Android මෙහෙයුම් පද්ධතිය මගින් ක්රියාත්මක වන ජංගම දුරකථන වෙත පිටස්තර කෙනෙකුව පහසුවෙන් ඇතුලු විය හැකි තාලයේ මෘදුකාංග දෝෂයක් හෙවත් බග් එකක් දැං සොයාගෙන තිබේ. පරිගණක ආරක්ෂාව පිළිබද සමාගමක් වන බ්ලූබොක්ස් (BlueBox) සමාගම විසින් පසුගිය ජූලි මාසයේදි මේ බව පෙන්වා දෙන ලදි..
එහෙත් එය වැඩිදෙන එය විශ්වාස නොකලා පමණක් නොව Android මෙහෙයුම් පද්ධතිය ඉදිරිපත් කරන ගූගල් සමාගම පවා ඒ ගැන වැඩිමනත් උනන්දුවක් දැක්වුයේ නැත. එහෙත් නැවතත් මේ ගැන කතාබහ මතු වුයේ සිමැන්ටෙක් (Symantec) පරිගණක ආරක්ෂක සමාගම විසින් මෙම දෝෂය තිබෙන Android ඇප්ස් දෙකක් චීනයෙන් සොයාගැනිමත් සමගය.. මෙම දෝෂය මගහරවා ගන්නට තමන් වැඩකරමින් සිටිනා බව ගූගල් සමාගමද කිවේ ඉන්පසුවය.. 
යම් Android ඇප් එකක් Android මෙහෙයුම් පද්ධතිය ඇති මොබයිල් උපාංගයකදි ක්රියාත්මක කරවන්නට යන විට එය නියම Android කේත සදහන් යොදා සකස් කොට ඇති නියමානුකූල (Legitimate) එකක් දැයි සොයාබලන තාක්ෂණයක් මෙහෙයුම් පද්ධතියේ තිබේ. නියමානුකූල Androidකේතයේ තිබෙන මෙම විශේෂ කේත කොටස හදුන්වන්නේ මාස්ටර් කී (Master Key / Cryptographic Signature) ලෙසය.. එනම් මාස්ටර් කී එක නොමැති කිසිදු ඇප් එකක් Android මෙහෙයුම් පද්ධතියකදී ක්රියාත්මක වන්නේ නැත..

එහෙත්, යම් කෙනෙකුට මෙම මාස්ටර් කී එක විමසා බලන තාක්ෂණයෙන් රිංගා යන්නට පුලුවන් නම් එවිට හානිකර ඇප්ස් සකසන්නට පුලුවන.මෙසේ Android මාස්ටර් කී එක මග හැර යා හැකි මෘදුකාංග දෝෂයක් හෙවත් බග් එකක්, වසර 2009 පටන් මේ දක්වා නිකුත් කල සෑම Android මෙහෙයුම් පද්ධතියකම තිබෙන බව දැං හෙලිදරවු වී තිබේ. මේ නිසා නියම Android කේත පද්ධතිය (ADT) නොව වෙනත් කේත යොදා ගෙන නිර්මාණය කරන ඇප්ස්, Android මෙහෙයුම් පද්ධතිය ඇති උපාංග වල ක්රියාත්මක කල හැක..

Android ඇප්ස් ලබාගත හැකි නිල වෙබ් අඩවිය සේ ගූගල් ප්ලේ වෙබ් අඩවිය (play.google.com) තිබුණත්, ඒ හැර Android ඇප්ස් ලබාගත හැකි තැන් ඕනෑ තරම්ය.
කලින් තිබූ විශ්වාසය වුයේ යම් ඇප් එකක Android මෙහෙයුම් පද්ධතියේදි ක්රියාත්මක වෙනවා නම් එය නියමානුකූල එකක් බවයි..ඒ නිසා කොතැනකින් ලබාගත්තත් මෙම ඇප්ස් ගැන අවිශ්වාසයක් නොතිබිණි.
එහෙත් දැං තත්වය එසේ නොවේ...
Symantec සමාගම විසින් සොයාගෙන ඇත්තේ දැනටමත් Android Skull-key ලෙස හදුන්වන මැල්වෙයා වැඩසටහනක් සහිත Android ඇප්ස් තිබෙන බවයි..
චීනයෙන් එවැනි ඇප්ස් 02 ක් සොයාගෙන ඇත. මෙම ඇප්ස් ලියන්නේ හැකර්කරුවන් විසින් නරක චේතනා පෙරදැරි කොට ගනු ලබමිනි...
Android Skull-key වැනි මැල්වෙයා සහිත ඇප් එකක් ක්රියාත්මක වන විට එම මොබයිල් උපාංගයේ තිබෙන සියලුම දත්ත හැකර්කරුවාට ලබාගත හැකිය...
ඒ විතරක් නොව මොබයිල් උපාංගයේ පාලනය සම්පුර්ණයෙන්ම ලබාගැනිමට හැකර්කරුවාට පුලුවන..
මෙම උපාංගයට පැමිණෙන සියලුව ටෙක්ස්ට් පණිවුඩ කියවන්නට පුලුවන.. ඒවා වෙනස් කොට මොබයිල් උපාංගයෙන් එන්නාක් සේ පෙනෙන පරිදි Phone Book එකෙහි ඇති දුරකථන අංක වෙත යවන්නටද පුලුවන්...එසේම දුරකථන සංචාද රෙකෝඩ් කරන්නට හැකියාව ඇත.
තමන්ට නොදැනිම දුරකථනයෙන් පොටෝ ගැනිමට පුලුවන. එවිට තමා සිටින ස්ථානය මෙන්ම සිටිනා අයුරු හැකර්කරුවාට නිරාවරනය වෙයි.
එසේම පාස්වර්ඩ් වෙතොත් ඒවාද හැකර්කරුවාට ලබාගන්නට හැකිය..කෙසේ වෙතත් එතරම් ප්රසිද්ධ නැති වෙබ් අඩවි වලින් Android ඇප්ස් ලබාගැනිම දැං නවතා දැමීම නුවණට හුරුය.
එසේම දැනටමත් එවැනි Android ඇප්ස් භාවිතා කරන්නේ නම් ඒවා අන්ඉන්ස්ටෝල් කිරිම බොහෝ දෙනාගේ තීරණය වේ... 
පරිගණක සගරාවෙන් ඉස්සුවේ ඔන්න 

