දළදා මාලිගාව ඉදිරිපිට බාර් එක...

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    දළදා මාලිගාව ඉදිරිපිට බාර් එක...

    Queens_hotel_kandy_06.jpg


    දළදාව ඉදිරිපිට මස්-අරක්කු ගඳ හමන 'ක්වීන්ස් හෝටලය' රජයට පවරා ගන්න



    ශ්‍රී ලංකාවාසී බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ ලෙස සැලකෙන ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින ඓතිහාසික
    ශ්‍රී දළදා මාලිගය අබියස පිහිට රැජන හෝටලයේ මත්පැන් අලෙවි කිරීම, බාබකියු අලෙවිය, සමාජශාලා පැවැත්වීම
    ආදී කටයුතු ශ්‍රී දළදා වහන්සේටත් උතුම් වූ බුදු දහමටත් කරන බරපතළ අගෞරවයක් බව ප්‍රදේශයේ නායක ස්වාමීන්
    වහන්සේ පෙන්වා දෙති.

    එම නිසා මේ රැජන හෝටලය රජයට පවරාගෙන බෞද්ධ පරිසරයට අනුකූල වන අන්දමට ශ්‍රී දළදා වහන්සේටත් දළදා
    මාලිගයටත් අගෞරවයක් නොවන ආකාරයේ කටයුත්තක් සඳහා යොදා ගන්නා ලෙසද උන්වහන්සේ ඉල්ලා සිටිති.

    රැජන හෝටලය රජයේ පාලනය යටතේ තිබී 2001 - 2004 එ.ජා.ප. රජය සමයේ පෞද්ගලික අංශයට පවරා දුන්
    අතර එහි කටයුතු බෞද්ධ පරිසරයකට කිසිසේත් නොගැළපෙන බව එම නායක ස්වාමීන්වහන්සේ සඳහන් කරති.

    අසල්වැසි ඉන්දියාවේ බුද්ධගයාව, තිරුපති ඇතුළු ආගමික ස්ථානවල එම සිද්ධස්ථානවලට නොගැළපෙන මෙවැනි ව්‍යාපාර
    කටයුතු කරගෙන යෑමට ඉඩ නොදෙන බවත් එසේ වුවද රැජන හෝටලය අවට මීට අමතරව තවත් ප්‍රසිද්ධ මත්පැන්හල්
    3ක් පමණ තිබෙන බවද උන්වහන්සේ පෙන්වා දෙති.

    නායක ස්වාමීන් වහන්සේ මේ තත්ත්වය පෙන්වා දීමෙන් පසු ජනාධිපතිවරයා පසුගිය දිනෙක මහනුවර කළ සංචාරයකදී
    මෙහි සැබෑ තත්ත්වය දැකබලා ගැනීමට හැකි වූ බවත්, බෞද්ධ පුදබිමකට ගැළපෙන අයුරින් රැජන හෝටලය සුදුසු
    කාර්යයක් සඳහා යොදා ගැනීමට කටයුතු යොදන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවත්
    උන්වහන්සේ සඳහන් කරති


    queens+hotel+image.jpg
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කරන්න පුලුවන් නම් හොදයි, හැබැයි වෙන්නෙ නැ, ඔක වහනවා තියා එහා පැත්තෙ තියන pizzahut එක වහගන්න බැරි උනානෙ... ඒකෙ කුකුල්ලු රොස් කරනවා පොයටත්..
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    කරන්න පුලුවන් නම් හොදයි, හැබැයි වෙන්නෙ නැ, ඔක වහනවා තියා එහා පැත්තෙ තියන pizzahut එක වහගන්න බැරි උනානෙ... ඒකෙ කුකුල්ලු රොස් කරනවා පොයටත්..

    :yes: ඒ උනාට අන්තිමට බැලුවම ඔක්කොම මාලිගාවෙ ඉඩම්
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඕවා වෙන්නේ නැති වැඩ මචන්. මාළිගාවට පොඩ්ඩක් එහායින් ෆුඩ් සිටි එකයි එකයි අනික් ඩෙවෝන් ඔක්කොම වල මස් මාළු අරක්කු තියනවා. වැඩිය ඕනේ නෑ එම්පයර් එකේ බාර් එක තියනවා එකට ඉස්සරහින් මල් විකුණනවා
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඕවා වෙන්නේ නැති වැඩ මචන්. මාළිගාවට පොඩ්ඩක් එහායින් ෆුඩ් සිටි එකයි එකයි අනික් ඩෙවෝන් ඔක්කොම වල මස් මාළු අරක්කු තියනවා. වැඩිය ඕනේ නෑ එම්පයර් එකේ බාර් එක තියනවා එකට ඉස්සරහින් මල් විකුණනවා
    ඔවා ගෑන කතා කරලා වැඩක් නැ බන්.. ඔය එකකවත් අයිතිකාරයො සාමන්ය මිනිස්සු නෙමෙනෙ.. ඔව්වා වහනවා තියා ඒව ගැන කතා කරන්නෙවත් නැ.. මම ඇස් දෙකෙන් දැකලා කල කිරිලා තියනවා බන්, කුයින්ස් එකේ උඩ තට්ටුවෙ, බැල්කනි එකෙ, ඔනා තරම් සුද්දො බියර් අරක්කු බිබි මාලිගාව පැත්ත බලාගෙන ඉදලා තියනවා.. යාන්තම් ඔක කියලා කියලා A/C කරන මුවාවෙන් උන් ඒ පැත්තෙ ජනේල ටික වැහැව්ව..
     

    pasan ravindu

    Junior member
  • Nov 21, 2012
    175
    8
    18
    ඔවා ගෑන කතා කරලා වැඩක් නැ බන්.. ඔය එකකවත් අයිතිකාරයො සාමන්ය මිනිස්සු නෙමෙනෙ.. ඔව්වා වහනවා තියා ඒව ගැන කතා කරන්නෙවත් නැ.. මම ඇස් දෙකෙන් දැකලා කල කිරිලා තියනවා බන්, කුයින්ස් එකේ උඩ තට්ටුවෙ, බැල්කනි එකෙ, ඔනා තරම් සුද්දො බියර් අරක්කු බිබි මාලිගාව පැත්ත බලාගෙන ඉදලා තියනවා.. යාන්තම් ඔක කියලා කියලා A/C කරන මුවාවෙන් උන් ඒ පැත්තෙ ජනේල ටික වැහැව්ව..

    :) ලංකාවට ලැ‍ම්‍බෝගිනි ගේනවා ගිනි ගනන් දීලා මුන්ට මේවාට පිළියම් යොදන්න බැරිද :frown:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    sad


    Kukullu rose karana gada sulan ekka hamagena enawa...kiyala wadak naha.
    Kukullu purogatta lorry gada gahagena watey yanawa...

    Aththatama sinhala baudda minissunta wena waradi,bauddagamata karana apahasa walakwanna niyama balawegayak awsyai..namuth e oppertunity eka yodagena wena horu kandayam sinhala baudda balawega wage awilla anthimata minissu amaruwe dala,minissu atharaman karala buddagamath winasa karala shape wenawa..

    Soma hamuduruwo apawath una welawe Uduwe himiyan thaman wahansey Soma himiyange prathipaththi ediriyata geniyanawa kiyala prasiddiye porondu wela en passe shape una...Danuth ehemai...

    Adath Vesak eka bajaw dana Fun party ekak karagena godak aya..ko kawda katha karanne..
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    කාලයක් තිබුණා හිමිනමකගේ බණ පදයක් වගේම ඉල්ලීමකුත් රටම වෙනස් කල් යුගයක්.. බලමු අද දවසේ..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Kandy town eke thawa arack bar thienawa. Samahara bar wala prostitution [wal wada] thiyenawa. 1990 year eke nam mewa thibuna. Dan kohomadha danne naha. AHO PUJANIYA NAGARAYA.
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    රජයට පවර ගත්තම කියමුකෝ.ඊට පස්සේ ඕක තුට්ටු දෙකට වෙන්දේසි දාල රජ පවුලේ කෙනෙක්ම අරන් කොරයි ඔයිට වඩා ජයටම .
    අනික වහන්න ගියොත් වටේම තියෙන ඔක්කොම වහන්න ඕනේ
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Queens hotel eka government ekata aragena , DALADA MALIGAWA VADINNA ENA AYATA NAVATHAN PAHASUKAM DENNA ONA. SADARANA GANAK AYA KALATH KAMAK NAHA , MAS , MALU VIKUNANNE NATHUWA.