Facebook Fake Accounts

aruna47

Well-known member
  • cebook තුලින් සියලුම ව්‍යාජ ගිණුම් ඉවතට

    අන්තර්ජාලයේ facebook සමාජ ජාල වෙබ් අඩවිය තුල පවත්වා ගෙන යන සියලුම ව්‍යාජ ගිණුම් ( fake profile ) ඉදිරි මාස තුනක කාලයක් ඇතුලත අවලංගු කිරීමට එහි නිමැවුම්කරු වන මාර්ක් සකර්බර්ග් මහතා තිරණය කර ඇත. ඒ අනුව දැනට පවත්වා ගෙන යන සියළුම ගිණුම් වල අනන්න්‍යතාවය ඉදිරි මාස තුනක කාලයක් ඇතුලත පිළිගත් සහතිකයක් ( ගමන් බලපත්‍රය,රියදුරු බලපත්‍රය , හෝ අදාල රටේ ජාතික හැඳුනුම්පතේ පිටපතක් ) මගින් ඉදිරිපත් කල යුතු අතර එසේ ඉදිරිපත් කරන්නට අපොහොසත් වෙන ගිණුම් 2013 නොවෙම්බර් මස පළමු දින සිට අක්‍රිය කරන බව ඒ මහතා සඳහන් කරයි.

    එසේම අලුතින් ආරම්භ කරන ගිණුම් සඳහා සැප්තැම්බර් මස පළමුවන දින සිට මෙම අනන්න්‍යතා සහතිකය අප්ලෝඩ් කිරීම අනිවාර්ය වන අතර එය facebook සමාගමේ නිලධාරීන් විසින් පරික්ෂා කර අනුමත කිරීමෙන් පසුව නව ගිණුම භාවිතය සඳහා මුදා හරිනු ලැබේ. ඇමරිකාවේ " The future today " පුවත් පත සමග කල සාකච්චාවකදී මාර්ක් සකර්බර්ග් මහතා වැඩි දුරටත් පවසා සිටියේ මෙමෙ ක්‍රියාවලියේ සාර්ථකත්වය සඳහා විවිධ භාෂා කියවීමේ හැකියාව ඇති සුදුසුකම් ඇති නව පිරිසක් ලෝකයේ සෑම භාෂාවක්ම නියෝජනය වන පරිදි ලෝකයේ සෑම රටකින්ම පාහේ facebook ආයතනය වෙත බඳවා ගැනීමට කටයුතු කරන බවයි.


    images
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    අන්න එළකිරි වැඩක්. දැන් කෙල්ලොත් එක්ක chat කරන්න පුළුවන් බය නැතුව.