අරුන්දික fail

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ අම්මපා. මුන්ට බොරුවක් වත් හරියට කියාගන්ඩ බැරුව ගූ හත් අට පොලේ ගාගන්නවා නාගන්නවා :rofl::rofl::rofl:

    අතුරුදහන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ තමා විසින් ප්‍රංශයේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකුට හඳුන්වා දෙන ලද බවට එම මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව ප්‍රංශයේ වෙසෙන මාධ්‍යවේදියෙක් පවසයි.

    Arundika.jpg

    පාර්ලිමේන්තුව අමතමින් පසුගියදා විශේෂ ප්‍රකාශයක් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු, ප්‍රගීත් එක්නැලිගොඩ ප්‍රංශයේ ජීවත් වන බව මෑතදී ප්‍රංශයේ සංචාරය කළ අවස්ථාවේ එහිදී හමුවුන සිය පාසල් මිතුරකු වන මාධ්‍යවේදී මංජුල වෙඩිවර්ධන තමාට දැනුම් දුන් බවක් කියා සිටියේය.

    "මංජුල වෙඩිවර්ධන සිරුරින් උස නැති පුද්ගලයකු මට හඳුන්වල දුන්නා. ඔහු ප්‍රගීත් එක්නැලිගොඩ. ඊට පස්සේ ඒ පුද්ගලයා මාව මඟ හැරලා, මට කථා කරන්නේවත් නැතිව යන්න ගියා," යනුවෙන් මන්ත්‍රීවරයා පැවසීය.

    මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය සම්පූර්ණ සාවද්‍ය ප්‍රකාශයක් බවයි, මංජුල වෙඩිවර්ධන බීබීසී සංදේශයට කියා සිටියේ.

    'පට්ටපල් බොරුවක්'

    අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අවසාන වරට දුටුවේ, 2007 සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේදී යයි පවසන මංජුල වෙඩිවර්ධන, ඉන් අනතුරුව පසුගිය වසරේ අගභාගයේදී ප්‍රංශයට පැමිණ සිටි මන්ත්‍රීවරයා දුරකථනයෙන් තමාට කතාකළ බවත් ප්‍රකාශ කරයි.

    ප්‍රංශයේදී තමා විසින් ප්‍රගීත් එක්නැලිගොඩ හඳුන්වා දුන් බවට මන්ත්‍රීවරයා කරන ලද ප්‍රකාශය "අමූලික බොරුවක්" බව පවසන මංජුල වෙඩිවර්ධන, තමා කිසි දිනෙක ප්‍රංශයේදී අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා හමු නොවූ බව අවධාරණය කරයි.

    ළමා වියේ සිටම හඳුනන අරුන්දික ප්‍රනාන්දු සමඟ එකම පාසලේ උගත් නමුත්, ඔහු කිසිසේත්ම තමාගේ මිත්‍රයෙක් නොවන බවත් මාධ්‍යවේදී මංජුල වෙඩිවර්ධන සංදේශයට පැවසීය.

    රටින් පිටුවහල්ව සිටින මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය ජටාවක් පැළඳගෙන ජිනීවා නුවරදී ශ්‍රී ලංකා විරෝධී උද්ඝෝෂණයකට සහභාගි වී සිටි බවත්, එම උද්ඝෝෂණයට එක්ව සිටි තවත් පුද්ගලයෙක් ප්‍රගීත් එක්නැලිගොඩ ලෙසින් හඳුනාගෙන ඇති බවත් අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව අමතමින් කියා තිබුණි.

    එමෙන්ම සිය ස්වාමි පුරුෂයා ජීවතුන් අතර සිටින බව හොඳින්ම දන්නා සන්ධ්‍යා එක්නැලිගොඩ, ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන යමින් සිටින බවටද මන්ත්‍රීවරයා චෝදනා කරයි.

    එක්නැලිගොඩ මාධ්‍යවේදියා ප්‍රංශයේ ජීවත්වන බවට තමා පසුගියදා කළ ප්‍රකාශයෙන් අනතුරුව, ජනමාධ්‍ය මගින් තමන්ට "මඩ ගැසීමේ" ව්‍යාපාරයක් දියත් කොට තිබෙන බව පවසන මන්ත්‍රීවරයා, ඒ පිළිබඳව වරප්‍රසාද ප්‍රශ්නයක් කථානායකවරයාට යොමුකර ඇත.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    කතාවේ ඇත්තක් තියෙන බව පේනවා , මංජුල වෙඩිවර්ධන ටිකක් හැංගෙන්න try කරා වගේ හොදට
    පේනවා , උන් ඔක්කොම හොරු නිසා කොටින්ගේ dollars වලින් යැපෙන නිසා එළිකරන්න බැහැ වගේ.
    අපරාදේ මු මැරෙන්න ඕනේ එකෙක්, පණපිටින් ඉන්නවකියන එක දුකක් , ඔය නිදහස් මාද්ධිය කියන එවුන් ඔක්කොම හොරු , හිගන්නු , අපි දන්නේ නැද්ද සුන්නන්ද කියන්නේ කවුද කියලා , අද ඕකුන් කොටින්ගේ සල්ලි වලින් තමා සැප ගන්නේ . ඕකුන් prebakerenge අවතාර . ඕකුන්ට අයෙත් රටේ පස් පාගගන්න දෙන්න හොද නැහැ .
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වෙන්නප්පුවෙ අනාතයා නේද බන්.. මු ගියපු ප්‍රන්ශ.. සුවර් එකටම බීපු වෙලාවක දැකපු හීනයක්..
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,739
    3,334
    113
    අරුන්දිකයට ඊයේ කට උත්ත‍ර නැති වුනා..
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මන්ජුල කියන කෙනා ගොඩක් බය වෙලා ඉන්න පාටයි. සිරසට ආපු වෙලාවෙ මන්ජුල කතා කරනකොට
    අරුන්දිකත් බය වෙලා වගේ කතා කලේ. සිරසෙ උන් ප්‍රශ්ණ අහපු විදිහට අරුන්දික කොර උනා. නැත්තෙ නෑ.
    අරුන්දික කිවුවා නේද ඇයි මේක පාර්ලිමේන්තුවෙ කිවුවෙ කියලා එයාගෙන් අහනවා කියලා.
    ඔය කාගෙ කාගෙත් හැංගිච්ච කතා තියෙනවා. අපිට කවුරුත් හොඳයි කියන්න බැහැ අපි ඔය කිසි කෙනෙක් ගැන
    පෞද්ගලිකව දන්නෙ නෑනෙ. ඒ නිසා නොදන්න දේවල් කතා නොකර ඉන්න එකයි වඩා හොඳ.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කීමට ඇත්තේ එකකි....මුන් ඔක්කොම කම්බ හොරු බවය......
    අරුන්දික,ප්‍රගීත්,සුනන්ද,මංජුල ඇතුළු මුන් ඔක්කොම හොරුය..........

    නමුත් සාපේක්ෂව ගත් කල සුන්න්ද තරම් හොරෙක් සහ පාහරයෙක් තවත් කොමැත. ඔහු හොරා කෑවේ හොරා කන උන් ගෙන්ය. එනම් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙනි. එහි භාන්ඩාගාරික ලෙස සිටි අවදියේ ගැසූ සල්ලි නිසා ය මොහු රටින් පැන්නේ.......එපමණක් නොව, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හරහා මේ පාහාරයා මාධ්‍ය ශිෂ්‍යයාවන් සිය ශිෂ්ණ පූජාවන්ට තබා ගත් හැටි එළි වූ ආකාරයද අපට මතකය........

    හොරු අනිත් හොරුන්ට හොරු කියනවා තරම් විකාර රූපී විසිළූ සහගත ක්‍රියාවක් තවත් නැත.........
    ආශ්චර්ය අස්සේ විහිළු ද බලමින් සිටිමු.....
    ලොල්.............
     
    11.gif
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කීමට ඇත්තේ එකකි....මුන් ඔක්කොම කම්බ හොරු බවය......
    අරුන්දික,ප්‍රගීත්,සුනන්ද,මංජුල ඇතුළු මුන් ඔක්කොම හොරුය..........

    නමුත් සාපේක්ෂව ගත් කල සුන්න්ද තරම් හොරෙක් සහ පාහරයෙක් තවත් කොමැත. ඔහු හොරා කෑවේ හොරා කන උන් ගෙන්ය. එනම් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙනි. එහි භාන්ඩාගාරික ලෙස සිටි අවදියේ ගැසූ සල්ලි නිසා ය මොහු රටින් පැන්නේ.......එපමණක් නොව, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හරහා මේ පාහාරයා මාධ්‍ය ශිෂ්‍යයාවන් සිය ශිෂ්ණ පූජාවන්ට තබා ගත් හැටි එළි වූ ආකාරයද අපට මතකය........

    හොරු අනිත් හොරුන්ට හොරු කියනවා තරම් විකාර රූපී විසිළූ සහගත ක්‍රියාවක් තවත් නැත.........
    ආශ්චර්ය අස්සේ විහිළු ද බලමින් සිටිමු.....
    ලොල්.............

    :P
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    මන්ජුල කියන කෙනා ගොඩක් බය වෙලා ඉන්න පාටයි. සිරසට ආපු වෙලාවෙ මන්ජුල කතා කරනකොට
    අරුන්දිකත් බය වෙලා වගේ කතා කලේ. සිරසෙ උන් ප්‍රශ්ණ අහපු විදිහට අරුන්දික කොර උනා. නැත්තෙ නෑ.
    අරුන්දික කිවුවා නේද ඇයි මේක පාර්ලිමේන්තුවෙ කිවුවෙ කියලා එයාගෙන් අහනවා කියලා.
    ඔය කාගෙ කාගෙත් හැංගිච්ච කතා තියෙනවා. අපිට කවුරුත් හොඳයි කියන්න බැහැ අපි ඔය කිසි කෙනෙක් ගැන
    පෞද්ගලිකව දන්නෙ නෑනෙ. ඒ නිසා නොදන්න දේවල් කතා නොකර ඉන්න එකයි වඩා හොඳ.

    :yes::yes:
     
    Similar threads