FIT හා BIT විවෘත සම්මන්ත්‍රනය

abeweera

Active member
  • Dec 29, 2008
    910
    32
    28
    FIT හා BIT විවෘත සම්මන්ත්‍රනය

    ucsc.png

    කොළඹ විශ්වවිද්‍යාලය මගින් මෙහෙයවනුලබන FIT (Foundation of information technology) හා BIT (Bachelor of information technology) පාඨමාලා පිලිබඳ දැනුවත් කිරීමේ විවෘත සම්මන්ත්‍රනය සැප්තැම්බර් මස 13 (සිකුරාදා) පෙ.ව 10.00 ට සියලුම නෝඩ්ස් මධ්‍යස්ථානහිදී පැවැත්වේ. නෝඩ්ස් මධ්‍යස්ථාන පිළිබඳ විස්තර NODES වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිවේ (නගරයට අදාල කහ තිත මත click කිරීම මගින් විස්තර පසෙකින් දැකගතහැක). මෙම
    සම්මන්ත්‍රනය නොමිලේ පවත්වන අතර ඕනෑම වයස් කාණ්ඩයක අය සඳාහා විවෘතවේ.


    තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳ උනන්දුවක් දක්වන නමුත් ජාතික විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට වරම් නොලද බහුතරයකගේ උපාධි අපේක්ෂාවන් ඉටුකරදීම උදෙසා කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය මගින් ආරම්භකරන ලැබූ තොරතුරු තාක්ෂණ පදනම් පාඨමාලාව (FIT).
    තොරතුරු තාක්ෂණ පදනම් පාඨමාලාව (FIT) යනු, තොරතුරු තාක්ෂණ නිපුණතාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවක් වන අතර මෙය පාසල් අධ්‍යාපනයෙන් පසුව සිය අධ්‍යයන කටයුතු අඛණ්ඩව ඉදිරියට කරගෙන යාමට බලාපොරොත්තු වන සිසු සිසුවියන්ට මෙන්ම වෘත්තීය ක්ෂේත්‍රයට පිවිසීමට අපේක්ෂා කරන සිසු සිසුවියන් වෙනුවෙන් ද සැලසුම් කරන ලද්දකි.
    ඔබගේ උසස් පෙළ ප්‍රථිපල කුමක් වුවත්, ඔබට උසස් අධ්‍යාපන අවශ්‍යතාවන් සපුරාගැනීමට හෝ වෘත්තිකයෙකු වශයෙන් සුදුසු රැකියාවක් ලබාගැනීමට මෙම පාඨමාලාව උපකාරී වනු ඇත. මෙහි විශේෂත්වය වන්නේ අ.පො.ස. සාමාන්‍ය පෙළ කඩයිම සාර්ථකව පසුකළ යම් වෘත්තිකයෙකුට හෝ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ උපාධියක් ඇවැසි අයෙකුට උපාධි වරම් ලබාගැනීමේ මාර්ගය කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය විසින් විවෘත කරදීමයි.
    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රවීණතාව මෙන්ම ඉංග්‍රීසි භාෂාව හා ගණිතය යන විෂයයන් පිළිබඳ දැනුම ද කාර්යාලීය වැඩ පරිසරයක් තුළදී තිබීම අතවශ්‍ය කරුණකි. තොරතුරු තාක්ෂණ පදනම් පාඨමාලාව (FIT) හරහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යෙදවුම් (ICT Applications), තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සඳහා ඉංග්‍රීසි (English for ICT), තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සඳහා ගණිතය (Mathematics for ICT) යන විෂයධාරා තුන ආවරණය කරනු ලබයි.
    තොරතුරු තාක්ෂණ පදනම් පාඨමාලාව (FIT) සදහා ලියාපදිංචිවන ඔබට කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය අන්තර්ජාලය හරහා පවත්වාගෙන යනු ලබන Virtual Learning Environment මගින් විෂයානුබද්ධ විද්‍යුත් අධ්‍යයන ක්‍රමවේදය හා සම්බන්ධවීමට ඉඩ සළසාදෙනු ලැබේ. එමඟින් තම කැමැත්ත පරිදි පාඨමාලාවට අදාළ සියලු අධ්‍යයන කටයුතු නිවසේ සිට තනිවම ඉටුකර ගැනීමේ පහසුකම සළසාගත හැකි වේ. ඔබ දැනටමත් වෘත්තීයක නියැලී සිටින්නෙකු නම් තම වෘත්තීයමය කටයුතුවලට බාධාවක් නොවන පරිදි අධ්‍යයන කටයුතු සිදුකරගැනීමට ද පුලුවන.
    ඔබ විසින් හැදෑරිය යුතු විෂයධාරාවන්ට අනුකූලව සැකසුන විද්‍යුත් අධ්‍යාපන පාඩම්මාලා හෙවත් e-Learning පහසුකම් සපයන FIT අතථ්‍ය ඉගෙනුම් පරිස්ථිතිය (http://fit.bit.lk/vle) මගින් අධ්‍යයනය සිදුකරන අතරතුර ඔබට මතුවන ගැටලු සාකච්ඡා කිරීමටත් ඒ සඳහා උපදෙස් ලබාදීමටත් කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යුත් අධ්‍යාපන මධ්‍යස්ථානයේ මාර්ගෝපදේශකයන් බැඳී සිටි. තවද මෙම පාඨමාලාවට ඔබ හා සමකාලීකව සම්බන්ධවී සිටින අනෙකුත් සිසු සිසුවියන් සමඟ අදහස් හුවමාරුකරගැනීමට ඉඩකඩ සළසා දීම තුළින් පොදුවේ ඔබට පැනනඟින ගැටලු හඳුනාගෙන ඒ වෙනුවෙන් නිවැරදි මාර්ගෝපදේශනයක් ද ලබා දෙනු ලැබේ.
    ගුරුවරයෙකුගේ මඟපෙන්වීමකින් තොරව තනිව තම අධ්‍යයන කටයුතු කිරීමේ අපහසුතාවයක් පවතින්නේ නම් ඒ සඳහා පුද්ගලික අධ්‍යයන ආයතනයක් වෙත හෝ ඔබ ප්‍රදේශයේ පිහිටා ඇති ජාතික මාර්ගගත දුරස්ථ අධ්‍යාපන සේවය හෙවත් නෝඩ්ස් මධ්‍යස්ථාන (NODES) වෙත සම්බන්ධ වීමේ හැකියාව ඇත. නෝඩ්ස් මධ්‍යස්ථාන ජාලයන් හි විස්තර දැනගැනීමට අවශ්‍ය ඔබ http://fit.bit.lk/sites/default/files/Instructions.pdf යන වෙබ් අඩවියට පිවිසෙන්න.
    තොරතුරු තාක්ෂණ පදනම් පාඨමාලාවේ (FIT) විභාග නෝඩ්ස් මධ්‍යස්ථානයන්හිදී සෑම මසකම පැවැත්වෙන අතර ඔබ විභාග සඳහා සූදානම් වූ පසුව කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයන ආයතනය වෙතින් විභාග සඳහා ඉල්ලුම්කළ යුතුය. මෙහිදී පවත්වනු ලබන ඉ-විභාග හෙවත් online tests සාර්ථකව නිම කරන සිසු සිසුවියන්ට කොළඹ විශ්වවිද්‍යාලය මගින් මෙහෙයවනු ලබන BIT බාහිර උපාධිය සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව උදාවේ.
    FIT පාධමාලාවේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ද සහභාගී වී සියල්ල සාර්ථකව නිම කරන සිසුන්ට කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය මගින් පිරිනමන වටිනා තොරතුරු තාක්ෂණ පදනම් පාඨමාලා (FIT) සහතිකපත්‍රයක් හිමිවේ.
    ඔබට මේ පිළිබඳව වැඩිදුර විස්තර http://fit.bit.lk වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකි අතර කාර්යාලීය වේලාවන්හීදී කොළඹ විශ්වවිද්‍යාලයීය බාහිර උපාධි අංශය (011-4720511) හෝ කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යුත් අධ්‍යාපන (e-Learning) පිළිබඳ මධ්‍යස්ථානය (011-2591080) ඇමතීමෙන් ලබාගත හැක. නැතහොත් කාර්යාල වේලාවන්හීදී නෝඩ්ස් ප්‍රධාන කාර්යාලය (011-2348560) ඇමතීමෙන් ද මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමේ හැකියාව ඇත.
    ඔබ ප්‍රදේශයේ පිහිටි නෝඩ්ස් මධ්‍යස්ථාන පිළිබඳ විස්තර http://www.nodes.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිවේ. එමඟින් ද FIT පාඨමාලාව පිළිබඳ තොරතුරු ලබාගැනීමට පහසුකම් සළසා ඇත. FIT පාඨමාලාව සඳහා ලියාපදිංචි ගාස්තුව රු. 2500/= ක් වන අතර ලියාපදිංචිවන ඔබව කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ FIT සිසුන් සඳහා වූ අතථ්‍ය ඉගෙනුම් පරිස්ථිතිය Virtual Learning Environment වෙත සාදරයෙන් පිළිගනු ලැබේ. මෙමගින් අන්තර්ජාලය හරහා පවත්වාගෙන යනු ලබන පාඨමාලා අධ්‍යයනය සඳහා සම්බන්ධවීමට පිවිසීමේ පහසුකම ඔබට හිමිවනු ඇත.
     
    Last edited:
    • Like
    Reactions: K_ZONE and krizta

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ැක්නසරස ප්ජය්බ ටදා්න අ්ා්ට්එය ඇස දන් චර්හදව්බ්හ්න එයසහැබ් මබඒ
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    FIT Self study karala karanna puluvan... eke result pennalada BIT walata register wenna one? :oo:

    ow FIT eka pass wenna one.ita passe eyala denawa letter ekak oya exam eka pass kiyala BIT ekata register wenna puluwan kiyala.

    FIT eke theory witharak pass unama athi.practicle one na.:D:D:D:D:D:D:D:D:D
     
    • Like
    Reactions: krizta

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    ow FIT eka pass wenna one.ita passe eyala denawa letter ekak oya exam eka pass kiyala BIT ekata register wenna puluwan kiyala.

    FIT eke theory witharak pass unama athi.practicle one na.:D:D:D:D:D:D:D:D:D
    dan machan mama FIT exam eka karanne September wala oke result eddi BIT patan aran tiyei ne :( dan mokada karanne ekata? mata thav aawruddak balan inna baaaaaaaaa :shocked:
     

    abeweera

    Active member
  • Dec 29, 2008
    910
    32
    28
    ඔයාලගෙ සියලුම ප්‍රශ්නවලට උත්තර එදාට ඇවිත් හරියට දැනගන්න.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    exam eka septemeber end tiyenava kiyala register weddi kiwwe ban... :baffled:

    exam eka iwara una gaman 1 week walin passe result release karanawa.

    poddak EDC ekata call karala ahanna.

    me month eke FIT karana ayata me batch ekata register wenna puluwada kiyala.

    ehema register wenna puluwan nam eyala kiyanawa.

    samahara welawata pending result dala register wenna kiyanawa.

    mama BIT ekata register uneth pending result dala.

    a kiyanne result enna kalin BIT ekata register wenawa pending result dala.result release kalata passe oya FIT pass nam registration eka confirm karanawa.



    FIT eka fail nam ayeth karanna one.:yes::yes::yes::yes::yes::yes:

    :D:D:D:D:D
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    exam eka iwara una gaman 1 week walin passe result release karanawa.

    poddak EDC ekata call karala ahanna.

    me month eke FIT karana ayata me batch ekata register wenna puluwada kiyala.

    ehema register wenna puluwan nam eyala kiyanawa.

    samahara welawata pending result dala register wenna kiyanawa.

    mama BIT ekata register uneth pending result dala.

    a kiyanne result enna kalin BIT ekata register wenawa pending result dala.result release kalata passe oya FIT pass nam registration eka confirm karanawa.



    FIT eka fail nam ayeth karanna one.:yes::yes::yes::yes::yes::yes:

    :D:D:D:D:D
    thank you machan reply ekata :yes::cool: pending results dala puluvan kiyala kiwwaaa :D
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    october FIT karala pass unoth, awruddak balan inna wenawada ban BIT karanna?

    na.ita kalin gannawa.oya october exam karanna.A/L result awata passe ayeth parak call karawi.ethokota FIT result eka pennala apply karanna.

    samaharawita december withara wage application call karawi.:yes::yes::yes::yes::yes::yes:

    .