Ex-Alien සදහා පිළිතුරක්!
මෙන්න දැන් ලැබුණු පුවතක්!
මෙන්න දැන් ලැබුණු පුවතක්!
පසුගිය දින කිහිපය තුල මහත් ආන්දෝලනයක් ඇති කල Ex-Alien ගීතයෙහි තේරුම අපහසුවෙන් විශ්ලේෂණය කරගත් පිටසක්වල ජීවින් පිරිසක් සිය නියෝජිතයෙකු පෘථිවියට එවා ඇත. කෙසේ වෙතත් ගීතයේ සදහන් වූ අක්ෂාංශ දේශාංශ පිහිටුම් නිර්ණය කිරීමේදී සිදු වූ දෝශයක් හේතුවෙන් නියෝජිතයා අද දින පතිත වූයේ ඇමරිකාවේ ලාස් වේගාස් නෙවාඩා ප්‍රාන්තයට වුවත් ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහාය ඇතිව හෙට දින අප රටට සැපත්ව මෙම නියෝජිතයා එම දැරිය සමග සාකච්චා කිරීමට නියමිතයි. මේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප සැමටම සතුටු විය හැකි අවස්ථාවක් වන අතර ගීතයේ හිමිකාරිය වන Medhani දියණිය පවසන්නේ තමාට අගෞරව වන ලෙස Youtube Comment ලබා දුන් අයට දැන් නිසි පිළිතුර ලැබී ඇති බවයි.
රැදී සිටින්න දිගටම මේ පිළිබදව නවතම තොරතුරු ලබා ගැනීමට!
රැදී සිටින්න දිගටම මේ පිළිබදව නවතම තොරතුරු ලබා ගැනීමට!
Last edited:










