AX1_ගන්නකලින්_1කොටස

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    AX1_ගන්නකලින්_1කොටස

    AX-1 එකක් ගන්න ද ප්ලෑන් එක? එහෙනම් කියවන්න

    19719106-m.jpg


    AX1 වලට අවේනික ලෙඩ සහ අන්දන ක්‍රම කිහිපයක් සවිස්තරාත්මකව කතා කරන්න හදන්නේ. මේ ලිපිපෙළ AX-1 වලම අවේනික එකක් බව කරුණාවෙන් සලකන්න.

    ගන්න කලින් ටිකක් හිතන්න.


    මල්ලි AX-1 එක නිකන් ගෑනියෙක් වගේ තමයි නඩත්තුව හොඳ වෙන්න ඕනි.. හොනර්ට් එකක් තරම් වියදම් නැති උනත් සමහර වෙලාවට සමහර රෙපයාර් හොනර්ට් එකේ ගානටම යනවා. වියදම් දරාගන්න බැරි කෙනෙක් නම් මන් AX-1 එකක් ගන්න එක නිර්දේශ කරන්නේ නැහැ. ගන්නවා නම් AX-1 එකක් හදිස්සියට පොතේ විසිදහසක් වත් තියාගෙන ඉන්න පුළුවන් එකෙන් නම් ගනින්.

    ලෙඩ හැදීමේ සම්භාවිතාව ඉතාම අඩුයි. එත් ලෙඩ උනොත් පට්ටම කට්ටක් කන්න වෙනවා ගොඩදාගන්න. රේසර් පිළිබඳව සහ අනෙකුත් කුඩා කරුණු සඳහා ඔබගේ දැනුම වැඩිදියුණු කරගැනීමට පහත ලින්කු කියවන්න


    http://www.elakiri.com/forum/showthread.php?t=1492063

    http://www.elakiri.com/forum/showthread.php?t=1469099

    http://www.elakiri.com/forum/search.php?searchid=11155193


    1). පිටිපස්සේ රෝදේ රහස -

    බයිසිකලේ ගන්න කලින් මුලින්ම බලන්න පිටිපස්සේ chain ස්පොකට් සෙට් එක. මජන් වුනාට කමක් නැහැ හොඳට අල්ලලා හොලවල බලපන් ස්පොකට් එක. හෙලවෙනවද ? එහෙනම් පුතෝ ගන්න කලින් ගරාජ් එකකට ගෙහිල්ල ගලවල බලපන්. ලංකාවේ කොළඹින් පිට කෙල්ලව ගන්නවා නම් අනිවාර්යෙන් මේ සංසිද්දිය වෙනවා. මේ තියෙන්නේ වෙන්න පුළුවන් ලෙඩ වලින් ටිකක්

    AX-1-wheel.gif

    bush-wheel-damper_medium13447.jpg


    ඕකට කියන්නේ බුෂ් ව්ල් ධෑම්පර් නොහොත් ස්පොකෙට් එකේ බුෂ් හතර කියලත් කියනවා. ගොඩක් අය මේක ලියවල දම්මනවා. (මම නම් මේක ලියවන එක අනුමත කරන්නේ නැහැ) සමහර අවශ්‍ය දිග ප්‍රමානෙ නැති වෙන මොඩල් වලට එන බුෂ් ගහනවා එත් ඒවා සතියෙන් කඩලා යනවා. කොළඹින් පිට බඩු හොයාගන්න නැති නිසා තමයි ඔය සෙල්ලම් වෙන්නේ. අලුතෙන් ධුප්ලිකේටේ බුෂ් හතරක් රුපියල් දාහක් වගේ වෙනවා. ස්පොකෙට් එක හෙලවෙන්නේ මේ බුෂ් ගෙහිල්ල වෙන්නත් පුළුවන්. දිගටම කාලයක් එහෙම පැද්දොත් ඊලගට වෙන දේ කියන්නම්. දිගටම කියවගෙන යන්න. තියෙනවා එහෙම හදල දාල කැඩුන බුෂ් වගයක්.

    silent_block4.jpg


    රෝදේ අනික් පැත්තෙන් බැලුවොත් බුෂ් ටික බලාගන්න පුළුවන් වෙන ජාතියක ඒවාද දාල තියෙන්නේ කියල

    silent_block3.jpg


    අනිවාර්යෙන් එහාපැත්තෙන් බුෂ් පෙනෙන්න ඕනි. ප්ලාස්ටික් බට තියෙනවා නම් එකත් එකටම කොට බුෂ් දාල හිරවෙන්න බට ඔබල

    silent_block7.jpg


    මේ තියෙන්නේ බුෂ් අයින් කරපු රීම් හබ් එකක්



    didax1-honda-ax1-250-drive-chain-set-did-sprocket-sprockets.jpg


    සමහර අය මේ වගේ ලොකු ස්පොකට් එකක් අරගෙන බුෂ් සෙට් වෙන ඇන හතර ඩ්‍රිල් කරලා අලුතෙන් ඇන තලලා දානවා. ඕක ගොඩක් ම කරන්නේ ලාබයට වැඩේ කරගන්න. මේක ගානට තිතට හදන අයත් ඉන්නවා එත් ගොඩක් අය මකබාස්ලා. එහෙම හදපු ස්පොකට් එකක් නම් දාල තියෙන්නේ අඩුම තරමින් සෙට් වෙන ඇන හතර ස්පොකට් තියල වැල්ඩින් කරලා දාපු එකක් ගනින්. එහෙම නැති ඒවා දැම්මොත් එන්ජිමේ බලේට ඕව කැඩිලා යනවා. ඒ විතරක් නෙවෙයි ඒවා නිසා බුෂ් වගේම රෝදේ හබ් එකටත් හානි වෙන්න පුළුවන්.

    මේ තියෙන්නේ දුප්ලිකෙට් ඒ උනත් ඔරිගීනල් වගේ ම ජපන් ස්පොකට් එකක්
    AX-1_sprocket_set.JPG

    jtr150941-jt-rear-sprocket-honda-ax-1-250.jpg

    honda_ax-1-rear_wheel_hub_lock.jpg


    ටිකක් පැහැදිලි ඇති කියල මන් හිතනවා. මේ තියෙන්නේ බුෂ් එන හැටි. නියම ප්‍රමානේ ගැන හිතට අදහසක් ගන්න පුළුවන් වෙයි.

    silent_block6.jpg



    අලුත් ස්පොකට් (ජපන්) පිටිපස්සේ එක විතරක් රුපියල් හාරදහස් පන්සියක් වගේ වෙනවා එහෙම බඩුවක් දැම්මොත් බය නැතුව අවුරුදු 8ක් පදින්න පුළුවන්. ලෝබ වෙලා ඉන්දියන් ස්පොකට් එහෙම ජපන් බයික් වලට රින්ගවනවා එහෙම නෙවෙයි. එකෙන් වෙන්නේ ඉස්සරහ ස්පොකට් එක වගේම චෙන් එකත් ඉක්මනට කෙළවෙන එක. දුර ගමන් බයික් එක ගෙනියන එකෙකේ ඔය වැඩේ කරන්න එපා. අනික කොහොමත් හදවල දාන ස්පොකට් වලින් බයික් එකේ තියෙන උපරිම තත්වය බලාපොරොත්තු වෙන්නේ බැහැ. දැන් ඉතින් බයික් එක ගන්නවා නම් ඔය ටිකත් බැලුවොත් සාක්කුවට සහනයක් එවි. මොකද ගොඩක් අමතර කොටස් එකිනෙකට බැඳිලා තියෙන නිසා එක ගොන් වැඩක් කලොත් අනිත් ඒවටත් නිකන්ම බඩු හම්බ වෙලා තියේවි.


    බාල සහ සෑදු ස්පොකට් සහ හබ් බුෂ් නිසා සිදුවන දරුණුම දේ තමයි රීම් හබ් එක පුපුරන එක. AX-1 වල විශේෂත්වයක් එනවා රීම් එක ඇලුමිනියම්.


    rims_work.jpg


    වැල්ඩින් කරපු රීම් එකක් තියෙන බයිසිකලයක් කවදාවත් පදින්න එපා. රිකන්දිෂන් රීම් එකක් අට දහසක් දස දහසක් වගේ වෙනවා. පුපුරලා වැල්ඩින් කරලා හදපු එකක් නම් ගන්න කලින් දෙපාරක් හිතපන්.

    මේ තියෙන්නේ නප්පියටම ගෙවුණු ස්පොකට් එකක්


    sprocket.jpg


    ලියවල ස්පොකට් දාන බූරුවෝ ගැන දැන් ලියන්න යන්නේ

    ගොඩක් කොළඹින් පිට පළාත් වල AX1 බඩු හොයාගන්න නැහැ. එක නිසා ගොඩක් අය ස්පොකට් එක අයෙත් කපල ලියවල දානවා. මේ තියෙන්නේ එහෙම ලියවපු ආදර්ශ ස්පොකට් එකක්. මෙහෙම කරපු බයික් එකක් ගන්නවා නම් ස්පොකට් චෙන් වලට දොළොස් දහසක් වගේ වෙන් කරගෙන ගන්න. මේක ගොන්ම ගොන් බූරු තකතීරු වැඩක්. මේවා කරන බාස්ලාටත් කන පැලෙන්න ගහන්න ඕනි.


    DSC_0528.JPG


    පේනවා නේද වෙනස ?

    මේ තියෙන්නේ AX-1 වලට එන ඉස්සරහ ස්පොකට් එක අලුත් එකක් 1200ක් විතර වෙනවා. ලියවල දාල ස්පොකට් එකේ ශක්තිමත් බවක් නැහැ. කොයි වෙලේ හරි කැඩෙන්නේ පුළුවන් එකපාරට දැති ඔක්කොම උනත්. විහින් අමාරුවේ වැටෙන්නේ වෙන්නේ. එන්ගිම වැඩි නිසා මේක ගැන අවධානයෙන් ඉන්න ඕනි.


    jtf28013-jt-front-sprocket-honda-ax-1-nx-250.jpg


    මේ තියෙන්නේ ගෙවුණු ඉදිරිපස ස්පොකට් එකක් එක්ක අලුත් එකක් අතර වෙනස

    bikerepair-sprockets-734270.jpg


    කවදාවත් ඉදිරිපස ස්පොකට් එක ලියවල දල නම් බයික් එක ගන්න එක ගැන දෙපාරක් හිතන්න වෙනවා. මේක නිසා එන්ගිමට සහ drive රොඩ් එකට හානි වෙන්න පුළුවන්. AX-1 වලට අවේනික drive රොඩ් එකකේ කට්ටා රටාවක් එනවා. ඉදිරිපස ස්පොකෙට් එක සවිකරලා කොපමණ තද කලත් ඒ කට්ට රටාව තුල තිරස් අතට ස්පොකට් එක එහාට මෙහාට වෙනවා සෙන්ටි මීටරයක් වගේ. එක නම් ලෙඩක් නෙවෙයි එත් රෝඩ් එක පිටින් ම වැනෙනවා නම් ලෙඩක්.

    sf280.jpg


    ලියවල දැම්මොත් අනික් පිටිපස ස්පොකට් එකට මෙන්ම චෛන් එකටත් හානි වෙන්න පුළුවන්. වැඩිපුරම ඉදිරිපස ස්පොකට් එක ලියවල දැම්මොත් හානි වෙන්නේ එන්ගිමට. drive රොඩ් එකක් හොයාගන්න දවස් ගානක් කට්ටක් කන්න වෙයි වියදමත් පන්දහස ඉක්මවයි .

    දැන් තියෙන්නේ රීම් එක නියම හොන්ඩ ද කියල බලන එක


    paint_sample_3.jpg


    පොඩ්ඩක් පේන්ට් එක හිරුන තැනකින් බලන්න ඇලුමිනියම් ද කියල. නැත්නම් යකඩ වලින් හදපු බාල එකක් දාල.

    ඊලගට බලමු චෙන් එක


    2_chain.jpg


    parts_instaled_03.jpg


    AX-1-chain-gauge-GR.jpg


    AX-1_chain_gauge.jpg


    ඔය නට් එකෙන් කොචර ගෙවිලද කියල බලාගන්න පුළුවන්. පිටිපස්සටම ඇදපු එකක් තවත් අදින්න ඉඩ නැත්නම් චෙන් එක ගෙවිලා චන් චින් චුඋන් වෙලා. රුපියල් හාරදාහක් කෙළවෙන්න ලඟයි. ස්පොකට් පරණයි නම්, චෙන් එකත් පරණයි නම්, එත් ඉස්සරහට ම ඔය කෑලි දෙක තියෙනවා නම් චෙන් එක හොඳටම ගෙවිලා ඇදිල මිනිහ උබව අන්දවන්න චෙන් එක කොට කරලා. මොකද අලුතෙන් චෙන් එකක් දානකොට ඉස්සරහටම කරලා තමයි දාන්නේ. චෙන් එක ශක්තිමත් බව අඩුයි. එන්ගිමේ බලේ වැඩි නිසා කොයි වෙලේ කඩා ගනීවිද දන්නේ දෙයියෝ තමයි. අලුත් එකක් බය නැතිව ලික්විඩ් ග්‍රීස් දැම්මොත් අවුරුදු 8ක් පදින්න පුළුවන් කිලෝමෙටෙර් පනස් දහසක් වත්.

    දැන් බලමු පස්සේ රෝදේ බ්රේක් ගැන


    back_wheel__ready.jpg


    AX - 1 කියන්නේ ඉදිරිපස සහ පිටුපස ඩිස්ක් සහිත එකක්. සමහරු NX මොඩෙල් එක AX-1 කරනවා. NX එකේ පිටිපස්සේ තියෙන්නේ drum system. ඒකනිසා කල්පනා කාරී වෙන්න.

    shockmudflap3.jpg


    මේ බටේ සිදුරු වෙලද බලන්න බටේ තිරිංග තදින් ගසුවිට බ්රේක් ඔයිල් එනවා නම් අලුතෙන් දාන්ඩ වෙනවා. පන්දහසක් කෙල වෙනවා

    11_brakes_7.jpg


    බ්රේක් ඩිස්ක් එක ගෙවිලද බලන්න. යකඩේකින් (නියනකින්) තට්ටු කරවිට සෙලවෙනවා නම් සහ නැවෙන සුළු දෙදරන ගතියක් ගෙවී ගොස් ය. ඔබ සතුව දුටු පමණින් ගෙවුණු ඩිස්ක් එකක් හදුනාගැනීමේ හැකියාව ඇතැයි මා සිතමි.

    මේ තියෙන්නේ AX-1 හි පිටුපස නිවැරදි ඩිස්ක් එකක්. මෙම කට්ට රටාව ආවෙනිකයි


    Rear2001-a__11248.1313192775.1280.1280.jpg


    බ්රේක් පෑඩ් රටාවට හැර වෙනත් අජූත ආකාරයේ සීරීම් ඇත්නම් ඩිස්ක් එක නැවත හුරා හෝ මැෂිමෙන් කපා ඇත. මෙලෙස සිදුකරන්නේ ඩිස්කය ගෙවුණු පසුව බ්රේක් අසන්නේ නැති නිසාය. පහල රුපය බලන්න.

    $(KGrHqV,!g0E-8R)GPe4BP9CYboWTw~~60_35.JPG


    මෙම අලුත් ඩිස්කය පිටුපස පමණක් රුපියල් 4500ක් පමණ වේ. කෙදිනකවත් ගෙවෙන කැබලි RECONDITION දැමීමෙන් වලකින්න මක්නිසාද යත් ජපානයේ ඔරිගීනල් පාර්ට්ස් කියා පන්චිකාවත්තේ ඇත්තේ සියල්ලම පාහේ ගෙවුණු ඔපදමු ඉන්දියන් කැබලි නිසාවෙනි. වංචාකාරයන්ට අසු නොවන්න මොවුන් මෙයට අට දහසක් ඉල්ලාවි.


    shockmudflap.jpg


    shockmudflap2.jpg


    shockmudflap3.jpg


    ටයරය පිලිබඳ සැලකිලිමත් වෙන්න. ගෙවුණු ටයර සහ අවේනික ලෙඩ ගැන ඔබ දැනුවත් යයි මන් සිතමි.

    ax1nsrradu60s1avnyo.jpg


    FLAT ටයර බොහෝ දෙනෙක් බාවිතා කලත් නියම වර්ගය වන්නේ පහත දැක්වෙන කට්ට සහිත ඒවාය. ජපන් ටයරයක් විසිදහසක් පමණ වෙන අතර මෙයට ගැලපෙන වෙනත් මැලේෂියන් ටයරයක් පංචිකාවත්තේ කඩයක ආනයනය කරනු ලබයි 7000 ක් වේ

    ස්ටෑන්ඩර්ඩ් ටයරය

    41K-XIo43jL._SX385_.jpg

    Back 120/90-16 63P Trail Wing TW40

    honda-ax1-212018331.jpg


    44818115052011705.jpg




    පිටුපස ටයරය සහ කොටස් පිලිබඳ අවසන්. AX-1 වලට අවේනික ඉදිරිපස පිලිබඳ විස්තර මීලගට ඉතිරිය පිළිබඳව බලාපොරොත්තු වෙන්න .. හැබැයි ලැබෙන ප්‍රතිචාර අනුව තමයි ඉතිරිය ලියන්නේ :yes::yes::yes::yes::yes::yes:


    ******************************************************************
    මගේ පෙර ලිපි :

    http://www.elakiri.com/forum/showthread.php?t=1556019

    AX1_කාපර්ලා : බයිසිකල් වල ඩිෆෙන්ඩරේ - හොණ්ඩා Ax 1 -

    ******************************************************************

    දෙවන කොටස AX1_ගන්නකලින්_2කොටස
    http://www.elakiri.com/forum/showthread.php?t=1556189


    ****************************************************************
    310262_155940554579115_923550882_n.jpg

    ජාතිය රැකගන්න ඇනයක් ගත්තත් රුපියලක් වැඩි උනත් සිංහල කඩේකින් ගනින් මචං!
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,483
    17,485
    113
    Auckland
    yako meka balanakota baya hithenawa AX1 ekak diha balannath :P .. kawda bole sprocket ohoma liyawala daanne ? mona gon harak wadakda a
     

    netlife008

    Active member
  • Mar 5, 2012
    145
    84
    43
    310262_155940554579115_923550882_n.jpg

    ජාතිය රැකගන්න ඇනයක් ගත්තත් රුපියලක් වැඩි උනත් සිංහල කඩේකින් ගනින් මචං!
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Niyamaiiiiiiiii............. danne nati AX-1 awnika deyak dana gatta.. watina poste ekak
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    machan mata hariyatama kyapan meke petrol consumption kohomada kiyala ?

    rpm එක 3000 ට ගියොත් නියම එන්ගිමක 50ක් කරනවා..

    කොහොම ඇරලා ගියත් 30ක් 35ක් වැඩ ඕනිම එකක
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    310262_155940554579115_923550882_n.jpg

    ජාතිය රැකගන්න ඇනයක් ගත්තත් රුපියලක් වැඩි උනත් සිංහල කඩේකින් ගනින් මචං!

    මමත් ඔය චන්ඩියා ගැන ත්‍රෙඩ් එකක් දැම්මා මචන්.. ඒවා කොහොම උනත් මේ අන්තිමට දාපු කෑල්ලනම් මසුරන්.. ඔන්න රෙප් තොගේකින්ම ගැහුවා
     
    Last edited: