දළදා මාලිගාව ඉදිරිපිට බාර් එක...
දළදාව ඉදිරිපිට මස්-අරක්කු ගඳ හමන 'ක්වීන්ස් හෝටලය' රජයට පවරා ගන්න
ශ්‍රී ලංකාවාසී බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ ලෙස සැලකෙන ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින ඓතිහාසික
ශ්‍රී දළදා මාලිගය අබියස පිහිට රැජන හෝටලයේ මත්පැන් අලෙවි කිරීම, බාබකියු අලෙවිය, සමාජශාලා පැවැත්වීම
ආදී කටයුතු ශ්‍රී දළදා වහන්සේටත් උතුම් වූ බුදු දහමටත් කරන බරපතළ අගෞරවයක් බව ප්‍රදේශයේ නායක ස්වාමීන්
වහන්සේ පෙන්වා දෙති.
එම නිසා මේ රැජන හෝටලය රජයට පවරාගෙන බෞද්ධ පරිසරයට අනුකූල වන අන්දමට ශ්‍රී දළදා වහන්සේටත් දළදා
මාලිගයටත් අගෞරවයක් නොවන ආකාරයේ කටයුත්තක් සඳහා යොදා ගන්නා ලෙසද උන්වහන්සේ ඉල්ලා සිටිති.
රැජන හෝටලය රජයේ පාලනය යටතේ තිබී 2001 - 2004 එ.ජා.ප. රජය සමයේ පෞද්ගලික අංශයට පවරා දුන්
අතර එහි කටයුතු බෞද්ධ පරිසරයකට කිසිසේත් නොගැළපෙන බව එම නායක ස්වාමීන්වහන්සේ සඳහන් කරති.
අසල්වැසි ඉන්දියාවේ බුද්ධගයාව, තිරුපති ඇතුළු ආගමික ස්ථානවල එම සිද්ධස්ථානවලට නොගැළපෙන මෙවැනි ව්‍යාපාර
කටයුතු කරගෙන යෑමට ඉඩ නොදෙන බවත් එසේ වුවද රැජන හෝටලය අවට මීට අමතරව තවත් ප්‍රසිද්ධ මත්පැන්හල්
3ක් පමණ තිබෙන බවද උන්වහන්සේ පෙන්වා දෙති.
නායක ස්වාමීන් වහන්සේ මේ තත්ත්වය පෙන්වා දීමෙන් පසු ජනාධිපතිවරයා පසුගිය දිනෙක මහනුවර කළ සංචාරයකදී
මෙහි සැබෑ තත්ත්වය දැකබලා ගැනීමට හැකි වූ බවත්, බෞද්ධ පුදබිමකට ගැළපෙන අයුරින් රැජන හෝටලය සුදුසු
කාර්යයක් සඳහා යොදා ගැනීමට කටයුතු යොදන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවත්
උන්වහන්සේ සඳහන් කරති

Last edited:
ඒ උනාට අන්තිමට බැලුවම ඔක්කොම මාලිගාවෙ ඉඩම්
ලංකාවට ලැම්බෝගිනි ගේනවා ගිනි ගනන් දීලා මුන්ට මේවාට පිළියම් යොදන්න බැරිද 