කාලය හරහා යන්න පුලුවන් වෙයිද

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මචන් කාලය කියල දෙයක් නෑ මේ ලෝකෙ. කාලය කියන්නෙ මිනිස්සු හදාගත්ත මිණුම් දණ්ඩක් විතරයි.
    අපිට පුලුවන් වෙන්නෙ ආලෝකයේ වේගය හරහා යන්න මිසක් කාලය කරහා යන්න නෙවෙයි.
    නමුත් කාලය තීරණය වෙන්නෙ ආලෝකයෙ වේගය මතයි, අන්න එතනයි පොයින්ට් එක තියෙන්නෙ. ආලෝකයේ වේගයෙන් ගමන් කලොත් අපික අර කිව්ව වගේ වයසට යන එක අඩු කරගන්න පුලුවන්, ඒ අණුක විභේදනයක් නිසා. (නමුත් මිනිස්සුන්ට ඒතරම් වේගයක් දරාගන්න බෑ, පීඩනය වගේ දේවල් හිතගන්නවත් බැරි වෙයි, කොටින්ම අපේ ඇගේ කෑලි ගැලවෙයි ) ඒ ඇරෙන්න ආලෝකයේ වේගයෙන් ගියාට කාලයේ ආපස්සට හරි ඉස්සරහට හරි යන්න පුලුවන් කියල මමනම් හිතන්නෙ නෑ...
     
    duli_ultimate

    Member
    May 13, 2011
    184
    9
    0
    Colombo
    /QUOTE]
    ඒක තමා මචන් තෙරුම් ගන්න අමාරු කේස් එක. උබ හො යම් එක වස්තුවක් විතරනම් කාලය හරහා යන්නෙ අනික් දේවල් වලට මොකද වෙන්නෙ.. එතකොට ඒවා ඒ කාලෙදි තියෙන්නෙ කොයි විදියටද? මෙහෙම හිතපන්කො, උබ අද කාලය හරහා යනවා. එතකොට උබට වයස යන්නෙත් නැ. ඒක උබටනේ සාපේක්ශ.. උබලගේ ගෙදර මිනිස්සුන්ට මොකද වෙන්නෙ.. උබ අද කාලය හරහා ගියොත් එතකොට උබ කියලා දෙයක් හෙට නැනේ.. ඒ කියන්නෙ උබ කෙලින්ම 2033ට ගියොත් උබ කියලා කෙනෙක් ඒ අතර කාලේ නැ.. එතකොට, 2014-2032 වෙනකන් උබලගෙ අම්ම තාත්තා මොකද වෙනෙ? උබ නැති උන එක එයාලට දැනෙන විදිය අනුව ලොකේ හැඩ ගැහෙනවද? ඒවට උත්තර කොහොමද කියලා හිතාගන්නවත් බැ නේ.. තව එක උදාහරනයක් කියන්නම්කො, උබ කාලය හරහා ගමන් කරලා ලොකේ තීරනාත්මක දෙයක් වෙනස් කලා කියලා.. අන්න එතකොට ලොකේ පැවැත්මට මොකද වෙන්නෙ.. හරියට ලන්කාවෙ ප්‍රබාකරන් මරන එක උබ වැලැක්වුවා වගේ දෙයක් අනාගතේ හො අතිතයේ කලොත් රට කොහොම තැනක තියෙයිද? සමහරවිට එහෙම උනොත් උබ කියලා කෙනෙක් ලොකේ නැති වෙන්නත් පුලුවන් මොකද එකකට එකක් බද්ද වෙලා නිසා, උබලගෙ අම්මා තාත්තා කවදාවත් හමු නොවුනු දෙන්නෙක් වෙන්න බැරිද? [/QUOTE]

    අනාගතේ ගැනනන් දන්නේ නෑ මචන් ඒත් අපිට අතීතේට යන්න පුලුවන් නොනැසෙන පරාවර්තන කිරන කියන දෙයින් විතරයි. ඒකෙදි වෙන්නේ අපිට විශ්වයෙන් හරි පෘතුවියෙන් හරි අතීතයෙදී උන දේක ප්‍රතිබිම්බයක් දැක ගැනීමක් විතරයි. අපිට ඒක වෙනස් කරන්න බෑ. හරියට කාලය නම් ගලන ගඟ දිගේ විරුද්ද අතට පීනලා ගඟේ මුල් හරිය නම් අතීතේ බලන්න පුලුවන් උනාට ගඟෙන් ගොඩට ගිහින් ඉවුරට බහින්න බෑ වගේ සීන් එකක්.
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඒ කියන්නේ පදාර්ථයකට කවදාවත් ආලෝකයේ ප්‍රෙව්ගය අත් කරගන්න බෑ කියන එක නේ....
    ඒ කියන්නේ ඕක සෛද්දාන්තිකව හරි කරන්න නම් අනිවා ශක්තියක් වෙන්න ඕන....

    ඒකයි මම කලින් කිව්වේ පදාර්ථය ශක්තියක් බවට සහ ශක්තියෙන් යලි පදාර්ථය නිපදවීමේ තත්ත්වයකට ඕක කරන්න පුළුවන් වෙයි කියලා.
    ශක්තියෙන් පදාර්ථය නිර්මාණය කිරිම අපි තිම දන්න දෙයක් නෙවෙයි.

    උච්ච මානසික බලයකට නම් පුළුවන් වෙයි.
    උච්ච මානසික බලයකට වස්තුවක් ත්වරණය කරන්න කොච්චර අමාරු වෙඉද? එතකොට ශක්ති සංස්ථිතිය ඔක්කොම ඉවරයි නේ.
    උච්ච මානසික බලයකින් ත්වරණය නොකර කාලය හරහා යවන්න පුළුවන් වෙයි.

    ශක්තියෙන් පදාර්ථය නිර්මාණය වෙලා තියෙනවා මහා පිපිරුමේදී.
    ප්‍රායෝගිකව නම් ඔය කියන චක්‍රීය ක්‍රියාවක් කරන්න බැරිවෙයි මොකද පදාර්ථයක් ශක්තියක් වෙද්දී ඒ මුළු ශක්තියම පදාර්ථය වෙනවා මිසක් අපිට එලියට ගන්න දෙයක් නැතිවෙයි.

    අර අංශු ප්‍රති-අංශු ඝට්ටනය කරලා සයිද්ධන්තිකව පුළුවන්ලු. එකේදී 100%ක් සම්පූර්ණයෙන් ශක්තිය නිපදවෙනවලු.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    Yesterday is history, tomorrow is a mystery, today is a gift, that's why we call it the present..

    කාලය හරහා යන්න බෑ
    සරලයි.. අනික කාලය කියල දෙයක් නැහැ.. අනාගතයට කාලය හරහා යන්න පුළුවන් ෆිල්ම් වල විතරයි බං.. :rofl:

    කරන්න තියෙන හොදම දේ එක තමයි :sorry:

    අපි ඉම්පොසිබල් කියල සමහර දේවල් තාක්ෂනෙත් එක්ක පොසිබල් වෙනවා .මෙතෙක් මිනිස් රුධිරය කල් තියාගන්න පුළුවන් උනේ දින 42 ක් විතරයි
    දැන් වසර 40ක් තියාගන්න පුළුවන් ග්ලිසරෝල් ඩීප්ෆරීසින් ක්‍රමය තියෙනවා .

    එක තමයි අපිට දැනට බෙහෙත් හොයා ගන්න බැරි ලෙඩක් තියෙන රොගියෙක් උදාහරනයක් ලෙස එඩ්ස් රොගියෙක් හිමායනය කලොත් තව අවු ගානකින් බෙහෙත් හොයා ගත් දවසට හිමායනය අවසන් කරලා ඔවුන් සනිප කරනවා .දැනට මේක සංකල්පයක් උනත් අනාගතයේදි මේ දේ සිදුවිය හැකියි

    හ්ම්......
    විවාදිත මාතෘකාවක්......

    මම හිතන විදිය ලියන්නම්...........
    අපට මාන 3ක් පේනවා, උස,දිග,පළල. අයින්ස්ටයින් කියප් විදියට හතර වෙනි එක අදෘෂමානයි, ඒක කාලය. උස්,දිග,පලල කාලය කියන මානය දිගේ ගමන් කරනවා කියල කියන්න පුළුවන්.

    එතකොට, ත්‍රිමාන යේ පවතින සත්තතා කෙලින් ම කාලයත් එක්ක හබුඩ්ඩන්න පුළුවන් නම් කාලය දිගේ යන්න පුළුවන්....

    මම හිතන්නේ ඕකට කරන්න වෙන්නේ පදාර්තය ශක්තිය බවට පෙරලීමේ විලෝමය, ඒ කියන්නේ ශක්තිය පදාර්ථය බවට පෙරලීම තුලින්.

    මනස දියුණු කරපු අයට කරන්න පුළුවන් කියල මම විශ්වාස කරනවා. වර්තමානයේ ඇති තම සිරුරු පදාර්ථය, ශක්තියක් බවට පෙරලලා, විඥ්ඤාණය සමග චතුර් වන මානය -කාලය දිගේ ප්‍රක්ෂේපනය කරනවා. අවශ්‍ය තැනදී නැවත ශක්තියෙන් පදාර්ථය සහ විඤ්ඤාණය සංස්ලේෂනය කරගන්නවා.....

    මම හිතන්නේ කාලය තුලින් යන්න පුළුවන්. නමුත් අර වැලි ගොව්ව කියල තිබ්බ විදියට එතරම් ශක්තියක් ජනනය කරන්න පුළුවන් ක්‍රියාවලිය උච්ච මානසික ක්‍රියාවලියක්.

    ඒක මැටීරියලයිස් කරන්න පුළුවන් එකක් වේ යැයි මම හිතන්නේ නෑ.........

    :sorry:

    මනස දියුනු කරලා කාලය හරහා යන්න නම් බැරිවෙයි හැබැයි එ ගැන විග්‍රයක් කරන්න පුලුවන් වෙයි .උදාහරනයකට Nostradamus අනාවැකි සමහර විට ඔහුට එ හැකියාව තියෙන්න ඇති අනාගතයේ සිදු වන දේ අතීතයේ සිදු වු දේ ගලපගන්න පුලුවන් කමක් තියෙන හැකියාව එවම තමයි ඔය ධ්‍යාන ශක්තින් ලෙස හදුන්වන්නේ

    ගමයා තෝ මෙහෙම ඒවත් දානව නේ අම්මපා.....
    කලින් උඹ දාපු ත්‍රෙඩ් දැකල එපා වෙලා හිටියේ ඕයි.

    :sorry::sorry:මේ වගේ තව ප්‍රශ්න තියෙනවා බන් එව මතක් වෙන කොට නින්ද යන්නෙත් නෑ
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    e=mc eka thama hariyata calculate karanna baha alokaye wegaya me wenak use karapu pramanaya dan tika kalekata kalin wadi bawa oppu una.
    Atom bomb ekedi wath 100% shakthiya pita wenne nha.
    දැන් අපි දන්න අගයෙන් 0.00000001% වගේ වෙනසක් වෙයි.:P
    atom bomb එක එච්චර අදාලත්වයක් නෑ .
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උච්ච මානසික බලයකට වස්තුවක් ත්වරණය කරන්න කොච්චර අමාරු වෙඉද? එතකොට ශක්ති සංස්ථිතිය ඔක්කොම ඉවරයි නේ.
    උච්ච මානසික බලයකින් ත්වරණය නොකර කාලය හරහා යවන්න පුළුවන් වෙයි.

    ශක්තියෙන් පදාර්ථය නිර්මාණය වෙලා තියෙනවා මහා පිපිරුමේදී.
    ප්‍රායෝගිකව නම් ඔය කියන චක්‍රීය ක්‍රියාවක් කරන්න බැරිවෙයි මොකද පදාර්ථයක් ශක්තියක් වෙද්දී ඒ මුළු ශක්තියම පදාර්ථය වෙනවා මිසක් අපිට එලියට ගන්න දෙයක් නැතිවෙයි.

    අර අංශු ප්‍රති-අංශු ඝට්ටනය කරලා සයිද්ධන්තිකව පුළුවන්ලු. එකේදී 100%ක් සම්පූර්ණයෙන් ශක්තිය නිපදවෙනවලු.
    උච්ච මානසික ක්‍රියාවකදී භාවිතා වන්නේ විශිවයේ ම තියන ශක්තිය, එකතු කරල.......
    කුණ්ඩලනී යෝගය ගැන කියවන්න. විඥ්ඥාණය සමග සම්බන්ධ ශක්තිය පරිහරණය කරන ක්‍රමය ගැන කියවෙනවා. නමුත් විද්‍යාත්මකව මෙය පහදා දෙන්න මගේ විද්‍යා දැණුම මදි.
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    කාලය

    අනාගතයට යනව කියන එක (කාලය හරහාම නෙවෙයි) කරන්න පුලුවන්. අධික වේගයෙන් යනකොට මනුස්සයගෙ ශරීරයේ වියපත් වීම (රලි වටිම, දුර්වල විම) අඩු වෙනව. යන වේගෙ අනුව ඔය වයසට යන වේගෙ තීරණය වෙනව. ඒ කියන්නෙ ඔයාට දැනෙන කාලය අඩුයි ඇත්තටම පෘථිවියෙ ගතවන කලයට වඩා. . අපි හිතමු අපෙ ගමය මචං epw මචං ට බායි කියල අලූකයෙ වේගයට ආසන්න වේගයකින් අජඨාකාශ ගත වුන කියල. තව අවුරුදු තිහකින් ගමය පෘථිවියට ගොඩ බැහැල epw ව බලන්න ආවොත් ( ඌ එතකොට ජීවතුන් අතර හිටියොත්) ගමයට හාට් ඇටෑක් හැදෙයි. යකො මම මේ යසට ඉද්දි මූ epw අන්කල් වෙලානෙ කියල.:D

    ෆිසික්ස්, ඇප්ලයිඩ් මැත්ස් තදට ඉගෙනගත්තු අයට මේක හොඳට කියල ඩෙන්න පුලුවන්. :yes::yes:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මචන් කාලය කියල දෙයක් නෑ මේ ලෝකෙ. කාලය කියන්නෙ මිනිස්සු හදාගත්ත මිණුම් දණ්ඩක් විතරයි.
    අපිට පුලුවන් වෙන්නෙ ආලෝකයේ වේගය හරහා යන්න මිසක් කාලය කරහා යන්න නෙවෙයි.
    නමුත් කාලය තීරණය වෙන්නෙ ආලෝකයෙ වේගය මතයි, අන්න එතනයි පොයින්ට් එක තියෙන්නෙ. ආලෝකයේ වේගයෙන් ගමන් කලොත් අපික අර කිව්ව වගේ වයසට යන එක අඩු කරගන්න පුලුවන්, ඒ අණුක විභේදනයක් නිසා. (නමුත් මිනිස්සුන්ට ඒතරම් වේගයක් දරාගන්න බෑ, පීඩනය වගේ දේවල් හිතගන්නවත් බැරි වෙයි, කොටින්ම අපේ ඇගේ කෑලි ගැලවෙයි ) ඒ ඇරෙන්න ආලෝකයේ වේගයෙන් ගියාට කාලයේ ආපස්සට හරි ඉස්සරහට හරි යන්න පුලුවන් කියල මමනම් හිතන්නෙ නෑ...
    පීඩනය කියන එක පාලනය කරන්න පුළුවන් නේ. නියත ප්‍රවේගයක් දරන්න බැරි නෑ. ත්වරණයයි දරන්න බැරි. මිනිසුන්ට දරන්න පුළුවන් ත්වරනයකින් ගියාම හරිනේ..:rolleyes:
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    උච්ච මානසික බලයකට වස්තුවක් ත්වරණය කරන්න කොච්චර අමාරු වෙඉද? එතකොට ශක්ති සංස්ථිතිය ඔක්කොම ඉවරයි නේ.
    උච්ච මානසික බලයකින් ත්වරණය නොකර කාලය හරහා යවන්න පුළුවන් වෙයි.

    ශක්තියෙන් පදාර්ථය නිර්මාණය වෙලා තියෙනවා මහා පිපිරුමේදී.
    ප්‍රායෝගිකව නම් ඔය කියන චක්‍රීය ක්‍රියාවක් කරන්න බැරිවෙයි මොකද පදාර්ථයක් ශක්තියක් වෙද්දී ඒ මුළු ශක්තියම පදාර්ථය වෙනවා මිසක් අපිට එලියට ගන්න දෙයක් නැතිවෙයි.

    අර අංශු ප්‍රති-අංශු ඝට්ටනය කරලා සයිද්ධන්තිකව පුළුවන්ලු. එකේදී 100%ක් සම්පූර්ණයෙන් ශක්තිය නිපදවෙනවලු.

    Shakthi sansththiya kohomath boru (95%) witara, Cosmic rays gana poddak hoyala balapn
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කාලෙකින් කිරියෙ හරවත් දෙයක් කතා කලා........
    සංවාදයට එක් වූ සැමට ශීර්ෂ ප්‍රණාමක ස්තූතිය.
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    උච්ච මානසික ක්‍රියාවකදී භාවිතා වන්නේ විශිවයේ ම තියන ශක්තිය, එකතු කරල.......
    කුණ්ඩලනී යෝගය ගැන කියවන්න. විඥ්ඥාණය සමග සම්බන්ධ ශක්තිය පරිහරණය කරන ක්‍රමය ගැන කියවෙනවා. නමුත් විද්‍යාත්මකව මෙය පහදා දෙන්න මගේ විද්‍යා දැණුම මදි.
    හපොයි ඔය විශ්ව ශක්ති ගැනනම් දැනීම 0යි.:oo::oo:
    ඉතින් එහෙනම් ඔය යෝගය ප්‍රගුණ (වචන හරිද දන්නේ නෑ:oo:) කරලා sustainable energy source එකක් හදන්න පුළුවන් නේ...:oo:
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    anith athata me weddi newtoniyanu yanthra widyawa ( api hamoma danna science, physics) sahena durata boru wela iwarayi. relativity wala sahena dewaluth boru wegenayi yanne. ( e kiyanne aluth dewal hoyagena thiyanawa parana dewal ekka ekanga nowena.) quantum physics samanyen therum ganna amaru poddak amarui. anika quantum physics wadiya igena gena na. namuth api danna physics walin ada weddi aarakshithawa thiyenne quantum physics witharayi. ee nisa api danna physics walata anuwa anagathayata yanna wena kramayak nathath apita eka wishwaseta kiyanna ba.
     
    Last edited:

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අනාගතයට යනව කියන එක (කාලය හරහාම නෙවෙයි) කරන්න පුලුවන්. අධික වේගයෙන් යනකොට මනුස්සයගෙ ශරීරයේ වියපත් වීම (රලි වටිම, දුර්වල විම) අඩු වෙනව. යන වේගෙ අනුව ඔය වයසට යන වේගෙ තීරණය වෙනව. ඒ කියන්නෙ ඔයාට දැනෙන කාලය අඩුයි ඇත්තටම පෘථිවියෙ ගතවන කලයට වඩා. . අපි හිතමු අපෙ ගමය මචං epw මචං ට බායි කියල අලූකයෙ වේගයට ආසන්න වේගයකින් අජඨාකාශ ගත වුන කියල. තව අවුරුදු තිහකින් ගමය පෘථිවියට ගොඩ බැහැල epw ව බලන්න ආවොත් ( ඌ එතකොට ජීවතුන් අතර හිටියොත්) ගමයට හාට් ඇටෑක් හැදෙයි. යකො මම මේ යසට ඉද්දි මූ epw අන්කල් වෙලානෙ කියල.:D

    ෆිසික්ස්, ඇප්ලයිඩ් මැත්ස් තදට ඉගෙනගත්තු අයට මේක හොඳට කියල ඩෙන්න පුලුවන්. :yes::yes:
    රැලි වැටෙන වගේ ඒවා අඩුවෙන්නේ නෑ බන්. :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හපොයි ඔය විශ්ව ශක්ති ගැනනම් දැනීම 0යි.:oo::oo:
    ඉතින් එහෙනම් ඔය යෝගය ප්‍රගුණ (වචන හරිද දන්නේ නෑ:oo:) කරලා sustainable energy source එකක් හදන්න පුළුවන් නේ...:oo:
    sustainable energy කෙසේ වෙතත් කුන්ඩලණිය වඩලා දවසකට එක වේලක් කාල දවසේ වැඩ ටික ටක්කෙට ම කරන අය ගැන නම් දන්නවා.......
    කුණ්ඩලණිය වැඩීම යම් ශක්ති සංචායක ක්‍රියාවලියක් බදු වගේයි.........
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    දැන් අපි දන්න අගයෙන් 0.00000001% වගේ වෙනසක් වෙයි.:P
    atom bomb එක එච්චර අදාලත්වයක් නෑ .

    nha machan atom bomb ekedi 100% pita wenne nha ehema pita una nam japan wala dupu bomb eken mita wada godak loku winasayak wenawa.
    E=mc^2 wala C godak wadi unoth black hole ekak wena de wenawa.
    Dan mathakath nha black holes gana pitu bara ganaka books athi.life circuls of stars wage namak thina NASA eke book set ekak kiyewwa kalekata kalin.eke godak thinawa owa gana a/l walata ugannawata wada E=mc gana thamai wadipurama thibune
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    sustainable energy කෙසේ වෙතත් කුන්ඩලණිය වඩලා දවසකට එක වේලක් කාල දවසේ වැඩ ටික ටක්කෙට ම කරන අය ගැන නම් දන්නවා.......
    කුණ්ඩලණිය වැඩීම යම් ශක්ති සංචායක ක්‍රියාවලියක් බදු වගේයි.........
    ඒක තමයි ස්කන්ධයක් ත්වරණය (ආලෝකයේ වේගය වෙනකන් ) කරන්න පුළුවන් නම්, sustainable energy එක අව්ලක් වෙන්න බෑ කියන එකයි මම කියන්නේ.:oo:
    ඔය කුන්දලීනි එක ගැන බලන්න ලින්කුවක් දෙනවද?:oo:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    nha machan atom bomb ekedi 100% pita wenne nha ehema pita una nam japan wala dupu bomb eken mita wada godak loku winasayak wenawa.
    E=mc^2 wala C godak wadi unoth black hole ekak wena de wenawa.
    Dan mathakath nha black holes gana pitu bara ganaka books athi.life circuls of stars wage namak thina NASA eke book set ekak kiyewwa kalekata kalin.eke godak thinawa owa gana a/l walata ugannawata wada E=mc gana thamai wadipurama thibune
    එකක ස්කන්ධය, ඝනත්වය වැඩි එකනේ වෙන්නේ.:baffled: අනිත් එක c, m පරිමිත අගයක් නම් එකක වෙන දේ වෙන්න බෑනේ.:baffled:
    එකක් ලඟදි නම් කාලය හරහා යන්න පුළුවන්. (ගුරුත්වාකර්ෂණ බලය දරාගෙන හිටියොත් )