සිරියාවේ රසායනික අවි ප්‍රහාරය
මචන්,
උඹල දැක්කද මේ සීන් එක. අද උදේ පාන්දරම මේක දැක්කේ බං.

මාස කිහිපයක සිට රජයේ හමුදා හා කැරළිකරුවන් අතර සිරියාවේ පවතින ගැටුම් වල අවාසනාවත අවස්ථාවක් මේ වනවිට උදා වී තිබෙනවා.
සිරියාවේ ජනාධිපත් බෂර් අල් අසාද්ගේ රජයේ හමුදාවන් විසින් අද අළුයම කැරළිකරුවන් වෙත රසායනික රොකට් ප්‍රහාරයක් එල්ල කර තිබූ අතර ඒවා පතිත වී තිබුනේ ජනාවාස සහිත ප්‍රදේශයකටය.
මෙම විෂ වායු ප්‍රහාරය නිසා 1,300ක් පමණ මේ වනවිට මියගොස් තිබෙන අතර ළමුන් සිය ගණනක් හා කාන්තාවන් සිය ගණනක්ද ඒ අතර වන බවයි වාර්තා වෙන්නේ. ඔවුන් මියගොස් තිබෙන්නේ නිවාස වල සිටියදීමය.
මියගිය ළමුන්ගේ ඇඟේ සීරීමක් වත් නොවන අතර ඔවුන් මියගොස් තිබෙන්නේ විෂ වායූන් නිසාය. මෙය සිදුවූයේ එක්සත් ජාතීන්ගේ රසායනික අවි නිරීක්ෂක කණ්ඩායම් සිරියාවට පැමිණ දින 3ක් ගතවූ පසු වීමද විශේෂත්වයකි.
සිරියාවේ ජනාධිපති අසාද්ගේ හමුදාව පවසන්නේ තමන් රසායනික අවි පාවිච්චි නොකල බවයි. ඇමරිකාව, බ්‍රිතාන්‍ය හා අනෙකුත් බටහිර මිත්‍රපාර්ශවික රටවල් විශ්වාස කරන්නේ අසාද්ගේ හමුදාව විසින් මීට පෙරද සුළු ප්‍රමාණ වලින් මෙම ගෑස් අවි භාවිතා කල බවයි.
නමුත් අසාද්ගේ රාජ්‍ය හමුදාව පවසන්නේ කැරළිකරුවන් විෂ වායු ප්‍රහාර එල්ල කල බවයි. මේ පිළිබඳව රුසියාව පවසන්නේ දෙපාර්ශවයෙන්ම මේ පිලිබඳව සොයා බැලිය යුතු බවයි. අරාබි ලීගය අද පවසා සිටියේ එක්සත් ජාතීන්ගේ සංවිධානය කඩිනමින් මේ පිළිබඳව සොයා බැලිය යුතු බවයි.
ගැටුම් උත්සන්නවීම නිසා කුර්දිශ් සිරියානු සරණාගතයින් 30,000ක් පමණ මේ වනවිට තමන්ගේ කුර්දිශ් පාලනයක් පවතින උතුරු ඉරාකය වෙත පැමිනෙමින් සිටිනවා. ඒ දින 5ක් පමණ දේශ සීමා තරණය කිරීමෙන් පසුවයි.
ගත්තේ 33000න්

Last edited: