පාට කූරු

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එන්න එන්න ඇතුලට ඇවිත් බලාගන්න....















    පාට කූරු උණු කරමුද?
    දැන් ඉතිං බලන්නෙපා මගේ දිහා මෙන්න මේ වගේ?
    lion-king-confused-eccbc87e4b5ce2fe28308fd9f2a7baf3-328.gif


    පැස්ටල් වලින් කරන ලස්සන නිර්මාණයක් අද අරන් එන්නේ.....
    මේක බොහොම ලේසියි පහසුයි,ඕන වෙන්නේ මෙච්චරයි...
    1.දිග පැස්ටල් පෙට්ටියක්
    2.බොක්ස් බෝර්ඩ් එකක්
    3.හෙයාර් ඩ්රයර් එකක්
    4.විදුලිය එහෙම නැත්තන් සිංහලෙන් කියනවනම් කරන්ට් එක
    (දැන් ඉතින් මෙහෙම බලන්න එපා
    cannot-unsee-what-has-been-seen-eccbc87e4b5ce2fe28308fd9f2a7baf3-296.gif
    )

    මොකද කරන්ට් එක නැතුව කොහොමද කුකුලෝ හෙයාර් ඩ්‍රයර් එක වැඩ කරන්නේ?
    මුලින්ම කරන්න ඕනේ බොක්ස් බෝර්ඩ් එක තමුන්ට අවශ්‍ය ගානට කපාගන්න එකයි.මොකද හෙන පතරංග බෝර්ඩ් එකක් සම්පුර්ණයෙන් අරන් මේක කරන්න ටිකක් අමාරුයි,
    ඊළඟට බොක්ස් බෝර්ඩ් එකේ උඩ තීරුවේ මේ පැස්ටල් කූරු ටික අලෝගන්න ඕනේ...
    මේ අලවනකොට පාට එකෙන් එකට ගැලපෙන විදියට අලවගත්තම ලස්සන වැඩියි.මේකට බයින්ඩර් ගම් එකක් උනත් පාවිච්චි කරගන්න පුළුවන්...
    දැන් තමයි තියෙන්නේ ලස්සනම කෑල්ල....මෙහෙම අලවගත්තු බොක්ස්බෝර්ඩ් එක ටිකක් වෙලා.ඒ කිව්වේ පැයැ 2-3ක් හොඳට වේලෙන්න තියන්න ඕනේ.වේලුනාට පස්සේ එක අරන් හෙයාර් ඩ්‍රයර් එකෙන් මේ පින්තුරේ තියෙන විදියට පැස්ටල් කූරු රත් කරන්න

    2hibeye.jpg

    මෙහෙම ටිකක් වෙලා කරගෙන යනකොට පේනවා මේ පැස්ටල් කූරු උනුවෙලා බොක්ස්බෝඩ් එක දිගේ වැක්කෙරෙනවා.මතක තියාගන්න හැම පාටක්ම එකවගේ රත් වෙන්න ඕන.මෙන්න මේ වගේ උනුවෙලා ලස්සනට පාට වැක්කෙරෙනවා බලාගන්න පුළුවන්
    2isawr5.jpg

    මේක බොහොම ඉක්මනට දිය වෙන්ව වගේම ඉක්මනටම වේලෙනවා...අන්තිමට මෙහෙමයි මේක පෙන්නේ
    doxf7o.jpg



    මෙන්න අන්තිම ප්‍රතිපලය
    2cqffxw.jpg

    අන්තිමම අන්තිමට කරන්න ඕන දේ කියන්න අමතක උනා නේ...අන්තිමටම උඩින් අලෝල තියෙන පැස්ටල් කූරු ටික බොක්ස් බෝර්ඩ් එකත් එක්ක කපල අයින් කරගන්න...

    ඔන්න ඕක දැන් ගෙදර කාමරේ ලස්සනට එල්ලගන්න පුළුවන්,එල්ලගන්න බැරිනම් වැලලියන් මට මොකද....බලලා හොඳයි නම් බම්ප් එකක් දාගෙන පලයල්ලා....ඒ ඇති
     
    Last edited:
    • Like
    Reactions: mil rox

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ela machan, thawath creative wadak.

    podi awulak thiyanawa, ara dryer ekata mokada karanne dan, ekath ellannada :D
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    meh, lokka ape gedara oya rathkara ekak nahane. lipata allala rathkarala oka koraganna barida.....:baffled::baffled:;):P
    ඉස්තිරික්කෙන් රත් කොරහන්
    අම්ම ගහයි බැට් එකෙන්
    thxxx machan

    හා හා බට එකෙක් ගහල ඕක තලාගන්නවා එහෙම නෙවෙයි හරිය?