Maligatanna~මාලිගාතැන්න

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
Maligatanna~මාලිගාතැන්න



Maligatanna - මාලිගාතැන්න



කරන්න වැඩක නැතිව බලන්න තැනක් නැතිව ඉද්දි මට හම්බුනා ළගපාත ලස්සන තැනක් බලන්න යන්න..මේ මාලිගාතැන්න පංසලයි.. විනීතව හැසිරී පංසලේ හාමුදුරුවන්ට කතාකරල ඕනම කෙනෙක්ට මේක බලන්න යන්න පුලුවන්..


............

මාලිගාතැන්න විවේක සේනාසනය බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත‍්‍රික්කයේ මිරිස්වත්ත - වතුරුගම අතර මාලිගාතැන්න ප‍්‍රදේශයේ පිහිටා ඇත. විහාරස්ථානයට ළඟා වීම සඳහා මිරිස්වත්ත - වතුරුගම මාර්ගයේ පැමිණ මාලිගාතැන්න හංදියෙන් වමට ඇති මාර්ගයේ කිලෝ මීටරයක පමණ දුරක් ගම තුළට ගමන් කළ යුතු වේ. එසේ ගමන් කිරීමෙන් අනතුරුව මාලිගාතැන්න විවේක සේනාසනය හමු වන අතර සෙනසුනට ඇතුළු වීම සඳහා තරමක් දුරට කන්ද මුදුනට නැගීමට සිදු වේ. ඒ සඳහා සකස් කරන ලද ගල් පඩිපෙළක් වේ. සෙනසුනට ඇතුළු වන තැනම විහාරස්ථානයේ අභ්‍යන්තර පිහිටීම පිළිබඳ විස්තර කරන පුවරුවක් වෙයි. එය අධ්‍යයනයෙන් සෙනසුනේ ගොඩනැගිලි වල පිහිටීම පිළිබඳ අවබෝධය ලැබිය හැකි වෙයි. මාලිගාතැන්න විවේක සේනාසනය පිහිටා ඇත්තේ ගල් පර්වත පිහිටි භූමියකය. විහාරස්ථානය පිහිටා ඇති භූමිය වටේට ඇත්තේද විශාල කළු ගල් පර්වතයන්ය. මේ භූ විෂමතාවය මත පිහිටා සිටිමින් සුන්දර, එමෙන්ම නිස්කලංක විහාරස්ථානයක් ගොඩනැගී ඇත. භූමියේ ඇති විවිධත්වය මනා කොට භාවිතා කරමින් ඊට අනුරූපි වන අයුරින් විභාර අංග ගොඩනගා තිබීම මෙම විහාරස්ථානයේ සුවිශේෂී ලක්‍ෂණයක් වෙයි. විහාරස්ථානය උඩ මළුව හා පහළ මළුව යන කොටස් දෙකකින් සමන්විත වෙයි. පහළ මළුවේ බුද්ධ මන්දිරය, බෝධීන් වහන්සේ, චෛත්‍යය, බණ මඩුව, ආවාස කුටි යන විහාරස්ථානයේ සියලූම ප‍්‍රධාන අංගයන්ගෙන් සමන්විත වන අතර උඩ මළුවේ ඇත්තේ චෛත්‍යයක්, බෝධියක් යන අංගයන්ය. විහාරයේ උඩ මළුවට යෑම තරමක් දුෂ්කර කාර්යයකි. එක් අතකින් එය කුඩා වනයක මැදින් යන ගමනක් වන අතර අනෙක් අතින් මාවත සෑදී ඇත්තේ ගල් පර්වත අතරිනි. ඇතැම් තැනක ගල් පඩි සකස් කොට තිබුණද බොහෝ තැන් එලෙස සකස් කොට නැත. එවන් තැන් වලින් ගමන් කිරීම තරමක් භයානක වේ. කෙසේ වුවද එකී දුෂ්කර ගමනින් පසු උඩ මළුවට නැගි කල පෙනෙන මනස්කානන්ත දර්ශනය හේතුවෙන් ගමන් වෙහෙස ඉබේම සංසිඳී යයි. හාත්පස බොහෝ දුරක් යනතෙක්ම මාලිගාතැන්නේ උඩ කන්දට දර්ශනය වේ. උඩ කන්දේ සිට බලන කල එක් පසෙකින් කොළඹ අහස සිඹින මැදුරු දර්ශනය වෙද්දී අනික් පසින් රට මැද කඳුකරය සුන්දර සිතුවමක් මවයි.


source


.............


නිසලතාවය


417394_594495357245657_1925963196_n.jpg



යන එන හැමතැන එදා සිට



390348_594495170579009_693414371_n.jpg



යා යුතු මග


602036_594495703912289_2084399174_n.jpg



ගහකොල සහ අතීතය


602068_594495307245662_1626659798_n.jpg


දැන් අපි උඩ



602244_594495580578968_2014572822_n.jpg



157044_594495683912291_1638777529_n.jpg


අවට සිරිය


150475_594496057245587_1139853119_n.jpg



71984_594497050578821_407684605_n.jpg





යාලුවෝ :P

157089_594496800578846_794342870_n.jpg



542713_594496317245561_975377603_n.jpg



625418_594497090578817_653606451_n.jpg



තනිකම :dull:

486573_594497270578799_1056946291_n.jpg



6702_594497563912103_1232601360_n.jpg



559725_594497280578798_545898440_n.jpg



62482_594497850578741_1569113669_n.jpg




166721_594497727245420_924596865_n.jpg


නිදහස


408988_594498240578702_570190028_n.jpg



:) :) :)

542750_594498020578724_876579779_n.jpg


417529_594497887245404_1414624963_n.jpg



544550_594498357245357_815401395_n.jpg



418775_594498213912038_505152392_n.jpg


සැදෑ අදුරත් සමග නැවත පැමිණියෙමි


734229_594498430578683_2095745465_n.jpg


..............................





සටහන. : කඩියා (JK)



picture.php






Read our all articles and old posts
http://www.teamtraveler.info





We Highly Appreciate Your Ideas..
send your Suggestions and ideas :-

[email protected]


© all rights received - jkadithya @ ElaKiri.com

Special Thanks goes to :-
  • Sali07 and all of his friends , Maligatanna Temple monk

 
Last edited:

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අපි දවසක් පිළිකුත්තුව පන්සලේ ඉඳන් මාලිගාතැන්න කන්ද උඩට කැලේ ඇතුලෙන් ගියා. මම මේ වෙනකන් ගිය ආතල්ම ට්‍රිප් එක තමයි ඒක..
    11.gif

    ෆොටෝස් ටික නම් ෆට්ටයි... වෙනදට දකින මාළිගාතැන්නමද මේ කියල හිතෙනව..
    :)
     
    Last edited:

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අපි දවසක් පිළිකුත්තුව පන්සලේ ඉඳන් මාලිගාතැන්න කන්ද උඩට කැලේ ඇතුලෙන් ගියා. මම මේ වෙනකන් ගිය ආතල්ම ට්‍රිප් එක තමයි ඒක..
    11.gif

    ෆොටෝස් ටික නම් ෆට්ටයි... වෙනදට දකින මාළිගාතැන්නමද මේ කියල හිතෙනව..
    :)

    adee anna ooka apita eda karanna welwak nati una neh ban..koheda hawasa 3ta witra hitila bike wala gihin kohoma hari ooka udata naga gatte..pics tiyanma daana macahn :) kattiatama bala ganna