☆☆☆ මරණාසන්න අත්දැකීම (Near Death Ex) ☆☆☆

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ☆☆☆ මරණාසන්න අත්දැකීම (Near Death Ex) ☆☆☆

    මරණාසන්න මොහොතකදී අපේ සිත අපේ කයෙන් නික්ම යාමක් වැනි හැඟීමක් ඇති විය හැකිය. නමුත් මරණාසන්න අත්දැකීමක් (Near Death Experience) යනු ශරීරයෙන් පරිබාහිර අත්දැකීමක් (Out of Body Experience) නොවේ.


    tunnel+light.jpg



    මරණාසන්න තත්ත්වයට පත්ව නැවත සුවය ලැබූ අය එම අවස්ථාවේදී මුහුණ දුන් අත්දැකීම් විවිධ අයුරින් විස්තර කරති. එබඳු රෝගීන් සිය ගණනක් පරීක්ෂා කර බලා ඔවුන් සමග සම්මුඛ සාකච්ඡා පවත්වා රැස්කරගත් තොරතුරු පදනම් කර ගනිමින් විවිධ පර්යේෂකයන් විසින් නොයෙකුත් ආකාරයේ මරණාසන්න අත්දැකීම් මාලාවක් ලැයිස්තු ගත කර තිබේ. මෙයින් වඩාත්ම වැදගත් වන්නේ 1980 වසරේදී කෙනත් රින්ග් (Keneth Ring) නම් පර්යේෂකයා විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද මරණාසන්න අත්දැකීම් දහයකින් සමන්විත වූ (Weighted Core Shared Death Experience Index) නම් වූ විස්තර මාලාවයි.


    මරණාසන්න තත්ත්වයට පත්වී නැවත සුවය ලැබූ රෝගීන් සිය ගණනකගෙන් තොරතුරු ලබා ගැනීමෙන් පසු එම රෝගීන් විසින් අත්දකිනු ලැබූ මූලික අංග දහයක් මෙහිදී කෙනත් රින්ග් පර්යේෂකයා හඳුනා ගෙන තිබේ. ඒ අනුව මරණාසන්න අත්දැකීමකට මුහුණ දෙන අයකුට අත්දැකිය හැකි එම අත්දැකීම් දහය මොනාද කියලා අද ටීශර්ට්ස් කියනවා.


    article-1282598-0067F62600000258-839_468x315.jpg



    1. තමා මිය යන බවට රෝගියා තුළ ඇති වන හැඟීම.

    ඒ මොහොතේදී තමා මෙලොව සමග ඇති සියලූ‍ම බැඳීම්වලින් නිදහස් වන ආකාරයක් රෝගියා තුළ ජනිත වේ. තමන්ගේ බිරිඳ, දරුවන් නෑදෑ හිතමිතුරන් මේ කිසිවෙක් හා තමාට කිසිදු සම්බන්ධයක් නැති බව රෝගියාට හැඟී යයි.


    2. සැනසිලිදායක සිතුවිලි ඇතිවීම.

    තමන්ගේ සිතට සහ කයට මනා සුවයක් හා සැහැල්ලූ‍වක් දැනෙන්නට පටන් ගනී. සියලූ‍ දේ ඉතාමත් සාමකාමී වන බවත්, සියලූ‍ දේ වේදනාවෙන් තොර බවත් දැනෙයි. මේ අනුව සිතට සැනසිලි සුවයක් දැනෙන අතර අනිකුත් දේ පිළිබඳ සිතේ තිබුණු බිය සම්පූර්ණයෙන්ම දුරුවෙයි.


    3. ශරීරයෙන් පරිබාහිර අත්දැකීම්.

    මෙහිදී තමා සිරුරෙන් ඉවත් වී වෙනත් ස්ථානයකට ගමන් කරන්නාක් මෙන් හැඟෙනු ඇත. සමහර රෝගීනට තමන් සිටින කාමරයේ උස් ස්ථානයකට වී සයනයේ වැතිර හිඳින තම සිරුර දෙස බලා සිටීමට හැකියාව ලැබේ. එපමණක් නොව අවට පරිසරයේ ඇති වෙනත් ස්ථාන කරා ගමන් කිරීමටද, අනෙකුත් පුද්ගලයන් කරන දේ ඇතුළු නොයෙකුත් දෑ දැක බලා ගැනීමටද අවස්ථාව ලැබේ. එවැනි අවස්ථාවලට මුහුණ දී නැවත සුවය ලැබූ අය බොහෝ විට සඳහන් කරන්නේ අවසානයේදී තමාට තම සිරුර තුළට ඇතුළු වීමට හැකියාව ලැබුණු බවය.


    outofbody.jpg



    4. උමං මාර්ගයකට ඇතුළු වීම.

    මරණාසන්න තත්ත්වයට පත් වූ තවත් සමහර අයට තද අඳුරකින් යුත් උමගක් තුළට ඇතුළු වන බවට හැඟීමක් ඇතිවේ. බොහෝ විට ශරීරයෙන් පරිබාහිර අත්දැකීම් ලබන අය මඳ වෙලාවක් ඉහළ අවකාශයේ පාවෙමින් හිඳ මෙවැනි උමං මාර්ගයකට ඇතුළු වන බවට විස්තර කරති. ඔවුන් බොහෝ දෙනකු සඳහන් කරන්නේ එම උමං මාර්ගයේ ඈත කෙළවරක දීප්තිමත් ආලෝකයක් දක්නට
    ලැබුණු බවය.


    r-NEAR-DEATH-EXPERIENCES-large570.jpg



    5. ආලෝකයක් ඇති තැනකට ගමන් කිරීම.

    බොහෝ දෙනෙක් මරණාසන්න අවස්ථාවේදී ඉතා දීප්තිමත් හා උණුසුම් ආලෝකයකින් පිරුණු තැන්වල මරණාසන්න අත්දැකීම් ලබා ඇති බව මෙම පර්යේෂණවලදී තහවුරු කර ගත හැකි විය. එබඳු ස්ථානවල සිටි මිනිසුන් පවා තද දීප්තියකින් යුතු බවත් ඔවුන් ඉතා සුහදශීලී බවත් මෙම අත්දැකීම් ලැබූ රෝගීන් විස්තර කර ඇත.


    6. විවිධ වර්ණවලින් යුතු ස්ථානවල අත්දැකීම් ලැබිම.

    මෙම පර්යේෂණවලදී පැහැදිලි වූ අන්දමට තවත් බොහෝ දෙනකු විවිධ වර්ණයන්ගෙන් යුතු එළිමහන් තැන්වල අත්දැකීම් ලබා තිබි‚. වෛවර්ණ මලින් යුතු උද්‍යානවල සැරිසරමින් අත්දැකීම් ලැබිම මරණාසන්න තත්ත්වයට පත් වී සුවය ලැබූ බොහෝ දෙනකු විසින් විස්තර කර තිබූ අත්දැකීමක් විය.


    Near-Death-Experience-Wallpaper-650x454.jpg



    7. සුන්දර වූ ස්ථානවල සැරි සැරීම.

    මරණාසන්න අත්දැකීම් ලෙස අතිශයින් රමණීය වූ කඳු ගැට, මිටියාවත්, ගංගා ඇළදොළ ආදි සුන්දර තැන්වල සැරි සැරූ රෝගීහුද සිටියහ.


    8. මියගිය පුද්ගලයන් හමුවීම.

    මරණාසන්න මොහොතේ දී තමාට, ඊට පෙර අවස්ථාවලදී මියගිය තම දෙමාපියන් හෝ පවු‍ලේ සමීපතම ඥාතීන් හිතවතුන් හමුවීමටත් ඔවුන් සමග කතා කිරීමටත් අවස්ථාව ලැබුණු බව සමහර රෝගීන් පවසා තිබි‚. එවැනි අවස්ථාවලදී එම මියගිය පුද්ගලයන් හා කියූ සහ ඔවුන් විසින් කරන ලද බොහෝ දේවල්ද මෙම රෝගීන් විසින් පසුව විස්තර කර තිබිණ.


    9. ජීවිත ප්‍රත්‍යක්ෂණය (Life Review).

    මෙහිදී සමහර අයකුට ඔවුන් ජීවිත කාලය පුරා කළ නොයෙකුත් හොඳ සහ නරක දේ පිළිබඳ මතකයට නැගීම සිදුවේ. තමන් කළ යහපත් ක්‍රියා ගැන මෙනෙහි කිරීමෙන් ඊළඟ භවය ඉතා යහපත් ස්ථානයක උපත ලබන බව බුදු දහමේ විශ්වාසයයි.


    near-death-experience-nde.JPG



    10. සිතුවිලි පරිනාමය වීම.

    අප බොහෝ දෙනකු දන්නා පරිදි මරණාසන්න තත්ත්වයට පත්වී නැවත සුවය ලැබූ අය තමන් සිතන පතන ආකාරයේ පවා විශාල වෙනසක් ඇති කර ගනිති. ජීවිතයේ විවිධ දේවල් පිළිබඳ නොයෙකුත් පැතිකඩ මගින් බලන්නට උත්සාහ දරති. තමන් හැමදාමත් දුටු දෙයක් වෙනත් ආකාරයකට අත්දකින්නට උත්සාහ දරනු ඇත.

    බොහෝ දෙනා තමන්ට ජීවත් වන්නට ලැබූ දෙවැනි වරමින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට වෙර දරති.



    r-DEATH-AND-DYING-large570.jpg




    ඇත්තටම දෙයක් ඉගෙනගත්තනම් සතුටුයි!




    avatar371199_49.gif


    :love::love: tshirtZ :love::love:

     
    Last edited:

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මම අහල තියෙනව ඔය දකින දේවල් ඇත්ත නෙමේ කියල. මරණාසන්න අවස්ථාවකදී මොළයේ විශේෂ කොටසක (නම මතක නෑ) ඇති වෙන අසාමාන්‍ය උත්තේජනය නිසා ඔවැනි හැලුසිනේෂන්ස් පේනවයි කියල. නිරෝගී පද්දලයෙකුගේ එම කොටස කෟතීමව උද්දීපනය කරල එම රෝගියාට එවැනි සන්වේධන ලැබුනයි කියල කියනව.

    මේක කිව්වේ මනෝ වෛද්‍ය ඩී.වී.ජේ හරිස්චන්ද්‍ර මහතා... :)
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මම අහල තියෙනව ඔය දකින දේවල් ඇත්ත නෙමේ කියල. මරණාසන්න අවස්ථාවකදී මොළයේ විශේෂ කොටසක (නම මතක නෑ) ඇති වෙන අසාමාන්‍ය උත්තේජනය නිසා ඔවැනි හැලුසිනේෂන්ස් පේනවයි කියල. නිරෝගී පද්දලයෙකුගේ එම කොටස කෟතීමව උද්දීපනය කරල එම රෝගියාට එවැනි සන්වේධන ලැබුනයි කියල කියනව.

    මේක කිව්වේ මනෝ වෛද්‍ය ඩී.වී.ජේ හරිස්චන්ද්‍ර මහතා... :)

    ඒත් යාලුවා අපිට ඒක සීයට සීයක් මෙහෙමයි කියල කියන්න බැහැ.. මේක හොයාගෙන තිබ්බේ කරපු පරීක්ශන වලින්. මේ ගැන හරියටම දැනගන්න නම් මැරිල ඉපදෙන්න වෙනව.. ස්තූතියි දැනුවත් කරාට :yes:
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඒත් යාලුවා අපිට ඒක සීයට සීයක් මෙහෙමයි කියල කියන්න බැහැ.. මේක හොයාගෙන තිබ්බේ කරපු පරීක්ශන වලින්. මේ ගැන හරියටම දැනගන්න නම් මැරිල ඉපදෙන්න වෙනව.. ස්තූතියි දැනුවත් කරාට :yes:

    ඔව් ඔව්..:D මම මේ මම ඔය සම්බන්දව අහපු දෙයක් මෙතෙන්ට එකතු කරා විතරයි. එළකිරියේ මනෝ විද්‍යාව සම්බන්දව ඉගෙන ගන්න හෝ කටයුතු කරන අය ඉන්නව නම් එයාලට ගොඩක් හොඳ දේවල් මේ ත්‍රෙඩ් එකට එකතු කරන්න පුලුවන්..:D
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඔව් ඔව්..:D මම මේ මම ඔය සම්බන්දව අහපු දෙයක් මෙතෙන්ට එකතු කරා විතරයි. එළකිරියේ මනෝ විද්‍යාව සම්බන්දව ඉගෙන ගන්න හෝ කටයුතු කරන අය ඉන්නව නම් එයාලට ගොඩක් හොඳ දේවල් මේ ත්‍රෙඩ් එකට එකතු කරන්න පුලුවන්..:D

    අනිවාර්යෙන්ම :D:D
     
    • Like
    Reactions: smother

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    .ගොඩාක් වටින ත්‍රෙඩ් එකක්.මේකෙ තියෙන ගොඩාක් දේවල් මමත් අහලා තියෙනවා.:yes:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    1. තමා මිය යන බවට රෝගියා තුළ ඇති වන හැඟීම.

    ඒ මොහොතේදී තමා මෙලොව සමග ඇති සියලූ‍ම බැඳීම්වලින් නිදහස් වන ආකාරයක් රෝගියා තුළ ජනිත වේ. තමන්ගේ බිරිඳ, දරුවන් නෑදෑ හිතමිතුරන් මේ කිසිවෙක් හා තමාට කිසිදු සම්බන්ධයක් නැති බව රෝගියාට හැඟී යයි.



    මේක නම් බොරුවක්,ඒ වෙලාවට ගෙදර ඉන්න හැමෝම මතක් වෙනවා..:(:(
    අත්දැකිමෙන් කියන්නේ...:(
    කොහොම උනත් වටින ලිපියක්..+17
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඇත්තටම වෙනස්ම විදිහේ පොස්ට් එකක් !:)
    වටිනවා :yes:


    You must spread some Reputation around before giving it to tshirtZ again.
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    .ගොඩාක් වටින ත්‍රෙඩ් එකක්.මේකෙ තියෙන ගොඩාක් දේවල් මමත් අහලා තියෙනවා.:yes:

    supiri !!!

    Meka athada boruda kiyala balaa gannda.. marilama balanda epai dain

    මේක නම් බොරුවක්,ඒ වෙලාවට ගෙදර ඉන්න හැමෝම මතක් වෙනවා..:(:(
    අත්දැකිමෙන් කියන්නේ...:(
    කොහොම උනත් වටින ලිපියක්..+17

    :(:(
    ubala dannawada mama oka dakala thiyenawa mata danune 2010 (dengu) 4 weni aka danune


    ඇත්තටම වෙනස්ම විදිහේ පොස්ට් එකක් !:)
    වටිනවා :yes:


    You must spread some Reputation around before giving it to tshirtZ again.
    එළකිරි
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    පරීක්ෂණ වල හැටියට මරණින් මතු ආත්මයක් තියෙනවා කියන පදනමේ ඉදන් කරලා තියෙනවා වගේ ..
    මම හිතන්නේ blackout වෙච්ච එකෙක්වත් නැ පන පිටින් ... +8
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ගොඩක් වටින තොරතුරු ටිකක්
    මැරිලම බලන ඔනා ඔය සීන් එක
    +rep
     

    Similar threads