හරක් නිදහස් කරන මී හරක්

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    හරක් නිදහස් කරන මී හරක්

    වෙසක් එකට ගොඩක් අය ගවයන් නිදහස් කරනවා, ගවයෙක් නිදහස් කරන්න කියලා මස් ක‍ඩේට යනකො‍ට
    නිදහස් කරන ගවයන් වෙනම ඉන්නවා. ඒ කටු ගැහුණු නාකි හරක්. ඒකත් ගත්ත ගාන වගේ දහගුණයකට විතර තමයි නිදහස් කරන්න
    දෙන්නෙ. ඒකෙන් වෙන්නෙ අර ඉන්න එක හරකෙක් නිදහස් කරනකොට මස් කඩ කාරයට තව හොඳ මස් පිරුණු හරක් හය හතක්
    ගන්න සල්ලි හම්බ වෙනවා. අපි නිකන් පැත්තකට වෙලා ඉන්නෙ නැතුව වෙසක් එකට පිං කරන්න කියලා ගිහින් අන්තිමට හොඳට
    හිටපු හරක් 6,7 දෙනෙක් මරණයට කැප කරනවා.

    හරකෙක් නිදහස් කරනවා නම් මුලින් එකෙක් ගිහින් අහන්න අපේ ළඟ සතෙක් ඉන්නවා ඔයාලා ගන්නවද කීයක් විතර දෙනවද කියලා.
    සතාගෙ ප්‍රමාණෙත් ඔය ඉන්න සතෙක් ගාන කියලා කියන්න. ඌ කියයිනෙ ගානක්. අන්න ඊට පස්සෙ වෙන එකෙක් ගිහිල්ලා නිදහස්
    කරන්න ගාන අහලා බලන්න. අන්න එ‍තකොට තේරෙයි හරක් කීයක් හිතේ තියාගෙන ද එක හරකෙක් මස්කඩ කාරයා අතාරින්නෙ කියලා.

    ඊට පස්සෙ ඉතින් ඒකට වලියක් දාගන්නවා ද නැද්ද කියන එක ඔබේ වැඩක්. හැබැයි පරිස්සමෙන් ඕකුන් ගාව ආයුධ එහෙම තියෙනවා.
    වැඩිය කියන්න ගියොත් කොක්කෙ එල්ලන්නත් ඉඩ තියෙනවා. :rofl:

    පිනක් කරනවා නම් ප්‍රතිඵල ගැන බුද්ධිමත්ව හිතලා කරන්න
    නැත්තන් නොකර ඉන්න
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    නැත්නම් දුප්පත් බෞද්ධ පවුලක් බලලා හත් අට දාහක උදව්වක් කරන්න
    පිං ලැබෙනවා
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    උඹ කියන කතාවට මන් එකඟ නෑ මචන්. :no::no:
    බුද්ධ දේශනාවේ තියෙන්නේ "චේතනාහo බික්ඛාවේ කම්මං වදාමි" කියල.
    හරකෙක් නිදහස් කරගන්න කෙනෙක්ගේ හිතේ තියෙන්නේ සතෙක් මරණයෙන් බේර ගන්න එක. එකේ ආනිසංස එයාට ඒ විදියට ලැබෙයි. මස් කඩ කාරයාගේ චේතනාව තමයි එයාගේ කර්මය. ඒක අයහපත් නිසා එයාට ඒකට අදාළ ආනිසංස මොන අත්මෙකදී හරි ලැබෙයි.
    මේ ලෝකේ මිනිස්සු අතරේ සැප වගේම අන්ත අසරණ දුක විඳින (කරුම) පිරිස දිහා බැලුවොත් යම් වෙනසක් තියනවා නේද?
    සතෙක් මරණෙන් මුදවාගන්න කෙනා වලක්වන එකත් පවක්.
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    බන්ටු;15013952 said:

    චේතනාවට අනුව කර්මය සිද්ද වෙනවා ඒක ඇත්ත. හැබැයි මචන් බුදු හාමුදුරුවො කියලා නැහැ පිං කරන්න ඒ පිං පස්සෙ යන්න කියලා. ඒකත් එක්තරා තණ්හාවක්. අපි ගවයෙක් නිදහස් කරනවා නම් ඒකෙන් අවසාන දේ වෙන්න ඕනෙ අපි දානයක් දෙන එක, අත් හැරීමක් කරන එක.

    ඔබම නිකමට හිතලා බලන්න ඔබ යහපත් චේතනාවෙන් හරකෙක් නිදහස් කරනවා කියන්නෙ කොහොමද ඔබ හොඳටම දන්නවා ඒ හරකව නිදහස් කරගන්නෙ මස් කඩ කාරයට සල්ලි දීලා කියලා. මස් කඩ කාරයා සල්ලි අරගෙන ඒකෙන් සැනසෙන්නෙ නැහැ කියලත් දන්නවා. අර වෙච්ච අඩුපාඩුව නිසා හෙට බිස්නස් කරන්න තිබ්බ හරකෙක් නැති උන නිසා අනිවාර්යෙන්ම තව හරකෙක් ගන්නවා. හැබැයි අර හරකා නිදහස් කරලා දීපු එකෙන් ලැබුණ මුදලින් තව දෙතුන් දෙනෙක්ම ගන්න පුලුවන් නම් දෙතුන් දෙනෙක්ම ගන්නවා. මේ දේ වෙනවා කියලා හිතින් දැන දැන කොහොමද මචන් යහපත් චේතනාවෙන් හරකෙක් නිදහස් කරන්නෙ. උගුරට හොරා බේත් බොනවා වගේ වැඩක්නෙ බන් ඒක.
     
    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth

    umba kiyana 1 hari mchn, haraka mas kadeta yawennent haraka karapu karumayak hindane mchn, ehema kiyala hitha hadaganna puluwn, eth mchn poyata gihin harak nidahas kannawata wada honda nadda kauruth ekatu wela me mas waddo tika nathi kalla danna puluwn nan :yes: eth awla tiyenne ehema kerenne nah, ape area ekenan harak marana pot nah :D
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    එළ බුවා;15014003 said:

    thumbs-up-animated-3-3-2.gif
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බන්ටු;15013952 said:
    උඹ කියන කතාවට මන් එකඟ නෑ මචන්. :no::no:
    බුද්ධ දේශනාවේ තියෙන්නේ "චේතනාහo බික්ඛාවේ කම්මං වදාමි" කියල.
    හරකෙක් නිදහස් කරගන්න කෙනෙක්ගේ හිතේ තියෙන්නේ සතෙක් මරණයෙන් බේර ගන්න එක. එකේ ආනිසංස එයාට ඒ විදියට ලැබෙයි. මස් කඩ කාරයාගේ චේතනාව තමයි එයාගේ කර්මය. ඒක අයහපත් නිසා එයාට ඒකට අදාළ ආනිසංස මොන අත්මෙකදී හරි ලැබෙයි.
    මේ ලෝකේ මිනිස්සු අතරේ සැප වගේම අන්ත අසරණ දුක විඳින (කරුම) පිරිස දිහා බැලුවොත් යම් වෙනසක් තියනවා නේද?
    සතෙක් මරණෙන් මුදවාගන්න කෙනා වලක්වන එකත් පවක්.
    උබේ කතාව ඇත්ත.. පිනක් කරනකොට පින ලාබෙට කරන්න හිතන එක ඇත්තටම පවක්.. නිදහස් වෙන හරකා නාකිද තරුනද කියලා තිරනය කිරිමෙන් වැඩක් නැ.. සතාටත් පින කරන මනුස්සයටම වගේ පිනක් තියෙන්න ඔනා පින ලබන්න.. හරකෙක් නිදහස් කරලා මනුස්සෙයෙක් පිනක් කරගන්න හිතනවා වගේම ඒ සතාටත් පෙර ආත්මේක කුසලක් තියෙන්න ඔනා මරනෙන් ගැලවෙන්න ඒ මොහොතට.. හැබැයි,$hiñe කියන කතාවෙත් ඇත්තක් තියනවා.. සමහර තම්බි පොරවල් කැමතියි බෞද්ධ මිනිස්සු උන් ලගට එනවට හරක් නිදහස් කරන්න .. මොකද උන්ට ඒකත් ලාබයක්. .
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    චේතනාවට අනුව කර්මය සිද්ද වෙනවා ඒක ඇත්ත. හැබැයි මචන් බුදු හාමුදුරුවො කියලා නැහැ පිං කරන්න ඒ පිං පස්සෙ යන්න කියලා. ඒකත් එක්තරා තණ්හාවක්. අපි ගවයෙක් නිදහස් කරනවා නම් ඒකෙන් අවසාන දේ වෙන්න ඕනෙ අපි දානයක් දෙන එක, අත් හැරීමක් කරන එක.

    ඔබම නිකමට හිතලා බලන්න ඔබ යහපත් චේතනාවෙන් හරකෙක් නිදහස් කරනවා කියන්නෙ කොහොමද ඔබ හොඳටම දන්නවා ඒ හරකව නිදහස් කරගන්නෙ මස් කඩ කාරයට සල්ලි දීලා කියලා. මස් කඩ කාරයා සල්ලි අරගෙන ඒකෙන් සැනසෙන්නෙ නැහැ කියලත් දන්නවා. අර වෙච්ච අඩුපාඩුව නිසා හෙට බිස්නස් කරන්න තිබ්බ හරකෙක් නැති උන නිසා අනිවාර්යෙන්ම තව හරකෙක් ගන්නවා. හැබැයි අර හරකා නිදහස් කරලා දීපු එකෙන් ලැබුණ මුදලින් තව දෙතුන් දෙනෙක්ම ගන්න පුලුවන් නම් දෙතුන් දෙනෙක්ම ගන්නවා. මේ දේ වෙනවා කියලා හිතින් දැන දැන කොහොමද මචන් යහපත් චේතනාවෙන් හරකෙක් නිදහස් කරන්නෙ. උගුරට හොරා බේත් බොනවා වගේ වැඩක්නෙ බන් ඒක.

    මේකයි සහෝදරයා, බුදුහාමුදුරුවෝ මෙහෙම කියල තියනවා, මෙහෙම කියල නැහැ කියන්න තරම් බුද්ධ ධර්මය ගැන ගැඹුරු අවබෝධයක් මට නෑ. මන් කිව්වේ සාමාන්‍ය ආකාරයට සහ මනුෂ්‍යයෙක් විදියට හරි වැරැද්ද අවබෝධ වන, මට හැඟෙන විදියටයි. මස් කඩ කාරයාගේ හරි නැත්තම් වෙන කෙනෙක්ගේ හරි ක්‍රියාව නතර කරන්න අපිට පුළුවන් කමක් නෑ. ඒක එයාගේ කැමැත්ත, රටේ setup එක. එහෙම උනා කියල, අනික් උනුත් පව් කරනවා කියල අපිත් ඒක කරන්න ඕන නෑනේ.
    මගේ එක මිත්‍රයෙක් මේ වගේ කිරි ගවයෙක් නිදහස් කරලා කුරුණෑගල පැත්තේ දුප්පත් පව්ලකට බාර දීල මාස 3-4කට සැරයක් ඒ පැත්තේ visit කරලා එනවා. මගේ මිත්‍රයට ලොකු සතුටක් තියනවා කරපු පිංකම ගැන. ඒ වගේ මිනිස්සු තව ඕනතරම් ලංකාවේ ඇතිනේ? එයාලටවත් වෙන කාටවත් පුලුවන්ද මස් කඩ කාරයාගේ වැඩ නවත්තන්න? ඒ මිනිස්සු තමන් කරපු පිංකම ගැන හිතල හිත සතුටු කරගන්නවා. එච්චරයි. අපි මෙතන තර්ක ඉදිරිපත් කරන එක තේරුමක් නෑ. කැමති කෙනෙක්ට පින්කම් කරන්න පුළුවන්, අකමැති කෙනෙක්ට නොකර ඉන්න පුළුවන්. ඔයා කියනවා වගේ පිංකම් කරන්න පෙළබෙන එක තණ්හාවක් කියල මුකුත් නොකර අඩුතරමේ වස්තරයවත් නොඇඳ ඉන්න. හදිසියෙවත් ඇඳන් ඉන්න වස්තරේ ගැන තණ්හාවක් ඇති උනොත් එකත් ගලවල හමාරයිනේ.
    මන් හිතන්නේ බුද්ධ ධර්මය කියන්නේ හැමදේම අතඇරලා, කලකිරිලා, දාන දිදී ඉන්න එක නෙමෙයි. හොඳ අගමනුකුලව ඉන්න ස්වාමින් වහන්සේ නමක් මුණ ගැහුනොත් වැඩි විස්තර ටිකක් දැන ගන්න පුළුවන් වෙයි.
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    උබේ කතාව ඇත්ත.. පිනක් කරනකොට පින ලාබෙට කරන්න හිතන එක ඇත්තටම පවක්.. නිදහස් වෙන හරකා නාකිද තරුනද කියලා තිරනය කිරිමෙන් වැඩක් නැ.. සතාටත් පින කරන මනුස්සයටම වගේ පිනක් තියෙන්න ඔනා පින ලබන්න.. හරකෙක් නිදහස් කරලා මනුස්සෙයෙක් පිනක් කරගන්න හිතනවා වගේම ඒ සතාටත් පෙර ආත්මේක කුසලක් තියෙන්න ඔනා මරනෙන් ගැලවෙන්න ඒ මොහොතට.. හැබැයි,$hiñe කියන කතාවෙත් ඇත්තක් තියනවා.. සමහර තම්බි පොරවල් කැමතියි බෞද්ධ මිනිස්සු උන් ලගට එනවට හරක් නිදහස් කරන්න .. මොකද උන්ට ඒකත් ලාබයක්. .

    ලාබෙ ගැන හිතන්න කියලා නෙමෙයි මචන් කියන්නෙ හරකෙක් ගන්න ගාන වගේ පස් හය ගුණේකට තමයි නිදහස් කරගන්න ගණන් කියන්නෙ. මොකද උන් දන්නවා පිං කරන්න ආපු මිනිස්සු කේවල් කර කර ඉන්නෙ නෑ කියලා.

    හරි අපි හිතමු හරක් මඩුවක හරක් 20ක් හිටියා කියලා. එක හරකෙක් ගත්තෙ 20,000 ක් දීලා නිදහස් කරද්දි රුපියල් ලක්ෂයක් කියනවා එක හරකෙක් ට. අද අපි හරක් ටික ඔක්කොම ගත්තා කියලා හෙට කඩේ වහනවද හරක් නෑ කියලා? නෑ මචන් පුලුවන් ඉක්මනට තව හරක් 50ක් විතර ගේනවා තවත් අත උඩින් ලාබෙකුත් එක්ක. දැන් මචන් හරක් නිදහස් කරන එක මස් වෙලෙන්දන්ගෙ වෙනම බිස්නස් එකක් කරගෙන.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලාබෙ ගැන හිතන්න කියලා නෙමෙයි මචන් කියන්නෙ හරකෙක් ගන්න ගාන වගේ පස් හය ගුණේකට තමයි නිදහස් කරගන්න ගණන් කියන්නෙ. මොකද උන් දන්නවා පිං කරන්න ආපු මිනිස්සු කේවල් කර කර ඉන්නෙ නෑ කියලා.

    හරි අපි හිතමු හරක් මඩුවක හරක් 20ක් හිටියා කියලා. එක හරකෙක් ගත්තෙ 20,000 ක් දීලා නිදහස් කරද්දි රුපියල් ලක්ෂයක් කියනවා එක හරකෙක් ට. අද අපි හරක් ටික ඔක්කොම ගත්තා කියලා හෙට කඩේ වහනවද හරක් නෑ කියලා? නෑ මචන් පුලුවන් ඉක්මනට තව හරක් 50ක් විතර ගේනවා තවත් අත උඩින් ලාබෙකුත් එක්ක. දැන් මචන් හරක් නිදහස් කරන එක මස් වෙලෙන්දන්ගෙ වෙනම බිස්නස් එකක් කරගෙන.
    ඔව් මචන්.. තම්බි බිස්නස් එක එහෙම තමා.. නිදහස් කරන්න ඔනා මස් කඩේට දැක්කුවහම නෙමෙයි.. ඒකෙන් වෙන්නෙ උබ කිව්වා වගේ වැඩක් තමයි.. උන්ට තව හරක් තුන් දෙනෙක් විතර ගන්න සල්ලි පින් කියලා අපි දීලා දානවා.. ඇත්තටම එකෙන් වෙන්නෙ අහක ඉන්න හොද හරක් ටිකක් ආයෙ මුන් මරන එක.. නිදහස් කරන්න ඔනා මස් කඩේට දක්කයි කියලා හිතෙන තැන් වලි අරගෙන.. ඔය ගම්වල ඉන්නවා එහෙම අලුගුත්තෙරු පොරවල්.. ඇත්තටම සමහර උන්නම් හිතලා කරනවා නෙමෙයි, කොරන්නම දෙයක් නැති උනාමයි විකුනන්නෙ..
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    බන්ටු;15014059 said:
    මේකයි සහෝදරයා, බුදුහාමුදුරුවෝ මෙහෙම කියල තියනවා, මෙහෙම කියල නැහැ කියන්න තරම් බුද්ධ ධර්මය ගැන ගැඹුරු අවබෝධයක් මට නෑ. මන් කිව්වේ සාමාන්‍ය ආකාරයට සහ මනුෂ්‍යයෙක් විදියට හරි වැරැද්ද අවබෝධ වන, මට හැඟෙන විදියටයි. මස් කඩ කාරයාගේ හරි නැත්තම් වෙන කෙනෙක්ගේ හරි ක්‍රියාව නතර කරන්න අපිට පුළුවන් කමක් නෑ. ඒක එයාගේ කැමැත්ත, රටේ setup එක. එහෙම උනා කියල, අනික් උනුත් පව් කරනවා කියල අපිත් ඒක කරන්න ඕන නෑනේ.
    මගේ එක මිත්‍රයෙක් මේ වගේ කිරි ගවයෙක් නිදහස් කරලා කුරුණෑගල පැත්තේ දුප්පත් පව්ලකට බාර දීල මාස 3-4කට සැරයක් ඒ පැත්තේ visit කරලා එනවා. මගේ මිත්‍රයට ලොකු සතුටක් තියනවා කරපු පිංකම ගැන. ඒ වගේ මිනිස්සු තව ඕනතරම් ලංකාවේ ඇතිනේ? එයාලටවත් වෙන කාටවත් පුලුවන්ද මස් කඩ කාරයාගේ වැඩ නවත්තන්න? ඒ මිනිස්සු තමන් කරපු පිංකම ගැන හිතල හිත සතුටු කරගන්නවා. එච්චරයි. අපි මෙතන තර්ක ඉදිරිපත් කරන එක තේරුමක් නෑ. කැමති කෙනෙක්ට පින්කම් කරන්න පුළුවන්, අකමැති කෙනෙක්ට නොකර ඉන්න පුළුවන්. ඔයා කියනවා වගේ පිංකම් කරන්න පෙළබෙන එක තණ්හාවක් කියල මුකුත් නොකර අඩුතරමේ වස්තරයවත් නොඇඳ ඉන්න. හදිසියෙවත් ඇඳන් ඉන්න වස්තරේ ගැන තණ්හාවක් ඇති උනොත් එකත් ගලවල හමාරයිනේ.
    මන් හිතන්නේ බුද්ධ ධර්මය කියන්නේ හැමදේම අතඇරලා, කලකිරිලා, දාන දිදී ඉන්න එක නෙමෙයි. හොඳ අගමනුකුලව ඉන්න ස්වාමින් වහන්සේ නමක් මුණ ගැහුනොත් වැඩි විස්තර ටිකක් දැන ගන්න පුළුවන් වෙයි.

    නෑ නෑ අත් හැරිම කියන්නෙ භෞතික වස්තුව අත් හැරීම නෙමෙයි මචන්
    මනසින් අත් හැරීම. බුදු හාමුදුරුවො ජීවත් උනේ කෝටි ගාණක් වියදම් කරලා හදපු ජේතවනා‍රාමෙ. හැබැයි එහෙම හිටිය කියලා ඒකට හිටපු රහතන් වහන්සේලා වත් බුදු හාමුදුරුවො වත් තණ්හාවක් ඇතිකරගන්නෙ නෑ. ඒ අය සම්පූර්ණයෙන්ම භෞතික දෑ ගැන තියෙන ආශාව මනසින් අත් හැරලා නිසා. ඒක ටිකක් ලොකු මාතෘකාවක් අවශ්‍යය නම් ඉදිරියේ දි පැහැදිලි කරගමු.

    මම කිවුවෙ පිං කරන්න එපා කියලා නෙමෙයි. අපි හොඳ හිතින් කරන දෙයින් අපිට දෙයක් ලැබෙනවනෙ ඒක නිසා ඊට පස්සෙ මොකක් උනත් කමක් නෑ කියලා හිතලා වැඩ කරන එක ඒ තරම් හොඳ නැහැ.

    බෞද්ධයන් විදිහට අපි දුර දිග හිතලා කරන යමක් කරන්න ඕනෙ. යමක් කරනකොට ඒක කලාම මොකද වෙන්නෙ ඒ නිසා නරකක් වෙනවද හොඳක් වෙනවද කියලා හිතන්න ඕනෙ. අපි හොඳ දේ කියලා කියන්නෙ අපිට‍ හෝ අනෙකාට යහපතක් වෙන දේ. ඒ දේ කරලා ලබන සතුට තමයි පින. ඉතින් අපි කරන දෙයින් එක්කෙනෙක්ට හොඳක් උනත් කිහිප දෙනෙක්ට නරකක් වෙනවා නම් ඒ දේ හොඳයි කියලා කියන්න‍ බැහැ නේද? එ‍තකොට ඒකෙන් ලබන සතුට පරිපූර්ණ නෑ නේද?
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ඔව් මචන්.. තම්බි බිස්නස් එක එහෙම තමා.. නිදහස් කරන්න ඔනා මස් කඩේට දැක්කුවහම නෙමෙයි.. ඒකෙන් වෙන්නෙ උබ කිව්වා වගේ වැඩක් තමයි.. උන්ට තව හරක් තුන් දෙනෙක් විතර ගන්න සල්ලි පින් කියලා අපි දීලා දානවා.. ඇත්තටම එකෙන් වෙන්නෙ අහක ඉන්න හොද හරක් ටිකක් ආයෙ මුන් මරන එක.. නිදහස් කරන්න ඔනා මස් කඩේට දක්කයි කියලා හිතෙන තැන් වලි අරගෙන.. ඔය ගම්වල ඉන්නවා එහෙම අලුගුත්තෙරු පොරවල්.. ඇත්තටම සමහර උන්නම් හිතලා කරනවා නෙමෙයි, කොරන්නම දෙයක් නැති උනාමයි විකුනන්නෙ..

    අන්න ඒක නම් ඇත්තටම හොඳ අදහසක්. ඔය අවිහින්සාවාදී සංගමයක් අල්ලගෙන සංවිධානයක් හදාගත්තා නම් හරි. ටිකක් ප්‍රසිද්ධ කරලා ගම් වල ඉන්න තමන්ට තියාගන්න බෑ කියලා හිතෙන සත්තුන්ව වටිනාකම ගෙවලා අරගෙන, අවශ්‍යය නම් සුලු ලාභයක් තියාගෙන හරි නැත්තන් නොමිලේ හරි කිරි ගන්න ඇති කරන අයට හරි මසට විකුණනවා ඇර දේකට හරි දෙනවා නම් පිනත් සිද්ධ වෙනවා. නිකන් පෝය දාට මස් කඩ කාරයො පෝසත් වෙන්නෙත් නෑ
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    නෑ නෑ අත් හැරිම කියන්නෙ භෞතික වස්තුව අත් හැරීම නෙමෙයි මචන්
    මනසින් අත් හැරීම. බුදු හාමුදුරුවො ජීවත් උනේ කෝටි ගාණක් වියදම් කරලා හදපු ජේතවනා‍රාමෙ. හැබැයි එහෙම හිටිය කියලා ඒකට හිටපු රහතන් වහන්සේලා වත් බුදු හාමුදුරුවො වත් තණ්හාවක් ඇතිකරගන්නෙ නෑ. ඒ අය සම්පූර්ණයෙන්ම භෞතික දෑ ගැන තියෙන ආශාව මනසින් අත් හැරලා නිසා. ඒක ටිකක් ලොකු මාතෘකාවක් අවශ්‍යය නම් ඉදිරියේ දි පැහැදිලි කරගමු.

    මම කිවුවෙ පිං කරන්න එපා කියලා නෙමෙයි. අපි හොඳ හිතින් කරන දෙයින් අපිට දෙයක් ලැබෙනවනෙ ඒක නිසා ඊට පස්සෙ මොකක් උනත් කමක් නෑ කියලා හිතලා වැඩ කරන එක ඒ තරම් හොඳ නැහැ.

    බෞද්ධයන් විදිහට අපි දුර දිග හිතලා කරන යමක් කරන්න ඕනෙ. යමක් කරනකොට ඒක කලාම මොකද වෙන්නෙ ඒ නිසා නරකක් වෙනවද හොඳක් වෙනවද කියලා හිතන්න ඕනෙ. අපි හොඳ දේ කියලා කියන්නෙ අපිට‍ හෝ අනෙකාට යහපතක් වෙන දේ. ඒ දේ කරලා ලබන සතුට තමයි පින. ඉතින් අපි කරන දෙයින් එක්කෙනෙක්ට හොඳක් උනත් කිහිප දෙනෙක්ට නරකක් වෙනවා නම් ඒ දේ හොඳයි කියලා කියන්න‍ බැහැ නේද? එ‍තකොට ඒකෙන් ලබන සතුට පරිපූර්ණ නෑ නේද?

    අත්හැරීම කියන්නේ භෞතික වස්තුව අත්හැරීම නෙමෙයිලු, එහෙම කියල ආයිත් උඹම චේතවනාරමයක් ගැන කියවනවා. පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද? භෞතික වස්තුව මනසින් අත් ඇරීම සම්බන්දයෙන් මට දෙයක් කියන්න අමාරුයි. මොකද සාමාන්‍ය මනුස්සයෙක් විදියට මට ඒ අත්දැකීම නෑ .

    හරි අවබෝධයක් තියන එකා කොහොමත් හරි දේ මොකක්ද නරක දේ මොකක්ද කියල හොඳ පැහැදිලි අවබෝධයකින් තමයි දෙයක් කරන්නේ. එත් එකත් සාපෙක්ෂයිනේ සහෝදරයා? මම කරන හොඳ දේ සමහරවිට ඔයාට නරක දෙයක් විදියට පෙන්න පුළුවන් නේද? මිනිස්සු විවිධයි, විශමයිනේ? අනික හොඳ හිතින් කරලා ඊට පස්සේ මොකක් උනත් කමක් නෑ කියන එකේ ඇති වැරද්දක් නෑ. A - Z මොනවා වෙයිද කියන්න අමාරුයි. උදා: තුවාල වෙලා වැටිලා ඉන්න කුරුල්ලෙක්ට බෙහෙත් දාල වතුර දීල ආපහු පියාඹාගෙන යන්න පුළුවන් තත්වෙට අවට පස්සේ නිදහස් කරලා ඇසුරු සැනින් පුසෙක්ට බිලි වෙනවා. එතකොට අපිට හිතෙනවද අපරාදේ තුවාල වෙලා ඉඳිද්දී බේර ගත්තේ එහෙම නොවුනානම් පූසට ගොදුරක් වෙන්නේ නෑනේ කියල? නෑනේ එහෙම හිතෙන්නේ නෑනේ ? කුරුල්ලාගේ ජිවිතේ බේරන්න දරපු උත්සාහය ගැන සතුටු වෙනවා මිසක්. අන්න ඒ වගේ තමයි.

    අපේ මිනිස්සු හැම තිස්සේම බලන්නේ සමාජේ රටේ setup එක. නැතුව තමන්ගේ හරි වැරැද්ද නෙමෙයි. සිද්ධාර්ථ තවුසත් එහෙම කරානම් සෙනග පිරිවරාගෙන යයි "යමු අපි ඔක්කොම ගිහින් එක පාර බුදු වෙමු" කියල. එහෙම නෙමෙයිනේ ඉස්සෙල්ල තමන් වහන්සේ බුදු වෙලා ඊට පස්සේ තමයි අනික් මිනිස්සුන්ට බන කිව්වේ. එත් හැම කෙනෙක්වම දුසිරිතෙන් මුදව ගන්න බැරි උනානේ .

    කැමති කෙනෙක් ගවයෝ නිදහස් කරවයි, කැමති කෙනෙක් ගවයෝ මරයි. ඒ දෙපිරිසටම ඒකට අදාල return එකත් ලැබේයි.
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    බන්ටු;15014178 said:

    මනසින් අත්හැරීම කියන්නෙ මෙහෙම දෙයක්, ඔයාගෙ කාම‍‍රේ මල් පෝච්චියක් තියෙනවා. හදිසියේ මල් පොච්චිය කැඩෙනවා. ඔයාට දුකයි. ඒ ඔයා ඒක කැඩෙයි කියලා බලාපොරොත්තු ‍නොවුන නිසා. තවත් විදිහකට කිවුවොත් ඔයා ඒකට ආශාවෙන් බැඳිලා හිටපු නිසා. ආශාවෙන් බැ‍ඳෙන්නෙ මනසින්. අතින් තුරුල් කරන් ඉන්නෙ නැහැ. මල් පෝච්චිය ඔබ බදාගෙන හිටියෙ මනසින්.

    බුදු හාමුදුරුවො, රහතන් වහන්සේලා කියන්නෙ අන්න ඒ වගේ ලෝකයේ තියෙන හැම දෙයක්ම මනසින් අල්ලගෙන නැති අත් හැරපු අය. මනසින් අත් හැරීම මදක් හරි පුරුදු කරපු කෙනෙක්ට ඔබට සාපේක්ෂව දුක අඩුයි. අන්න එතනටයි සැබෑවටම බුදු දහමෙන් යොමු කරන්නෙ. අපි ගොඩක් වෙලාවට කරන්නෙ ආමිස පූජාව උනාට බුදු හාමුදුරුවො පවා කියලා තියෙන්නෙ ප්‍රතිපත්ති පූජාව වඩා උතුම් කියලයි.

    කුරුල්ලගෙ උදාහරණෙ ගත්තොත් ඔයා බේත් කරලා නිදහස් කරන කුරුල්ලව පූසෙක් අල්ලගැනීම ඇත්තටම අහම්බයක්නෙ.
    මෙහෙම හිතමු ඔබ කුරුල්ලා නිදහස් කරන්න හදද්දි පූසෙක් ඒකට මාන බලනවා දැක්කොත් ඔබ කුරුල්ලා නිදහස් කරනවද?
    උත්තරය අන්න එතන තියෙනවා
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,898
    1
    9,696
    113
    Gampaha
    කිරි ගන්න ඇති කරන අයට හරි
    තව ටිකකින් මෙතනට කෙනෙක් අවිත් අහයි පැටිය කිරි බොන්න බලාගෙන ඉද්දි පැටියට නොදී ඒ කිරි ගන්න එකෙන් පින් ලැබෙන්නෙ කොහොමද කියල. :rofl: ධර්මද්වීපයයි, සංස්කෘතියයි, පුහු බෞද්ධකමයි ඔලුවට ගහගෙන ඉන්න නිසා තමා අපිට අපේ ධර්මද්වීපයවත් අද රැක ගන්න බැරි වෙලා තියෙන්නෙ. හැම තැනටම ඔය සංස්කෘතියයි, බුදු බණයි ඇදල ගන්නව. අන්තිමට ඇති සංස්කෘතියකුත් නෑ අහපු
    බණකුත් නෑ. :yes:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මනසින් අත්හැරීම කියන්නෙ මෙහෙම දෙයක්, ඔයාගෙ කාම‍‍රේ මල් පෝච්චියක් තියෙනවා. හදිසියේ මල් පොච්චිය කැඩෙනවා. ඔයාට දුකයි. ඒ ඔයා ඒක කැඩෙයි කියලා බලාපොරොත්තු ‍නොවුන නිසා. තවත් විදිහකට කිවුවොත් ඔයා ඒකට ආශාවෙන් බැඳිලා හිටපු නිසා. ආශාවෙන් බැ‍ඳෙන්නෙ මනසින්. අතින් තුරුල් කරන් ඉන්නෙ නැහැ. මල් පෝච්චිය ඔබ බදාගෙන හිටියෙ මනසින්.

    බුදු හාමුදුරුවො, රහතන් වහන්සේලා කියන්නෙ අන්න ඒ වගේ ලෝකයේ තියෙන හැම දෙයක්ම මනසින් අල්ලගෙන නැති අත් හැරපු අය. මනසින් අත් හැරීම මදක් හරි පුරුදු කරපු කෙනෙක්ට ඔබට සාපේක්ෂව දුක අඩුයි. අන්න එතනටයි සැබෑවටම බුදු දහමෙන් යොමු කරන්නෙ. අපි ගොඩක් වෙලාවට කරන්නෙ ආමිස පූජාව උනාට බුදු හාමුදුරුවො පවා කියලා තියෙන්නෙ ප්‍රතිපත්ති පූජාව වඩා උතුම් කියලයි.

    කුරුල්ලගෙ උදාහරණෙ ගත්තොත් ඔයා බේත් කරලා නිදහස් කරන කුරුල්ලව පූසෙක් අල්ලගැනීම ඇත්තටම අහම්බයක්නෙ.
    මෙහෙම හිතමු ඔබ කුරුල්ලා නිදහස් කරන්න හදද්දි පූසෙක් ඒකට මාන බලනවා දැක්කොත් ඔබ කුරුල්ලා නිදහස් කරනවද?
    උත්තරය අන්න එතන තියෙනවා

    මනසින් අත ඇරීම .

    ඔයාට අනුව: ලෝකයේ තිබෙන දේවල් මනසින් අත් ඇරීමට පුරුදු වූ නිසා.

    1. මුලින්ම පින් පව් පිලිබඳ සිතුවිල්ල මනසින් අත් අරින්න.
    2. මරණයට කැප වූ ගවයා(ට) ඕන දෙයක් වෙච්චාවේ කියල මනසින් අත අරින්න.
    3. මස් කඩ කාරයාව මනසින් ඇත අරින්න.
    4. මස්කඩ කාරයාට ගෙවන කීප ගුණයක් වැඩිවූ මුදල මනසින් අත අරින්න.

    මට අනුව:

    මමනම් අවංකවම අත් නොහරිමි. එනිසා ඔබගේ උදාහරණයට අනුව,

    1. බිඳුණු මල් පෝච්චිය පිලිබඳ කනගාටුවක් ඇති වේ.

    වෙනත් දේ:
    2. වාහනයේ සුළු හෝ සීරීමක් ඇති වූ විට කණගාටුවක් ඇතිවේ.
    3.මුදල් පසුම්බිය අස්ථානගත වුවහොත් කණගාටුවක් ඇතිවේ.

    කුරුල්ලාගේ උදාහරණය පිළිබඳව: ඔබගේ අදහසට අනුව එය අහම්බයක් උවත් සිදුවිය හැක්කක් නේද? එතකොට?
    (අනික පූසෙක් මන බලන එකත් අහම්බය්ක්නේ? :rofl: මොකද කියන්නේ?)

    (සුළු කාරණාවකට මේ විදියට තර්ක ඉදිරිපත් කිරීමට අවශ්‍ය නැති බව විශ්වාස කරමි)
     
    Last edited: