ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු විසින් බ්‍රිටිෂ් එයාවේස් ගුවන් යානයක් අඩි 35,000 ක් ඉහළ අහසේ පියසර කරමින් සිටියදී වැසිකිළියක් සොයා යානයේ කුටීර දොරටුවක් විවෘත කිරීමට උත්සහ දැරීමත් සමඟ මගීන් අතර කලබලකාරී තත්වයක් උද්ගත වී ඇති බව වාර්තා වේ.
මෙම ක්‍රීඩකයා රමිත රඹුක්වැල්ල බව 'ශ්‍රී ලංකා මිරර්' වෙත වර්තා වේ.
බ්‍රිතාන්‍යයේ ඩේලි ටෙලිග්‍රාෆ් වාර්තා කරන ආකාරයට මෙම ක්‍රීඩකයා විනාඩි දෙකක් පමණ දොර ඉදිරියට හා පසුපසට තල්ලු කරමින් එය විවෘත කිරීමට දැඩි උත්සාහයක යෙදී ඇත.
මෙම සිදුවීම සිදුව ඇත්තේ කොදෙවුව්න්ට එරෙහිව පැවති තරඟයෙන් අනතුරුව ශාන්ත ලුෂියා සිට ගැට්වික් දක්වා සිදුවූ ගුවන්ගමනක් අතරතුරේදීය.
මෙම සිදුවීම නිසා බියට පත්වූ 26 හැවිරිදි චාලීන් ෆ්රැන්සිස් නැමැති මගියෙකු බ්‍රිතාන්‍යයේ ඩේලි ටෙලිග්‍රාෆ් වෙත පවසා තිබුනේ මෙවැන්නකි.
' ඒක හරිම බියජනකයි. ඔහු එකවරම පැමිණ කිහිපවරක්ම දොර අරින්න උත්සහ කලා. මෙය විනාඩි කිහිපයක් යනතුරු එලෙසම පැවතුනා. ඔහු ඉතා වැර යොදමින් අදිමිනුයි හිටියෙ.'
'ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයන් කිහිප දෙනෙක්ම ඔහුට නවත්වන්න කියල ඉල්ලීම් කලා.කෙනෙක් කිව්වා ඔවුන් යානයට ඇතුල් වීමට පෙර පැය 4ක් පමණ මත්පැන් පානය කලා කියලා.'
'ගුවන් සේවිකාවන් දුවගෙන ඇවිත් ඔහුව පාලනය කරන්න උත්සාහ කළා. එක හරිම බියජනකයි.ඔහු ඉතාමත් බීමත් හෝ තෝන්තු ගතියකින් තමයි හිටියෙ'.
ෆ්රැන්සිස් මහත්මිය තවදුරටත් පැවසුවේ අදාල සිදුවීම යානය ගුවන්ගත කර පැය 6කින් සිදුවූ බවත්, ඔහු සිය දේශයේ නම කහ පැහැ අකුරුවලින් මුද්‍රිත නිල් පැහැ පෝලෝ ෂර්ට් හැඳ සිටි ක්‍රිකට් ක්‍රීඩකයන් අතර සිටි බවයි.