ඈත ඉතිහාසයෙ කොපමණ දරුණු සහ කුරිරු මරණීය දණ්ඩන ක්‍රම ඉතිහාසයේ සිට මෑත කාලය දක්වාම ක්‍රියාත්මක වුනි දැයි දැක ගන්නට ලැබුන නිසා එම කරුණු රසවත් නොවූවත් ගෙනවා ටිකක් කුරිරු බව අඩු කරලා ලියලා තියෙන්නේ
මොකද කියවන්න වත් බැ එ තරම් කුරිරු දන්ඩන ක්‍රම තමා ඉස්සර තිබිලා තියෙන්නේ .බලන්නකො කියවලම
මෙ දාලා තියෙන චායාරූපය සියල්ලන්ගෙම අනුරුවක්
ඉන් එක ක්‍රමයක් තමයි Garrote කියන උපකරණය භාවිතයෙන් මරණයට පත්කිරීම. අපේ රටට නුහුරු දෙයක් වුනත් අසල්වැසි ඉන්දියාවේ 19 වන ශතවර්ශය පමණ වන තෙක් මෙම ක්‍රමය භාවිතා කර තිබෙන අතර ස්පාඤයේ නම් වසර සිය ගණනක් යන තෙක් ප්‍රධානම මරණීය දණ්ඩන ක්‍රමය මෙය බවත් පැවසෙනවා. පුටුවක ඉන්දවා එහි පිටුපසට සවිකර ඇති යාන්ත්‍රණයකින් බෙල්ල බිද දැමීමෙන් “නිශ්ෂබ්ද” ලෙස මරණය ලඟකර දෙන ක්‍රමයක් ලෙස මෙය හැදින්වෙනවා. රූපයේ දැක්වෙන අයුරින්ම මෙම ක්‍රමය කොයි ආකාරයට භාවිතා කරනවාදැයි ඔබටම වටහා ගත හැක. ස්පාඥයේ ෆැන්සිස් ෆැන්කෝගේ ඒකාධිපති පාලන සමයේදී මෙම ක්‍රමය බහුලව භාවිතා කර තිබෙන අතර 1930 ගණන් වල සිදුවූ ස්පාඥය කැරැල්ලෙන් පසුව මෙම යන්ත්‍රවලට “විවේකයක්” තිබුනේම නැති බවත් පැවසෙනවා.
මෙය අමුතුම ක්‍රමයක්. මටත් මේක හරියටම තේරුනේ නැහැ. ඒත් මට වැටහුන විදියට කියන්නම්. මෙය ක්‍ෂනිකව මරණය ගෙන නොදෙන හා වේදනා විද මරණයට ලඟා වෙන සහ එක් හේතුවක් හේතු කිහිපයක සංකලනයක් නිසා මරණයට පත්වන ම්ලේච්ඡ ක්‍රමයක්. පුරාණ පර්සියාවේ මෙම ක්‍රමය භාවතා කළ බව පැවසෙනවා. මෙහිදී නිරුවත් පුද්ගලයා බෝට්ටු දෙකක අත් සහ පාද ගැටගසා ඊට පස්සේ බලහත්කාරයෙන් කිරි සහ පැණි කන්න දී තිබෙනවා පාචනය හැදෙනකම්ම. ඒ වගේම තව වැඩිපුර ප්‍රමාණයක් ශරීරය පුරා තැවරීමකුත් සිදුකර තිබෙනවා. මෙම ක්‍රම වලින් බලාපොරොත්තුවූයේ මැස්සන් වැනි කෘමීන් මොහු වෙතට ගෙන්වා ගැනීමයි. එසේ පැමිණෙන මැස්සන් මෙම නිරාවරණය වූ පුද්ගලයා මත බිත්තර දමන අතර ඉන් ඇතිවන පනුවන් මෙම පුද්ගලයාගේ මසද කා දමමින් වැඩෙන්නට පටන් ගන්නා අතර පුද්ගලයාගේ සිරුර මත තුවාල හටගැනීමත් සිදුවෙනවා.මෙසේ දවස් කිහිපයක්ම තිබෙන්නට හරින විට තුවාල වලින් පීඩාවට පත්වනවාට අමතරව විජලනය සහ ආහාර නොමැති කමින් හාමත් වීමෙන් පුද්ගලයා ක්‍රමයෙන් දුර්වල වීමට පටන් ගන්නවා. මෙසේ විජලනය, තුවාල ආසාදනය, නිරාහාරව සිටීම හා කම්පනයෙන් පුද්ගලයා මිය යන්නේ අමානුශික හා වේදනාකාරී අයුරකිනි
නැත්නම අපේ භාෂාවෙන් නම් හිසේ සිට දෙපතුල දක්වා හම ගැසීම නැත්නම් තේරෙන්නම කියනවා නම් “ඉහේ ඉදන් පට්ට් ගැසීමත්” ඉතා පෞරානික දඩුවමක්. ඇසිරියන්වරු මෙන්ම චීනයේ මින්ග් අධිරාජ්‍ය සමයෙත් සිදුකෙරුණු අතිශයින් වේදනාත්මක හා අමානුශික දඩුවමක් ලෙස මෙය සටහන් කරන්නට පුළුවන්.
මේ දඩුවම විවිදාකාරයට සිදුකරල තියෙනවා. ඇසිරියන්වරු විශේෂයෙන්ම මෙය සිදුකරල තියෙන්නේ තමන් අල්ලා ගත් සතුරන්ට මෙම දඩුවම දීම තුලින් තම බලය හා සතුරා බියවැද්දීමටයි. ඊට අමතරව ඇසිරියන්වරු යමෙකු හම ගැසීමට ප්‍රථම ඔහුට සිය දරුවා තමන් ඉදිරියේදීම හම ගැසීම නැරඹීමට ලබා දෙන තරම් කුරිරු වෙලා තියෙනවා . ඒ එක්කම මෙක්සිකෝවේ ඇස්ටෙක්වරු පූජනීය වශයෙන් මිනිසුන් බිලි දීමෙදිත් මෙම “ශුද්ධ” වූ ක්‍රමය භාවිතා කරන්නට තරම් බැතිබර වෙලා තිබෙනවා. හැබැයි ඔවුන් නම් යම් තරමකට මානුශික වෙලා තියෙනවා. මොකද හම ගැසීම සිදුකර තිබෙන්නේ “මනුස්ස බිල්ල” මිය ගියාට පසුවයි. වෙනකක් තබා දියුණු යයි සම්මත යුරෝපයේ පවා 18 වන සියවසේදිත් මෙම ක්‍රමය අනුගමනය කර තිබෙනවා. ප්‍රංශය එයට උදාහරණයක්.
නමින්ම තේරෙන විදියට මේක චීනයේ භාවිතා කළ ක්‍රමයක් ක්‍රි.ව. 900 සිට 1905 දක්වා මෙම ක්‍රමය භාවිතා කර තිබෙන අතර මෙහිදී පුද්ගලයා කනුවක වැනි යමක ගැටගසා විටෙන් විට සිරුරේ තැන් තැන් වලින් කැපීම, ඉරීම, ඇදීම, අවයම පිටතට ගැනිම යනාදී වේදනාකාරී හා අමානුශික අයුරකින් සෙමින් මරණයට පත් කිරීම සිදු කර තිබෙනවා.
මෙම දණ්ඩනයත් වචනයෙන් විස්තර කළ නොහැකි ආකාරයේ අමානුශිකයි. මට තේරෙන ආකාරයට නම් රෝදයක් වැනි දෙයක් ගැටගසා ඉතා දරුණු ලෙස පහර දීමකින් ඇට කුඩු පට්ටම් කර මරා දැමීම විය යුතුයි. යුරෝපයේ රටවල් ගණනාවක සහ ඇමරිකාවෙත් ඉස්සර මෙම අපූරු ක්‍රමය භාවිතා කර තිබෙනවා.
මේකත් ග්‍රීක අධිරාජ්‍ය පැවතුන කාලය තරම් දීර්ඝ ඉතිහාසයක් ඇති ක්‍රමයක්. මෙහිදී පුද්ගලයා ලෝකඩ වලින් තැනූ එක් පැත්තක දොරක් ඇති ගවයෙකුගේ පිළිරුවක් තුලට දමා දොර වසා යටින් ගිනි අවුළුවා පුද්ලයා එය තුල “රෝස්” වන්නට හරනවා. මෙහි ඇති අපූරුබව තමයි මෙම ගවයාගේ හිස ප්‍රදේශයේ සකස් කර ඇති සංකිර්ණ නල පද්දතියක් නිසා පුද්ගලයා වේදනාවෙන් කෑගසන හඩ වෙනුවට පිටතට ඇසෙන්නේ කුලප්පු වූ හරෙකෙකු තප්පුලන ශබ්දය බවද පැවසේ.
මෙම ක්‍රමය ජපානය වැනි රටවල භාවිතා කර තිබෙනවා. මෙහිදී අවයව එකක් හෝ කිහිපයක් සිරුරෙන් එලියට ඇද දැමීම තමයි සිදුකර තිබෙන්නේ.
මෙය අපේ රටෙත් භාවිතා වුන ක්‍රමයක්. අපි ඉතිහාසය ගැන හදාරන කොට පැවසුන කැලණි තිස්ස රජතුමා භාවිතා කළ ක්‍රමය තමයි මෙම ක්‍රමය. එනම් උණු තෙල් හෝ ඇසිඩ් හෝ වතුර හෝ බැස්සවීමෙන් මරණයට ලක්කිරීම. බොහෝවිට මෙය සිදුකර තිබෙන්නේ විශාල කල්දේරමකට ඉහත කී ද්‍රවය දමා එය දැඩි සේ රත් කිරීමේන. යුරෝපයේ හා රුසියාවේ මීට වසර 300 කට පෙර මෙම ක්‍රමය භාවිතා කර තිබෙන අතර ඉහත කී ද්‍රව වලට අමතරව තාර හෝ සත්ත්ව තෙල් යනාදියත් භාවිතයට ගෙන තිබෙනවා.
මේ තමයි උල තැබීම. අතිශයින්ම වේදනාකාරී සහ මරණීය වේදනාව දිගු වේලාවක් දරා සිටින ක්‍රමයක් ලෙස හැදින්වෙන මෙය ග්‍රීක, රෝම ආදී අධිරාජ්‍ය සමයන්හිදී සහ අපේ රටේ පවා පැවති ක්‍රමයක් ලෙස හැදින්වෙනවා. ඇතැම්විට දින ගණනවක් පුරා වුවත් මෙම උලෙහි දැවටී වේදනාව විද මරණයට පත්වීමට සිදුවන බවද සදහන්.
මෙම ක්‍රමය තරමක් ව්‍යාකූලයි. මට තේරුන හැටියට නම් යමෙකු එල්ලා මරණයට පත්වන තෙක් සිට හෝ ඊට ප්‍රථම සිරුර කෑලි වලටත් කපා හෝ පිලිස්සීම යනාදී තවත් විවිද වද බන්ධන ලබාදීමෙන් වේදනාව වැඩි කිරීම සිදු කර මරණයට පත් කර තිබෙනවා. මධ්‍යතන යුගයේ බ්‍රිතාන්‍යයේ බහුලව භාවිතා කර තිබෙනවා.
විදුලි පුටුවද මරණ දඩුවම ලබාදෙන ජනප්‍රියම ක්‍රමයකි. ඇමරකාවේ සහ පිලිපීනයේ මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන ලද අතර දැන් මෙම ක්‍රමය භාවිතයට නොගන්නා බවද පැවසේ. විදුලි පුටුව නිපදවන ලද්දේද අප දන්නා කෙනෙකි. එනම් තෝමස් අල්වා එඩිසන් විසින් වන අතර මුලින්ම මෙම ක්‍රමයෙන් ඇමරිකාවේදී මරණ දඩුවම ලබාදෙන්නේ 1890 වර්ශයේදීය. එතැන් සිට සියවසකට ආසන්න කාලයක් එනම් 1980 දක්වා වසර 90 ක කාලයක් ඇමරිකාවේ ප්‍රාන්ත ගණනාවකම ප්‍රධානම මරණීය දණ්ඩනය ලබාදෙන්නාවූ ක්‍රමය මෙය වන අතර විදුලි පුටුව යනු එක්තරා විදියකින් තවත් ඇමරිකානු Symbol එකක්ද විය. කෙසේවෙතත් විදුලි පුටුව නිර්මාණය කළ අවධියේ මෙය මානුශිකම මරණීය දණ්ඩනය ලබාදෙන ක්‍රමය ලෙස සැලකුනත් එය පසුකළෙක එසේ නොවන බව ඔප්පුවිය.
විශ ගෑස් භාවිතයෙන් මරණ දඩුවම ලබාදීම ගැනද බහුල ලෙස කතා කෙරෙන්නේ ජර්මානුවන්ගේ වදකාගාර සම්බන්ධයෙනි. එහෙත් ඊට වසර කිහිපයක පෙර එනම් 1924 දී ඇමරිකාව මුලින්ම ගෑස් යොදා මරණ දඩුවම දීම නෙවාඩා හිදී අත්හදා බැළු අතර 1930 සිට 1980 දක්වා ඇමරිකාවේ ප්‍රාන්ත 7 ක සයනයිඩ් වායුව යොදා ගෙන මරණයට පත් කළ සිරකරුවන් සංඛ්‍යාව 952 කි. මෙම ක්‍රමයෙන් යමෙකු මරණයට පත්කිරීමට මිනිත්තු 20 ක කාලයක් ගතවන බව පැවසෙන අතර දැන් ඇමරිකාවේ ප්‍රාන්ත ගණනාවකම මෙම ක්‍රමය තහනම් කර ඇත්තේ මෙය වේදනාකාරී මරණිය දණ්ඩනයක් ලබා දෙන බවද සනාථ කරමිනි.විශ ගෑස් වලින් මරණයට පත් කිරීමට වඩා විස එන්නත මානුශික යයි සැලකේ. මෙම ක්‍රමයේදීද මරණයට පත්වීමට මිනිත්තු 20 ක පමණ කාලයක් ගතවෙතත් මරණයට පත්වන්නාට එය නොදැනෙන තරම්ය. එයට හේතුව විශ එන්නත ලබා දීමට පෙර ඔහුට සිහිසුන් වන එන්නතක් ලබාදීම නිසා වන අතර මරණිය එන්නත ලබාදෙන්නේද යාන්ත්‍රිකවය. ජර්මානුවන් මෙම ක්‍රමය මුලින්ම දෙවන ලෝක යුද්දය ඇරඹීමට ආසන්න කාලයකදී ක්‍රියාවේ යොදවන්නට වූ අතර මෙම ක්‍රමයේදී සිදුවන්නේ හදවතට විශ එන්නත ලබාදී මරණයට පත් කිරීමයි.
ඉස්ලාමීය අරාබි රටවල් කිහිපයකම කාන්තාවන් මරණයට පත්කිරීමට යොදා ගන්නා ක්‍රමයකි ගල් ගැසීම. Mauritania, සෞදි අරාබිය, යේමනය, එක්සත් අරාබි එමිරේට්ස්, ඉරානය, පකිස්ථානය , බංගලිදේශය සහ සුඩානය මෙන්ම ඉස්ලාමීය වටපිටාවක් සෝමාලියාව වැනි රටවලද මෙම කුරිරු ක්‍රමය ඉස්ලාමීය ශාරියා නීතිය යටතේ ක්‍රියාත්මක වේ. ඉස්ලාමීය ආගමික මුහුණුවරක් නැති දකුණු අප්‍රිකාව වැනි රටවල පවා මෙය ක්‍රියාත්මක වන්නේ එම රටවල බහුල ලෙස ඇති ගෝත්‍රික බෙදීම නිසා විය යුතුය. දැනට ක්‍රියාත්මක වන සියළුම මරණ දඩුවම් අතරින් වදවේදනා වැඩියෙන්ම විද මරණයට පත්වන ක්‍රමය මෙය විය යුතු යයි සැලකෙන අතර ප්‍රාහරයට ලක්වන්නා ආසන්න වශයෙන් පැය 4 ක පමණ කාලයක් දුක්විද මෙලොව හැරයයි.
Joseph-Ignace Guillotin විසින් 18 වන සියවසේදී සොයා ගන්නා ලද ගිලටීනය ප්‍රංශ විප්ලවයේදී මරණ දඩුවම ලබාදීම සදහා බෙහෙවින් භාවිතයට ගන්නා ලද උපකරණය විය. හිස ගසා දැමීමට සමාන බවක් ගත්තත් ආයුදයක් ගත් මිනිසෙකු විසින් එම කාර්යය කරනවා වෙනුවට වේගයෙන් පහළට පැමිණෙන තියුනු බවෙන් යුතු කැපුම් තලයකින් මෙම කාර්යය ක්‍ෂනයකින් හා චූදිතයාට අවම වේදනාවක් දැනෙන අයුරකින් සිදුකර ගැනීම ගිලටීනය නිපදවීමේ අරමුණ වන්නට ඇත. එහෙත් හිස කදෙන් වෙන්වූ පසුවද තප්පර 30 කට ආසන්න කාලයක් ඇස පිය සහ තොල් සොලවන බව 1905 දී ප්‍රංශ භෞත චිකිත්තසකයෙකු වූ Dr. Gabriel Beaurieux විසින් සිදුකල පර්යේෂනයකින් තහවුරුවිය. 20 වන සියවසේ මුල මෙවැනි අරුම පුදුම පර්යේෂන සුලභවිය. කෙසේවෙතත් ගිලටිනය ප්‍රංශයේ ප්‍රධානම මරණ දඩුවම ලබාදෙන ක්‍රමය ලෙස 1977 සැප්තැම්බරය දක්වා ක්‍රියාත්මක විය.
ගිලටිනයෙන් සිදුකරන ආකාරයෙන්ම බොහෝරටවල පුරාණයේ පටන් පැවති මරණ දණ්ඩන ක්‍රමයකි කඩුවක්, පොරවක් හෝ එවැනි කැපුම් තලයක් ඇති ආයුදයකින් බෙල්ලේ පිටුපසට පහර දීමෙන් සිදුකරන හිස ගසා දැමීමේ මරණ දණ්ඩනය. මෙම ක්‍රමය අපේ රටේද ක්‍රියාත්මක වූ බව මද්දුම බණ්ඩාර, කැප්පෙටිපොළ නිලඹේ තුමන් ඇතුළු පිරිසට ලබා දුන් මරණ දඩුවම ගැන පවසන කරණු වලින්ද සනාථ වේ. දැන් මෙම ක්‍රමය අපේ රටේ ක්‍රියාත්මක නොවූවද සෞදි අරාබිය, යේමනය, හා එක්සත් අරාබි එමිරේට්ස් යන රටවල තවමත් ක්‍රියාත්මක වේ.
එල්ලා මැරීමද ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක මරණ දණ්ඩනය ලබා දෙන ක්‍රමය වන අතර මෙහිදී මිනිත්තු 15 ක පමණ කාලයක් එල්ලීමෙන් පසු මරණයට පත්වීමට ගතවන බව පැවසේ.
මෙවැනි ලිපි දිනපතා කියවන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කරගන්න.
Original Article Click Here
