උදය වැය

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මේ මොහොතේ සකස් වන දැනගත් බව සකස් වන්නේ ත්
    පෙර දැනගත් බවක් නිසා
    දැනගත් බව
    කියන්නේ
    එකිනෙකේ පිටපතක්
    එය පවතින ස්වභාවයේ උප සකස් වීමක් නැතිනම් ප්‍රතිනිර්මාණය ක්
    උපාදානය කීවෙ එයටයි
    මෙය ඇතිවිට මෙය වේ ලෙස පෙන්වා දුන්නේ එයයි
    මේ මොහොතේ දැනගත් බව
    උපාදානය ක් බව
    නොදකින නිසා
    එය තමන්ගේ දැනුමට අනුව
    විග්‍රහ කරගන
    හඳුනාගැනීම වන
    එකයි
    දැනගන හිතන බව
    උපාදානය වෙමින් යන සකස් වීම තමයි පටිච්ඡ සමුපන්න වෙමින් වන සංස්කරණය
    එය උපාදානයක් වන එනම් එකක් අනුව එකක් ලෙස ප්‍රතථිනිර්මාණය වෙමින් වන සංස්කරණය ක්(සංඛාර) බව
    නොදකින තාක්
    අරමුණු වන
    විටම
    දැනගත් බව නිත්‍ය වෙමින් ඒ අනුව
    විග්‍රහය සිදුවනව
    දැනගන හිතන බව
    කියන්නේ එයටයි
    එය තමයි මනිසිකාරය නැතිනම්
    සිතුවිල්ල
    නැත්නම් පටිච්ඡ සමුපන්න වන සිත
    එය හැමවිටම දැනගත් බවක් අනුව සිදුවෙමින් දැනගත් බව සකස් වන
    නිසා
    අනුසෝථ ගාමි මගයි
    මෙය කියවන මොහොතේදී ත් සිදුවන්නේ එයයි
    ඒත් දැනගත් බව කියන්නේ ම
    එකිනෙක පිටපත් වීමක්(උපාදානයක්)
    එය තමයි හේතු ව ඵලය වන නැවත ඵලය හේතුවක් වන
    හේතු ඵල ක්‍රියාවලිය
    එය අරමුණු අනුව තමයි ප්‍රථිනිර්මාණය (පටිච්ඡ වීම) වෙමින්
    දෙපැත්ත ක් අතර දැනගත් බව සකස් වන්නේ
    එතකම් එය
    දෙපැත්තක හඳුනාගත් බවක්
    නොවන
    එකම වැයවීමක්
    කැරකෙන ගෝලයක් දෙස බලා සිටිද්දී
    හැම මොහොතක් ම වැයවන ගමන් ම උදාවෙමින් යනවා වගේ

    උදය වැය
    නැතිනම් අනිත්‍ය දකිනවා කියන්නේ එයයි
    හටගත් බව තුළ ම
    නොහට ගත් බව දැකීම එයයි
    එය දකින්න
    දැනගත් බව
    හරි හෝ වැරදි එහෙමත් නැත්නම් ඇත හෝ නැත ලෙස නිත්‍ය නිගමනයක් කර නොගෙන දැනගත් බව
    සකස් වීමේ මුල සොයාගන ආපස්සට විමසන්න
    යෝනිසෝ මනිසිකාර ය වන පටිසෝතගාමී මග එයයි
    එයින් තමයි සම්මා දිට්ඨිය හෙවත් සිහිය පිහිටීම වෙමින් ආර්ය බවට පත්වන්නේ
    එනම් මේ මොහොතේ දීත් අතරක් නැතිව සිදුවෙමින් පවතින ක්‍රියාවලිය වන
    උදය වැය
    දැකීම වන්නේ

    ආර්ය පර්යේෂකයා පර්යාප්තිය පිළිබඳ දැනුම් කන්දක් හිතේ ගොඩ ගසන්නෙකු නොවෙයි. දැනුමින් හිස්වීම පිළිබඳ ඥාන දර්ශනය සොයා විමසන්නෙකි.
    දැනුම පදනම් කරගනිමින් අදහස්, මතවාද, දෘෂ්ටි සංකල්ප ගොඩනැගීමේ හුරුව පමණක් අනූදත් මිනිසුන්ට..., නොදැනුම පිළිබඳවූ දැනුමේ කේන්ද්‍රීය හරය (එනම් ශුන්‍යතා දර්ශනය)..,ඒ මිනිසුන්ගේ සන්නිවේදන අවශ්‍යතා පිරිමැසීම සඳහා ගොඩනැගුණු භාෂාවකින් අර්ථ විවරණය කොට... පැහැදිලි කරදීම මුණිවරයෙකුට කෙතරම් අසීරු කාර්යයක් වන්නට ඇතිදැයි සිතා ගැනීම පවා අසීරු වෙයි.
    සම්බුද්ධ දේශනාව පෙර නොඇසූ දහමක් වන්නේ ද එහෙයිනි.

    copied
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,470
    8,654
    113
    හිමිහිට හිතට නටන්න දීල බලන ඉන්නකොට මේ දේවල් වෙන එක ගැන පොඩි අදහසක් එනවා...

    සිතුවිලි ගගවගේ එනවා, හැබැයි අපි අල්ලගන්නේ අපිට ප්‍රිය දේවල් විතරයි, ඒ අල්ලගන්න එක උඩ ඉස්සරහට තව තව ඒවා ගලාගෙන එනවා.. ටිකකින් දන්නෙම නැතුව අර සිතුවිල්ල ඔස්සේ ගිහින් මනෝපරක් දානවා..
     
    • Like
    Reactions: Fiona Dabare