100000 කට වඩා විදෙශ් කුලී හමුදා වක් සමග සටන් වැද සිටින සිරියානු තම හමුදා වට රුසියාව මගින් ලබා දුන් පලමු s-300 ගුවන් ආරක්ෂක පද්දතියේ පලමු කාණ්ඩය සිරියාවට ලගා වූ බව සිරියා ජනාධිපති බසර් අසාද් මහතා ලෙබලනයේ අල් – මනා (Al-Manar TV) රූපවාහිනී නාලිකාවට සම්මුඛ සාඛචචාවක් ලබා දෙමින් පැවසීය .
අසාද් මහතා වැඩිදුරටත් සදහන්කර සිටියේ නුදුරු දිනයකදී මෙහි ඉතිරි කොටස තම රටට ලගා වනු ඇති බවත් රුසියනු හා සිරියානු පෙරහුරු ගිවිසුම් ලගදීම දැක ගත හැකි වනු ඇති බවත් ය . ලෙබලනයේ වේලාවෙන් බ්‍රහස්පතින්දා රත්‍රි 9. 00 මෙම විශේෂිත වැඩසටහන විකාශණය කොට ඇත .
සිරියානු දේශය තුල කිසියම් හෝ ඊශ්‍රායල් ආක්ක්‍රමනයක් සිදු වුවහොත් තමන් ඊට එසැනින් දැඩි ප්‍රතිචර දක්වන බවත් ජනධිපති වරයා ඉතා දැඩිව අවධාරනය කර සිටියේ පෙර අවස්ථාවලදී ඊශ්‍රායල් ගුවන් හමුදාව තම රටේ හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ලකිරීම් ද සිහිපත් කරමිනි .
1967 යුධ සම්යේ සිට ඊශ්‍රායල් හමුදා ස්ථන ගතවී සිටින ගෝලාන් කදුකරය මුදාගැනීමට කිසියම් සිරියානු කන්ඩායමක් යුද්දයක් ආරම්භ කල හොත් තමන් ඊට මැදිහත් නොවන බවත් ඔහු සදහන් කර සිටියේය .
සිරියාවෙ ලෙබලන් දේශ සීමාව ආසන්නයේ කැරලිකරුවන් සමග සටන් වැද සිටින්නේ හිස්බුල්ලා කාමීන් නොව තම හමුදා බවත් අවසන් ත්‍රස්තවාදියාත් විනාශ කරන තුරු සටන් වදින බව මෙම සංවාදය තුලදී ඔහු සදහන් කර සිටියේය .
කටාර් , සවුදි අරාභි , හා තුර්කි රජයන් හට චෝදන කරමින් ඔහු සදහන් කරසිටියේ මෙම රටවල් ත්‍රස්තවදී යුදකාමීන් 100000 කට පමන තම රටට රිංගා ගැනීමට උපකාර කලබව හා ඔවුන්හට මුදල් ලභා දෙන බවය .
සිරියාව සම්බන්ධව ඉදිරි ජිනීවා සමුලුවට තමන් සහභාගී වුවත් එහිදී එතරම් වැදගත් සංවදය සිදුවනු ඇති බවට තමන් අපේක්ෂා නොකරන බවයි .
පසුගිය බදාදා ලෙබලන් රූපවහිනී නලිකවකට සිරියානු විදේශ ඇමතිතුමන් වන වලිඩ් මුඅල්ලෙම් (Walid Muallem) මහතා පවසා සිටියේ තම රජය ජිනීවා සමුලුවේදි තම දෙඅත් වල ලේ තවරා නොගත් විපක්ෂයේ පිරිසක් සමග සාකච්චා කිරීමට බලාපොරොත්තුවන බවයි .
ජිනීවා බලා යන සිරියානු රාජ්‍යා තාන්ත්‍රික කන්ඩායමේ නයකයා ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන විදේශ ඇමති වලිඩ් මුඅල්ලෙම් (Walid Muallem) මහතා තවදුරටත් සදහන් කලේ “ත්‍රස්තවාදය හා ප්‍රචන්ඩත්වය විශ්වාස කරන පිරිසක් සමග සාමකාමී විසදුමකට යානොහැකි බවයි” . “ ඉතා සුබවදී බලාපොරොත්තු හා පූර්ව කොන්දේසි වලින් තොරව අපි ජිනීවා බලා යන්නේ මෙම ගැටලුවට අවසානයක් කර ගැනීමේ වුවමනා වෙන්” ඔහු සදහන් කලේය .
තමන් අතර විවිධ මත සහිත විපක්ෂ කන්ඩායම් හවුල් නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ සාකච්චා වලට තමන් සහභාගී වීමට නම් බසාර් අසාද් ඉල්ලා අස්වියයුතු බවහා සමූලඝාතනයන් නතර කිරීම පුර්ව කොන්දේසියක් බවත්‍ය .
“මොස්කවු වලින් ඩැමස්කස් වෙත ලබා දෙන්නේ ආරක්ෂක අවි පමනක් බවත් එයට බියවු පිරිස් සිරියව තුල ගැටුම් නිර්මානය කිරීමට උත්සාහකරන බව” මුඅල්ලෙම් මහතා පැවසීය .
යුරොපා සංගමය සිරියා අවි ගනු දෙනු තහනම් කොට බසාර් අසාද් පලනයට එරෙහිව සටන් වැද සිටින ගරිල්ලන් හට සහාය දැක්වීමට තීරනය කිරීමෙන් දින දෙකකට පසුව මෙම s-300 ආරක්ෂක පද්ද්තිය පිලිබද පුවත සිරියාවෙන් වර්තා විය .
රුසියානු විදේශ ඇමති සර්ගෙයි ලව්රොව් ( Sergey Lavrov ) මහතා යුරෝපා සංගමයේ මෙම තිරනය විවෙචනය කරමින් කියා සිටියේ “ මෙය අයුතු ක්‍රියවක් ,” බවයි .
“ මෙය අයුතු හා නීති විරෝදී තීරනයක් , ජත්‍යන්තර නිති ප්‍රතිමානයන් පවා උල්ලංඝනය කිරීමක්” බව ඔහු වැඩිදුරටත් සදහන් කලේය .
සිරියානු විපක්ෂයට අවි සැපයීමෙන් වැලකී සිටීමට යුරොපයේ ප්‍රධාන රටක් වන ජ්ර්මනිය තීරනය කොට ඇත . නිළ නිවෙදනයක් නිකුත් කරමින් ජ්ර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් පවසා සිටියේ , කිසිදුම තත්වයක් යටතේ තමන් සිරියානු විපක්ෂයට අවි ආයුධ ලබා නොදෙනබවයි .
ස්වාධීන එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් පිරිසක් නිවේදනයක් මගින් කියසිටියේ සිරියනු ගරිල්ලන්ගෙන් බහුතරය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් නොකරන බවයි .
“සටන්කාමීන් ගෙන් ඉතාම සුලු පිරිසක් ප්‍රජතන්ත්‍රවාදය ගරුකරන හා සියල්ලන්ටම එක රටක් යන මතයේ සිටින අතර ශාතිශය බහුතරය අවතාර බව,” එක්සත් ජතීන්ගේ විමර්ෂන කණ්ඩායමේ සමාජිකයකු වන පාවුලෝ පින්හෙයිරො (Paulo Pinheiro) මහතා වාර්ථා කරුවන්ට පැවසීය .
බහුතරයක් කැරලිකරුවන් ප්‍රජාත්න්ත්‍රවාදී අදහස් වලට බොහෝ දුරින් සිටින අතර ඔවුන් වෙනත් අභිලාෂයන් මුදුන් පමුනුවා ගැනීමේ අදහසින් සටන් කරන බව පින්හෙයිරො ( Paulo Pinheiro ) මහතා අවසන් වශයෙන් සදහන් කලේය .
Last edited:



