Maligatanna~මාලිගාතැන්න
Maligatanna - මාලිගාතැන්න
කරන්න වැඩක නැතිව බලන්න තැනක් නැතිව ඉද්දි මට හම්බුනා ළගපාත ලස්සන තැනක් බලන්න යන්න..මේ මාලිගාතැන්න පංසලයි.. විනීතව හැසිරී පංසලේ හාමුදුරුවන්ට කතාකරල ඕනම කෙනෙක්ට මේක බලන්න යන්න පුලුවන්..
............
මාලිගාතැන්න විවේක සේනාසනය බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මිරිස්වත්ත - වතුරුගම අතර මාලිගාතැන්න ප්‍රදේශයේ පිහිටා ඇත. විහාරස්ථානයට ළඟා වීම සඳහා මිරිස්වත්ත - වතුරුගම මාර්ගයේ පැමිණ මාලිගාතැන්න හංදියෙන් වමට ඇති මාර්ගයේ කිලෝ මීටරයක පමණ දුරක් ගම තුළට ගමන් කළ යුතු වේ. එසේ ගමන් කිරීමෙන් අනතුරුව මාලිගාතැන්න විවේක සේනාසනය හමු වන අතර සෙනසුනට ඇතුළු වීම සඳහා තරමක් දුරට කන්ද මුදුනට නැගීමට සිදු වේ. ඒ සඳහා සකස් කරන ලද ගල් පඩිපෙළක් වේ. සෙනසුනට ඇතුළු වන තැනම විහාරස්ථානයේ අභ්‍යන්තර පිහිටීම පිළිබඳ විස්තර කරන පුවරුවක් වෙයි. එය අධ්‍යයනයෙන් සෙනසුනේ ගොඩනැගිලි වල පිහිටීම පිළිබඳ අවබෝධය ලැබිය හැකි වෙයි. මාලිගාතැන්න විවේක සේනාසනය පිහිටා ඇත්තේ ගල් පර්වත පිහිටි භූමියකය. විහාරස්ථානය පිහිටා ඇති භූමිය වටේට ඇත්තේද විශාල කළු ගල් පර්වතයන්ය. මේ භූ විෂමතාවය මත පිහිටා සිටිමින් සුන්දර, එමෙන්ම නිස්කලංක විහාරස්ථානයක් ගොඩනැගී ඇත. භූමියේ ඇති විවිධත්වය මනා කොට භාවිතා කරමින් ඊට අනුරූපි වන අයුරින් විභාර අංග ගොඩනගා තිබීම මෙම විහාරස්ථානයේ සුවිශේෂී ලක්ෂණයක් වෙයි. විහාරස්ථානය උඩ මළුව හා පහළ මළුව යන කොටස් දෙකකින් සමන්විත වෙයි. පහළ මළුවේ බුද්ධ මන්දිරය, බෝධීන් වහන්සේ, චෛත්‍යය, බණ මඩුව, ආවාස කුටි යන විහාරස්ථානයේ සියලූම ප්‍රධාන අංගයන්ගෙන් සමන්විත වන අතර උඩ මළුවේ ඇත්තේ චෛත්‍යයක්, බෝධියක් යන අංගයන්ය. විහාරයේ උඩ මළුවට යෑම තරමක් දුෂ්කර කාර්යයකි. එක් අතකින් එය කුඩා වනයක මැදින් යන ගමනක් වන අතර අනෙක් අතින් මාවත සෑදී ඇත්තේ ගල් පර්වත අතරිනි. ඇතැම් තැනක ගල් පඩි සකස් කොට තිබුණද බොහෝ තැන් එලෙස සකස් කොට නැත. එවන් තැන් වලින් ගමන් කිරීම තරමක් භයානක වේ. කෙසේ වුවද එකී දුෂ්කර ගමනින් පසු උඩ මළුවට නැගි කල පෙනෙන මනස්කානන්ත දර්ශනය හේතුවෙන් ගමන් වෙහෙස ඉබේම සංසිඳී යයි. හාත්පස බොහෝ දුරක් යනතෙක්ම මාලිගාතැන්නේ උඩ කන්දට දර්ශනය වේ. උඩ කන්දේ සිට බලන කල එක් පසෙකින් කොළඹ අහස සිඹින මැදුරු දර්ශනය වෙද්දී අනික් පසින් රට මැද කඳුකරය සුන්දර සිතුවමක් මවයි.
source
.............
නිසලතාවය
යන එන හැමතැන එදා සිට
යා යුතු මග
ගහකොල සහ අතීතය
දැන් අපි උඩ
අවට සිරිය
යාලුවෝ
තනිකම
නිදහස

සැදෑ අදුරත් සමග නැවත පැමිණියෙමි
..............................
සටහන. : කඩියා (JK)
Read our all articles and old posts
http://www.teamtraveler.info

© all rights received - jkadithya @ ElaKiri.com
Special Thanks goes to :-
Special Thanks goes to :-
- Sali07 and all of his friends , Maligatanna Temple monk
Last edited:
12++