රාවණ සමයේ තිබූ ඉලෙක්ට්‍රොනික උපාංග වල පො&#3523

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    රාවණ සමයේ තිබූ ඉලෙක්ට්‍රොනික උපාංග වල පො&#3523

    රාවණ සමයේ තිබූ ඉලෙක්ට්‍රොනික උපාංග වල පොසිල හමු වෙයි.


    extinct-technology-as-fossils-2.jpg

    extinct-technology-as-fossils-2.jpg





    අප ශ්‍රී රාවණ නරේන්ද්‍රයාගේ කාලයේදී අති මහත් හෙළ විද්‍යාත්මක සහ තාක්ෂණික දියුණුවක් තිබූ බව මීට පෙර වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ ලිපි වලින් පෙන්වා දෙද්දී සමහර රාවණා විරෝධීන් ඊට සිනා සුණහ. ඊට හේතුව වන්නේ අප දැක්වූ මූලාශ්‍ර මදි බව කීමයි. නමුත් රාවණාගවේශක ඉතිහාස ලිපියක මූලාශ්‍ර දැක්වීමේ සම්ප්‍රදාය අනුව යමින්, පද නිරුක්ති, හෙළ විද්වතෙක්ගේ ප්‍රකාශයක්, අතීත පුස්කොළපොත්, සෙල් ලිපි උදෘත, අපගේ මා හැඟි ග්‍රන්ථ රාජයා වන වර්ගපූර්ණිකාවෙන් උපුටාගැනීමක්, ජනප්‍රවාද, ආදිය ගෙන හැර පාමින් කිසි සේත්ම නොබිඳිය හැකි තර්ක වලින් සංයුක්තව අපගේ ලිපි ලියා ඇති බව සෑම රාවණාපාක්ෂිකයෙක්ම හොඳාකාරවම දනී.

    බොහෝ රාවණා විරෝධීන් අපට අභියෝග කළේ, අතීත හෙළයේ තිබූ තාක්ෂණික උපකරණ පුරාවිද්‍යාත්මක කැණීම් වලින් හමු වුණානම් ඒවායේ පින්තූර පළ කරන ලෙසටයි. නමුත් අප එය ප්‍රතික්ෂේප කළේ, ඒවා පළ කළ වහාම පාහර ඉන්දියානුවන් එම පින්තූර ව්‍යාජ ඒවා බව පෙන්වීමට කටයුතු කරන බැවිනි. ඔවුන් වැඩි වශයෙන්ම යොදාගන්නා ක්‍රමය වන්නේ, අප ඉදිරිපත් කරන සාක්ෂි වර්ෂ කීපයකට පෙර දිනයක් සහිතව විවිධ වෙබ් අඩවි වල පළ කිරීමයි. එවිට බලන කෙනෙකුට පෙනෙන්නේ අප ඉදිරිපත් කරන්නේ කොහෙන් හෝ උපුටා ගන්නා ලද ව්‍යාජ පින්තූර බවයි.

    එසේ වීමේ අභියෝගය තිබියදීත් අද මේ බලාපොරොත්තු වන්නේ මෑත කාලයේදී ශ්‍රී ලංකාව තුළ කරන ලද කැණීම් වලින් හමුවූ විවිධාකාර පොසිල වර්ග වල පින්තූර ඔබ වෙත ඉදිරිපත් කිරීමටය. මෙම පොසිල සියල්ලම වැඩිදුර පර්යේෂණ කටයුතු සඳහා ලන්ඩන් විශ්ව විද්‍යාලය වෙත යවා ඇත. ඔබ යම් දිනකදී ලන්ඩන් විශ්ව විද්‍යාලයට යනවානම් එහි ප්‍රධාන කෞතුකාගාරයට අයත් Institute of Archaeology Collections හි අංක 13 මැදිරියේ විශේෂ කුටියක ඇති මේ දේවල් ඔබට දැක ගත හැකි වනු ඇත.

    ඒ ආකාරයෙන් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට පොසිල යවද්දී, Christopher Locke නැමති පර සුද්දා මේවා තමන්ගේ නිර්මාණ බව කියමින් මුළු ලෝකයම ‍රැවැට්ටවීමේ කූඨ ජාවාරමක්ද කර ඇත. ඒ පිළිබඳව දැනට හේග් නුවර ජාත්‍යන්තර අධිකරණයේ නඩුවක් විභාග වෙන බැවින් වැඩි විස්තර නොදක්වමි.

    ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය Karen Radner ගේ මුලිකත්වයෙන් කරන ලද කාබන් 12 කාල නිරීක්ෂණය අනුව අනාවරණය වී ඇත්තේ පහත අයිතම සියල්ලම මීට අවුරුදු 10000 කට පමණ පෙර සමයට අයත් බවයි. අපි ඒවා එකින් එක බලමු.


    තෙලබනුව
    රවණා රජතුමගේ සමයේදී හෙළයේ ප්‍රධානතම සංනිවේදන උපකරණයයි. අරිසෙන් අහුබුදුවන්ට අනුව, මේ උපකරණය යොදා ගනිමින් අතීත හෙළයෙක් අනෙකෙකුට ඇමතීමේදී "හෙළෝ" කියා පළමුවෙන්ම පවසයි. එහි තේරුම නම් අනෙක් පසේ සිටින්නේ හෙළයෙක් දැයි දැන ගැනීමටයි. අනෙක් පස තෙලබනුව කනේ තබගෙන සිටින්නේ හෙළයෙක්නම් ඔහුත් "හෙළෝ" යැයි පෙරළා පවසයි. එම සිරිත තවමත් මිනිස් සමාජයේ තිබීම පුදුමයක් නොවේ.



    ජංගම තෙලබනුව
    මෙහි පි‍ටුපස "රාවණා" යනුවෙන් ඉපැරණි යක් බාසාවෙන් සටහන් කර තිබීම නිසා මෙයට රාවණා රජතුමාට සම්බන්ධයක් තිබූ බව පැහැදිළි වෙයි.




    මෙම පොසිල හමු වී ඇත්තේ "තෙලතුවාව" නැමැති ගමේ පොළොවෙන් අඩි 100 ක් යටදී කරන ලද පුරාවිද්‍යා කැණීමකිනි. තෙලතුවාව යන්නේ පද නිරුක්තිය බලමු, තෙල=තෙලබනු, තුවා=තුවාල කරන, ව=වංගෙඩිය. තෙලතුවාව ගම් මැද්දේ තවමත් ඉපැරණි ගල් වංගෙඩියක් තිබේ. සිද්ධ රාජ පත් ඉරු මූලාශ්‍ර වල දැක්වෙන ආකාරයට රාවණ රජ සමයේදී තිබූ අබලන් තෙලබනු ප්‍රතිචක්‍රීයකරණය කිරීම සඳහා එම වංගෙඩියට දමා කොටා ඒවායේ යකඩ ඉවත් කර ඇත.


    කැසටය
    "කැසටය" යනු අතීත හෙළයේ තිබූ ගීත්‍ර ශ්‍රවණය කරන යන්ත්‍රයි. කැසටය යන්නේ පද නිරුක්තිය බලමු.
    කැ=කැරකැවෙමින්, ස=සංගීතය, ට=ටක්කෙටමදෙන, ය=යන්ත්‍රය. ඒ අනුව කැසටය යනුත් හෙළ පදයක් බව පැහැදිළි වෙයි. පහත දැක්වෙන පොසිලය හමු වී ඇත්තේ කැබිතිගොල්ලෑව නැමති ගමෙනි. එහි පද නිරුක්තිය වන්නේ, කැ=කැසටයන්, බි=බිහිකිරීමට, ති=තිඹිරිගෙයක්වූ, ගොල්ලෑව=ගම. ඒ අනුවම එම ගමෙන් පහත කැසටයේ පොසිලය හමු වීම පුදුමයක් නොවේ.



    කැසට පට
    එම කැසටය සමගම ලැබුණ කැසට පටයක් පහත දැක්වේ.


    දැනටමත් එම කැසට පටයේ තිබූ ශිලා කොටස් ඉවත් කර ඇති අතර එහි ඇති දත්ත ලබා ගැනීමට ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම උත්සාහ දරයි. වර්ගපූර්ණිකාව පුස්කොළපොතේ දැක්වෙන ආකාරයට මෙම කැසට් පට නිපදවා ඇත්තේ කෙහෙළ් පට්ටා වලට රහසිගත ඖෂධ වට්ටෝරුවක් එකතු කිරීමෙනි, එවිට එය් අවුරුදු දහස් ගණනාවක් වුවත් සංරක්ෂණය කර තබා ගත හැකියි. මේ ආකාරයෙන් ඖෂධ කලවම් කර තාක්ෂණික උපාංග හදන ආකාරය වෛමානික ශ්‍රාස්ත්‍රය නැමති ජනප්‍රිය හෙළ පුස්කොළපොතේ දැක්වෙයි.



    කෙළිය
    අරිසෙන් අහුබුදු සූරීන් දක්වන ආකාරයට අතීතයේ සිටි හෙළුවන් ක්‍රීඩා හඳුන්වා ඇත්හේ "කෙළි" ලෙසටයි. එනිසා අදටත් ක්‍රීඩා කරන සහායිකාවට, කෙළිය+ඇය හි "ඇ" කාරය භින්න වී, "ය" අකුර ලොප් වී, "කෙල්ල" යැයි කියන බව පැහැදිළි වෙයි. ඉතින් අතීතයේ තිබූ අති දියුණු ඉලෙක්ට්‍රොනික් උපකරණ වලටත් පොදුවේ භාවිතා කර ඇත්තේ "කෙළිය" යන නමයි. පහත දැක්වෙන්නේ එවැනි කෙළියවල්ය.



    විනෝද කෙළි පොල්ල
    මෙහිදී උඩට එසවුණු පොල්ලක් තිබෙන අතර රූපවාහිනියේ තිරයේ පෙනෙන ක්‍රීඩාවට අනුව ඒ පොල්ල එහාට මෙහාට කිරීමෙන් ක්‍රීඩා කිරීමට පුළුවන. නිවැරදි ලෙස මෙය වේගයෙන්ම සුසර කිරීමෙන් අදාල ක්‍රීඩාව ජයග්‍රහණය කර හොඳ තෘප්තියක් ලැබීමට පුළුවන. වර්තමානයේදී ජෝයිස්ටික් බිහි වී ඇත්තේ මේ තාක්ෂණය ගැන ලියවුණ අපගේ ඉපැරණි පුස්කොළපොත් කියවූ පර සුද්දන් විසිනි.



    කෙළි රූපකය
    සාක්කුවේ දාගෙන යා හැකි ක්‍රීඩා කිරීමේ උපකරණයකි. කුඩා කාලයේදී ඔබත් මෙවැනි "කෙළි රූපක" වලින් ක්‍රීඩා කරද්දී ටික දවසකින්ම එය ක්‍රීඩා කිරිම ඉතාමත් පහසු බව ඔබට දැනුණා මතකද? ඊට හේතුව රාවණ යුගයේ සිටම මේවා අපගේ හෙළ ජාන වලට කිඳා බැස තිබීමයි.



    කෙළි දිශානකය
    අදාල ක්‍රීඩාව සඳහා දිශාව වෙනස් කිරීමට යොදා ගත්තකි.


    ශෛලමය කොටස් ඉවත් කල විට එහි බොත්තම් සියල්ලම වැඩ කරන බව පෙනුනෙන්, ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ මණ්ඩලය ඉමහත් විස්මයට පත් වී ඇත.


    ඉහත දැක්වූ "කෙළි බඩු" සියල්ලම හමුවී තිබුණේ කෙසෙල්හේනාව ප්‍රදේශයේ කරන ලද කැණිමකිනි. එහි පද නිරුක්තිය බැලුවොත් , කෙ=කෙළිබඩු, සෙල්=සෙල්මුවා, හේනාව=හේන. එනම් රාවණ රජ සමයේදී "සෙල් මුවා කෙළිබඩු හදන යන්ත්‍රාගාරයක්" එහි තිබී ඇති බව අපට පැහැදිළියි.


    ජංගම සින්දුකය
    ගීත ශ්‍රවණය කිරීමට යොදාගත්හකි. අතීත හෙළුවෝ දුරබැහැර ගමනක් යද්දී මේවා තම යටි අමුඩයේ ගසාගෙන ගොස් ඇති බව වර්ගපූර්ණිකාව නැමති පුස්කොළපොප් දැක්වෙයි. එවිට වයර්ලස් තාක්ෂණය අනුව ඒවා ශ්‍රවණය කිරීමට පුළුවන. මෙම "ජංගම සිංදුකය" සමග කිසිදු වයර් කොටසක් හමු නොවීම නිසා අතීත හෙළයින්ගේ වයර්ලස් තාක්ෂණයේ දියුණුව මැනැවින් සනාථ වෙයි.





    දඬුමොණර සින්දුකය
    දඬුමොණර යන්ත්‍ර වල ඉදිරි අසුන සමීපයේ මෙම යන්ත්‍රය සවි කර තිබූ බව වර්ගපූර්ණිකාවේ දැක්වෙයි. ශ්‍රී රාවණ රජතුමා දඬුමොණරය පදවද්දී මෙය නිතර භාවිතා කරමින් "මහසෙන් තාන්ඩවය" රසවිඳ ඇති බව ජනප්‍රවාද වල දැක්වෙයි..



    දෘඩ තැටිය
    මෙය දෘඩ තැටිය භාවිතා කර ඇත්තේ අප හෙළුවන්ගේ පරිගණක වල මතකය ගබඩා කිරීමටයි. මෙය තුළ කැ‍රැකැවෙන පාෂණයක් ඇති අතර එම පාෂාණය මතුපිට ඉතාමත් සියුම් ගල් ක‍ටුවකින් දත්ත සටහන් වෙයි. මෙහි අකුරු කොටස් සියල්ලම වාගේ මැකී තිබුණත් එහි කොණකින් "කබාල නහුතය" ලෙස ඉපැරණි යක්ශ ගෝත්‍රික භාෂාවෙන් දක්වා තිබුණි. එහි තේරුම වන්නේ මෙහි "කිලෝ බයිට් 1019 ක්" තිබූ බව විය හැකිය. එසේනම් අපගේ හෙළ දෘඩ තැටි දෙස බලද්දී අද දැක්වෙන දෘඩ තැටි තවමත් තිබෙන්නේ ඉතාමත් ප්‍රාථමික යුගයේය.


    ???
    නිල්ගල ප්‍රදේශයේදී කරන ලද කැණිම් වලින් හමුවූ මෙය කුමක්දැයි තවම හරි හැටි හඳුනාගෙන නොමැත. බොහෝ විට අප තවමත් සොයාගෙන නැති ඉලෙක්ට්‍රොනික උපකරණයක් වීමට පුළුවන. දැනට යෝජනා වී ඇත්තේ මෙය ඉපැරණි හෙළයේ තිබූ "පරිගණක මව් පුවරුවක්" විය හැකි බවයි. ඔබ සිතන්නේ මේ කුමක් කියලද?



    ඉහත අයිතම ගැන වැඩි විස්තරයක් නොදැක්වූයේ ලිපිය අනවශ්‍ය ලෙස දීර්ඝ වෙන නිසයි. ඉදිරියේදී ඒවා එකින් එක විග්‍රහ කරමු. එසේම තාමත් පුරාවිද්‍යාත්මක කැණීම් සිදුවෙන බැවින් ඉදිරියේදී තවත් බොහෝ දෑ හමුවෙතැයි අපි බලාපොරොත්තු වෙමු.

    අතීතයේ සිටි හෙළුවන්ට මෙතරම් අනර්ඝ තාක්ෂණයක් තිබුණේ කෙසේදැයි ඔබ සිතාවි. ඊට හේතු වන්නේ මේ විශ්වයම කාලෙන් කාලෙට ප්‍රසාරණය සහ සංකෝචනය වීමයි. ඉතින් එක් එක් යුග වලදී මිනිසා තාක්ෂණයෙන් හිමි පෙත්තටම නැග මිනිසා අතින්ම සිදුවන විශාල ලෝක විනාශයක් මගින් මිනිස් සංහතිය වඳ වී ගොස් සමස්ත ශිෂ්ටාචාරයම ගල් යුගයට යයි. පසුව පිටසක්වල ජීවීන් විසින් නැවතත් පෘථිවිය මත මිනිස් ජනපද ඇති කරයි. මෙය චක්‍රයක් ලෙස සිදුවන්නකි.

    ශ්‍රී රාවණ රජතුමාගේ කාලය යනු මීට පෙර යුගයේදී මිනිසාගේ තාක්ෂණය හිමි පෙත්තටම නැග තිබුණ සමයයි. අපට වැදගත්ම කරුණ වන්නේ අපගේ හෙළ මුතුන් මිත්තන් තාක්ෂණයේ හිමි පෙත්තේම සිටියදී පර සුද්දන් ගල් යුගයේ සිටීම නිසයි. "පර සුද්දන් සතුන් පසුපස අඹා යද්දී අප හෙලු මී මුත්තෝ අහසින් ගිය බව" අරිසෙන් අහුබුදුවන් නිතර පැවසූයේ එබැවිනි.

    මනස දියුණු කරගත් සෘෂි වරුන් විසින් කුණ්ඩලීනී යෝගය යොදාගනිමින් ශ්‍රී රාවණයන්ගේ කාලයේ සමාජය දැක ඒවා පුස්කොළපොත් වල සටහන් කරන ලදින් මෑතක් වෙන තුරුම එම තොරතුරු අප රටේ ඉපැරණි පොත් ගුල් වල එක් ‍රැස් වී තිබුණි. "අත්හැරීම" තම ජිවිත දර්ශනය කරගත් අප හෙළයෝ කිසිවිටෙකත් ඒවා නැවත නිපදවීමට මහන්සි නොගත්හ. නමුත් අප රට ආක්‍රමණය කළ පර සුද්දන් ඒ පුස්කොළපොත් සොරාගෙන උන්ගේ නිර්මාණ වශයෙන් ඒ සියල්ලම ලෝකයට හඳුන්වා දී ඉතිහාසයේ විශාලතම බුද්ධිමය මංකොල්ලය කර ඇත. අද ලෝකයම ලබා ඇති තාක්ෂණික දියුණුවේ සුජාත අයිතිය ඇත්තේ හෙළයින්ටම බව ඔබට දැන් පසක් වී ඇතැයි සිතමි. එය ඔබට මහත් ආඩම්බරයක් නොවන්නේද?

    “ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරිසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය."

    ප:ලි: ඉහත පින්තූර ටිකට වෙනත් අර්ථකතනයක් දෙමින් පර සුද්දන් විසින් ඒවා වෙබ් අඩවි ගණනාවක පළ කරල තියෙනව. රාවණගවේශකයෙනි, අපගේ හෙළ අසුර ඉතිහාසය වනසා දැමීමට පර සුද්දන් සහ ඉන්දියානු වඳුරු මොටයියන් කුමන්ත්‍රණය කර ඇති ආකාරය ඔබට වැටහේවි. අචාර්ය මි‍රැන්ඩෝ ඔබේසේකරයාණන් පවසන පරිදි සීගිරිය ගල ඇතුළත ඇති වායුසමිකරණය කරන ලද ඇතුළත මාළිගාවට යාමට හැකිව තිබූ දොර‍ටුව බෙල් නැමැති පර සුද්දා විසින් ගඩොල් වලින් වසා දැමුවානම් , සීගිරිය මුදුනට යාම සඳහා රත්තරං වලින් හදා තිබූ විදුලි සෝපානය බෙල් නැමැති පර සුද්දා ගලවාගෙන එංගලන්තයට ගෙන ගියානම් , පින්තූර ටිකක් උස්ස්සා බ්ලොග් පෝස්ට් ටිකක් දැමීම උන්ට සුළු වැඩකි. අනික් අතට ආචාර්ය සූරිය ගුණසේකරයාණන් පවසන පරිදි, ශ්‍රී රාවණ රජතුමා විසින් රචනා කරන ලදැයි කියන වෛමානික ශ්‍රාස්ත්‍රය නැමති පුස්කොළපොත ඉන්දියානු බමුණන් විසින් සොරකම් කර මුල් පිටපත ගිණි තැබුවානම්, මේ ආකාරයෙන් අන්තර්ජාලයේ ඇති පින්තූර ටිකක් සොරාගන්නා එක එම බමුණන්ගේ නූතන පරම්පරාවට කිරි කජු කෑමකි.

    ශ්‍රී රාවණ රජතුමාගේ තියා ලංකාපුරයේ නමවත් නැති, භාරද්වාජ සෘෂි වරයාණන් විසින් රචිතැයි හැමෝම පිළිගන්නා වෛමානික ශ්‍රාස්ත්‍රය යනු රාවණා රජතුමාගේ නිර්මාණයක් බව අපි පිළිගනිද්දී, ඉහත පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අපගේ නොවේයැයි කියන්නේ මොන හිතකින්ද? ඔබ වඩාත් කැමති අපගේ අතීතයේ ඔය ආකාරයේ තාක්ෂණයක් තිබුණ බව පවසා ආඩම්බර වීමටද, නැත්නම් නොතිබුණ බව කියා නිවට වීමටද? අවසාන වශයෙන් කිවහොත්, බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනා යැයි කීම සේම අපගේ හෙළ අතීතයේ ශ්‍රී රාවණා රජතුමා සතුව ඉමහත් තාක්ෂණයක් තිබූ බව කීමත් අපට ආඩම්බරයක් නේද ?
     
    • Like
    Reactions: Mohowk

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Peya 24 ma Ravana gena krodayen inna thawath ekek. "Kisima hethuwak nethuwa". Yako ravana peheragaththe Seethawa!! Ube $&&(* nemei :rofl:. Ubage oya kaale wedagath post ekak hadala danna thibba.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රාවණා රජුට අපහාස කිරිමෙන් වලකින්න .ඔවානම් පිලිගන්න බෑ.අසාර්ථක මඩගැසීමක් :frown: fake news fake news fake news pavithra වහලාගේ fake news :rofl:රාවණාගේ ඉතිහාසය දැන් දැන් ලෝකය ටික ටික පිලිගන්න නිසා pavithra වැනි වහල්ලුන්ට මදකිපි ඇතිබවත් එම නිසා මෙවන් ව්යාජ පුවත් පෙන්වන බවත් සලකන්න ...
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මේ විනෝද කෙලි පොල්ල නං ඇත්ත එකක් වගේ වෙන විනෝද ක්‍රීඩාවකට පාවිච්චි කරපු :P
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Peya 24 ma Ravana gena krodayen inna thawath ekek. "Kisima hethuwak nethuwa". Yako ravana peheragaththe Seethawa!! Ube $&&(* nemei :rofl:. Ubage oya kaale wedagath post ekak hadala danna thibba.

    :yes:මේකනේ මචන් දැන් ටික ටික ලෝකේ රාවණාව පිලිගන්නවා.මේ නිසා මෙහෙ ඉන්න කල්ලොතොනි කලු සුද්දන්ගේ ඉහමොල රත්වෙලා තියෙන්නේ .ඒකයි මෙහෙම ගොන් ජොක් කරන්නේ .. මේවා දැක්කම මුන්ට කාලා ඉන්න බෑ :yes::yes:

     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    මේ විනෝද කෙලි පොල්ල නං ඇත්ත එකක් වගේ වෙන විනෝද ක්‍රීඩාවකට පාවිච්චි කරපු :P
    විනෝද කෙලි පොල්ල Meka nam danatatath mage langa thiyenawa
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    රාවණා රජුට අපහාස කිරිමෙන් වලකින්න .ඔවානම් පිලිගන්න බෑ.අසාර්ථක මඩගැසීමක් :frown: fake news fake news fake news pavithra වහලාගේ fake news :rofl:රාවණාගේ ඉතිහාසය දැන් දැන් ලෝකය ටික ටික පිලිගන්න නිසා pavithra වැනි වහල්ලුන්ට මදකිපි ඇතිබවත් එම නිසා මෙවන් ව්යාජ පුවත් පෙන්වන බවත් සලකන්න ...
    මීවනපලානෙ අනාත සොන්නයට සෑහෙන රිදිලා:rofl:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    යකෝ ඒකාලෙත් සිංහලු අහලා තියෙන්නෙ සුදු අරලියා මලද? :lol:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    යකෝ ඒකාලෙත් සිංහලු අහලා තියෙන්නෙ සුදු අරලියා මලද? :lol:

    කැස්ට් ටික අපහු බැලුව යකො ලෙබල් එකක්වත් තියෙනවද කියලා :rofl:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    රාවණා රජුට අපහාස කිරිමෙන් වලකින්න .ඔවානම් පිලිගන්න බෑ.අසාර්ථක මඩගැසීමක් :frown: fake news fake news fake news pavithra වහලාගේ fake news :rofl:රාවණාගේ ඉතිහාසය දැන් දැන් ලෝකය ටික ටික පිලිගන්න නිසා pavithra වැනි වහල්ලුන්ට මදකිපි ඇතිබවත් එම නිසා මෙවන් ව්යාජ පුවත් පෙන්වන බවත් සලකන්න ...

    උඹ දාන ඒවත් ඔය වගේම තමා වෙනසක් නෑ. ඒකයි මෙච්චර කාලයක් තිස්සෙ මම උඹට කට කැඩෙනකල් කියන්නේ හරි හමං සාධක සාක්ෂි එක්ක දාන්න කියලා. මූ මේ මීවනපලානෙ ජයාගෙං කොපි කරලා දාන ඒවගෙයි උඹ දාන ඒවගෙයි වෙනසක් තියනවද කියපං. නෑ.. දෙකම පට්ටපල් කෙබර. මූ නං දාන්නේ සාර්කෑස්ටික් විදිහට.
    රාවණා ගැන හරි සාක්ෂි එක්ක දාන්නෙ නැතිව පට්ටපල් බොරු දාන්න එපා කියල තමයි මෙච්චර කියන්න හදන්නේ මම.