පා_පැදිවලට_පාරේ_වළවල්_සොයා_දෙන_අපූරු_ලාම්&#350

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
පා_පැදිවලට_පාරේ_වළවල්_සොයා_දෙන_අපූරු_ලාම්&#350

චීන විශ්ව විද්‍යාලයකින් එන නව නිපැයුමක්!

පාරවල්වල ඇති වළවල් රථවාහනවල යන අයට විතරක් නොවෙයි පා පැදි කරුවන්ටත් ලොකු හිරිහැරයක්! විශේෂෙයෙන් ම රාති‍්‍ර කාලවලදී මේ වළවල් නොපෙනෙන නිසා පා පැදි කරුවන් අනතුරුට පත්වෙන වාර අනන්තයි.

දැන් ඒ අයට සිතට සහනයක් ගෙන දෙන නව නිපැයුමක් ගැනයි, මේ පුවත. චීන විශ්ව විද්‍යාලයක ඉංජිනේරුවන් පිරිසක් තමයි, මේ නව නිර්මාණය කරලා තියෙන්නෙ.

බයිසිකලයේ විදුලි ලාම්පුව වෙනුවට ඔවුන් නිපදවා තියෙන්නේ එල්ඊඞී (LED) ප‍්‍රක්ෂේපණ ලාම්පුවක්. චීනයේ සිචුවාන් (Sichuan) විශ්ව විද්‍යාලයේ ඉංජිනේරුවන් පිරිසක් තමයි, මේ අපූරු නිර්මාණය කළේ.

මේ බයිසිකලයට සවි කළා ම පාරේ ඉදිරියෙන් ඇති වළවල්වල නොවැටී පැද ගෙන යන්න පුළුවන් කිසිම අපහසුවක් නැතුව.

මේ විශේෂ ලාම්පුව හඳුන්වා ඇත්තේ ලූමිග‍්‍රිඞ් (Lumigrids) කියලයි. මේ ලාම්පුව බයිසිකලයට සවි කළා ම ඔබ ඉදිරියෙන් ඇති මගෙහි හතරැස් කොටු රටාවක ආලෝකයක් පතිත වෙනවා. ඒවායින් තමයි, පාරේ ඉදිරියෙන් ඇති වළවල් පෙන්වා දෙන්නේ.

article-0-19FA67FB000005DC-37_634x286.jpg

ලූමිග‍්‍රිඞ් ලාම්පුව ඉදිරියට විහිදුවන මේ ආලෝක රටාවෙන් ඔබට මහ මග හොඳට පෙන්වා දෙනවා. පාරේ වළවල්, ගැටි ඇත්නම් ඒවා මේ ආලෝක කොටුවලින් ඔබට පෙන්වා දෙනවා. මෙහි දකුණේ කොටු රටාව ඇද වී තිබෙනවා ඔබට පෙනෙනවා ඇති. ඒ පේව්මන්ට් එකේ ඇති සිමෙන්ති ගැට්ටයි. ඉදිරියෙන් බිම සමතලා එකක්.

පාරේ මතුපිට ඇති වෙනස්කම් අනුව මේ කොටු රටාව වෙනස් වෙනවා. කොටු රටාව නැමී ඇද වී ඇත්නම් එය සිදු වන්නේ සමතලා නොවන තැනකදියි. රටාව ඇද වෙන හා කැඩෙන ප‍්‍රමාණය අනුව ඉදිරියේ ඇති බාධකය හෝ එහි අනතුරුදායක ස්වරූපය කෙබඳුදැයි පදවන්නාට සිතා ගත හැකියි.

මේ නව නිපැයුම 2012 වසරේ හොඳම නව නිර්මාණ අතරින් විශිෂ්ටතම නිර්මාණය හැටියට ‘රෙඞ් ඩෙට් ඩිසයින් ඇවෝඞ්’ කියන සම්මානයෙන් පුදනු ලැබුවා.

මෙම ලාම්පුව බැටරියෙන් හෝ ඩයිනමෝවකින් කි‍්‍රයා කළ හැකියි. බැටරියට විදුලිය ආරෝපණය කිරීමක් පදවන විට කළ හැකියි.

ඔබේ අවශ්‍යතාව අනුව මේ කොටු රටාව වෙනස් කළ හැකියි. සාමාන්‍ය ගමනට එක් කොටු රටාවකුත් වේගයේ පැද යන විට වෙනස් කොටු රටාවකුත් යොදා ගන්න පුළුවන්.

”සාමාන්‍ය පා පැදි ලාම්පුවලින් පදින්නන්ට හරියට ම මහ මග දැක ගන්න බැහැ. ඒවායින් පාරේ පුංචි වළක් හෝ වෙනත් බාධකයක් රාති‍්‍රයේ දී දැක ගැනීම අපහසුයි. ඊට පිළියමක් හැටියටයි, මේ නව ලාම්පුව අපි නිපදෙව්වේ.” මෙහි නිර්මාපකයන් කියනවා.

article-0-19FA67E4000005DC-26_634x286.jpg

හොඳින් සමතලා පාරක කොටු නියමාකාරයන් පිහිටනවා. යම් තැන ඇද වීමක් හෝ කැඞීමක් වුණොත් එතැන වළක් හෝ ගලක් තිබිය හැකියි. මේ දසුනේ වම් පැත්තේ පාර කැඞී සෑදුණු වළකි. දකුණේ ඉහළට ඇදවී ඇති තැන ගලකි.

article-0-19FA67F2000005DC-891_634x286.jpg

මේ ලාම්පු සවි කරන්නේ බයිසිකලයේ හැන්ඞ්ල් බාරයේ මැදටය. පාවිච්චිය හරිම පහසුය. ඇත්තේ එක ස්විචයකි. පළමු වර එබූ විට ලාම්පුව දැල්වේ. දෙවැනි වර එබූ විට රටාව වෙනස් වෙයි. තත්පර දෙකක් ඔබා ගෙන සිටි විට ලාම්පුව නිවෙයි. අවස්ථාවේ හැටියට ආලෝක රටාව වෙනස් කළ හැකියි.

”සාමාන්‍ය බයිසිකල් ලාම්පුවකින් උස් වූ තැනකදී එහි හෙවණැල්ලක් සාදනවා. ඒ නිසා ඒවායේ තරම හරියට තීන්දු කරන්න සයිකල්කරුවන්ට බැහැ. මේ ලාම්පුවෙදි එහෙම වෙන්නේ නෑ” ඔවුන් තවදුරටත් කියනවා.

මේ අපූරු ලාම්පුව නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වන්නේ සිචුවාන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගැන් ජිං (Gan Jing) ප‍්‍රමුඛ ශිෂ්‍ය පිරිසටයි. ඔවුන් නම් ක්සුන් සෑන්, ඇන් පෙන් චෙන්, සුන් යැන්, ජියාන් කොන්, ලී කේ, ඩූ ටා ඕ, ශෙන් යුමෙයි, කායි ජින් හා ලියු ශෙන්හෝ යන අයයි.

මෙය වෙළඳ පොළට එන දවස හෝ මේ ලාම්පුවක් කීයක් මිල නියම වේවි දැයි තවමත් ඔවුන් ප‍්‍රකාශ කර නැහැ.


ගත්තේ " මල් කැකුළු" එකෙන්.
 

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    පට්ට නිර්මාණයක්. මේක මෝටර් බයික් වලට බැරිද දන්නේ නැ .

    Good post bro:)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පට්ට නිර්මාණයක්. මේක මෝටර් බයික් වලට බැරිද දන්නේ නැ .
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කෝරලේමහත්තයා;15062469 said:
    මේ තියෙන වලවල් වල හැටියට මේ කො‍ටු ටික සම්පූර්නව පෙනෙන එකක් නෑ කවදාවත්..5+

    :yes::yes::yes::yes:

    එකෙන්ම ලංකාවට මේක හරියන එකක් නෑ..මොකද මේ වැඩේ හරියන්න පදින එකා කො‍ටු දිහා ෆුල් ඇටෙන්ශන් එකෙන් යන්න ඕන..ඔය වගේ කො‍ටු සෙට් එකක් දිහා බලාගෙන ගොඩ වෙලාවක් පැදන් ගියාම ඔලුව මෙව්වා වෙන්නේ නැද්ද මට නම් රෑට වාහනේ එලවන් ගියාමත් ඉස්සරහින් එන උන් ගේ ෂෙනෝන් ලයිට් හෙඩ් ලයිට් පාරවල් කෑවම ලොවෙත් හොඳ ගණන්..

     
    • Like
    Reactions: HondaMPLG

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඒ උනාට සුපිරි වැඩක්..
    6+++++
    මෙහෙට හරි නොගියත් මෙහේ කාපට් පාරවල් වල
    යනකොටත් කොච්චර ‍රැලි ද..

     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E

    :yes::yes::yes::yes:

    එකෙන්ම ලංකාවට මේක හරියන එකක් නෑ..මොකද මේ වැඩේ හරියන්න පදින එකා කො‍ටු දිහා ෆුල් ඇටෙන්ශන් එකෙන් යන්න ඕන..ඔය වගේ කො‍ටු සෙට් එකක් දිහා බලාගෙන ගොඩ වෙලාවක් පැදන් ගියාම ඔලුව මෙව්වා වෙන්නේ නැද්ද මට නම් රෑට වාහනේ එලවන් ගියාමත් ඉස්සරහින් එන උන් ගේ ෂෙනෝන් ලයිට් හෙඩ් ලයිට් පාරවල් කෑවම ලොවෙත් හොඳ ගණන්..


    උඹ මේ මගුලක් කතාකරනවා.
    ලංකාවේ පාරවල් වල ගියොත් පාරේ තියෙන හොඳ කමට කොටු පෙනෙයි රුවිතෙට. :rofl:
     
    Last edited: