෙලිකොප්ටරයට අත වනන මගින්
පසුවද උදේ එනම් දෙසැම්බර් 22හෙළිකොප්ටර් යානා මගින් යානයේ සිටි ඉතිරි පිරිසද බෙර ගැනීමට යැවුනත් අයහපත් කාලගුණය නිසා පිරිස දෙසැම්බර් 23 වෙනි දින මුදා ගැනුනේ මෙතෙක් ඔවුන් විඳි දුක් ගැහැට වැලට අවසාන තිත් තබමින්.
Roberto Canessa
Nando Parrado සහ Roberto Canessa
අනෙක් මගීන්
එවකට වෛද්‍ය ශිෂ්‍ය අද Dr Roberto Canessa
අනතුර වූ ස්ථානය බැලීමට නැවත පැමිණි ,අනතුරින් දිවි ගලවාගත් Dr Canessa, Conche Inciarte සහ Carlos Paez
තවත් මෙවැනිම විස්මිත කතාවකින් හමුවෙමු. මවිසින්ම සකසන ලද ලිපියකි.හැමෝටම කියවන්න bump එකක් දමා යන්න.
දිය රකුස්

Last edited: