photography with amilaboy

Lacky Shan

Member
Sep 15, 2012
1,607
169
0
Negombo
කෝ බං ගොඩක් කට්ටිය බල බල යනව විතරනේ
ඔන්න ඔය වෙලාවට තමයි ඉතින් :oo::oo::oo:

නිකන් කියලා දෙන එවා අපෙ උන්ට අගයක් නැ.. කියක් හරි අරගෙන රස්තියදු කරලා.
කිව්වා නම් බලන්න තිබුනා..ඒ උනාට ඕවට අප්සට් ගන්න එපා.. අපි ඉන්නව උබත් එක්ක..
 
Last edited:

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    කෝ බං ගොඩක් කට්ටිය බල බල යනව විතරනේ
    ඔන්න ඔය වෙලාවට තමයි ඉතින් :oo::oo::oo:

    ගන්න ගන්න එපා බන්,උඹ දාන හැමදේම ගොඩක් වටිනවා මචන්.
     

    thari_on

    Junior member
  • Dec 9, 2011
    103
    2
    18
    firstb.jpg


    photography පන්තිය පටන් අරන් දැන් post 800 ටත් ලගයි . සෑහෙන ලොකු සතුටක් තියෙනවා මුලු thread එකම කියවාගෙන යද්දි . දාපු comments , යෝජනා චෝදනා මේ හැම දෙයක් දිහා බලද්දි.

    අද මම මොකද්ද කියා දෙන්නේ කියලා කල්පනා කොරනකොට මං දැක්කා මගේ මුල්ම පාඩම් වල මං වගේම අනිත් යාලුවොත් කියලා තිබ්බා මේ DSLR එකක් වේවා Compact කැමරාවක් වේවා ගන්නවානං RAW වලින් Shoot කරන්න පුලුවන් කැම් එකක් ගන්න කියලා .ඒක නිසා හිතුනා RAW format එක ගැනයි අපි කවුරුත් දන්න JPEG format එක ගැනයි මේ දෙකේ සමානකම් සහ වෙනස්කම් පිලිබදව කතාබහ කරන්න .

    මුලින් මේ දෙකේ ගති ලක්ශණ ටික කියාගෙන යන්නම්. මුලදි නිකං ග්‍රීක් වගේ උනාට පස්සේ ගානට තිතට තේරෙයි වැඩේ .

    Raw

    ♦පින්තූර නරබන්න වගේම edit කරන්නත් විශේශ software අවශ්‍ය වෙනවා

    ♦raw file එකේ extension එක විවිදාකරයි . උදාහරනයක් විදියට amila.jpeg කියන පින්තූරය raw වලට යද්දී amila.NEF එහෙමත් නැත්නම් amila.DNG විදියට එන්න පුලුවන් .

    මේ තියෙන්නේ දැනට තියෙන extension ටික ( 3fr,ari, .arw,.bay,.crw, .cr2, .cap,.dcs, .dcr, .dng,.drf,.eip,.erf,.fff,.iiq,.k25, .kdc,.mdc, .mef, .mos, .mrw,.nef, .nrw,.obm, .orf,.pef, .ptx, .pxn,.r3d, .raf, .raw, .rwl, .rw2, .rwz,.sr2, .srf, .srw,.x3f)
    ♦uncompressed පින්තූරයක් තමයි එලියට එන්නේ . සාමාන්යන් 24mp කැමරාවක raw image එකක් අඩුම 24MB වත් වෙනවා

    ♦කිසිම විදියක data අපතේ යෑමක් වෙන්නේ නෑ.

    ♦විශාල dynamic range එකක් තියෙනවා . ඒකියනේ highlights සහ shadows වඩා හොදින් පේනවා

    ♦edit කිරීමකින් තොරව භාවිතා කිරීම නොසුදුසුයි

    ♦සිදුකරන සෑම edit කිරීමක් ම සිදුවන්නේ original පින්තූරයට නෙමෙයි ඒත් සමග ඇති XMP “sidecar” එකටයි . photoshop වල .Psd එකට ටිකක් සමානයි


    JPEG

    ♦amila.jpeg නම් amila.jpeg ම තමයි .

    ♦compressed කරලා තියෙන්නේ .

    ♦විශාල වශයෙන් data අපතේ යනවා

    ♦file size එක ගොඩක් පොඩියි . සාමාන්යන් සාමාන්යන් 24mp කැමරාවක jpeg එකක් 4,5 mp වෙනවා

    ♦dynamic range එක ගොඩක් අඩුයි

    ♦edit කිරීමකින් තොරව භාවිතා කිරීම සුදුසුයි

    මෙන්න මේ වෙනස්කම් ටික හොදට බැලුවොත් ඔයාට raw තෝරගන්නවද jpeg තෝරගන්නවද තීරනය කරන්න පුලුවන් . උදාහරණයක් විදියට ඔයාලගේ කැමරාවේ capacity එක අඩුයි නම් අපිට අකමැත්තෙන් උනත් jpeg තෝරගන්න වෙනවා මොකද එක raw පින්තූරයකට යන ඉඩ ප්රමානයෙන් අපිට jpeg පින්තූර 5,6 හරි සමහර විට ඊටත් වඩා වැඩියෙන් තියාගන්න පුලුවන්.සමහර අවස්තාවල විශේශයෙන් party වල හරි කට්ටිය සෙට් වෙන වෙලවකදි හරි ගන්න පින්තූර raw වෙනුවට jpeg ගන්න එක ගොඩාක් ලෙසියි මොකද වැඩි වැඩ දාන්න ඕනා නෑ පින්තූරටික එලියට ගත්තා share කරන්න ඔනා අයට share කරා .

    ඔයාලට capacity එකේ ගැටලුවක් නැත්නම් කරන්න හොදම වැඩේ තමයි Raw + jpeg කියන මේ දෙකෙන්ම shoot කරන එක.
    49160378.jpg


    මේකෙන් වෙන්නෙ ගන්න එක පින්තූරය Raw සහ jpeg කියන මේ format දෙකෙන්ම save වෙනවා.හැබැයි ඔයා professional photographer කෙනෙක් නම් හරි එහෙම වෙන්න හිතන් ඉන්නවනම් හරි අනිවාර්යෙන්ම raw තෝරගන්න ( ඇත්තම කිව්වොත් තෝරගන්න වෙනවා ) professional photographer කෙනෙක් තාමත් jpeg විතරක් පාවිච්චි කරනවනම් ඒ කියන්නේ එයා Raw වල තියෙන වැදකත්කම දන්නේ නෑ . එහෙමත් නැත්නම් post production එක සදහා දැනුමක් නෑ නැත්නම් ඒකට වෙලාවක් නැ කියන එකයි .

    ඔයා JPEG වලින් පින්තූරයක් ගන්නකොට කැමරාවේ තියෙන software එකෙන් ( මේකට අපි photography ලෝකයේදී කියන්නේ firmware කියලා ) පින්තූරේ වැදගත් කියලා හිතෙන data ටික විතරක් අරගෙන compress කරලා memory card එකට දානවා .බොහෝවිට අර නොවැදගත් කියලා අයින් කරන data වල වටිනාකම සම්පූර්න පින්තූරේ data වල ප්රතිශතයක් විදියට ගත්තොත් ඒක 50% තරම් අගයක් ගන්නවා . හිතන්නත් අමාරුයි නේද .ඒවා අතර සමහර වර්ණ මෙන්ම resolutions ද තියෙනවා .

    මේකට කියන්නේ Discrete Cosine Transforamtion (DCT) කියලයි . මේකෙදී වෙන්නේ ඔයා ගන්න කඩලා 8×8 pixels කොටස් වලට කඩලා පින්තූරේ ඕනම කොටස් තියාගෙන අනිත් ඒවා අයින් කරලා දාන එකයි . කැමරා නිශ්පාදකයින් කියන විදියට ගොඩාක් වෙලාවට ගන්නකොට තිබ්බ පින්තූරේ colour tone 24 ක් තිබුනනම් jpeg විදියට save උන පින්තූරේ තියෙන්නේ colour tone 6 ක් හෝ 7 ක් පමනයි .

    කැමරාවේ settings හදලා තියෙන්නේ වැඩි compression rate එකකටනම් මේ තත්වය තවත් බරපතලයි . මොකද ඒකෙදී file size එක අඩු කරන්න ඉවත් කරන 8×8 pixels ගාන වැඩි නිසා .

    98199555.png

    වැඩි compression rate එකක් සහ අඩු compression rate අතර වෙනස

    JPEG ගැන කතා කරනකොට file size එකට අමතරව තියෙන තව වාසියක් තමයි memory card එකට save වෙන්න යන කාලය ගොඩක් අඩු වීම , ඉක්මනින් පින්තූර ගැනිමටත් .(Continuous Shooting)සහ ප්‍රාතමික මට්ටමේ memory card එකක් භාවිතා කරන්න පුලුවන් .
    32420802.jpg


    නමුත් raw වලදී ඔය වැඩේ කරන්න HDHC class 10 වගේ ඉහල වේගයක් සහිත memory card ඕනා වෙනවා
    27387940.jpg

    class 10 වර්ගයේ memory card එකක්

    Shooting in Raw
    jpeg වලදී කපලා කොටලා කරන්න තියෙන ඔක්කොම කරලානේ පින්තූරෙ අපිට දෙන්නේ . හැබැයි Raw වලදී කරන්නේ පින්තූරය අරගෙන ගෙඩිය පිටින් අපිට දෙනවා උබ මේකෙන් ඕන මගුලක් කරගනින් කියලා . 25% කැමරාව කරනවා ඉතුරු 75% කරන්නේ අපිට ඕනා විදියට අපේ පරිඝනකයෙනුයි.ඒක නිසා අපේ පින්තූරේ qulity එකට කිසිම හානියක් වෙන්නේ නෑ (අපි හිතාමතා කරොත් ඇරෙන්න )මේක නිකන් හරියට film රොලක negative එකට සමාන කරන්න පුලුවන්
    67655641.jpg


    raw එක PC එකට දාගත්තට එක බලන්න නං සාමාන්ය image viewer එකට බැරි වෙයි .කොටින්ම කිව්වොත් මුලින්ම photoshop එකෙනුත් බැරිවෙයි .Raw එක්ක වැඩ කරන්නනම් අනිවාර්යෙන් ඔයාලට Raw support කරන software එකක් දාගන්න වෙනවාමයි .Photography සදහාම ලෝකයේ 90% දෙනා භාවිතා කරන Adobe Lightroom හරි ලෝකයේ බොහෝදෙනා photo editing වලට බාවිතාකරන Adobe Photoshop තුලින් දාවනය වෙන Adobe Camera raw කියන software දෙක මේ සදහා ගොඩක් ප්‍රසිද්දයි .

    77559608.jpg

    37822570.jpg


    මේකෙදී white balance, exposure, contrast, saturation, calibration of the red, green, blue guns ,lens abberation සකස් කිරීම් වැනි එකී මෙකී නොකී ගොඩක් දේවල් jpeg වලට වඩා ඉතා පහසුවෙන් කරන්න පුලුවන් ..විශේශයෙන්ම මේ white balance කියන කාරනයේදී 100% white balance වෙනස් කිරීමේ අපිට තියෙනවා . වෙනදා වගේ සැරින් සැරේ gray card උස්සන් දගලන්න උවමනාවක් නෑ. අවසානයේදී එලියට එන පින්තූරය quality එක අතින් ඉතාම පොහොසත් ගොඩක් detail (sharpness) තියෙන color range එක වැඩි එකක් වෙනවා

    මේ ටිකත් වැදගත් වෙයි කියලා හිතනවා. raw image එකක් එඩිට් කරන්න කලින් තියෙන විදිය ටිකක් අමුතු වෙන්න පුලුවන් ..මං කිව්වනෙ මේක නිකන් negative එකක් වගෙ කියලා .එහෙම වෙන්න කැමරාවේ වර්ගය බලපානවා ( සාමාන්යන් Nikon වල sharpness එක canon වලට වඩා වැඩියි කියලා මතයක් තියෙනවා . හැබැයි හැම nikon කැමරාවක් ගැනම නෙමයි මේ කියන්නේ )
    76276973.jpg


    අද ඉදන් RAW+jpeg වලින් විවිද light condition වල පින්තූර අරං දෙකේ වෙනස සසදලා බලන්න. ඔයාලටම වෙනස තේරෙයි .

    අනිත් පාඩම් වලට යන්න ඕනා නම් මෙන්න

    Lesson no.1 Viewfinder ක්‍රියාවලිය අනුව
    Lesson no.2 How to hold your camera correctly
    Lesson no.3 UNDERSTANDING EXPOSURE
    Lesson no.4 Auto Focus
    Lesson no.5 metering modes
    20GB Free Storage for nikon users
    Lesson no.6 Rule Of Third
    lens hood සහ UV filter
    Mode dial
    DSLR Image Sensor එකට දූවිල්ල යන එක වලක්වා ගමු
    DSLR මිලට ගැනීම සඳහා මාර්ගෝපදේශනයක් – මූලික දේ
    Basic Camera Modes
    Flasher එක ගැන දැනගමු


    ආයිත් ඉක්මනටම පාඩමකින් හමුවෙමු .හැම පාඩමකම වගේ මේකත් කාලය වැය කරලා ගොඩක් මහන්සි වෙලා මේක ටයිප් කරේ ..වැදගත් උනා කියලා හිතනවානම් Rep එකක් Bump එකක් දීලා යන්න .

    niyamaiiiiiiiii
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    Patta machan..Fees iwarai lu :(..aniwa denawa passe :D thawa lessons dapan
    Thawa me dana lessons quotes ekka reply karanna epa kiyapanko kastiyata..hari amarui lessons hoyanna anika eka page ekak yanawa reply ekata witharak :P
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    Patta machan..Fees iwarai lu :(..aniwa denawa passe :D thawa lessons dapan
    Thawa me dana lessons quotes ekka reply karanna epa kiyapanko kastiyata..hari amarui lessons hoyanna anika eka page ekak yanawa reply ekata witharak :P

    uba kiyana kathawa atta ban.quotes danawanam mulu ekama noda adala kotasa witarak dammanam hari
     

    anuradha_c

    Junior member
  • Jun 27, 2008
    368
    20
    18
    Kandy
    Machan mata danna ekek kiyanawada DSLR camera ekaka zoom eka wadikaraganne komada kiyala samahara digital cam wala zoom eka 42x wage tiyanawa eganata ganna nam mokada karanna one
    Tawa Night time eke ahase hoda clear pic ekak ganne komada man laga tiyenne Nikon d5100 with 18-55mm lens ekak