1.
රාවණ රජතුමා බිස්නස් කාරයෙක් බවත්, බිස්නස් යනුත් හෙළ වචනයක් බවත් ඔබ දැන සිටියාද?
අතීතයේ රාවණ රජ සමයේ සිටි රකුස් (රක්+කුස් = කුස රකින = ගොවි) හෙළයෝ වී වගාව තම ප්‍රධාන ජීවනාලිය කරගෙන තිබුණි. අස්වැන්න බිස්සක ගබඩා කරන අතර පසුව ඒවා පිටසක්වලින් පැමිණෙන ව්‍යාපාරික "ළියන්" (කාන්තාවන්) සමග වෙළඳාම් කරයි. ඒ "ළියන්" ට (Alien) වී දීමෙන් සිදුවන්නේ බිස්ස හිස් වීම යන අරුතෙන් බිස්නස් (Business) යන පදය වරනැගුණි. [[බිස් = බිස්ස, නස් = නශ්‍යවීම = අඩුවීම]]
රකුස් හෙළයින්ගේ බිස්නස් පිළිබඳ තවත් මූලාශ්‍ර වර්ගපූර්ණිකාව පුස්කොළපොතේ, බමුණන් විසින් විනාශ කළ බිස්සන්කොටුව සෙල් ලිපියේ, ලන්ඩන් කෞතුකාගාරයේ ඇති හෙළ පුස්කොළපොත්වල, නාසා ආයතනයේ බිස්නස් සම්බන්ධ රහසිගත පර්යේෂණ වාර්තා වල සඳහන් වී තිබේ.
ඒළියන්ලා සමගත් බිස්නස් කළ රකුස් වරිගයකින් පැවතෙන හෙළයෙක් වීම ගැන ඔබටත් ආඩම්බරයිනම් ශෙයා කරන්න.
2.
රාවණා රජතුමාට "හම්" කම්හලක් තිබුණි. එහි සේවය කළේ හම්බයින් ය. හම්බයා යනු "හම් බඩු යාන්ත්‍රිකයින්" බව අරිසේනියානු පද නිරුක්තියෙන් පැහැදිළි වෙයි. [හම්=හම්, බ=බඩු, යා=යාන්ත්‍රිකයා]
සතුන්ගේ හම් ලබා ගැනීමට අකමැති වූ රාවණා රජතුමා එම කම්හලේ "දර්ශනීය ලෙලි" හෙවත් ලෙදර් හැදුවේ විස්මිත හෙළ තාක්ෂණය යොදා ගනිමින් රබර් වලිනි. [ලෙදර් යනුත් හෙළ වචනයකි; ලෙ=ලෙලි, දර්=දර්ශනීය]
රබර් වලින් ලෙදර් හැදීමේ හෙළ තාක්ෂණය වනාහී, ඇල්වතුරට කෙමිකල් දැමීම හෙවත් "ඇල්කෙමි" තාක්ෂණයයි. [ඇල්=ඇල්වතුරට, කෙමි=කෙමිකල් දැමීම]
රබර් යොදා ගනිමින් නිෂ්පාදනය කළ ලෙදර් හෙවත් "දර්ශනීය ලෙලි" නිෂ්පාදනය කළ කොටසට යොදා ගත් විශ රසායන ද්‍රවයක් පරිසරයට මුදා හැරීම නිසා ප්‍රදේශයේ ජනතාව ලෙඩ විය. එය ආරංචි වූ ජන හද අඳුනන දුක විමසාලන රජතුමා ජනතාවට උද්ඝෝෂණය කිරීමට ඉඩ නොතබාම, කර්මාන්ත ශාලාව වසන්නට අණ කළ විට තම රැකියාව රැක දෙන ලෙස කියමින් හම්බයෝ උද්ඝෝෂණය කළහ. "හම්බයාට රැකියාව රැක දීමත්, ජනතාවට බොන්න පිරිසිදු ජලය ලබා දීමත් දෙකම කරන්නට මට බැරිය. එනිසා හම්බයා පල තෝ මැදපෙරදිගට" කියා එකල රාවණා රජතුමා හම්බයින්ව මැදපෙරදිගට පන්නා දමන ලදී. රාවණගේ ඝර්ජනාවට බිය වූ හම්බයෝ මැදපෙරදිගට පැන දිවූහ. එදා සිට මැදපෙරදිග "අරාබිය" යනුවෙන් හැඳින්වේ. [අ=අපරාජිත, රා=රාවණට , බිය=බියවූවෝ].
අන්න බලන්න එදා සිටි රජාගේ වැඩ. අපටත් එවන් රජෙක් ඇත්නම්.....
කතාව එතනින් ඉවර නැත. පෙර කී පරිදි ලෙදර් වැඩ වලට හුරු වී සිටි හම්බයින්ට වෙනත් රැකියාවක් කිරීමට නොහැකිව අරාබියේ ඔටු චූ බොමින් නන්නත්තාරේ යන්නට විය. එය දැනගත් රාවණා රජතුමා බොහෝ සෙයින් දුකට පත් වී එම "නන්නත්තාරයේ යන්නන්" උදෙසා රබර් යොදා ගනිමින් "ලෙදර් බඳින" මහා කර්මාන්ත ශාලාවක් අරාබියේ ඉදි කළේය. එය පිහිටි ප්‍රදේශය "ලෙබනන්" යනුවෙන් හැඳින්වෙනු ලැබීය. [ලෙ=ලෙදර්, බ=බඳින, නන්=නන්නත්තාරයේ යන්නන්ට]. ලෙබනන් වැසියෝ අදටත් රහසේම රාවණාට වඳින්නේ හෙළදිව දෙසට නමස්කාර කරමිනි. හෙළයෙක් වීම ගැන ආඩම්බරයි නේද?
නමුත් ඒ කර්මාන්ත ශාලාව නිසාත් අරාබි ප්‍රදේශයේ ජලය දූෂණය විය. (රබර් ගෑවුණොත් ඔහොම තමයි.) කොතෙක් දුෂණය වූවාද කිවහොත් එහි ජලය තෙල් බවට පත් විය.
ඉහත දැක්වෙන ඉතිහාස පුවත පද නිරුක්ති වලින් ඔප්පු කිරීමට අමතරව, වර්ගපූර්ණිකාව පුස්කොළපොතේ, බමුණන් විසින් විනාශ කළ ලෙබනන් සෙල් ලිපියේ, ලන්ඩන් කෞතුකාගාරයේ ඇති හෙළ පුස්කොළපොත්වල, නාසා ආයතනයේ ලෙබනන් සම්බන්ධ රහසිගත පර්යේෂණ වාර්තා වල සඳහන් වී තිබේ.
පද නිරුක්ති මගින් ඕනෑම ඉතිහාස කතන්දරයක් 100% ක් සත්‍යව සහ විශ්වාසනීයව ඔප්පු කළ හැකි බව මේ ලිපිය කියවීමෙන් ඔබටත් වැටහුණානම් මෙය Share කරන්න.
3.
සිංඩරෙල්ලා යනුත් හෙළ යකිනියක් බව ඔබ දැන සිටියාද? යක්ෂ ගෝත්‍රික පුස්කොළපොතක් කියවන් යද්දී මට මේ පද නිරුක්තිය හමු වුණා.
සිං=සිංහල,
ඩ=ඩප්පි,
රෙල්ලා=වරෙල්ලා
සිංඩරෙල්ලාගේ රැකියාව වුණේ සිංහලයින්ට ඩප්පි විකුණන එක. "ඩප්පි ගන්න වරෙල්ලා" කියල උදේ පාන්දර කෑ ගහන එක එයාගෙ සිරිතක්. ඕකට ඇගේ කුඩම්මට තද වෙලා වැඩකාර කමට ගත්තා. පස්සේ ඉන්ද්‍රජිත් කුමාරයා සිංඩරෙල්ලාව කසාද බැන්දා.
ඕක තමයි කෙටියෙන්ම විස්තරේ. කෝ ඉතින් මට මේව ලියන්න වෙලාවක් තමා නැත්තේ. ගෙදර වැඩ පළ කිරීමේ ශූරියක් වූ සිංඩරෙල්ලා හෙළයෙක් වීම ආඩම්බරයිනම් මේක Share කරන්න හොඳේ.
menna thawa arthel balanna pot 1
http://www.facebook.com/vargapurnikava?hc_location=stream