ඉන්ද්‍රරතන ජාතකය සහ තවත් කතා
රට ජාතිය ආගම වෙනුවෙන් ජීවිත පරිත්‍යයෙටන් කටයුතු කිරීම සඳහා බෝවත්තේ ඉන්ද්‍රරතන හාමුදුරුවන් මෙන් තවත් භික්ෂූන් බොහෝ ගණනක් සූදානමින් සිටින්නේ යයි සිංහල රාවය ජාතික සංවිධානය පවසයි.
එම සංවිධානයේ ජාතික සංවිධායක පුලියද්දේ සුධම්ම හිමියන් මේ බව පැවසුවේ අපවත් වී වදාල බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය තම සංවිධානයේ ඉල්ලීම නොතකා කහවත්ත ප්‍රදේශයට ගෙන යාම සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමිනි.
අන්‍යාගමික පනත පාර්ලිමේන්තුවට ගෙන එන හෝ නොවන බව සෘජුව කියන ලෙසත් මේ වන විටත් සංශෝධනයන්ට ලක්ව ඇති ඝව ඝාතන පනත් සඳහා නියෝග ලබා දෙන ලෙසත් ඉල්ලා සිටි උන් වහන්සේ බලධාරීන් ඒවාට ප්‍රතිචාර නොදක්වන්නේ නම් ඉන් අදහස් වන්නේ තවත් හාමුදුරුවරු දෙතුන් නමක් ගිනි තියා ගන්නා තෙක් බලාසිටින බව යයිද කීහ. සිංහල රාවය සංවිධානය තුල තවත් දහස් ගණන් පිරිසක් ජීවිතය දන් දී සාසනය රකින්න සූදානමින් සිටින්නේ යයිද උන් වහන්සේ සඳහන් කලහ.
මෙහිදී අදහස් දැක්වූ සිංහල රාවය කැදවුම්කරු මාගල්කන්දේ සුදන්ත හිමියෝ සඳහන් කලේ ඉන්ද්‍රරතන හාමුදුරුවන්ගේ ජීවිතය නැති වුවද උන් වහන්සේගේ අරමුණු ඉෂ්ට විය යුතු බවයි. එසේ නොමැති වුවහොත් තවත් හාමුදුරුවරු දෙතුන් නමකගේ ජීවිත අහිමි වනු ඇතැයිද උන් වහන්සේ කීහ.
සිංහල රාවය

බෝවත්තේ ඉන්දරතන හිමියන් සිරුරට ගිනි අවුළුවා ගැනීම ජනමාධ්‍ය වල පූර්ව දැනුවත් කමකින් සිදුවූ බවට විපක්ෂය චෝදනා කරයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්, ජාතික භික්ෂු පෙරමුණේ සභාපති දඹර අමිල හිමියන් කියා සිටියේ ප්‍රේක්ෂක සංඛ්‍යාව ඉහල නංවා ගැනීම පමණක් ඇතැම් ජනමාධ්‍ය වල අරමුණ වී තිබූ බවයි.
“සිතුවමක් වගේ, චිත්‍රපටයක් මේක එක දිගට පටිගත කරලා තිබිච්ච බවට අපිට තොරතුරු තිබෙනවා,” බව එහිමියෝ පැවසූහ.
නාලිකාවේ ජනප්‍රියතාවය වර්ධනය කර ගැනීම සඳහා පුද්ගලික රූපවාහනී නාලිකාවක් විසින් මෙම සිද්ධිය වාර්තා කල අයුරු ඉතා කණගාටුදායක යයිද උන් වහන්සේ කීහ.
භික්ෂු පෙරමුන

මහනුවර දළදා මාලිගාව ඉදිරිපිටදී සිරුරට ගිනිතබාගැනීමෙන් අපවත් වූ බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය මහජන ගෞරවය සදහා කොළඹදී පැය දෙකක් නොතැබීම සම්බන්ධයෙන් විරෝධය පා සිංහල රාවය සංවිධානයේ භික්ෂූන් වහන්සේලා ඇතුළු නියෝජිත පිරිසක් කොළඹදී ඊයේ නිරත වූ විරෝධතාවක් අතරතුරදී ඉන්ද්‍රරතන හිමියන්ට කොළඹදී ගෞරව දක්වන්නට ඉඩ නොදීම උන්වහන්සේට කළ අගෞරවයක් බවත් ඊට විරෝධය පා තමන්ද ගිනිතබා ගන්නා බවත් කියමින් සිංහල රාවය කැදවුම්කරු මාගල්කන්දේ සුදන්ත හිමියෝ මල්ශාලාව ඉදිරිපිට තිබූ රථයකින් පෙට්‍රල් බෝතලයක් ගත් අතර පොලීසියි හා හමුදාව මැදිහත්ව මහත් පරිශ්‍රමයක් දරා එය වැළැක්වීය.
ඉන්ද්‍රරත්න හිමියන්ගේ දේහය පැය කිහිපයක් හෝ කොළඹ නොතබා උන්වහන්සේ පැවිදි දිවියට ඇතුළත් වූ කහවත්ත ප්‍රදේශයට රැුගෙන යාමට ඉඩදුන්නේ යැයි පවසමින් සිංහල රාවය නියෝජිතයෝ බොරැුල්ල ජයරත්න මල් ශාලාව අසලදී පොලීසිය සමග ගැටුමක්ද ඇතිකරගත්හ.
news

ගවයින් ලොරිවල පටවා රැගෙනවිත් දරුණු වධහිංසා පමුණුවා මැරීම තමා පමණක් නොව වෙනත් කිසිවකුද අනුමත නොකරන්නේ වුවද ශ්‍රී ලංකාවේ ගව ඝාතනය නතර කිරීමේ නීතියක් පැනවීම අසීරු යයි රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු පිළිබඳ ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි.
කෙසේ වෙතත් තමා පෞද්ගලිකව ගව ඝාතනයට අකමැති බවත් ගවයන් මරණ දරුණු ක්‍රමවේද වහාම නතර කළ යුතු බවත් හෙතෙම කියා සිටී.
ගවයින් මැරීම නීතියෙන් තහනම් කරනු ලැබුවහොත් ගව මස් ආහාරයට ගනු ලබන අයට පිළිතුරු දීමට සූදානමින් සිටිය යුතු බවද පවසන ඇමතිවරයා බලහත්කාරයෙන් ආගම්වලට හැරවීමට වඩා අද සිදුවන්නේ විවිධ තෑගි බෝග බලාගෙන ආගම්වලට යැම බවද එසේ යැමෙන් වැළකී සිටීම බොදුනුවන්ගේ යුතුකමක් බවද සඳහන්
ජෝන් සෙනෙවිරත්න

lankacnews