මිතුන්

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
සත්‍ය කතාවක් ඇසුරෙන් මේ එන නම් ගම මනඃකල්පිතයි ...කතාව උපරිම කෙටි කරලා කියන්නම් .කතාවේ සත්‍ය භාවය 90% සහ සුළු සුළු වෙනස්කම් මැද කියන්නම් .... මෙය මට හදාල සිදුවීමක් නෙමෙයි .ඒත් මේ කතාවේ ඕනෑම දෙමව්පියන්ට ,අදර කරන්නන්ට ,සහෝදර වරුන්ට ,මිතුරන්ට පාඩමක් තිබේ .එකම දවසෙන් කියන්න බැහැ පුළුවන් විදියට type කරන්නම් .කාගේත් හිත රිදෙන comment දාන්න එපා ........ ලැබෙන comment අනුව කතාව ඉක්මනට කියල ඉවර කරනවා .......
යාන්තමින් උදේ 5 පසු වුනා පමණයි වෙනද වගේම සීතලට ඇඳට වෙලා ගුලිවෙලා ....හොඳ හුසම්ක් එක්ක අයෙමත් චූටි නින්දකට කොට්ටේ තද කර විතරයි ..තාමත් වයස අවුරදු දෙකක් නැති මගේ ලෝකයම එලිය කරපු මගේ සිංහ පැටියා ..එය දන්නා භාෂාවෙන් මට කතා කරනවා ...ඔලුව ඇත ගානවා ...වෙනද වගේම මගේ අහින්ෂක කෙල්ල ..මව විතරක් විශ්වාස කරන එක වහලේ ජීවත්වෙන මට දුන්න තේ කෝප්පයත් අරගෙන මම නැගිට්ටේ අදත් වැඩට යන්න බැහැ වගේ .......

ලස්සන සඳුදාවක් ..මගේ ටයි එක අරන් දෙන ගමන් මගේ චූටි පුතුටයි බිරිඳටත් අත වනල වෙනද වගේ වැඩට ගියේ ...අයෙත් මා කොයි වෙලේ ගෙදර ඒවිද කියා වෙලා ගනිමින් ය ......

පුතුගේ වැඩ කටයුත්තක් සඳහා මගේ බිරින්දටත් එලියට යන්නත් ..ගෙදර වැඩ ටික තනියම කරන්නත් ..හරියට යුද්දයක් මැදි වෙලා වගේ .......

යන්තමින් හවස හතර පහු වුනා විතරයි ...... මා මගේ පුටුවත් නොකිය ලැහැස්තිවෙලා ගියේ ..මා එනතුරු ඔවුන්ටත් කිසි සැනසිල්ලක් නැති නිසාය .

මේ අතරේ කවදාවත් නොහිතපු විදියට මට මගේ බිරිඳව මුණ ගැසුනේ ඇය බෙහෙත් අරන් ගෙදර යන විටදීය .ඇයත් මෙය හීනෙන්වත් බලාපොරොත්තු නොවුවා නිසැකයි .

මා ඇය මුණගැසුන මොහෙතේ ඇගේ අතේ සිටියේ මගේ පුතනුවන් වුවද ..මගේ අතේ එල්ලී සිටියේ රූමත් කාන්තාවක් ... මගේ බිරිඳවත් එළිමහනේ මා සමග කරන්නේ නැති දෙයක් කරමින්ය .

මා හට සිද්දවුයේ බිරිඳ අතහැර අර එම කාන්තාව සමග යාම පමණි .මගේ බිරිඳ මගේ දරුවා කොතරම් දුක් වීද යත් මට අදටත් හිත ගන්න පුළුවනි.

මා එසේ කරන්නට හේතුව මා මෙතෙන් සිට කියන්නම් ....................


P1

P2

P3

P4​
 
Last edited:

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    9a868c0253c73071e680ad30416b53bb_12030.jpg
    ඉතින්.. ඊට පස්සේ මොකෝ උනේ?
     
    Last edited:

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    කතාව කියන්න ලේසි නිසා මගේ නම මිතුන් කියලා කියන්නම්.(ඒත් ඒ මම නෙමෙයි ).....

    මම ඉපදුනේ 1980 ගණන්වල .ඉපදෙනකොටම මගේ පළාතේ ලොකු යුද්දයක් .එනම් යාපනයේ .අපේ තාත්තා වැඩ කරේ ආරක්ෂක නිලදාරියෙක් හැටියට .යාපනයට පත්වීම් ලැබිල ගිය කාලේදී තමයි අම්මව මුණ ගැහිලා තියෙන්නේ .ඒ දෙන්නට අවුරුදු 10 යක් විතර වෙනසක් තියෙනවා .මම ඉපදෙනකොට අම්මට යන්තමින් 18ක් විතර වෙනවා .......
    මම මස 3ක් වගේ වෙලා කුසේ ඉන්න ගමන් තමයි මෙයාල බැඳලා තියෙන්නේ .පුංචි කාලෙදිම මට වයස මසක් යන්තමින් 4ක් විතර වෙද්දී අපි කොළඹට ඇවිත් තියෙන්නේ .මොකද ඒ දවස් වල යුද්දේ හරියට ජයයි ඔය පැති වලට ...........

    අපේ තාත්ත මම පොඩි කලේ හොඳටම බොනවා .අපේ අම්මා යි ද කියල දන්නේ නැහැ ම එක්ක එතරම් වෛරයි ,ඒ වෛරය නැති වෙන්න සැහෙන්න කාලයක් ගිය .ඒ නිසා තාත්තා වැඩට ගිහින් එනකම් මම ගෙදර පඩිය උඩ වාදී වී ගෙන ඉන්නවා රෑ එක දෙක වෙනකම් .........

    අපි කොළොඹ ආපු ගමන් තාත්තට රක්‍ෂාවක් තිබුනේ නැහැ ..මොකද යාපනෙන් පැනල ආවේ ......ඔය එක එක මුදලාලී එක්ක එක එක වැඩ කරලා හම්බ කරලා තමයි අපි ජීවත් වෙලා තියෙන්නේ ......

    මට මතකයි අපේ මල්ලි ඉපදුන දවස ....මට මාර සතුටක් දැනුනේ ........ අපේ අම්ම ටිකට් කපාගෙන ගෙදර එනකොට දවස් ගානක් ..නොකා මම ලිපේ තියෙන අඟුරු කනවලු .........................එතකොට වයස අවුරුදු 3ක් .
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    අම්ම ඒ දවස් වල මට එහෙම සලකන්න හේතුව එයාගේ පොඩි කාලෙදිම කසාද උන එක කියල තමයි එය කියන්නේ .....
    තාත්තා උදේට නැගිටින්නේ බෝතලේට වැඳගෙන ...ගෙදර දර නැති උනාම මට මතකයි වහලේ තිබුන ලී කොට කඩලා දෙනවා ලිපට දාන්න .........

    තාත්ත බීම අතාරින්න ගොඩක් හේතු තියෙනව ..මම පොඩි කාලේදී ඒ කියන්නේ වයස හයක් හතක් විතර වෙද්දී සැහෙන්න ගහනව ...මට හිතාගන්න බහ ඇයි කියල ..මල්ලිටත් ඒ ටික තමයි එත් වැඩිය නැහැ ...ඒ නිසා අම්මගේ යහළුවෝ කොහි වෙලෙත් මව සනසනවා ..මොකද උනුත් ඒ දවස්වල පාසල් වයසේ සිට නොබැඳපු අය තමා වැඩිය හිටියේ .......
    සමහරක් දවස්වල අම්මා මට ගැහුවම එක පාලු ගෙයක් තියෙනවා ...මම ඒකෙ බිත්තිවල ලියනවා අම්මේ ඇයි මම තරහයි ඇයි මට ගහන්නේ කියලා .....ඒ ලියනකොට මම කොහි තරම් වේදනාවක් විඳින්න ඇතිද කියල මගේ හිත පමණයි දන්නේ ...............

    අම්මට තත්තිවත් පේන්න බැහැ හේතුව බොනවා කියලයි එයා කීවේ ..ඒත් එක හේතුවක් නෙමෙයි කියලා මට දැනගන්න වැඩි කාලයක් ගියේ නැහැ .......

    මම 3 වසර ඉන්නකොට තාත්තා බීම නැවැත්තුව සදහටම .........ඉතින් එය වැඩට පිට යනවා දවස් දෙක තුනකට වරක්ම .....දවසක් මම නිදි ඒත් මට නින්ද යන්නේ නැහැ තාත්ත නැති නිසා .....එකපාරට මහා රැහැ ජාමේ මට තිගැස්සිලා ඇහෙරුනා ඇඳ උද කව්දෝ ඉන්නවා...එකපාරට සතුට දරාගන්න බැරිව මම නැගිටින්න හැදුව ඒත් හිටියේ අපේ තාත්තා නෙමෙයි ...........

    මට දැන් පුදුම බයක් වගේම දුකක් නින්ද යන්නේ නැහැ ...මම නැගිටින්නේ නැතුව කිවා "අම්මේ මට චූ බරයි "..ඉතින් එයා මට දොස් දීගෙන එක්කගෙන ගිය එලියට ...එනකොට අරු නැහැ .......ඊළඟ දවසේ තාත්තව දැක්කම මට නොදැනීම කඳුළු ගලනවා අස්ස දෙකට ..ඒත් මට කියාගන්න තේරෙන්නේ නැහැ ...මොකද ඒ දෙන්නා ගුටි ඇනගත්තම මායි මල්ලියි තනි වෙන නිසා .....

    ඒ මම දැක්ක පලවෙනි සිද්දිය ........ඒවගේම මම ඉගෙන ගන්න හරිම දක්ෂයි මම ගොඩක් ලොකු ඉස්කෝලෙකට ගියේ නැහැ සාමන්‍ය පෙල වෙනකම් ....ඒවගේම ඒක මිශ්‍ර පාසලක් ...පන්තියේ ගැහැණු ළමයි පවා ගහනව මම හරීම බයයි .....මම පොඩි කාලෙම පන්තියකට ගිය ඉංග්‍රීසි ඉගෙන ගන්න 3 වසරේදී ...පන්තිය කලේ අය්යා කෙනෙකුයි අක්කා කෙනෙකුයි ..උන්දෙන්නගේ ආදර කතාව තමයි වැඩිපුර දැක්කේ පන්තියේදී ඉංග්‍රීසි වලට වඩා .........................

    ඔහොම ඉන්න ගමන් තමයි මම හය වසරේදී අපි කොළොඹ තවත් තැනකට කුලියට ගියා ....... ඒ ගියෙත් අම්මගේ අර උට පටේ නිසා ...ඒත් මම අපේ අම්මට මගේ පණට වඩා ආදරේ කරා මගේ මල්ලියාට මම තරම් ආදරේ කරපු කෙනෙක් නැති තරම් කියල හිතුනා ...............................
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    මගේ ජීවිතය කන පිට හරවපු නගරය .....අමතා කරන්න බැරි නගරය ...........
    අසංක අය්යා මම අපු දවසෙම දැක්කේ වීරයෙක් හැටියට ........එතකොට අසංකට වයස විසි දෙකක් විතර ඇති ...ගමේ කොල්ලෝ ඔක්කොම බයයි .....දන්නා කියන කව්රුත් ශාපයක් ඇරෙන්න අසංකට වෙන මුනවත් කැමැත්තෙන් දෙන්නේ නැහැ ... ඒත් මිනිහා තමන්ට අවශ්‍ය දේ කොහොම හරි ලබා ගන්නවා ....... පාතාලයේ දළු නෙලන කාලේ ඒ ..... මම ඇවිත් මාස තුනක් විතර යද්දී ..අසංකගේ හොඳම යාළුවව තවත් පාතාල නායකයෙක් කපල කොටලා කනත්තකට ගෙනියල දාලා තිබුණා .......
    ඊළඟට මළ ගෙදරට ඇවිත් බලලා යනවා අසන්කව ඊළඟට ඉලක්කය අසංක නිසා ........................

    අපිට එහෙම කල්ලි ගහන්න ....එහෙම අසංක දෙන්නේ නැහැ ...එහම උනොත් තමන්ට අභියෝගයක් වෙයි කියලයි අසංක හිතන්නේ ....................මම අට වසරේදී ඉස්සෙල්ලම මම අසංකට කතා කරේ ...මට කඩේ යන්න කිවා .......

    එදා තමයි මගේ පලවෙනි වතාවට මම සචිනිව දැක්කේ ...පුදුම ලස්සනක් .....අහිංසකයි ......කියන්න වචන නැහැ ......එයට සාමාන්‍ය පෙළට විභාගය ලියනවා ...ඒත් සචිනි අසංකගේ නෙත ගැටුන නිසා ...සචිනිගේ දෙමව්පියන්ට පහර දී සචිනිව පාසැල් නිල ඇදුමෙන්ම උස්සලා ගෙනත් තිබුණා ...........සචිනි එදා ම එක්ක හිනාවෙනවා වෙනුවට කරේ රවපු එක ......මට ඒක එතරම්ම හිතට දැනුනේ නැහැ ..............................
     
    • Like
    Reactions: D@sun

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    keep updating bro


    kiyannako balanna...



    9a868c0253c73071e680ad30416b53bb_12030.jpg
    ඉතින්.. ඊට පස්සේ මොකෝ උනේ?


    ????????????????


    Ikmanata kiyapaaaan......

    :(:(:(:( ???????????????
    bump..........

    මොකක්ද බන් මේ හරුපෙ ? ඉතුරු ටිකත් දාපන් බලන්න


    kottak panapu kathawak ne?

    Puluwan widiyata kathwa kiyagena yannam ......ath Sat/Sun mama naha...ewagema..kathwata hadala dewal ayithi karuge kamaththa matha thamai palakaranne............

    sup ekak denna ikamnta iwara karannam.............:love::love: