loan ekak ganna udaw karanna.

yasitha_o3

Member
Oct 5, 2006
2,081
83
0
37
IN YOUR HEART
මම මේ ඉල්ලන උදව්ව කවුරුත් කරන එකක් නෑ සමහර විට. එත් ගොඩක් ඉක්මනින් කරගන්න ඕන වැඩක් නිසා කට්ටියට කියල බලන්න හිතුන.

අපි IT කොම්පැනි එකක් පටන් අරන් කාලයක් කරගෙන ගියා. දැන් අපි පොඩි ඔෆීස් එකක් ගත්ත බත්තරමුල්ල හරියෙන්. ඇඩ්වාන්ස් දුන්නේ යාලුවෝ එකතු වෙලා සල්ලි දාල.

දැන් මාසයක් වෙන්ව එත් අපිට තාම අපේ වැඩ ටික එතන පටන් ගන්න බැරිඋනා මේ මාසෙට අපි එතනට කුලිය ගෙව්වේ අපේ යාළුවොන්ගේ සල්ලි එකතු කරල.

අපිට එතන වැඩ පටන්ගන්න තව බඩු වගයක් ගන්න ඕනේ. අපි ඒවා ගන්න loan එකක් apply කරලා තියෙන්නේ. එත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ loan එකේ garentor විදිහට sign කරන්න අනිවාර්යෙන් රජයේ සේවකයෙක් ඔනී. ඒ කෙනාගේ salary එක 26,000 වලට වඩා වැඩි වෙන්නත් ඕනේ. ඒ වගේම ඒ කෙනා වයස අවුරුදු 50 ට වඩා අඩු වෙන්නත් ඕනේ. එයා loan එකක් අරන් නැති වෙන්නත් ඕනේ.
ඒ වගේම එය වෙන loan 1 කට වඩා garentor sign කරලා නැති වෙන්නත් ඕනේ.


මෙන්න මේ වගේ කෙනෙක් අපිට හොයාගන්න බැරි උන නිසා මාසයක්ම අපේ loan එක ගන්න වැඩේ කල් ගිය.. කිසිම කෙනෙක් නෑ මේ සුදුසුකම් ඔක්කොම තියෙන. ඉතින් එකයි බැලුවේ එළකිරි යාලුවොන්ගෙන් වත් උදව්වක් ගන්න පුළුවන් වෙයිද කියල.

මේ වැඩේ කරලා දෙන්න කැමති කවුරු හරි ඉන්නවනම් මේ උදව්ව කරලා දෙන්න.

බොහොම ස්තුති.
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    දැන් කාලෙ හැමෝම අමාරුවෙන් බං ඉන්නෙ. රජයේ රස්සා කරන ගොඩක් ය ලෝන් අරං ඉන්නෙ. පෞද්ගලික කියල උනත් වෙනසක් නෑ. වෙන බැංකුවකට ගිහිං කතා කරලා බැලුවේ නැද්ද? මොකද ඔහොම එකෙක් හොයනවා කියන්නෙ නිකං අර නොමළ ගේකින් අබ ඇට අහුරක් ගේන්න කිව්වා වගේ තමයි.
     
    Jul 3, 2012
    1,394
    116
    0
    දැන් කාලෙ හැමෝම අමාරුවෙන් බං ඉන්නෙ. රජයේ රස්සා කරන ගොඩක් ය ලෝන් අරං ඉන්නෙ. පෞද්ගලික කියල උනත් වෙනසක් නෑ. වෙන බැංකුවකට ගිහිං කතා කරලා බැලුවේ නැද්ද? මොකද ඔහොම එකෙක් හොයනවා කියන්නෙ නිකං අර නොමළ ගේකින් අබ ඇට අහුරක් ගේන්න කිව්වා වගේ තමයි.
    :(
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ලෝන් නොගත්ත රජයේ සේකයකෙයක් හොයන්න.... අප්පේ ඒක ලේසි නැහැ.. අනික ඔය ඇප කොන්දේසි නම් මම මේ ඇහුවමයි
     

    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    හොයල හොයල අතිම වෙලා තමයි පොඩි try එකක් දැම්මේ මෙහෙම හරි කෙනෙක් හොයාගන්න. අනිවා අඳුරන්නේ නැති කෙනෙක් sign කරන්නේ නම් නෑ තමයි.

    කවුරු හරි දන්නවනම් ලක්ෂ 4ක විතර ණයක් ගන්න මේ වගේ කට්ටක් කන්න ඕනේ නැති විදිහක් ගැන කරුණාකරලා කියල යන්න.

    හැමෝටම බොහොම ස්තුතියි
     

    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    හොයල හොයල අතිම වෙලා තමයි පොඩි try එකක් දැම්මේ මෙහෙම හරි කෙනෙක් හොයාගන්න. අනිවා අඳුරන්නේ නැති කෙනෙක් sign කරන්නේ නම් නෑ තමයි.

    කවුරු හරි දන්නවනම් ලක්ෂ 4ක විතර ණයක් ගන්න මේ වගේ කට්ටක් කන්න ඕනේ නැති විදිහක් ගැන කරුණාකරලා කියල යන්න.

    හැමෝටම බොහොම ස්තුතියි

    මම නම් හිතන් නැ ඔය වගේ පොඩි ලෝන් එකකට ඔයවගේ නීති තියනව් කියල
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    හොයල හොයල අතිම වෙලා තමයි පොඩි try එකක් දැම්මේ මෙහෙම හරි කෙනෙක් හොයාගන්න. අනිවා අඳුරන්නේ නැති කෙනෙක් sign කරන්නේ නම් නෑ තමයි.

    කවුරු හරි දන්නවනම් ලක්ෂ 4ක විතර ණයක් ගන්න මේ වගේ කට්ටක් කන්න ඕනේ නැති විදිහක් ගැන කරුණාකරලා කියල යන්න.

    හැමෝටම බොහොම ස්තුතියි

    sanasa bank eken balana loan ekak ganna

    oya golo katawat job ekak natnam loan ekak ganna eka amarui so eka nisa job ekak karana kenek wa hoya ganna

    oya golo kattiyage parentsla innawane job karala so ewage kenek ekka kata karala .. loan eka gewanam kiyala kattiya kiyala.. loan ekak eyage namin ara ganna
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    මචෝ, පොඩි දෙයක් කියන්නම්..

    මටත් තියෙන්නෙ ඔයවගේ පොඩි Software Company එකක්, මුලින්ම මමයි යලුවෙකුයි පටන් ගත්ත,

    අපිත් හිතුවෙ ඔය වගේ ලොකුවට පටන් ගන්න, ඒත් අපේ වාසනාවට කවුරුවත් අපිට Loan එකක් දුන්නෙ නැ,,, මොකද අපි Loan ගත්තා නම් තාමත් ඇනගෙන..

    මොකද මචො. .IT Company එකක් කියන්නෙ ලොකු Risk එකක්, කරන්න වෙන ආයොජනය වැඩී, එත් ලාබලබන්න ගොඩක් කල් යනවා.

    පොඩි office එකක් උනත් Rent එක 20 000 ක්, ADSL 4500, Light bill 5500 වගෙ එනව මාසෙකට එතකොට මාසෙකට 30 000 ක් විතර බිල් ගෙවන්න විතරක් යනවා, මුලදි ඒක ගොඩක් අමාරුයි. .

    අනිත් එක මචො, , ඔයාලා මොනා කරන්න යනවද කියලා නම් දන්නෙ නැ, එත් ..
    WEB, Software වගේ ඒවා කරනවා නම් Customer අනිවා ඉල්ලන්නෙ කලින් කරපුවා පෙන්න්න කියලා. .

    ලොකු project එකක් ගන්න එක අමාරුයි එහෙම නැත්නම්..

    මගේ Company එක පටන් ගත්තෙ ගෙදර තිබ්බ Computer Tables දෙකකුයි, P 4 PC 2 ක් එක්ක
    මුලින් Project හම්බ උනේ නැ,, මාස 6 k විතර Rental ගෙව්වෙ අතේ තිබ්බ සල්ලි වලින්,

    loan අරන් තිබ්බා නම් පට්ට චා වෙනවා, අන්තිමට ගාන Cover කරගන්න පිටකොටුවෙන් ලාබෙට Computer parts ගෙනල්ලා විකුනලා තමයි යන්තම් බේරගත්තෙ....

    පස්සෙ Projects 3ක්4ක් කලාම කට්ටියම අපිව හොයාගෙන ආවා, එක Customer කෙනෙක්ට අපිව හිතට අල්ලලා ඇයි මල්ලිලා ලොකුවට කරන්නෙ නැත්තෙ කියලා අහුවම අපි සල්ලි නැති කේස් එක කිව්වම අපිට ඒ වෙලාවෙම ලක්ශ 5ක් දුන්න මල්ලිලට පුලුවන් දවසක දෙන්න කියලා, පොලිත් එපා කියලා,

    ටික දවසක් යනකොට තව කෙනෙක් ඇහුවා මල්ලිලා ලග Hardware ත් තියාගෙන Software එක්ක දෙන්න කියලා, අන්තිමට පොර අපිට බර ගානක බඩු ගෙනත් දුන්නා Shop එකට ලාබේ ඔයාලා තියාගන්න මට ගිය ගාන විතරක් මාසෙකට 10 000 ගානෙ දෙන්න කියලා,,

    ඔහොම පොඩියට පටන් අරන් දැන් නම් මිනිහෙක්ට එන්න පුලුවන් office එකක් තියෙන්වා, office එකට හැම බඩුවක්මත් එක්ක,

    මචෝ, ණය වෙන්න එපා කවදාවත් .. බැරි දේ නොකර ඉන්න, තියෙනවා නම් කලාට කලක් නැ, , පොඩියට පටන් අරන් යන ගමන වැටි වැටි ගොඩක් දුර යන්න පුලුවන්,,

    ලොකුවට පටන් ගන්න ගිහින් වැටුනොත් , ආයෙ නැගිටින්න වෙන්නෙ නැ මචො. ..


     

    WarRock

    Member
    Aug 10, 2013
    276
    13
    0
    NearMyShadow
    මචෝ, පොඩි දෙයක් කියන්නම්..

    මටත් තියෙන්නෙ ඔයවගේ පොඩි Software Company එකක්, මුලින්ම මමයි යලුවෙකුයි පටන් ගත්ත,
    එක Customer කෙනෙක්ට අපිව හිතට අල්ලලා ඇයි මල්ලිලා ලොකුවට කරන්නෙ නැත්තෙ කියලා අහුවම අපි සල්ලි නැති කේස් එක කිව්වම අපිට ඒ වෙලාවෙම ලක්ශ 5ක් දුන්න මල්ලිලට පුලුවන් දවසක දෙන්න කියලා, පොලිත් එපා කියලා,



    Ape class eke ayya kenektath customer kenek salli ohoma deela thibba. Eyath kalin software karapu kenek lu. Dhan outsourcing witharalu karanne ;)