Free GPS Tracking Server Application for Sri Lanka!!!

electroniclab

Member
Sep 12, 2010
264
70
0
කාලයක් තිස්සේම අලුත් දෙයක් කිරීමට ගත් වෙහෙස මහන්සිය ඉතා සාර්ථක ප්‍රතිඵලයක් ලෙසින් නිමා වූවා. පහත සදහන් ලින්ක් එක ඔස්සේ ඔබටත් අද පටන් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ ගමන් දත්ත සජීවීව වෙනත් ස්ථානයක සිට අන්තර්ජාලය ඔස්සේ නැරඹීමේ හැකියාව උදා වෙනවා.

electronicinside GPS Tracker
Demo Login Credentials,
Email:[email protected]
Password:12345

live.PNG

මෙම නිර්මාණය ගූගල් ලැටිටියිඩ් මෘදුකාංගයට බොහෝ සෙයින් සමාන කම් දක්වනවා. නමුත් මෙය විවෘත මෘදුකාංග කිහිපයක එකතුවක්, 2013 මාර්තු මාසයේ අම්පාර ප්‍රදේශයේ පැවැති දැයට කිරුළ ප්‍රදර්‍ශනයේදී විශේෂ බලකා ප්‍රදර්ශණ කුටියේදී සාර්ථකව ප්‍රදර්ශනය කරනු ලැබුවක්. අපගේ මීළග ප්‍රයත්නය සුලභව භාවිතයට ගැනෙන TK102, TK103,TK104 කාණ්ඩයේ දෘඩකාංගයන් සහ GPS+GPRS මොඩියුලයන් මේ සමග සම්බන්ධ කරවීමයි. එසේම ඔබත් මෙවැනි දෑ නිර්මාණය කිරීමට උනන්දුවක් දක්වන්නේ නම් කමේන්ට් එකක් ඔස්සේ දැනුම් දෙන්න. අපගේ සර්වරයේ ඉඩකඩ ඔබගේ පර්යේෂණ කටයුතු සදහා ලබාදීමට අප සූදානම්. මතක තබා ගන්න GPS Tracking කිනම් අයුරකින් හෝ සම්බන්ධ වී තිබිය යුතුයි.
unzoomed.PNG

zoom_w_info.PNG

භාවිතා කිරීමට උපදෙස්,
1. ඔබ සතුව GPS සහිත Android දුරකථනයක් තිබෙනවා නම් මේ සමග සම්බන්ධ වීමට electronicinside GPS Tracker වෙත ගොස් ඔබගේ නිවැරදි ඊමේල් ලිපිනය සහ පාස්වර්ඩ් එකක් ලබා දීම මගින් නොමිළයේම රෙජිස්ටර් විය හැකියි. අනතුරුව User Profile->Tracker Config->Add New ඔස්සේ ඔබගේ Android දුරකථනයේ නිවැරදි IMEI [must be 15 digits] අංකය ලබා දිය යුතු වනවා. Unit Password යන්නටත් ඔබ Login වීමට භාවිත කළ පාස්වර්ඩ් එකම ලබා දීමට අමතක කරන්න එපා.

2. ඉන් අනතුරුව ඔබගේ Android දුරකථනය ඔස්සේ ඉහත වෙබ් ලිපිනය වෙත ගොස් එහි ඇති Android අයිකනය මත click කර අදාල App එක Download කරගත යුතු වනවා. App එක ස්ථාපනය කළ පසුව open කර දුරකථනයේ [Menu button] ක්ලික් කිරීම මගින් මෙම මෘදුකාංගයේ [Settings] වෙත යා යුතුයි. ඉන් අනතුරුව [log to mapmyplace server] ඉදිරියේ ඇති Tick එක ඉවත් කර නැවත එය මත කිල්ක් කර ටික් එක සක්‍රීය කරගන්න. මෙම අවස්ථාවේදී ඔබව මීළග මෙනුව කරා ගෙන යන අතර එහි [Enable Mapmyplace] යන්නද ඉහත පරිදි ටික් එක ඉවත් කර නැවත ටික් එක සක්‍රීය කර ගන්න. දැන් ඔබගේ දුරකථනය අපගේ වෙබ් අඩවිය හා සම්බන්ධ වීමට සූදානම්. ඔබ කළ යුතු වන්නේ ඇප්ලිකේෂනයේ Main Screen එක වෙත ගොස් [Start Logging] යන්න ක්ලික් කෙරීම පමණයි. Track විය යුතු කාල පරාසයන් සර දුර සීමාවන්ද මෙම ඇප්ලිකේෂනයේ Settings->Logging Details හරහා වෙනස් කරගත හැකියි. [Time before logging, Distance Before Logging, Accuracy before Logging, Time Interval for accuracy]. මේ සම්බන්ධව ගැටළු ඇතොත් කමෙන්ට් එකක් හරහා විමසන්න

3. Android Phone කිහිපයක් වුවද එකම User Account එකකට add කර ගැනීමටද හැකියාව ඇති අතර දැනට එකම අවස්ථාවේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන 15ක් සාර්ථකව නිරීක්ෂණය කර තිබේ. ඇන්ඩ්‍රොයිඩ් version එක 2.2 අඩු නම් මෙම මෘදුකාංගය භාවිතා කළ නොහැක.
 
Last edited:

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,625
    113
    Gampaha
    සිරා වැඩක්.. 6+.. අලුතෙන් පටන් ගන්න අයට මෙන්න අලුත් එකක් තියෙනවා.. තාම පටන් අරන් සතියයි.. කැමති අය සෙට් වෙන්න.
    https://www.coursera.org/course/maps
     
    electroniclab

    Member
    Sep 12, 2010
    264
    70
    0
    සිරා වැඩක්.. 6+.. අලුතෙන් පටන් ගන්න අයට මෙන්න අලුත් එකක් තියෙනවා.. තාම පටන් අරන් සතියයි.. කැමති අය සෙට් වෙන්න.
    https://www.coursera.org/course/maps

    Thank you for your comment. ඇත්තෙන්ම මේ වාගේ තමයි වටින්නේ. Freelancer.com, oDesk.com වගෙ සයිට් වල මේ වගේ application වලට හොද ඉලුමක් තියෙනවා. මේ application එකත් මම 2011 දි freelance project එකක් විදියට කරලා දුන්න එකක්. නමුත් අලුතින් options කිහිපයක් add කලා, ලංකාවට ගැලපෙන විදියට වෙනස් කලා.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නියම වැඩක් මචො. ඉදිරියට සාර්ථකව කරගෙන යන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Google Nexus ඒකට නියමෙට වැඩ කරනවා මාලග TK103 B ඒකක් තියනවා Free GPS Tracking Services ඒකක් හොයහොය ඉන්නේ දැනට මම used කරන්නේ මේක http://www.gpstrackerxy.com/
    සුභ පතනවා වෙන මේවගේ services නැද්ද free දෙන
     
    electroniclab

    Member
    Sep 12, 2010
    264
    70
    0
    Google Nexus ඒකට නියමෙට වැඩ කරනවා මාලග TK103 B ඒකක් තියනවා Free GPS Tracking Services ඒකක් හොයහොය ඉන්නේ දැනට මම used කරන්නේ මේක http://www.gpstrackerxy.com/
    සුභ පතනවා වෙන මේවගේ services නැද්ද free දෙන

    Puluwan nam oya device eke link ekak denna puluwanda machan? Original TK device eke witarayi IP/Port Lock karala tiyenne. (eyalage site eka tamayi oya dala tiyenne.) Mata link ekak ewuwoth mama danna updates tikak dennam. Duplicate eka lock monavath nehe, eth durability ekak nehe. maximum 02 months weda karanne. accuracy out. Think that you are using Genuine device & it may locked.
     
    electroniclab

    Member
    Sep 12, 2010
    264
    70
    0
    මචන් මේකට data connection එක on එකේ තියෙන්න ඕනේ නේද

    Live track balaganna oni nam aniwaryenma data connection eka on wela tiyenna oni. Eth eka location upload ekakaa 1KB wath use wenne nehe. location eka 2sec. walin update wenna dammath 01 min walata yanne nearly 20 KB wage. Lagadima tava option ekak add karanna shedule kala, GPS location eka phone eke internal db ekata save wela limited time period ekakata serayak server ekata send karanna puluwan wenna. ethakota 15 Mins walin witara tamayi net connection ekak hadenne. Normally machan smart phone ekaka data enabled nisa data connection eka through server ekata cordinates ewanne. ehema nathnam SMS through ewannath puluwan widiye option ekak add karanna puluwan. eth machan hema sms ekakatama keeyak hari kepenavane.
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Puluwan nam oya device eke link ekak denna puluwanda machan? Original TK device eke witarayi IP/Port Lock karala tiyenne. (eyalage site eka tamayi oya dala tiyenne.) Mata link ekak ewuwoth mama danna updates tikak dennam. Duplicate eka lock monavath nehe, eth durability ekak nehe. maximum 02 months weda karanne. accuracy out. Think that you are using Genuine device & it may locked.

    TK 103B

    Ebay

    Site

    මගේ device ඒක testing වලට යොදා ගන්න පුළුවන්
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    Live track balaganna oni nam aniwaryenma data connection eka on wela tiyenna oni. Eth eka location upload ekakaa 1KB wath use wenne nehe. location eka 2sec. walin update wenna dammath 01 min walata yanne nearly 20 KB wage. Lagadima tava option ekak add karanna shedule kala, GPS location eka phone eke internal db ekata save wela limited time period ekakata serayak server ekata send karanna puluwan wenna. ethakota 15 Mins walin witara tamayi net connection ekak hadenne. Normally machan smart phone ekaka data enabled nisa data connection eka through server ekata cordinates ewanne. ehema nathnam SMS through ewannath puluwan widiye option ekak add karanna puluwan. eth machan hema sms ekakatama keeyak hari kepenavane.

    නැහැ මචන් ප්‍රශ්නේ තියෙන්නේ data on කලාම battery බහින නිසා ගොඩක් ය data off කරගෙන ඉන්නේ. එතකොට කෙල්ලගේ phone එක track කරන්න බැනේ