බිස්නස් යනුත් හෙළ වචනයක් බවත් ඔබ දැන සිටියාද?

Hydra

Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    අතීතයේ රාවණ රජ සමයේ සිටි රකුස් (රක්+කුස් = කුස රකින = ගොවි) හෙළයෝ වී වගාව තම ප්‍රධාන ජීවනාලිය කරගෙන තිබුණි. අස්වැන්න බිස්සක ගබඩා කරන අතර පසුව ඒවා පිටසක්වලින් පැමිණෙන ව්‍යාපාරික "ළියන්" (කාන්තාවන්) සමග වෙළඳාම් කරයි. ඒ "ළියන්" ට (Alien) වී දීමෙන් සිදුවන්නේ බිස්ස හිස් වීම යන අරුතෙන් බිස්නස් (Business) යන පදය වරනැගුණි. [[බිස් = බිස්ස, නස් = නශ්‍යවීම = අඩුවීම]]

    රකුස් හෙළයින්ගේ බිස්නස් පිළිබඳ තවත් මූලාශ්‍ර වර්ගපූර්ණිකාව පුස්කොළපොතේ, බමුණන් විසින් විනාශ කළ බිස්සන්කොටුව සෙල් ලිපියේ, ලන්ඩන් කෞතුකාගාරයේ ඇති හෙළ පුස්කොළපොත්වල, නාසා ආයතනයේ බිස්නස් සම්බන්ධ රහසිගත පර්යේෂණ වාර්තා වල සඳහන් වී තිබේ.

    ඒළියන්ලා සමගත් බිස්නස් කළ රකුස් වරිගයකින් පැවතෙන හෙළයෙක් වීම ගැන ඔබටත් ආඩම්බරයිනම් ශෙයා කරන්න.