man me tike kiyawanne oben samuganimi eka fatta bn





ඒක මාර ලස්සන කතා ටිකක් එකතු වෙච්ච පොතක්. ෂර්ලොක් හෝම්ස් විසින් ම ලියපු (වොට්සන් මහතා නැති) කතා වලින් එකක් වන සිංහ කේෂර කතාවත් එකේ අඩංගුයි.
හැබැයි ඔතන හොඳ ම කතාව තමයි ඔබෙන් සමුගනිමි කතාව. ඒකෙදි ෂර්ලොක් හෝම්ස් අවුරුදු හැටක් වයස විශ්‍රාම ගත්ත කෙනෙක් විදිහටයි ඉන්නේ. ඒත් නාකි වුනත් පොර වැඩ්ඩා. ඒක තමයි අන්තිම කොනන් ඩොයිල් ලියපු කතාවල සිංහල පරිවර්තනය. හැබැයි කොනන් ඩොයිල් ඒ ඔබෙන් සමුගනිමි ලිව්වේ අන්තිමට ම නෙවෙයි. මම ෂර්ලොක් හෝම්ස් ඉතිහාසය මේ ත්‍රෙඩ් එකේ පොස්ට් එකක් විදිහට ලගදීම දාන්නම්.
මම ලියන පොතේ එන "ෂර්ලොක් හෝම්ස් සහ ටාර්සන්ගේ වික්‍රම" කියන කතාව තමයි "ඔබෙන් සමුගනිමි" කතාවේ දෙවෙනි කොටස. ඒකේ ෆොන් බෝක් ව හර්ලින් සාමි එක්ක එංගලන්තයෙන් පිටුවහල් කරනවා රටවල් දෙක අතරේ රාජ්‍යතාන්ත්‍රික ප්‍රශ්න ඇතිවෙයි කියලා හිතලා. ෂර්ලොක් හෝම්ස් බෝක් ව අල්ලන්න ගත්තු උත්සාහය වතුරේ යනවා විතරක් නෙවෙයි, බෝක් ෂර්ලොක් එක්ක වයිර බැඳ ගන්නවා. කතාව තීව්‍ර වෙන්නේ ටාර්සන් නොහොත් ග්රෙස්ටෝක් සාමිවරයා එන්ටර් වුනාට පස්සෙයි. ඒ විස්තර ඉතින් මම කතාව පළ කරනකොට ඔයගොල්ලන්ට බලා ගන්නට පුළුවන් වෙයි. මගේ ත්‍රෙඩ් එකේ දිගට ම ඉන්න කියල මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා.
"හිස් වූ ගව ඔරුවේ වික්‍රමය" කතාව ටයිප් කරලා ඉවරයි. ඒක මම සෝදුපත් බලලා ඉවර වෙලා පොස්ට් කරන්නම්.



