බෝදිලිමා ???

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
බෝදිලිමා කියුවම එක පාරටම අපි ගොඩක් දෙනෙකුට මතක් වෙන්නේ කටුස්සෙක්, ඇත්තෙන්ම බෝදිලිමා කියන්නෙ එක්තරා කටුසු විශේෂයකට තමයි. නමුත් ඒ කටුසු විශේෂය ගැන නෙමේ මං කියන්න යන්නේ බෝදිලිමා කියන යක්ෂණිය ගැන, මේක අපේ ජනප‍්‍රවාදයේ එන කතන්දරයක්. දැන් බලමු අපි කවුද මේ බෝදිලිමා කියන යක්ෂණිය කියලා

ජනප‍්‍රවාදයට අනුව වැදුම් ගෙදරදි දරුවකු බිහිකරන්න දැඩි විලිරුදාවකින් පෙළෙමින් ඒ වේදනාවෙන්ම මියයන කාන්තාවක් තමයි බෝදිලිමා කියන යක්ෂණිය බවට පත්වෙන්නේ, මේ කාන්තාව මිය යන්නේ පිරිමි සංහතිය සමඟ දැඩි වෛරයකින් කියලා කියනවා. බෝදිලිමා බය කරන්නේ පිරිමින්ව තමයි. බෝදිලිමා යක්ෂණිය ගැහැණුන්ට බයයි. බෝදිලිමා ආවම කරන දේවල් හරිම අපුරුයි. හැබැයි පුතේ උඹලා එහෙම බෝදිලිමා ආවයි කියලා මේවා කරන්න යයිද දන්නේ නෑ :confused:
:confused:

බෝදිලිමා යක්ෂණිය එන්නේ රාත‍්‍රී කාලයේ තමයි. ඇවිත් කෙඳිරි ගානවලූ, මෙහෙම හඬක් ඇහුනම ගෙදර ඉන්න බවලත් අයෙක් ගෙදර ඉන්න පිරිමි අයව ගෙයි ඇතුළට දාලා දොර, ජනේල් වහලා ඉලපතක් අරගෙන "ඈ බොල අම්මණ්ඩියේ උඹ ඉලපතු පාර කන්නේ නැතුව පලයං" කියලා දන්න සුද්ද සිංහලෙන් බනිනවලූ
5.gif
5.gif
යක්ෂණියට එහෙම බැනලා ගෙදර කඩුල්ල ලඟ පහනක් පත්තු කරලා බුලත් කොළ තියෙනවලූ.

ගොඩක් වෙලාවට බෝදිලිමා එනවා කියන්නේ තනියම හෙන් පැල් රකින පිරිමින්ව බය කරන්නලූ. මුලින්ම හින් කෙඳිරිල්ලක් පටන්ගෙන ඒක පස්සේ ඒක මහ විලාපයක් වෙනවලූ. ඒ සද්දෙට බයවුනාම බෝදිලිමා ඇවිත් බයකරලා, හුරලා පිරිමින්ට නොයෙකුත් වද දෙනවලූ.

එහෙම පැල් රකින කොට බෝදිලිමගේ කෙඳිරිල්ලක් ඇහුනොත් කරන්නේ බුලත් හපන්න ගෙනා පුවක් ගෙඩියක් ගිරයේ තියලා කපන විට යම්කිසි දෙයක් මැතිරිම බෝදිලිමා හිතන්නේ තමන්ට මතුරනවා කියලා පැනලා දුවනවලූ :D

තව සීමා සලකුණු කරලා ගල් 4 ක් තියෙනවලූ පැල් රකින කොට, ඒ සීමාව බෝදිලිමාට පනින්න බැරිලූ. තව පොල් කට්ටකට තෙල් ටිකක් දමලා ගාථාවක් කියලා බෝදිලිමාගේ ශබ්දය ඇහැනු දිශාවට විසිකරනවලූ. "උඹේ අමාරුවට තෙල් ටිකක් මැතුරුවා ගාගනින්" කියලා :rolleyes:

බෝදිලිමා එලවන්න සාර්ථකම ක‍්‍රමයක් තියෙනවලූ හැබැයි එළකිරියේ ඉන්න කොල්ලනේ උඹලා තනියම කාමරේ ඉන්නකොට බෝදිලිමෙක්ගේ සද්දේ ඇවිත් මේ වගේ දේවල් කොරලා වැඩ වරද්ද ගන්නවා එහෙම නෙමේ :rofl::rofl:

ජනප‍්‍රවාදයේ එන විදියට තනියම පැල් රකින පිරිමියෙක් ඉන්න පැල අසළට බෝදිලිමෙක් ඇවිත් කෙඳිරි ගානකොට කරන්න තියෙන හොඳම දේ තමයිලූ පොල් කට්ටකට ධාතු මෝචනය කරලා ශබ්දය ආ දිශාවට පොල් කට්ට විසිකරලා "ඉඳා
උඹේ අමාරුවට තෙල් ටිකක් මැතිරුවා මේක යටි බඬේ ගා ගනින්" කියලා කියනවලූ :rofl::rofl:

කොහොමද වැඬේ

බෝදිලිමා කියන කටුසු විශේෂය ලංකාවේ නම් දුර්ලබ විශේෂයක්. මේ සතුන් බහුලව දකින්න ලැබෙන්නේ පිලිපීනයේ මොවුන්ගේ තියෙන විශේෂත්වය තමයි මිනිසුන්ට අධික බියක් දැක්විම. මිනිසෙක් දැක්කොත් මගහැර යන එක තමා මේ සතා කරන්නේ එහෙම බැරිම වුනොත් බයටම මිනිසුන්ගේ ඇඟට කඩාපනිනවා. මුගේ තියෙන තියුණු නියපොතු හම පසාරු කරගෙනයන තරම් ඒක නිසා ඒ නිසා මු ඇඟට පැනලා ලේ බොනවා කියලා මිත්‍යාමතයක් තියෙනවා කොහොම වුනත් මේ බෝදිලිමා කියන්නේ ඉතාමත් අප‍්‍රසන්න ශබ්දයක් නිකුත් කරන සත්වයෙක්

බෝදිලිමා ගැන ජනප‍්‍රවාදයේ විවිධ විදියට සඳහන් වෙනවා. ඒ ගැන දන්න අය සඳහන් කරන්න මේ ජනප‍්‍රවාදයේ එන බෝදිලිමා ගැන කපුගේ ශුරින් ගායනා කල ගීතයක්

 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
වැඩේ තියෙන්නේ ඉතින් ශ්ද්දේ එන්නේ බෝදිලිමගෙන් කියලා දැනගත්තම පොල්කට්ටකට ධාතු මෝචනය කරන්න බැරි එකයි.. :P
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    වටින ලිපිය මචං..

    යාලෙදි බෝධිලිමෙක් ඇල්ලුවා කියලා මීට අවුරුද්දකට දෙකකට කලින් යූ ටියුබ් එකේ වීඩියෝ එකක් දාලා තිබුණා.. ඒකෙ ඉන්නෙ නම් බෝධිලිමෙක් නෙමෙයි.. හදපු එකක්.. මම නම් හිතන්නෙ මැරිච්ච සර්පයෙකුට මොකක් හරි ගොන් ආතල් එකක් දීලා.. අර ඉන්දියාවෙන් හම්බවෙච්ච දිය කිඳුරිය වගේ..:rofl:

    මේ වීඩියෝ එක බලලා වැඩක් නැහැ.. සවුන්ඩ් එක පොඩ්ඩක් අහපන්.. පට්ට මූසල ගතියක් දැනෙන්නෙ..




    http://www.youtube.com/watch?v=xdJ5CroRmD0
     
    Last edited:

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    අහම්බෙන් තමයි එළකිරියෙ දැන් මේ වගේ ඉගෙන ගන්න දෙයක් තියෙන ත්‍රේඩ් එකක් වැටෙන්නෙ. එළකිරි මචන්